මිත්තණිය තම මුනුබුරා සමඟ ඡුන්දය ප‍්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ ඔවුන්ගේ ඡුන්ද ලකුණු විශාල ප‍්‍රමාණයේ මුද්‍රිත කඩදාසියක සටහන් කර තිබිණි.
මිත්තණිය මුනුබුරා අමතා, ‘‘පුතේ උඹේ තාත්තා කියනවා එයා කැමති කෙනාට කතිරේ ගහන්න කියලා. එතකොට උඹලගේ අම්මා කියන්නෙ එයා කැමති වෙන කෙනෙකුටලූ. එයාට කතිරේ ගහන්නලූ. පුතේ ඡුන්දෙ ඉල්ලන කට්ටියගේ නම්ටික මට කියවහංකෝ වෙන කව්ද ඉන්නේ කියලා බලන්න.’’ යැයි පැවසුවාය. මුනුබුරා නම් සහ ඔවුනට හිමි ලාංඡුනද එකින් එක පැවසූ පසු එක් නමක් සඳහන් කළ ඇය, ‘‘දන්න නමක් තියනවා ඒකටවත් කතිරේ ගහනවා. එතකොට උඹලගේ අම්මා තරහා වෙන්නෙත් නැහැ. තාත්තා තරහාවෙන්නෙත් නැහැ.’’ යැයි කීවාය. ‘‘මෙ එයා නෙමෙයි. වෙන කෙනෙක්’’ මුනුබුරා සිනාසෙමින් පැවසීය.
(ක‍්‍රිස්ටෝපල් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර විසිපහකට තිහකට පමණ පෙර මැතිවරණ දිනක මම ගෙදර ආවේ ඡන්දය අවසන්වෙන කිට්ටුවයි. දේශපාලන උණෙන් පෙළෙන මගේ ඥාති සොහොයුරෙක් ඒ වෙනකොට අපේ ගෙදර ඇවිල්ලා හිටියා. මාව දුටුගමන්ම "කොහෙද මල්ලි උඹ රස්තියාදු ගහන්න යන්නේ මේ වගේ වැදගත් දවසක, ඉක්මනට ගිහින් ඡන්දෙ දාපන් "කියලා මට මගේ පත්‍රිකාව දුන්නා. අපි එකම පක්ෂයේ අය වුණාට මම එදා ගිහිල්ලා ඡන්දෙ දුන්නේ කවදාවත් දිනන්නේ නැති කවදාවත් අහලත් නැති කෙනෙකුටයි. ඡන්ද ගණන් කරන වෙලාවේ ඒ මනුස්සයාට තේරෙන්න ඇති එයාගේ පවුලේ අය හැරුනකොට තවත් කෙනෙක් එයාට ඡන්දය දීලා තිබෙන බව. (නි)
සෑම්, ඔයා ඡන්දෙ දුන්නේ කාටද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ඉස්සරලා කියපු කතාවට වැඩිය සෑම්ගේ කතාව මට ගොඩක් වටිනවා (නදී)