ස්වකීය නැගණියට අයුතු යෝජනාවක් කිරීම ගැන දැනගන්නට ලැබී කෝපයට පත්වූ තරුණ බිරියක් තම සැමියාගේ ජනනේන්ද්‍රිය පෙදෙසට උණුවතුර බාල්දියක් ගැසීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ ඔහු ප‍්‍රතිකාර ගැනීම සඳහා මහරෝහලට ඇතුළත්කර ඇත.
දරු ප‍්‍රසූතියක් සඳහා තම බිරිය ඇයගේ නැගණිය සමග රෝහල වෙත ගෙන ගොස් බිරිය රෝහල්ගතකර නෑනණ්ඩිය සමග නිවෙසට පැමිණි අවස්ථාවේ විවාහක මස්සිනා ඇයට අයුතු යෝජනාවක් කර ඇත. එහෙත් එම යෝජනාව පිළිකුල් සහගතව ප‍්‍රතික්‍ෂේප කළ නැගණිය තම සොහොයුරිය දරුවා පූසූතකර නිවෙසට පැමිණ නොබෝ දිනකින් මස්සිනාගේ අයුතු යෝජනාව පිළිබඳ සියලූ දෑ අක්කාට පැවසූහ.
මේ ගැන ඇය කෝපයට පත්වුවත් සැමියාට ඒ සම්බන්ධව කිසිවක් නොඅඟවා, නොවිමසා කල්ගත කළ බිරිය එක්තරා දිනක සැමියා හුදකලාව ඇඳ මත නිදා සිටියදී උතුරමින් තිබූ උණුවතුර බාල්දියක් ගෙනවිත් නිදා සිටි සැමියාගේ ඇඟට දැමූ බව කියති.
මෙයින් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සැමියා කිසිවක් කර කියාගත නොහැකිව නිවෙසින් පිටව ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට ඇතුළත්ව තිබේ.
රෝහලේ ප‍්‍රතිකාර ලබන සැමියා රෝහල් සේවකයන්ට පවසා ඇත්තේ උණුවතුර වැටීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මේ පිරිමි කෙනා වැරදියි. එහෙත් හැමෝම ඒ වගේ නැහැ.බිරිදගේ නැගණියට තම නැගණියට සේ සළකන පිරිමිත් ඉන්නවා.හැමදේටම විසදුමක් තිබෙනවා. කතා කරලා විසදා ගත්තා නම් නිවැරදියි. (නි)
ඒක අසාධාරණයි... (ස)
බලන් ගියාම නුවර පැත්තෙත් ඉන්නවා දරුණු අය.. (ස)
රූපවතී, හේමන්ත, ඔයාලා දෙන්න මම කියන දේ ටිකක් තේරුම් ගන්න.ඔයාලා හිතනවද ඉදිරියේදී එම පවුල හොදින් ජීවත වෙයි කියලා? ඇයි දෙයියනේ ගින්දරයි පුලුනුයි එකට තියන්නේ මොන මෝඩයද? මට නම් හැගෙන්නේ සම්පුර්ණ වරද අක්කාගේයි (නි)
ලාල්, ඔය ඇත්තමද? (නි)
අපරාදේ කරපු වැඩේ. අර පහුගිය දවසක මහ රෝහලේදී ශල්‍යකර්මයකින් බද්ද කරවගත්ත කෙනාගේ වගේ වෙන් වෙන්නම කපන්නයි තිබුනේ. ආයේ කවදාවත් ඔය වගේ වැඩ නොකරන්න. (ස)
වැඩේ කැතයි. ඉක්මන් කොටයි. (නි)
සමාධිගේ අතින් ඒවගේ දෙයක් කර ගත්තත් සනීපයි.. (ස)
රූපවති අක්කේ, කොච්චි කොටන්න පුළුවන් වංගෙඩියක දාලා මිසක් මෝල් ගහක දාලා නෙමෙයිනේ. (නි)
