සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලැබූ ඇය පවුලේ අගහිඟකම් නිසා ටික දිනකින්ම ගමේ අනෙක් තරුණියන් සමඟ ඇඟලූම් කම්හලේ ජුකී මැෂිමක් ඉදිරිපිට වාඩි වූවාය. මාස කිහිපයක්ම ඇය මවුපියන්ගේද අඩුපාඩු සපුරමින් තමාගේද අවශ්‍යතා සපුරා ගනිමින් රැුකියාව කරගෙන ගියාය. ටික දිනක් යනවිට වෙළෙඳ කලාපයේ අරලිය ගස් හෙවනේ සිටි සමනළයකු ඇය වෙත පියඹා ආවේය.
දින කිහිපයක්ම සමනළයා ඇය වටේ කැරකී පියඹා ගියේය. තමාගේ මිතුරු මිතුරියන් සේවය නිමවීමෙන් පසු සමනළ සමනළියන් මෙන් පියඹා යනු දුටු ඇයගේ සිතද අලූත් හැඟීම්වලින් පිරී ගියාය.
වැඩි දිනක් යාමට පෙර ඇයද තමා වටේ කැරකුණු සමනළයා සමඟ පියඹා ගියාය. එහෙත් තමාගේ පුතා හිතුවක්කාර ලෙස බිරියක් කැඳවාගෙන ඒම ගැන අම්මා වැඩිකැමැත්තක් දැක්වූයේ නැත.
කාලය ගෙවී යද්දී ඇය ගැබිනියක් වූ අතර රැුකියාවට ද සමුදුන්නාය. ටිකෙන් ටික නැන්දම්මා හා ලේලිය අතර යටි හිතේ ගිනි පුපුරු ඇවිළෙමින් තිබිණ. මේ අතර දිනක් ඇයට හදිසි අවශ්‍යතාවකට මුදලක් අවශ්‍ය විය. නැන්දම්මාගෙන් ඉල්ලූවොත් නොලැබෙන බව දන්න නිසා දැන්දම්මාගේ නංගී වෙත ගොස් ණය මුදලක් ඉල්ලා සිටියාය.
මුදල් ලබා ගැනීමට සවසට එන ලෙස පුංචි අම්මා කීවාය. ඒ අනුව සවස ගිය විට පුංචි අම්මා ණය මුදල දී කීවේ එය ගමේ වෙනත් කාන්තාවකගෙන් ඉල්ලා දුන් බවය. අවාසනාවකට මෙන් නියමිත දිනයේ ණය මුදල දීමට ඇයට බැරි විය. මේ අතර ණය මුදල දුන් බව කියන කාන්තාව ඇයට සති පොළේදී මුණ ගැසිණ. අනේ අක්කේ මං කොහොම හරි ලබන සතියේ පොලියත් එක්ක සල්ලි ටික දෙන්නම් කියමින් ඇය පින්සෙණ්ඩු වූවාය. කාන්තාව උඩ ගොස් බිම වැටුණාය.
මොන සල්ලි ද නංගියේ එම කාන්තාව ඇසුවාය. තමා කිසිවකුට ණයට මුදල් නොදුන් බවද එම කාන්තාව කීවාය. ඇය එම කාන්තාව ඉදිරිපිටදීම පුංචි අම්මාට දුරකතනයෙන් කතා කර සිද්ධිය විමසා සිටියාය. පුංචි අම්මා සිද්ධිය හෙළි කළාය. දුව ගෙදර ගිහින් රණ්ඩු වෙන්න එපා. ඔය සල්ලි දුන්නේ අපේ අක්කා (නැන්දම්මා) පොලිය ගන්න ඕන නිසයි.
