සිය පෙම්වතිය සොයාගිය පෙම්වතකුට ඇය හමුවීම වෙනුවට රුපියල් දෙදහස් පන්සීයක දඩ මුදලක් ගෙවා ආපසු තම ගම් පළාතට යාමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තාවේ. පෙම්වතා ගල්නෑව අවට ගම්මානයක පදිංචි කරුවෙකි. පෙම්වතිය පොල්පිතිගම නගර සීමාවේය. ලැබෙන විවේකයක දී ඇය හමුවීමට පැමිණෙන ඔහු ඉකුත් දා තවත් අයකුගේ යතුරුපැදියකින් තනියම ඇය සොයා එන ගමනේ දී පොල්පිතිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කර තිබේ. රියැදුරු බලපත‍්‍රය නැත. එනිසා එතැනින් බේරීමට කොතරම් ආයාචනා කළද නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට නොවීය. ඒ අනුව රුපියල් 2500ක දඩ මුදලක් ගෙවා එම රිසිට් පත් යළි පොලිසිය වෙත පෙන්නා යතුරු පැදිය සතු අදාළ ලියකියවිලි භාර ගන්නා විට කාලවේලාවද ඉක්මවා ගොස් තිබුණි. සිදුවූ අකරතැබ්බය හමුවේ අයිතිකරුට යතුරු පැදිය භාරදීමට කියූ වේලාවද පමා වී ඇති බැවින්, පෙම්වතිය හමුවීම පසුවට තබා ගමරට බලා ගියේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑම පෙම්වතෙක් (අ)
මේවගේ දේවල් ඕනෑ තරම් වෙනවා. (නි)
මොනවා කරන්නද ඔහොම තමයි මුලදි....(ස)
හොදින් ඉන්න..(ස)
මේවාත් අද කාලේ ප්‍රශ්නද අනේ? (නි)
අයියෝ ඕක එච්චර දෙයක්යෑ? (නි)
පිස්සු පූසා. (නි)
පුදුමයි දඩ කොලයක් දුන්නා. (නි)
ආදරේ කරන කෙනෙක් නම් මේක කියවලා හිනා වෙන එකක් නැහැ. (නි)
දවසක් මම ගෑණු ළමයව බලන්න පයින් යද්දිත් ඇල්ලුවනේ පොලිසියෙන්. ඉතිං තවත් මොන කතාද? (නි)
බොහෝ කෘරයි අහෝ ලොව ධර්මේ මිළ කළේ ඇයිද ඔබේ ප්‍රේමේ? (නි)
මේ කතාව නම් ඇත්තටම හොදයි.අනේ පවු කොල්ලා! (නි)
දඩකොලය ගෙවලා බයිසිකලය අරන් ගියාද? නමුත් රියදුරු බලපත්‍රයක් නැතිව අරන් යන්න දුන්නේ පොලිසියෙන්ද?..(නු)
මේ කතාව හොදයි. ඒත් තව රස කරලා ලියන්නනේ තිබුණේ. (නි)
පොලිසිය පොඩ්ඩක් ෂේප් කර ගත්තා නම් හරිනේ. (නි)
ආදරය අන්ධ බව ඔහු තේරුම් ගෙන සිටියා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. (නි)
හොද වැඩේ, බලපත්‍ර නැතුව එළවනවට. (නි)
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා... (නි)
වරදක් කරලනේ දඩ කෑවේ. ඉතින් කරන්න දෙයක් නෑ....(ස)
අනේ පවු. ඔය කාලෙට ඔහොම කටු කන්න වෙනවා තමයි. (නි)
කෙල්ල වෙනුවෙන් මන් කන කටු දාන්න ගියොත් වෙනම පත්තරයක් ලියන්න වෙනව(වි)
මේවා දෙයියෝ සාක්කිද ????(ස)
අයියො සල්ලි... (දී)
මේක "දෙයියෝ සාක්කි" කියන්න තරම් දෙයක් ද ? (දී)
පොඩි මිනිස්සුන්ව අමාරුවෙ දානවා..!!(නු)
ආදරය කරන්න පස්සේ බැරියැ. ලයිසන් ගමුකො ඉස්සෙල්ලම. ලයිසන් නැතිව ලංකාවේ වැඩ අමාරුයි. (නි)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)
පවු.. අහිංසකයා (දී)
මේක කියන්න තරම් දෙයක් ද ? (දී)
ඇත්තට මෙහෙම දෙයක් වුණහම හිනාවෙලා නම් වැඩක් නැහැ. (නි)
'යන්නම් රාළහාමි' කියලා රාළහාමිට කීයක් හරි දුන්නා නම් ඉවරනේ. (නි)
මිනිහෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න කට්ටිය ඕන තරම් ඉන්නවා (දී)
මොකක්ද මේකෙන් පාඨක අපට දෙන ආදර්ශය , පෙම්වතිය හමුවෙන්න යනකොට ලයිසන් නැත්නම් , බස් එකේ යන්න. - දෙයියෝ සාක්කි. (දී)
හැමෝටම පාඩමක් ඕක (දී)
කවුද කියන්නේ මේක හරි නැහැ කියල මාරු කතාව (දී)
පවට පින දෙන්න බැහැයිලුනේ. (නි)
මේක ලොකු දෙයක් නෙමෙයිනේ. (නි)
මමයි මගෙ ගෑනු ළමයයි බස් එකේ කතා කරකර යද්දි මිනිස්සු බලාගෙන ඉන්නවා නිකන් කන්න වගේ.දෙන්න හිතෙනවා මැරෙන්න එකක්. වෙන අය කොයිතරම් නරක විදියට ගියත් බලන්නෙ නැහැ. මට තේරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා? (නි)
මොනවද මේ කතා (දී)
නියම කතාව (දී)
මේ කතාවේ තියෙන වැරැද්ද මොකද්ද (දී)
ඊයේ පෙරෙයිදා අපේ ඇමතිතුමෙක් හිස් ආවරණ නැතුව බයිසිකලයේ ගියා. ඔන්න අල්ලනවා නම් අල්ලන්න කට්ටිය. (නි)
තව ඉස්සරහට ඕක තවත් ගණන් යනවා 5000 වත් වෙයි (දී)