"වෙනස" වැඩ සටහනේ ගිය විරිඳු කියන කෙනාගෙ විරිඳු කෑල්ලක් මතක් උනා "නෑණා කැමති නෑ මට, මම කැමති නෑනාට .....// " (ස)
මහගෙදර ඇබිලිපිටිය, එහෙම කියන්න එපා ඇතුලත ගිනි පිටත දෙන්න උවමනා නැහැ.දැන් පුලුවන්ද ඒ මනුස්සයට සමාජයට මුහුණ දෙන්න ..මීට වැඩ අපරාධ කරපු එවුන් නැද්ද ..මට ඔය වගේ දෙයක් කෙරුවා නම් බෙල්ල කපලා එකත් අරගෙන ඉස්පිරිතාලේ යන්නේ .දඩුවම් දෙන්න ඉස්සෙල්ලා ඒවා වලක්වා ගන්නත් ..දඩුවමට පෙර ගත යුතු මාර්ගත් තියනවා. ඒ නිසා මේ මෝඩ ගෑනී ගැන චරිත සහතික ඕනේ නැහැ.. (ස)
"පහසු මිලට ශ්‍රී ලංකාවේ පුරුෂයන්ට ආරක්ෂා වීමට දහස් වරක් ජපකළ යන්ත්‍ර රාජයා- ඔබ මෙය පැළඳ ගැනීමෙන් උණුවතුර, පිහිතල , සපා කෑම ආදියෙන් ආරක්ෂා වේ. "
යුතුකම අනේ වදයක් ලෙස සිතනු එපා - වරදක් අනේ බොරුවෙන් යට ගසනු එපා.. රිලවට පනින මග ඉනිමග තියනු එපා.- මුවහත තියෙන පිහියට ගෙල තියනු එපා - .(නදී)
මිනිසුන් ඔහොම තමයි.නමුත් දඬුවම් කරපු එක වැරදියි. දැන් කොහොමද දෙන්නා පවුල් කන්නේ. මේ පවුල ළඟදීම කඩා කප්පල් වේවි. දුර දිග බලා කටයුතු කිරීම නේද වැදගත් (ස)
අඩෝ ලාල් පවුලට බයද ?? (ස)
මේ ලක්මිණි අක්කා කොළඹ මොන පාසලටද ගියේ? (නි)
අනේ මන්දා ..! සැරම කොච්චි කරලා සෙවීමේ තරගයට කව්ද එන්නේ? රූපට විස්තරය අදම යවන්න. මම තරගයට සුදානම්. (නි)
ගැහැණු පිරිමින්ව පාලනය කළ යුතු නැහැ. ඒ වගේම පිරිමින් ගැහැණුන්ව පාලනය කළ යුතු නැහැ. මෙන්න මේ පාලනය කිරීම යන දෙය නිසා තමයි නැති ගැටළු ඇති වන්නේ. අක්කා නංගි එක්ක යාලු වුනා කියලා හරි යාලු වෙන්න හැදුවා කියලා හරි උණු වතුර හැලුවා නම් ඊට වඩා විශාල ප්‍රශ්නයකදී මේ අක්කා කුමන පියවරක් ගනු ඇත්දැයි සිතා ගැනීමට පවා අසීරුයි. අනික සාමාන්‍යයෙන් පිරිමි හැසිරෙන විදිහක් තියෙනවා. සැමියා හදන්න හදන්න කලින් නංගි දැන ගත යුතුයි තමන් ආරක්ෂා වන්න. ඒක අක්කට කියලා අක්කයි අයියවයි බේද කරන එක නෙවෙයි හපන්කම. මෙතනදී නංගීට බලහත්කාරකමක් වෙලා නැහැනේ. යෝජනාවක් කළ විට එයට අකමැති බව පෙන්නුවා නම් එච්චරයිනේ. තව මොනවටද අක්කට කියලා දෙන්නා රණ්ඩු කරවන්න ගියේ. අක්කා අය්යට පමණක් උණු වතුර දාලා නංගිට මොකක්ද දෙන දඩුවම. නංගි වරදක් කලේ නැහැ කියන්න බැහැ. මොකද නංගි තමයි අක්කවයි අය්යවයි බේද ඇති කරවලා මෙහෙම සිද්ධියක් ඇති වන තැනට කටයුතු කරලා තියෙන්නේ හිතාමතාම. සමහර පවුල්වල අක්කයි නංගියි දෙන්නම අය්යා එක්ක එක වහලේ යට