පුංචි අම්මාගේ කතාවෙන් පසු ගෙදර ගිය ඇය තමාගේ පුතාටත් පොලියට සල්ලි දෙන අම්මලා ඉන්නවා යයි කියමින් කෑ ගසන්නට වූවාය. අවසානයේ කෙහවලූ පටලවා ගත් නැන්දම්මාත් ලේලියත් නතර වූයේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට තිබුනේ නන්දම්මගෙන් සල්ලි ඉල්ලලා නය ගෙවන්දනේ. මේ දැන් කාලේ ඉන්න කෙල්ලෝ බලන්නෙම ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර නැන්දම්ම යි, අනිත් අයයි තමන්ට ඕනේ විදිහට හදාගන්ඩ බලන එකමයි. (අ)
අද කාලේ ලේලිලාගේ හැසිරීම දැක්කහම පුදුම කණගාටුවක් හිතෙන්නේ. හැබැයි තමන්ගේ දුවටත් වඩා ලේලිට ආදරේ කරන නැන්දම්මලා මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් හොඳට නැන්දම්මාට සළකාගෙන ජීවත්වෙන යහපත් ලේලිලා මේ ලෝකේ ඉන්නවා. කාන්තාවන් විදිහට තමන් දැනගන්න ඕනෑ ජීවත් වියයුතු ආකාරය. අපේ අතීතයේ ලේලියන් බිරියන් කොහොමද ජීවත්වුණේ. අන්න ඒ ක්‍රමය තමයි මේ ලෝකේ තියෙන හොඳම ආකාරය ජීවත්වෙන්න. ඒ ක්‍රමය තුළ නිරන්තරයෙන්ම සබඳතාවයන් රැකුනා. සබඳතාවයන් බොහෝ ශක්තිමත් වුණා. ඒකට අද? (නි)
නැන්දම්මලාගෙන් ප්‍රවේශම් වෙන්න (ම)
පොලිසියට හරි සල්ලි ලැබුණානේ දුන්නත් වරදියි නුදුන්නත් වරදි (අ)
ඔන්න! ඔන්න! අයෙත් අපේ රුපවතී අක්කා අනාගෙන.......හැන්දෙන් කැව්වා හරී.......ගෑරුප්පුවෙන් සුප් ටික පෙව්වේ කොහොමද රුපවතියෝ.......? (අ)
අනේ සාගරගේ ලිපිය දැකල මට හිනා..ඔයාලගේ හැමෝගෙම අවලාද මම සතුටින් කියෙව්වුවා ..එත් කොලුවනේ ..ආඩම්බරේට සෝබනේට ලියනවා කියල හෙම මාව පතුරු ගහනවා නොවේ ඔන්න...මගේ නැන්දම්මා ජීවතුන් අතරේ නැහැ...? එත් ඇය මට මගේම මෑණියන් හා සමානයි.ජීවත්ව සිටියදී හැම උපන්දිනේකටම මට පවුම් 60ක් දෙනවා අවශ්‍ය දෙයක් ගන්න..? මැරෙන්න පෙර මහත්තයාගේ ගිණුමට මුදලක් බැරකලා අපි කැමති රටකින් නිවසක් ගන්න.. ඉතින් ..මම නැන්දම්මට බත් අතින් අනල කැවුවේ නැහැ...හැන්දෙන්මයි කැවුවේ...?සේරම සුප්ටික පෙවුවේ ගෑරුප්පුවෙන්...? (අ)
සුනිල්ට හොඳට මතකයි නේද මම එක ඇහැක් ඇරගෙන නිදාගන්නේ කියලා (නි)
ඒ අතින් බලද්දී මම වාසනාවන්තයි මට හැඟේ..! (අ)
මමත් කියන්නේ දැන් කාලේ ලේලිලාගේ අඩුපාඩු බොහොමයි. ඉතින් ප්‍රශ්න තමයි (නි)
අපිට කොයින්ද ඉතින් රූපවතිට වගේ වාසනාවක්, නැන්දම්මාට පොළියට දෙන්න. (නි)
