IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නිලධාරී කාමරයේ තිබූ කාන්තා යට ඇඳුම් තොගය අතුරුදන්

රාජ්‍ය ආයතනයක සේවය කරන උසස් නිලධාරියකුගේ විවේක කාමරයේ ඇඳක් මත සේදූ කාන්තා යට ඇඳුම් තොගයක් වනා ඒවා වියළීම සඳහා එහි විදුලි පංකාව ද ක‍්‍රියාත්මක කර තිබූ බව කියවෙන පුවතක් වියලූව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සියැසින් දුටු එම ආයතනයේම පිරිසක් පැවසූ අන්දමට කතාව මෙසේය. එය වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක් ද වෙන් කර තිබිණි. නිලධාරීන් සේවයට වාර්තා නොකරන අවස්ථාවේදීත් ඉන් පිටවන අවස්ථාවේදීත් බොහෝ විට එය අඟුළු දමා තිබිණි. පසුගිය දිනෙක එම ආයතනයේ තවත් උසස් නිලධාරියකුට එහි සේවක මහතකු ද සමග විවේක කාමරයේ දොරඟුළු විවෘත කර ඊට ඇතුළු වූයේ කිසියම් අවශ්‍යතාවක් සඳහාය. ඔහුට දැක ගන්නට ලැබුණේ අපූරු දර්ශනයකි. කාමරයේ ඇඳ පුරාවට විවිධ වර්ණයෙන් යුත් කාන්තා යට ඇඳුම් තොගයක් වනා තිබිණි. එහි විදුලි පංකාව ද වේගයෙන් ක‍්‍රියාත්මක කර තිබිණි. එම මොහොතේම එහි පැමිණි ආයතනයේ ආරක්ෂක නිලධාරියා තව දුරටත් පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ ඒවා කලින් දිනයේ යාබද නාන කාමරයේදී සෝදා තිබූ බවකි. රෙදි වේලීම සඳහා විදුලි පංකාව ක‍්‍රියාත්මක කර තිබූ බව ද දැක ගන්නට ලැබිණි. කෙසේ වෙතත් පිරිස පිටව ගොස් තවත් හෝරා කීපයකින් යළි පරීක්ෂා කිරීමේදී එම පිරිසට දැක ගන්නට ලැබී ඇත්තේ එම යට ඇඳුම් තොගය අතුරුදන්ව තිබූ බවකි. කවුරුන් කොයි මොහොතේ රැුගෙන ගියාදැයි තවමත් රහසකි. සිද්ධිය ආයතන ප‍්‍රධානියා ඇතුළු ආයතනයේ සියලූම සේවකයෝ දැන් දනිති. එහෙත් කළේ කවුදැයි තවමත් රහසකි.



අදහස් (0)

නිලධාරී කාමරයේ තිබූ කාන්තා යට ඇඳුම් තොගය අතුරුදන්

රොහාන් Friday, 26 October 2012 04:54 PM

මේක මානසික රෝගියෙක්ගේ වැඩක්... (නි)

:       0       0

රුවන් Friday, 26 October 2012 10:05 AM

හොද ළමයා..!(නු)

:       0       0

හිල්මි Thursday, 25 October 2012 08:11 PM

මේවා කාර්යාල වල සාමාන්‍ය දේවල්නෙ හලෝ. (නි)

:       0       0

සේනානායක Thursday, 25 October 2012 03:36 PM

මානසික අසහනකාරයෙක් වගෙයි නේද? (නි)

:       0       0

කුමාර Sunday, 28 October 2012 11:48 PM

වැඩක් නැහැනේ අපිට. (නි)

:       0       0

සමන්ත Thursday, 25 October 2012 03:26 PM

කොහොමද එහෙම උනේ

:       0       0

දයානී Thursday, 25 October 2012 08:32 PM

මගේ එක්කෙනාගෙ බෝඩිම් කාමරේ මේ ගණනටම කලිසම් තිබිලා මට හමු වුණා. (නි)

:       0       0

කනිෂ්ක Saturday, 27 October 2012 10:17 AM

ඔයාලා නියන්නේ යටට අදින ඒවා හෝදන්නෙ නැතිව අදින්න කියලාද?(නු)

:       0       0

ඩරුල් Thursday, 25 October 2012 08:42 PM

මෙයින් අපට පෙනීයන්නේ කුමක්ද? (නි)

:       0       0

අරුණ Saturday, 27 October 2012 06:41 PM

ඔය ආයතනයේ ඉන්නෙ මානසික රෝගීන්ද?(නු)

:       0       0

සුරංග Tuesday, 30 October 2012 01:19 PM

වෙන මුකුත්ම නැතිවෙලා නැද්ද? (නි)

:       0       0

ගාමිණි Thursday, 25 October 2012 03:56 PM

ගෑණු කවදාද යට ඇදුම් එකට තියන්නේ? ගෑණු හරිම ගුප්තයිනේ. (නි)

:       0       0

සරත් Thursday, 25 October 2012 11:44 AM

සීතලේ අදින්න බැහැනේ.. ඒකනේ වේලන්න ඇත්තෙ..!(නු)

:       0       0

පනාගොඩ Friday, 26 October 2012 11:55 AM

සමහර මිනිස්සු එහෙම කරනවලු.. (ස)

:       0       0

විජේ Thursday, 25 October 2012 11:58 AM

පිස්සු වැඩ..!(නු)