දීග කන අවස්ථා අපේ සිංහල සාම්ප්‍රදායික ජන සමාජයේ ඕන තරම් තිබුනා. ඒ වගේම එක ගෙදර අය්යලා මල්ලිලා පිරිසකට එකම එක මනාලියක් කැන්දගෙන ඇවිල්ලා එක ගෙයි කන සිරිතකුත් ඉස්සර සාම්ප්‍රදායික සිංහල ජන සමාජය තුළ තිබ්බා. ඒ කලේ කවුරුවත් කාවවත් උණු වතුර හලලා මෙහෙම පුච්චලා දඩුවම් කලේ නැහැ. හැමෝම සතුටන් සමාදානෙන් ජීවත් වුනා. සුද්දා අපේ රට යටත් කර ගත්තට පස්සේ නමයි මේ බොරු කුහක වික්ටෝරියානු සදාචාරය මෙහෙටත් බෝ කලේ. සුද්දගේ තියෙන්නේම වනචර වැඩ. ඒ වුනාට පිටතින් පෙන්නන්නේ තමන් හරිම පාරිශුද්ධයි කියලා. ඒ විදිහටම තමයි දැන් අපේ සිංහල බෞද්ධ මිනිස්සු හැසිරෙන්නේ ක්‍රියාකරන්නෙත්. කුහක දෙපිටකාට්ටු බොරු සෝබන සදාචාරය. ඇත්ත සදාචාරය කියන්නේ මේක නෙවෙයි. මම සදාචාරය හා සාරධර්ම පිලිබඳව කලින් තරමක් දීර්ඝව ශාස්ත්‍රීය පිළිතුරක් දැම්මා. කර්‍තෘතුමා ඒක කපලා කොට කරලා පළ කරලා. මම හිතනවා ඒක සම්පූර්ණයෙන්ම පසුව හරි දැම්මොත් මට ඒක කරන සාධාරණයක් කියලා.(නදී)
ජපකළ යන්ත්‍ර රාජයා කොතනක පැළඳ ගැනීම කළයුතුදැයි දන්වන සේක්වා! (නි)
අපි හැමෝම වගේ කියා තිබෙන්නේ හොදම දඩුවම දීලා තියෙන්නේ කියලා. ඇත්තටම එම කාන්තාව කරලා තියෙන්නේ සමාජයට යහපත් ක්‍රියාවක්. නමුත් අලුත උපන් කිරි කැටියාට හෙට දිනයේ පිය සෙනෙහස අහිමි වුවහොත්, බිරිදට රැකවරණයට සිටි සැමියා නැති වුවහොත් අපට උදවු කළ හැකිද? ප්‍රශ්නය එතනයි. සිදුවූ සමාජ මෙහෙවරෙන් තමුන්ට අවැඩක් වී නම් ඇති ඵලය කුමක්ද? (නි)
දරුවා ලොකුමහත් වුණ දවසක තාත්තට සිදුවූ දේ දැනගත්තහම මොනවා වෙයිද? (නි)
හත් වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? (දිල්)
මම අක්කා නම් ගහන්නේ නංගිට. අනිවාර්යෙන්ම මේකි ඒ මිනිහගේ රාගය අවිස්සෙන්න දෙයක් කරලා දැන් පුසී වගේ ඉන්නවා. මිනිස්සු කොහොමත් හොඳයි. (ස)
සමාධි, ඔයාලට උණුවතුර ප්‍රහාරයක් එල්ල වුණොත් අභ්‍යයන්තර ඉන්ද්‍රියන් වලටත් හනිවෙනවා නේද? (නි)
මම නම් කවුරුවත් සුද්ද කරන්න යන්නෑ..විවාහක සියලුම දෙනා දැන ගතයුතුයි (දිල්)
ඔන්න දීල තියෙනවා නියම දඩුවම ආයේ වැරැදි කරන එකක් නෑ (දිල්)
හැඳිමිටේ මොළෙන් ඔයවගේ තීරණ ගන්න එක පුදුම වෙන්න දෙයක් නැහැ. හැඳිමිටෙන් ප්‍රවේශම් වෙන්නයි පිරිමි දැනගන්න ඕනෑ. (නි)
