IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


පෙම්වතා සමඟ තරුණිය පැනයන්න හැදු මොහොතේ මිත්තනියත් එන්න අහලා

රාතී‍්‍ර කාලයේ තම පෙම්වතා සමඟ පැන යාමට සුදානම් වූ මොහොතේ ඇහැරුණු නිවසේ සිටි එකම කාන්තාව වූ මිත්තනියද ඔවුන් සමඟ යාමට සූදානම් වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ කඳුකර ගමකිනි.
කතාව සැකෙවින් මෙසේය.
මව විදේශගතවී සිටි මේ තරුණියගේ සියලූ කටයුතු මිත්තනිය විසින් සොයා බැලූ අතර ඇගේ පියා පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරිවරයෙක් විය. ඔහු නිවෙසට ආවේ ඉඳහිටය.
ජංගම වෙළඳාමේ යෙදුණු  තරුණයකු මේ තරුණිය සමග හාදකමක් පවත්වන බව දැනගත් මිත්තනිය එය ඉවසා සිටියේ තමාටද ඉන් වාසි සැලසුණු හෙයිනි. ආරක්‍ෂක සේවයේ නියුතු පියා මීට විරුද්ධ වුවත් දිනක් මහ රෑ මේ තරුණයා සමග මිනිබිරිය පැනයාමට සූදානම් වූ මොහෙතේ ඇහැරුණු මිත්තනිය ”මාත් එනවා නැත්නම් අර පෝරිසාදය මාව මරා දමාවි” කියා ගමනට සූදානම් වූයෙන් තරුණයාට තරු පෙනුණාලූ.



අදහස් (0)

පෙම්වතා සමඟ තරුණිය පැනයන්න හැදු මොහොතේ මිත්තනියත් එන්න අහලා

ෂෙරිෆ් Wednesday, 08 May 2013 11:00 AM

මොනවා මේ ආච්චිත්? නැතුව.. නැතුව....(ස)

:       0       0

මැස්කි Wednesday, 08 May 2013 05:28 PM

ආච්චිට පව් අනේ (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 11:02 AM

මිත්තනිය පවු. (නි)

:       0       0

හේරත් Wednesday, 08 May 2013 11:08 AM

දෙන දෙයියෝ ඔක්කොම දෙනවා කියන්නේ ඕකට නේ. කාර් එකක් ගත්තම බස් එකකුත් ලැබෙනවා. පින...පින... (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 11:10 AM

ඉතින් මිත්තනිය දමලා ගියාද?එක්කගෙන ගියාද? (නි)

:       0       0

මස්කි Wednesday, 08 May 2013 05:56 PM

තැලුම් තෙල් බෝතලෙත් ගෙනිච්චලු. (නි)

:       0       0

සරසි Thursday, 09 May 2013 02:31 PM

කොල්ලෝ ආචීචී බොලාගේ සීයට දිල උබ කෙල්ල ගනින්. (නදී)

:       0       0

දාස Wednesday, 08 May 2013 11:45 AM

හොඳ තීරණයක්.(ස)

:       0       0

සරත් Wednesday, 08 May 2013 06:27 PM

ඔව් ඔව් චන්ද්‍රා, ඔයා කළා වගේම බබා හම්බ වුණහම මිත්තනිය එක්ක යයි ළමයව බලාගන්න! (නි)

:       0       0

සෙනරත් Thursday, 09 May 2013 08:19 AM

හොඳ අදහස.. (ස)

:       0       0

සෙනරත් Thursday, 09 May 2013 08:19 AM

හොද අදහසක් (නි)

:       0       0

ප්‍රිය Wednesday, 08 May 2013 07:00 PM

අර මොකද්ද සිංදුවකුත් තියෙන්නේ, ආච්චි වුනත් මොකද මච්චාන් ... (නි)

:       0       0

එරංග Wednesday, 08 May 2013 12:18 PM

අපරාදේ එයා මිත්තනිය නොවී තරුණියගේ අක්කා වෙන්නයි තිබුණේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 12:18 PM

කොහේ ගියත් ආච්චිලා තමයි දරුවන් බලා ගන්නේ (නි)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 12:26 PM

ආච්චිටත් ඕනෑ නැති දෙයක් නැහැ (නි)

:       0       0

විහග Saturday, 11 May 2013 09:04 PM

ආච්චිටත් පැනල ගිහිල්ල පලපුරුදු ඇති.(නදී)

:       0       0

චාන් Wednesday, 08 May 2013 12:42 PM

නෑ දයා අළහකෝන්, කොල්ලා වැඩේ අත් ඇරලා දැම්මලු (නි)

:       0       0

අජිත් Sunday, 12 May 2013 02:52 PM

ඉතින්,ඉතින් තුන් දෙනාට මොකද උනේ? සෙට් එකම පැන ගත්තාද? ආච්චිටත් මාර චාන්ස් එක නේද?(නදී)

:       0       0

නෙතුමි Wednesday, 08 May 2013 08:10 PM

මිත්තනියව බලාගන්න ඉන්න එකම කෙනා මෙයාද දන්නෙ නැහැනේ. කෙසේවෙතත් මිත්තනියගේ සහයෝගය නම් එතරම් හොඳ නැහැ, මේවා දැක්කම හිනා යනවත් එක්ක (නි)