මගේ නැන්දම්මා නම් වාසනාවන්! (නි)
නියම කතාව! (නි)
ධම්ම, රූපවතිට ඕවා කියන්න ගිහිල්ලා මෙතන සල්ලි නැතුවම පොළී එක්ක අහගන්න වෙන්නේ. (නි)
කරුණාවේ උල්පතක් බඳු වූ මාගේ, දැනට ජීවතුන් අතර නැති ආදරණීය නැන්දනියට මෙම සටහන උපහාරයක් වේවා!!! (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
ඞී.ජී. සුගතපාල මහතා භාෂාව හැසිරවූ අයුරු මා සිත් ගත්තා. කියවන්න ප්‍රියයි. (නි)
ඕවා මොනවද? අපේ නැන්දම්මා අපිට දෙන්නෙත් මීට වඩා ලොකු ගේම්.ලියන්න ගියොත් පොතකට කරුණු තියෙනවා. (නි)
රූපවතී ඉන්න රට තවත් හංගාගෙන ඉන්නේ නැතුව කිව්වා නම් මේ කොල්ලෝ කුරුට්ටන්ගේ උසුළු විසුළු නැහැනේ.අපි ඉපදුන රටට වාගේම දැනට ජීවත්වෙන රටත් බයනැතුව කියන්නත් කොන්දක් තියෙන්න ඕනෑ.කිව්වා කියලා මොකුත් පාඩුවක් වෙනවායැ.. ? බය වෙන්න එපා කව්රුත් මොකවත් ඉල්ලගෙන එන එකක් නැහැ. (නි)
රූපවති, මොනවද අඩු? සර්වසම්පුර්ණයි නේද? (නි)
රූපවතී නැන්දම්මාට බත් අනලා කවලාම හැමදේම තමන්ගේ නමට ලියවාගෙන ඇති.ඒකනේ මම වාසනාවන්තයි කියලා තියෙන්නේ...... (නි)
බිරිඳට තිබුනේ සැමියාට හදිසිය ගැන කියලා මුදල හොයාගන්න. නැන්දම්මාගේ තරම දැනගෙන එහෙම කළානම් කෙහෙවලු පටලවා ගන්නත් ඕනෑ නැහැ. පොලිසි යන්නත් ඕනෑ නැහැ. (නි)
ධම්ම, ඔයාට වාසනාවක් නැතිවුණාට රූපවතී එක ඇහැක් වහගෙනම දන්න ජිල්මාට් ඔක්කොම දාලා නැන්දම්මව ෂේප් එකේ තියාගනීවි. (නි)
වයසට ගියදාට නැන්දම්මාට නොදැනේවිද කළකම් පළදෙන හැටි? (නි)
ලේලිලාටත් තේරෙන්නේ තමන් නැන්දම්මා කෙනෙක් වුණ දවසට, පිට තැනකින් ආ කෙනෙක් මුළු ගෙදරම එක පාරට තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්න වළිකනකොට. (නි)
රූපවතී, නැන්දම්මා උපන් දිනයට දුන් සයිප්‍රස් පවුම් 60න් මොනවද ඉතින් මිලට ගත්තේ.........? (නි)
මේකට නැන්දම්මාට බැනලා වැඩැක් නැහැ. අද කාලයෙ හැටියට ගෑනු ළමයෙක් දැන ගන්න ඔන දෙමව්පියන්ටත් බන්දලා යන තැනටත් බරක් නොවි ජිවත් වෙන්න, සමහර බවලතුන් හිතන්නෙ මුළු තුන් ලොකෙම උදවිය පහල වෙලා ඉන්නෙ තමන්ව නඩත්තු කරන්න කියලා, (අ)
රූපවතී හැන්දෙන් කවලා, ගෑරුප්පුවෙන් පොවලා නැන්දම්මා දුන්න සයිප්‍රස් පවුම් 60න් සුදු කේක් එකකුත් කපලා ජයටම උපන් දිනය සමරලා ඇති නේද? අනේ වාසනාවන්!! (නි)