"මතක් කරගන්න මිගාර සිටුතුමා සුජාතා සිටු දියණිය විවාහ වෙලා යද්දී ලබා දුන් උපදෙස් මාලාව. අන්න ඒක මේ වර්තමාන සමාජයට හරිම වැදගත්." අනේ අක්කේ, මම කියපු පොත් නෙමෙයි ඔයා කියවලා තියෙන්නේ. ඔයා අහන්න විශාකාවගේ තාත්තයි සුජාතාවගේ තාත්තයි දෙන්නම එක්කෙනෙක්ද කියලා. ඔයාටත් ටික ටික අමතක වෙලා බුද්දාගම...දැන්වත් විසකාවක් වෙන්න කෝ...සුජාතාව කිරුපිඩු දන් දුන්න අක්කේ...(නදී)
ෂෙරිෆ්, අන්න හරි. එහෙම ඉමුකො නේද ගහගන්නේ නැතිව. (ස)
රූපෝ, අර කොච්චි ගානවා කිව්වේ කොහේද? (නි)
වැරදී කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක්, සමාව දීලා තම ස්වාමි පුරුෂයා හදා ගත්තා නම් හරි. එක අතකට මේවා අනිත් අයටත් හොද පාඩම්. (නදී)
සමදරා කියල පෙනී සිටින මිනිහට මානසික ලෙඩක් නම් වෛද්‍ය වරයෙක්ව හමුවෙලා ප්‍රතිකාර ගන්න ...ඔයාල වගේ මානසිකයෝ ගොඩාක් ලංකාවේ ඉන්නවා ග්‍රීස් යක්කු විදියට රගපාන පිරිමි...?මානසික ලෙඩ්ඩු ...? (ස)
කට්ටිය තිත්ත ලබු ගැන කතා කරනවා.මේක මොන පාට එළවළුවක්ද? (නි)
වරද කරන්නේ එක්කෙනෙක්.පැමිණිල්ල ඔප්පු වුණහම දඬුවම නියම කරන්න ඕනෑ උසාවියෙන්.දඬුවම ක්‍රියාත්මක කරන්නේ වෙන කෙනෙක්. (නි)
වැඩේ වැරදියි තමා. ඒත් මීට වඩා සාමකාමී විදියට ඕක කතා කර ගන්න එපැයි. ඔහොම දඬුවම් කරන්න ගිහින් මිනිහත් ඔය වගේම මෝඩයෙක් නම් අනිත් පැත්තට පිහියෙන් අනියි. අහිංසක දරුවෝ තමා විඳවන්නේ. (නි)
ලක්මිණි, ලස්සන, ප්‍රයෝජනවත් සහ සාරවත් ඔවදන්. ස්තුතියි. (නි)
සමදරාට විතරයි තේරෙන්නේ (දිල්)
ආනන්ද මහත්තයා කියන්නේ මොනවා ගැනද මන්දා...?අපි කව්රුත් මේ දෙයියෝ සාක්කියට ලියන්නේ විනෝදයක් ලබා සතුටක් විදින්නයි ,පිටරට ඉන්න අපිට මෙය දිව්‍ය අව්ෂදයක් වගේ ., අනෙක අපේ කතෘතුමා අපි ලියන දේවල් පල කරනවානම් මන් හිතන්නේ ආනන්දට කේන්ති ගන්න ඕන නැතිවෙයි කියල .(නදී)
මට මේ ගිය සතියේ දකින්න ලැබුණු දෙයක් කියන්නම් .මම ගියා ෆෝන් බොක්ස් එකකට කෝල් එකක් ගන්න ලංකාවේ යාලුවෙකුට.නේපාල ජාතිකයෙක් රිසිවරය අල්ලාගෙන කනේ තියාගෙන විනාඩි විස්සක් විතර වචනයක් වත් කතාකරන්නේ නැහැ. මම බැරිම තැන ඇහුවා ඔයා කතා කරන්නේ නැහැනේ, මට කතා කරන්න දෙන්න කියලා .මිනිහ කිව්වා එයා වයිෆ් එක්කලු කතා කරන්නේ කියලා.මට මිනිහ ගැන මහා අනුකම්පාවක් ඇතිවුනා.ලංකාවෙත් මෙහෙම ගෑනු ඉන්නවා. (ස)
කතා කරලා විසදගත්ත නම් තම හොද. (දිල්)
අනේ ඉතින් අපේ සාදාරන මාමගේ අත ඉම්බට මොකෝ. එකම වරද පුර පෝයදාට දැනෙන්නේ පුදුම ගං හඳක් (නදී)
