IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙම්වතා පෙම්වතියට සීගිරියේදී කාශ්‍යප රජුගේ මාළු ටැංකිය පෙන්වලා

පෙම්වතියට සීගිරිය ගැන වැරැදි අර්ථකතනයක් දුන් පෙම්වතකුට පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට සිදුවූ අවස්ථාවක් සීගිරි කැටපත් පවුර ආසන්නයේදී දැක ගැනීමට හැකි විය. අවුරුදු 18-17 ක වයසේ පෙම් යුවළක් කැටපත් පවුරට පහළින් පිහිටි පඩිපෙළක වාඩි වී සිටි අතර තවත් බොහෝ පිරිසක් ඒ අසල සිරි නරඹමින් සිටියහ. පෙම්වතාගේ අතේ එල්ලී සිටි පෙම්වතිය සීගිරි ගලේ කැටපත් පවුරට දකුණු පසින් පිහිටි සීගිරි මාලිගාවේ ආරක්‍ෂක කුටි ලෙස සැලකෙන කුඩා කාමරවලට දැමූ අත්තිවාරම් පෙන්වා ඒ කුමක්දැයි විමසුවාය. ඒ අසල සිටි බොහෝ දෙනෙක් එම දෙබසට කන් දී සිටියහ. මඳක් ඉස්සී පහළ බැලූ පෙම්වතා ‘‘කාශ්‍යප රජතුමාගේ මාළු ටැංකි තිබුණු ස්ථානය මෙය බව” කීවේය. පෙම්වතිය එය පිළිගැනීමට හිස සොලවනවාත් සමග ඒ අසල සිටි අයෙක් ඉදිරියට ආවේය. මේ... දරුවෝ... ඔය ළමයි නොදන්නා දෙයක් තියෙනවානම් දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. ඔය ළමයි පාසලේදීවත් ඉගෙන ගෙන තියෙනවද මේ මාලිගාවේ නටබුන් අතර කාශ්‍යප රජතුමාගේ මාළු ටැංකි තිබුණා කියලා.’’ ඉතිහාසයට බොරු අර්ථකථන දීම හරි වැරැදියි. අනෙක් දේවල්වලට වගේම රටේ ඉතිහාසය ගැනත් අවබෝධයක් ලබාගත යුතුයි. අසල සිටි සැවොම එය අනුමත කළහ. මෙම දෙදෙනාට කරුණු පැහැදිලි කළ තැනැත්තා සීගිරිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කර සීගිරි ගලෙන් පහළට බැස ගියේය.



අදහස් (0)

පෙම්වතා පෙම්වතියට සීගිරියේදී කාශ්‍යප රජුගේ මාළු ටැංකිය පෙන්වලා

රචිත්‍ර ලක්ෂාන් Saturday, 03 March 2012 05:31 PM

රටේ ඉතිහාසය පිළිබඳව නිසි අවධානයක් නැති ඒකේ විපත තමයි ඔය

:       0       0

අජිත් Monday, 05 March 2012 08:49 AM

රටේ ඉතිහාසය පිළිබඳව නිසි අවධානයක් නැති ඒකේ විපත

:       0       0

Bandayya Tuesday, 06 March 2012 11:09 AM

පොඩි විහිළුක් කරන්න ඇති. ගනන්ගන්න එපා. මිනිහගේ කෙල්ලනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site