පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය කඩා කුණු කූඩයට දැමීමෙන් පැමිණිලිකරුවෙකු අමාරුවේ වැටුණු පුවතක් වයඹ පළාතෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේ විය.
එක්තරා සංචාරක හෝටලයක පැවැති සාදයක් අතරතුර මෙරට පදිංචි විදේශීය ව්‍යාපාරිකයකු හා ලාංකිකයකු අතර වූ බහින්බස් වීමකදී විදේශිකයාගේ අත රැඳි ඇස්කණ්ණාඩිය අතට ගත් ලාංකිකයා එය විසිකර දැමීම නිසා එම ඇස් කණ්ණාඩියට හානිවීම හේතුවෙන් මෙම සිද්ධිය සාමය ආරක්ෂා කරන ආයතනය දක්වාම දුර දිග ගොස් තිබේ.
ඇස් කණ්ණාඩිය වටිනා එකක් වීමත් විදේශිකයා තමන්ගේ විදේශික ඌෂ්ණෙන් ස්වදේශිකයකුගෙන් වූ අවමානයත් නිසා මේ ගැන තදින් සිටිය බවයි වාර්තා වුණේ.
ලාංකිකයා තමන් අතින් සිදුවූ වරද ගැන සිතා එය සිද්ධිය පැමිණිල්ල විභාග කරන දවසේ ඉහත විදේශිකයා අත තිබූ ඇස් කණ්ණාඩියට සමාන එකක් මිලදී ගෙන එම සිද්දිය සමථයකට පත් කරගන්න ගොස් තමන් ගෙනා අලූත් ඇස් කණ්ණාඩිය පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ මේසය උඩින් තබා ඇත.
පොලිස් නිලධාරියා විදේශිකයාට මෙම සිදුවීම සමථයකට පත් කරගන්න කරුණු පැහැදිලි කරමින් සිටියදී ඉහත විදේශිකයා එම මේසය උඩ තිබූ ඇස් කණ්ණාඩිය අතට ගෙන මෙය තමන්ට වුවමනා නැති බව පවසා කඩා කුණු කූඩයට දමා ඇත. ඒත් පසුව බලද්දී කඩා කුණු කූඩයට දමා ඇත්තේ පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය බව තේරුම් යාමෙන් පැමිණිලිකරුට වගේම විත්ති කරුටත් අලූත් ඇස් කණ්ණාඩියක් අරන් දෙන්න වියදම් ගියාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නියම වැඩේ තමයි (නි)
එකක් කඩතොළු හදාගන්නට ගොසින් මට උන කාරියා , දෙකක් කඩ තොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා , (අ)
1995 දි විතර රත්නපුරේදි අපෙ මාමා තව වාහනයක හප්ප ගත්තා වාහනේ. දෙන්න බැහැල ඇවිත් එකිනෙකාට චෝදනා කරගන්න කොට මිනිස්සු පිරුනා. එතන හිටපු ටවුමෙ ගනන්කාරයෙක් ඇවිත්, "මම අහවලා, මහත්තයෝ ආයිබොවන් දැන් දෙන්නාම යන්ඩ ගෙවල් වලට" කියලා, ඉතින් වාහන දෙකම වෙච්ච පාඩු අමතක කරලා ගෙවල් වල ගිහින් අර මනුස්සයාගේ හැටි දන්න හින්දා. (ර)
ඉක්මන් කෝපය හොඳ නැහැ කියන්නේ ඔන්න ඔය වාගේ දේවල් වලට තමයි. (නි)
මදැයි අතපසුවීමක් නිසා වුණ දෙයක් (නි)
ඇස් කණ්ණාඩිය වටිනා එකක් වීමත් විදේශිකයා තමන්ගේ විදේශික ඌෂ්ණෙන් ස්වදේශිකයකුගෙන් වූ අවමානයත් නිසා මේ ගැන තදින් සිටිය බවයි වාර්තා වුණේ. විදේශිකයාට උණ ගැනිලද හිටියේ ඇස් පෙනීම අඩු නිසා.ඒ විදේශිකයා සුදුවෙලා හිටියේ කබර දාලද නැත්නම් ඇත්තටම සුද්දෙක්ද. (බ)
අද මොකද පාඨක සභාව පාලුවට ගිහින් (ම)
හදිසි කෝපය සහ ආවේග දැන් ශ්‍රී ලාංකික ජිවිතයේ කොටසක් වෙලා. (ම)