IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පෙම්වතියගේ බූට් එකට පෙම්වතා හැට්ට කට්ටෙන් නම පච්ච කොටාගෙන

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයකු හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්‍රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය. තරුණයා මීට වසර දෙකකට පමණ ඉහතදී කෑගල්ල නගරයේ රෙදිපිළි අලෙවි වෙළෙඳ සලකට ගිය අවස්ථාවේදී එහි සුරූපී වෙළෙඳ සේවිකාවක ගැන සිතක් පහළ වී ඇයගේ ජංගම දුරකථනයේ අංකය ද ඉල්ලා ගත්තේය. පසුව දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පෙම්වතුන් බවට පත් වූහ.


ඇය වයස දැනට අවුරුදු 21 ක තරුණියකි. තරුණිය උසස් පෙළ විභාගය අවසන් වූ විගසම ඇය කෑගල්ලේ රෙදිපිළි අලෙවි සලක සේවයට පැමිණ තිබිණි.


මෙම තරුණයාත් තරුණියත් වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වෙලී සිටින අවස්ථාවේදී මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින්ම තමන් ළඟට ගන්නා ලෙසය.එහිදී තරුණයා තරුණියට බැගෑපත්ව ප්‍රකාශකර ඇත්තේ බාල සහෝදරයාත් සහෝදරියත් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බවත් නිවසට කැන්දාගෙන යන්න තරම් සුදුසු පසුබිමක් නිවස තුළ නැති බවත් තවදුරටත් ඉවසන ලෙසය.


පසුව තරුණියගෙන් තරුණයාට පෙර තිබූ ආදරය ටිකෙන් ටික අඩුවේගන ගිය අතර පෙම්වතියට වෙනත් සම්බන්ධතාවක් ඇති බවට තරුණයාට සැකයක්ද පහළ වී තිබුණි. එම සැකය සම්බන්ධයෙන් තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී තරුණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කර තිබිණි.


එහිදී තරුණිය තරුණයාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ආදර සම්බන්ධතාව ටිකෙන් ටික අඩු වී යන්නට විය.


මීට සතියකට පමණ ඉහතදී තරුණියගේ ජංගම දුරකතනය එකවර ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් තරුණයා දැඩි වේදනාවට පත්විය. පසුව බැරිම තැන තරුණයා පෙම්වතිය සේවය කළේ යැයි කියන වෙළෙඳ ආයතනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සේවිකාවකගෙන් විමසීමක්ද කළේය. එහිදී තරුණයාට දැනගන්නට හැකි වී ඇත්තේ ඇය වෙනත් තරණයෙකු සමඟ පැන ගොස් ඇති බවත් දින කිහිපයක සිට වෙළෙඳසලේ රැකියාවටද නොපැමිණි බවත්ය.


දැඩි වේදනාවට පත් තරුණයා පසුව නිවසට පැමිණ වේදනාව තුනී කර ගැනීමේ අරමුණෙන් කාමරයට ගොස් ඉටිපන්දමක් මේසය මත දල්වාගෙන හැට්ට කටුවක් ගෙන එය ගිනියම් වෙනතුරු රත්කරගෙන වම් අතේ පෙම්වතියගේ නමේ මුල් වචනයේ ඇති අකුරු තුන ඉංග්‍රීසියෙන් පිළිස්සී පිළිස්සී හඬ හඬා කොටාගෙන ඇති බවද වාර්තා වෙයි.



අදහස් (3)

පෙම්වතියගේ බූට් එකට පෙම්වතා හැට්ට කට්ටෙන් නම පච්ච කොටාගෙන

vernon Thursday, 25 June 2020 03:57 PM

දැන් මේක ප්‍රචාරය දෙන්න තරම් වීරක්‍රියාවක්ද?

:       0       30

narda Thursday, 25 June 2020 05:20 PM

අපේ ගෙදර තියෙන කරත්තේ බඳින්න හොඳයි.

:       0       34

Pathum Friday, 26 June 2020 09:39 AM

දියවන්නාවට යවන්න හොඳ පොරක්...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site