මෙතන පුරුෂයා සහ භාර්යාව යන දෙන්නම වැරදියි. එහෙත් වැඩි වැරැද්ද තියෙන්නේ භාර්යාව අතේ. අකමැති නම් දික්කසාද කරලා දාන්න තිබුනා. උණුවතුර වත්කරලා මරන්න බලන්නේ නැතුව. රූපා ඉන්න රටේ නම් ඔය භාර්යවව අවුරුදු ගාණකට හිරේ යවනවා, මහත්තයට කිසි අපරාධ නඩුවක් වැටෙන්නේ නැහැ (නි)
ඒ මනුස්සයා කරලා තියෙන්නේ යෝජනාවක්. ඒකට නංගි අකමැති වෙලා. ඒක නංගිගේ නිදහස. බලෙන් මොනවත් කරලා නැහැනේ. බිරිඳ කරලා තියෙන අපරාධයට පොලිසියට යන්න තියෙන්නේ. (නි)
චන්ද්‍ර,දැන් ඉන්න ලංකාවේ පිරිමි විහින් කළු කුමාරි වස්සවාගෙන, හැපුවෝ.., කැපුවෝ..., පිච්චුවෝ...,කොච්චි ගෑවෝ...,..උණුවතුර දැම්මෝ... කියලා කෑ ගහනවා. (නි)
ලාල්, නිකන් සිංහයෙක් වෙන්නේ නැතුව ඉන්න (නි)
සාමාන්‍යයෙන් අනියම් සබඳතා ගොඩනඟා ගැනීම හා දිගින් දිගටම අනියම් සම්බන්ධකම් පැවැත්වීම පිරිමින්ගේ ස්වභාවයක්. ඒවාට ගෑනු අපි කළබල වීම අනුවණකමක්. සමහර ගැහැණු ඉන්නවා මේ දේවල් සේරම හරි අපූරුවට ඉවසාගෙන ඉන්නවා. කොච්චර කරලත් පිරිමි හදාගන්න බැරි නම් අපිට අපේ පාඩුවේ ඇස් කන් වහාගෙන ඉන්නවා ඇරුනම වෙන මොනවද කරන්න පුලුවන්. උණු වතුර වත්කරලා තමන්ගේ මනුස්සයගේ හොද තැන් පිලිස්සුවා කියලා මොනවද බිරිඳකට ලැබෙන දේ. ඒකෙන් වෙන්නේ ආයිමත් තමන්ටම හානියක් කියලා මේ ගෑනු මනුස්සයාට තේරෙන්නේ නැති හැටියක් අම්මාපල්ලා. මොකද ඉතින් තමුන්ගේ මනුස්සයගේ එක පිච්චුවා කියලා උණු වතුර හලලා ආයිමත් ගෙදර ගෑනිට අල්ලපු ගෙදර මිනිහා ළඟට යන්න කියලද? නැහැනේ. මම කියන්නේ මොන දේ කළත් ගැහැණු අපි ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. අනික පිරිමියා හැදිලා තියෙන්නේම තමන්ගේ බීජ එහෙම නැතිනම් තමන්ගේ ජාන හැකිතාක් ව්‍යාප්ත කිරීමේ හැකියාව ස්වභාවිකව අරගෙන උපතින්ම. ඉතින් පිරිමියා පිරිමියාම තමයි. මම නම් මගේ මහත්තයාව කවදාවත් මේ වගේ වෙනස් කරන්න යන්නේ නැහැ. අනික එහෙම කළා කියලා යුරෝපයේ පිරිමි කවදාවත් හදන්න හම්බ වෙන්නෙත් නැහැ. අනික මට එහෙම දෙයක් කළාය කියලා මම කවදාවත් පිරිමින්ව පිළිකුල් කරන්නේ නැහැ. අපිට පුලුවන් වෙන්න ඕන වැරදි කරන පිරිමින්ට ආදරයෙන් ළංවෙලා ඒ වැරද්ද හදා ගන්න උදව් වෙන්න. ඒ මිසක පිරිමින්ව චණ්ඩිකමෙන් ආණ්ඩු මට්ටු කරන්න ගෑනු අපි යන්න නරකයි. පිරිමියෙක් පිරිමියෙක් වගේ වෙන්න ඕන වගේම ගෑනියෙක් කවදාමත්ම පිරිමියෙක් වෙන්න යන්න හොඳත් නැහැ. ගෑනියෙක් නිතරම තමන්ගේ ගෑනුකම තේරුම්ගෙන ගෑනුකම ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන. ගෑනු පිරිමි වෙන්න ගියහම පිරිමි කරන වැඩ කරන්න ගියහම පවුල් ජීවිත අවුල් වෙනවා. නැති ප්‍රශ්න නැති අවුල් ඇති වෙනවා.(නදී)