:       0       0

ලලිත් Thursday, 25 October 2012 11:52 AM

හොඳ කතාවක් (ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 27 October 2012 08:06 PM

චන්ද්‍රසිරි හැදිල්ල කෙසේ වෙතත් ඉදින් නැති ඉදිවි. (අ)

:       0       0

වජිර Thursday, 25 October 2012 12:04 PM

මේක මහජනතාව දැනගැනීමෙන් ඇති ඵලය කුමක්ද ? (ස)

:       0       0

මනුජ Thursday, 25 October 2012 10:18 PM

වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක්/ ඇඳක්....වියලූවේ මෙහම රාජ්‍ය ආයතනයක් ???? (නි)

:       0       0

සංඛ Monday, 29 October 2012 08:25 AM

වහපු කාමරයෙන් ප්‍රයෝජනයක් රැගෙන ඇති බෙව පෙනෙනවා. (නි)

:       0       0

නිමල් Thursday, 25 October 2012 11:05 PM

මේකත් හරියට කපුටෝ හත් දෙනෙක් වමනේ දාපු කතාව වගේ එකක්. එක යට ඇඳුමයි තියෙන්න ඇත්තේ. අන්තිමට එක තොගයක් වෙලා. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 25 October 2012 12:42 PM

අපරාදේ, ඇද යට එහෙමත් ටිකක් විපරම් කරලා බලන්න තිබුණා. (නි)

:       0       0

කල්‍යාණ Friday, 26 October 2012 01:26 PM

ගැහැණුන්ට යට ඇදුම් ඇදීම තහනම් කරමු. (නි)

:       0       0

වරුණ Thursday, 25 October 2012 12:43 PM

ෂුවර් එක‍ටම ඔය කන්තෝරුවේ ග්‍රීස් යකෙක් ඇති (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:54 PM

ඔය කරන වැඩවලින්, අදාල කාන්තාව මින්පස්සේ යට ඇදුම් සෝදන්නේ නැතිවෙයි. (නි)

:       0       0

අසිත Thursday, 25 October 2012 12:59 PM

ආරක්ෂක නිලධාරියා ගන්නේ පිං පඩිද? (නි)

:       0       0

සරා Monday, 29 October 2012 09:56 PM

මේවා පිරිමි යට ඇදුම් වුණා නම් මෙහෙම පත්තරේ වැටෙයිද? (නි)

:       0       0

සජීවනී Thursday, 25 October 2012 01:12 PM

භාරව ඉන්න සිකුරිටිගේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

තිලංක Thursday, 25 October 2012 01:19 PM

විදුලිය නාස්ති කිරීමක්. (නි)

:       0       0

දයා, සෞදි Thursday, 25 October 2012 01:19 PM

කන බොන මිනිස්සුනේ මේවායෙත් ඉන්නේ. ගණන් ගන්න එපා (නි)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Thursday, 01 November 2012 09:31 AM

යට ඇදුම් නේ ......(ස)

:       0       0

වන්නි Thursday, 25 October 2012 01:34 PM

මේ තරම් පහත වැඩක් කරන්නේ කවුද

:       0       0

රෙක්ස් Thursday, 25 October 2012 01:34 PM

අපිට මොකෝ? (නි)

:       0       0

සිල්වා Thursday, 25 October 2012 01:36 PM

ඉතුරු ටික හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

චාමි Friday, 26 October 2012 07:42 AM

ඇයි? යට ඇදුම් හොදින් වේළෙන්න දමන්න තහනම්ද? (නි)

:       2       0

ගැමුණු Friday, 26 October 2012 08:03 AM

වජිර, මේක මහජනතාව දැන ගත්තාම ජනතාව දැනගන්නවා රජයේ උසස් කියා ගන්න නිලධාරින් මහජන මුදල් භාවිතා කරමින් ගැහැණුන්ගේ යට ඇදුම් හොදනවා කියලා.!(නු)

:       0       0

හෙක්ටර් Thursday, 25 October 2012 02:09 PM

පරීක්ෂණයක් තියන්න ඕනේ

:       0       0

ලලිත් කටාර් Thursday, 25 October 2012 02:27 PM

හරි හරි ඇදුම් විතරනේ.. කවුරුත් හිටියෙ නැහැ.. (නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 25 October 2012 02:30 PM

කාන්ත යට ඇඳුම් තොගයක්. මේක විස්වාස කරන්න බැහැ. කවුරු හරි සේවකයෙක් හැමදාම ඇඳුම් හෝදන්නේ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වුනාට යට ඇඳුම් පමණක් ආවේ කොහොමද.ඒ දාපු කෙනාගේ ගෙදර අඳින්නේ යට ඇඳුම් පමණද.

:       0       0

චාමි Saturday, 27 October 2012 06:43 AM

අනේ අනේ..(නු)

:       0       0

නිරෝෂා Tuesday, 30 October 2012 09:20 AM

මම නම් කියන්නේ ඕවා ඔය කාර්යාලයේ සේවිකාවකගේම ඇදුම් වෙන්න ඇති. එයාට ඒවා ගෙදර ගිහිල්ලා හොයහොයා ඉන්න බැරි නිසා කාර්යාලයේම තියලා යනවා ඇති. (නි)

:       0       0

නිෂාඩ් Tuesday, 30 October 2012 09:37 AM

මානසික රෝගයක් වෙන්න ඇති (ස)

:       0       0

පාලිත Thursday, 25 October 2012 02:55 PM

ලැජ්ජයි කියන්නත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site