:       0       0

පහන් Wednesday, 08 May 2013 01:17 PM

අපි මේ ෂෙරිෆ්වත් *****නැතුව, නැතුව.... (නි)

:       0       0

හසිත Wednesday, 08 May 2013 01:31 PM

තනි නොතනියට මිත්තනිය.... (නි)

:       0       0

හේරත් Thursday, 09 May 2013 10:48 AM

අනේ පෙම්වතෝ, ඔයාගේ පෙම්වතියත් අනාගතයේදී මේ මිත්තනිය වගේ එයාගේ දුවගේ ප්‍රේමවන්තයා එක්ක යන්න අවසර ඉල්ලන දිනය එනවා. මේක උර චක්කර මාලේ වගේ..මේ දෝනි ගේ දොනිත් එයාගේ තාත්තට මේ දෙයම කරාවී. (නි)

:       0       0

සෑම් Wednesday, 08 May 2013 09:25 PM

'බයි වන් ඇන්ඩ් ගෙට් වන් ෆ්‍රී' ද කොහෙද මේ හාදයට? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 02:20 PM

එහෙනම් කාර් එකත් නැහැ, බස් එකත් නැහැ. කොල්ලා පවු (නි)

:       0       0

සුභා Saturday, 11 May 2013 02:25 PM

ඇත්තමයි ආච්චි නියමයි. බය හිතන්නැති. මන් වගේ විනෝදයෙන් ඇති.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 10:41 PM

මිණිපිරිය ,කිරිඅම්මට මෙසේ කිව්වලු ...... කුඩා කාලයේ පටන් කිරි අම්මා මාව හදා වඩා ගත්තට ගොඩක් පින්.මමත් බබෙක් හදාගත්ත වහාම කිරි අම්ම ගෙනියන්න එනවා. එනවාමයි. එතකන් හොඳ බබා වාගේ , දැනට නිදා ගන්නකො!!! චෙරියෝ! (නි)

:       0       0

චන්දා Wednesday, 08 May 2013 03:16 PM

මිත්තනිය පවු. තනි නොතනියට හිටිය මිත්තනිය, පස්සේ හරි එක්කගෙන යනවා නම් කොච්චර හොදද . යහපතක්ම වෙයි. (නි)

:       0       0

අනූ Sunday, 12 May 2013 09:39 AM

පව් වයසක මිනිස්සු. එයාලගේ උගත් කමේ හැටියට හිතන විදිහ. සමහර විට එයාගේ පුතා නරුමයෙක් වෙන්න ඇති. නැත්නම් දුවත් පැනලා යන්න තීරණය කරන්නේ නැනේ. ඉතින් මේ ආච්චිත් පුතාට තියන භය නිසා යන්න හදන්න ඇති. ඒවා අපහාසයෙන් බලන්න හොඳ නැහැ. අහිංසක නුගත් මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලමු.(නදී)

:       0       0

රෝෂිනි Wednesday, 08 May 2013 04:11 PM

මිත්තනිය හොදට ළමයි බලලා තියෙන පාටයි (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:21 PM

ආචිවි දැවෑද්දට තියාගනින් කොල්ලෝ..... මාමණ්ඩි එහෙම කිවුවලු.

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 06:55 PM

පවු ආච්චි ,අන්තිම කාලේවත් එයාගේ සතුට නැතිකරන හදන්න එපා. එයාවත් අරගෙන යන්න . (නි)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 09:59 AM

පව් අසරණ ආච්චි දහ දුක් විදලා පරම්පරා 2ක් හදලා තව ගුටිකන්න වෙයි කියන බය වෙන්න ඇති. අද බොහොමයක් තැන්වල මේ වගේ සිදුවීම් වෙනවා. නැත්තම් කොහේ හරි පාළු පාරක අතරමං කරලා දාලා යනවා (නි)

:       0       0

රුමී Wednesday, 08 May 2013 04:29 PM

හොඳ වෙලාවට සීයා හිටියේ නැත්තේ.... (නි)

:       0       0

චතූ Wednesday, 08 May 2013 10:15 AM

අනේ පවු ඒක්ක යන්නනේ තිබුණේ. (ස)

:       0       0

ධම්ම Wednesday, 08 May 2013 04:51 PM

කොල්ලගෙන් ආච්චිට ලැබුණු ප්‍රතිලාභ මොනවද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Wednesday, 08 May 2013 10:18 AM

මිනිපිරියගේ කලවයස එනකම් යුතුකම් ඉෂ්ට කරන්න වෙන්න ඇති (නි)

:       0       0

යොහාන් Wednesday, 08 May 2013 10:19 AM

වරදක් නැහැ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 04:02 AM

ඉතින් අන්තිමේදී මේ නරක කොල්ලා ආච්චිත් සමග පැනලා ගියාද? (නි)

:       0       0

දම් Thursday, 09 May 2013 04:18 AM

දුව පැනලා ගිය පසු තාත්තා ඉන්න පැත්තේවත් එන එකක් නැහැ. තාත්තාට බඩගින්නේ මැරන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 08 May 2013 10:36 AM

උගත් කාන්තාවක්... (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 962 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1030 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3949 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1466 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11834 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 989 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 794 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2347 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2013 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site