මොකටද මගේ කට? (නි)
මේ ගැහැණු කෙනා හරිම මෝඩයි. මොන දේ වුණත් කතා කරලා විසදගන්න පුළුවන්නේ. හැබැයි මේ මනුස්සයට පාරේ බැහැලා යන්න නම් බැරි වෙයි (නි)
චායා, අපිට අපල ඔයාලා නිසා තමයි. (නි)
ඔවු සදුන් , පොලිසියට ගිහිල්ලා කියන්නයි තිබුණේ (නි)
සරියා නිතිය මඟින් ලබාදෙන දඩුවමක්. (ස)
අගය කළ යුතු කෙනා අගය කරන්න ඕනෑ. ඒක තමා මනුස්සකම. ලාල් වගේ අයට තමා නියම පිරිමි කියන්නේ. (නි)
කේ.එච්.ආර්.කේ. දිසානායක වගේ අයගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)
මේ සිද්ධිය ගැන මට පොඩි සැකයක් තිබෙනවා (නි)
අනේ සමදරා, ඔයා දන්නා උතුම්කම? උතුම් මිනිස්සු කරන වැඩද මේවා? මේ මිනිහට ලැජ්ජාව ටිකක් තිබිලා තිබෙනවා.මෙතනදී නම් සැමියා බිරිඳගේ දෙවියා වෙලා නැහැ.දෙවිවරු දැකපු නැති මිනිස්සුන්ට මෙයා හොඳ ඇති.උතුම් සැමියෙක් ලබන්න පින් කරන්න ඕනෑ. (නි)
මම කැමතියි ඒ බිරිද කළ වැඩේට. මටත් අක්කලා නංගිලා ඉන්න නිසා (නි)
බලන්නකෝ මේ සිදු වීමටත් ගැහැණිය වැරදි කරලා අදහස් දාල තියෙන හැටි..!! ඇත්තටම මුන්ගේ මොලේ කොලොප්පන් වෙලාද...? (ස)
රාමා, නුවර පැත්තත් ලංකාවේ කොටසක්. (නි)
සුජාතාවගේ කිරිපිඬු දානයයි, විශාකාව සිය පියාගෙන් ලැබූ අවවාදයි අමතක කරලා මෙතන දැමූ ධර්ම දේශනාවක් දැකලා මට ක්ලාන්තය හැදුණා. අන්දුන් කුන්දුන් වුණා. කෝ මේ සමදරා උපාසක අම්මා? (නි)
මේ ටික ලියන්නේ මම හිඳ ඩියුටි පිට.... කැරකී ටර්බයින් දෙයි විදුලිය රටට... රෑ වැඩ මුරය ගතවෙයි ඉබ්බෙකුගේ පිට.... තුති පුද කරමි ලංකාදීප එසැණ හට... (නි)
කට්ටිය දන්නවාද වැඩක්..? අර නංගි ගේ යෝජනාව නැන්දම්මට දාලා. දැන් මිනිහ හැමදාම නාන්නේ රස්නේ වතුරලු. (නි)
මදෑ කරගත්ත දේ? ටිකට් කපාගෙන එනකොට ලජ්ජා බය ඇරිලා හිටීවි. (නි)
රූපා ද දන්නේ නැහැ තම මනුස්සයට මේ වැඩේ කලේ. ඇයි එයත් ලඟදි ලංකාවට ඇවිල්ල ගියානේ. (ස)
හොඳ වැඩේ කළේ ... මේ වගේ මිනුස්සුන්ට ඔහොම තමා කරන්න වටින්නේ.තනියම ජිවත් වෙනවා හොදයි. පිරිමි ඔක්කොම එක වගේ (නි)
