තරුණ පෙම්වතා හා පෙම්වතිය එකිනෙකා මුණගැසුණේ මවුපියන්ට හොරෙනි. දෙදෙනාට උදව් කළේ පෙම්වතාගේ හොඳම මිතුරාය. දිනක් පෙම්වතියගේ මව නිවසෙන් බැහැරව යනු දුටු මිතුරා පෙම්වතා හමුවී, ‘‘මචං අන්න උඹේ නැන්දම්මා හොඳට ඇඳගෙන මේ දැන් එළියට ගියා. ටවුමට ගියාද දන්නැහැ”යි පැවැසීය.
එවිට පෙම්වතා, එහෙනම් ගෙදර ඉන්නේ කෙල්ල විතරයි. වරෙන් යන්න යැයි පවසා පෙම්වතියගේ නිවෙස අසලට පැමිණියේය. පෙම්වතා දුටු පෙම්වතිය හස්ත සංඥාවෙන් නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළාය. මිතුරා ඇමතූ පෙම්වතා, ‘‘මචං උඹ කවර් වෙලා හිටපන් නැන්දම්මා එනවා දැක්කොත් විසිල් එකක් ගහපන්’’ යැයි පැවැසීය. හරි හරි මචං මම එද්දී විසිල් එකක් ගහන්නම්’’ මිතුරා පිළිතුරු වශයෙන් කීය.
පෙම්වතා නිවෙසට පිවිස විනාඩි පහක් ගතවුණා පමණි. කල්පනාවක පැටලී සිටි මිතුරාට තමා පසුකර නිවෙසට යන නැන්දම්මා පෙනිණි. ඔහුට දොලෝ රත්විය. ඇඟිලි දෙක කටේ දමා විසිල් ගැසීමට තැත් කළත් වෙනදා ලේසියෙන් ගසන විසිලය ඒ මොහොතේදී නොගැසිණි. පෙම්වතිය බෙරිහන් දෙන අයුරුත් පෙම්වතා වැටි වැටී දුවන අයුරුත් මිතුරාට දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් බේරුනා (නි)
ජයා වගේ අය හිටියොත් නම් ගැහැණු උදවියටම තමා පහර වදින්නේ. පිරිමි අය මොන වරද කළත් ජයාට වැරදි ගැහැණු අයම තමයි. (නි)
හුඟාක් නැන්දම්මල හීන දකින්නේ තමන්ගේ දුව ගෙනියන්න සුදු අස්වයෝ බැඳපු ඇස්ව කරත්තෙකින් රාජකුමාරයෙක් ඇවිත් පන්චතුර්ය වාදන මැද්දේ කැන්දන් යයි කියලනේ , ගමේ කොල්ලෝ ඉතින් රස්තියාදු කාරයෝ එහෙමනේ . නැන්දම්මල යන උඩ නේද ? (ස)
ඉතින් වික්‍රම ඔයාට වැරදුනේ නැහැනේ. මම කළේ ලොකු උදවුවක් නෙමෙයිද? (නි)
දැන් කාලේ ඔහොම විසිල් ගහන්නේ නැහැනේ වැඩිය. වැඩිම වුණොත් මිස් කෝල් එකක් දෙයි. (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. යාළුවාත් සම්බන්ධයි (නි)
මට නිකමට හිතෙනවා පිටබැද්දර ජයාත් මෙහෙම වැටි වැටි දුවන්න සිද්ධවුණ කෙනෙක් කියලා. (නි)
මේ නැන්දම්මා වගේ කෙනෙක් පිටබැද්දර ජයාට ලැබුනා නම් මුළු දවසෙම වැටි වැටි දුවන්න තමයි වෙන්නේ. (නි)
ඔත්තු කාරය හිතා මතාම මේක කරාද කියල හිතෙනවා ? නැන්දම්මත් ඉතින් ඕකට දඟලන්න ඕනේ නැහැනේ ගෙදරටම ආපු බෑනට බැඳලා දුන්නනම් ඉවරනේ දුවව (ම)
අපේ කාලයේ කතාවක් !! (බ)
නැන්දම්මලාත් එක්ක සෙල්ලම් බැහැනේ . මේ යාලුවා නැන්දම්මා ගෙදරින් යනකොටත් විසිල් එකක් ගහන්න ඇති. ඒ නිසා වෙන්න ඇති සැකයට වගේ විනාඩි පහෙන් ආපසු හැරිලා ආවේ . (කෞ)
අනේ මට දවසකට හරි ජයාගේ නැන්දම්මා වෙන්න ලැබුනා නම් දන්නවා හදලා ගන්න හැටි! (නි)
අප්පච්ච්යේ! පිටබැද්දර ජයා මොකද මේ නැන්දම්මලා එක්කත් නොසතුටින් වගේ? බලාගෙන යනකොට හැම වර්ගයේම බවලතුන් එක්ක කොකු දාගන්නවා වගේ (නි)
මේකනම් නැන්දම්මාගේ කුමන්ත්‍රණයක් වගේ පෙනෙන්නේ. යාළුවා ඩබල් ගේම් කාරයෙක් වගේ. දැන් ඉතින් අතහරිනවා බොරු. (කෞ)
මම ඉතින් බොරුද කිවුවේ? දුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම හීනය ඒක නෙමෙයිද? (නි)
මේක 1990 ගණන් වල කතාවක්ද කොහද. . කොල්ලෝ කොච්චර් දැන් ෆොනේ පාවිච්චි කරනවාද. විසිල් ගහා ගහා ඉන්න නැහැ............ (කෞ)
දුව කෙනෙක් එක්ක යාලු සම්බන්ධකම් පවත්වනවානම් ඒ ගැන සොයා බලා දෙමාපියන් සමග කතාබස් කරලා සැම දෙයක්ම සාමකාමිව විසදගන්නවනම් මේ විදියට හොරෙන් මුණ ගැහෙන්නේ නැහැනේ (බ)
Jayaa කියනවා වගේ gedarata එන එන බැනාව කිසිම waga විභාගයක් නැතිව පිළිගන්න ගියොත් හොඳට හිටීවි.
ජයා තමයි මට අමාරුවේ වැටෙන්න උදව් කළේ. කලින් කාර්යාලයේ එකට වැඩ කරද්දි ජයා හින්දා තමයි මට කාර්යාලයෙන්ම පෙළවහක් කරගන්න ලැබුනේ. (නි)
මේකට නම් හොඳටම හිනාගියා (නි)
කෙල්ලෙක් බලන්න ඇවිත් වැටි,වැටි දුවනවා කියන්නේ මොන ලැජ්ජාවක්ද. ඕව ඔය නන්දම්මලගේ තුරුම්පු. දෑවැද්ද ප්‍රස්නයක් . (ස)