සදුනි කොහන් හරි ලොකුවට වරදක් කරගන පිරිමිට බනිනවා ..ඉබින්‍න බැරි ඇත හපනව (අ)
හරිම මෝඩ ගැහැනියක්. දැන් දරු පැටව් සහ පවුල සමග දිගටම ප්‍රශ්න. ලැබුන තැන රහස් තැන - ගැහැණු කව්රුද වරදේ නොබැඳෙන. සමහර ගැහැණු මෙතන කතා කරන්නේ හරි සුද්දවන්තිලා වාගේ. (අ)
අන්න නියම ගෑණු.... (ස)
කෙනෙකුට කැකෑරෙන උණු වතුර විසි කරන්න තව කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. රූපලා, චන්දිලා හදන්නේ අපරාධකාරීව නිවැරදිකාරියක් කරන්න. මාත් ගැහැනියෙක්. ඒත් මොනදේටත් සාධාරණයක් තියෙන්න ඕනෑ (නි)
ධර්ම, ලෝකයේ ඉන්න සෑම කාන්තාවක්ම ඔයාගේ මිම්මෙන් මනින්න එපා.ඔය ඔය කියන විදියට හැම ගැහැනියක්ම කටයුතු කරනවා නම් ලෝකය මෙලහකටත් වැනසිලා. (නි)
මේ දවස් වල අරකට හරිම අපල කාලයක් ලබලා තියෙන්නේ.(නදී)
මම නම් මගේ මනුස්සයා වැරදි වැඩක් කළා හරි එයත් එක්ක ඉන්න බැරිනම් හරි ඔය වගේ වැඩ කරන්නේ නැහැ. වෙන් වෙනවා මිසක. කාටවත් ශාරීරික අනතුරක් කරන්න කාටවත් අයිතියක් නැහැ. (නි)
නියමයි කපල දාන්න තිබුනේ ඔක්කොම..(නදී)
ලක්මිනි, තමන්ගේ සැමියා කුමන වැඩේ කළත් ඉවසගෙන ඉන්න කාන්තාවන් බොහෝ දෙනෙකුට පසුකාලීනව මානසික ආතතිය ඇතිවෙන බව දන්නේ නැද්ද?මොකද හැමදේටම සීමාවක් තිබෙන නිසා.ඉතාමත් හිත ශක්තිමත් අයට පමණි ගැලවීමක් තිබෙන්නේ.පණ්ඩිත ලීලාවෙන් වැඩි බණ දෙසන්නේ නැතුව තියෙන වැඩක්පලක් බලාගත්තා නම් මොකද. (නි)
ධර්මා අක්කේ, ඔයා පාසල් ගියේ කොහේද? ඔයා වගේ හිතන අය අඩුයි.ඒ වුණාට ඉතාලියේනේ ඉන්නේ... (නි)
අපිට උගන්වලා තිබෙන්නේ සැමියා බිරිඳගේ දෙවියාය කියලා. (නි)
ලාල් ඔබ වැනි පිරිමින් ලොව සිටිනතුරු , අපි වගේ ගැහැනුන් හරිම වාසනාවන්තයි. නුඹලා වැනි පිරිමින් නිතැතින්ම ''සැමියා බිරිදගේ දෙවියාය''. ඔබට ස්තුතියි (නි)
බිරිඳ නූගත් තැනැත්තියක් බව පෙනේ.මෙවැනි ප්‍රශ්න ඇති වූ විට නොමිලේ උපදෙස් දෙන සමාජ සේවා ආයතන බොහොමයක් තිබෙනවා. ඔවුන් හමුවී හෝ දුරකතනයකින් උපදෙස් ගන්න තිබුනා. (ස)
"මතක් කරගන්න මිගාර සිටුතුමා සුජාතා සිදු දියණිය විවාහ වෙලා යද්දී ලබා දුන් උපදෙස් මාලාව. අන්න ඒක මේ වර්තමාන සමාජයට හරිම වැදගත්." අනේ අක්කේ, මම කියපු පොත් නෙමෙයි ඔයා කියවලා තියෙන්නේ. ඔයා අහන්න විශාකාවගේ තාත්තයි සුජාතාවගේ තාත්තයි දෙන්නම එක්කෙනෙක්ද කියලා. මොකක්ද පටලැවිල්ලක් පේනවා. සුජාතාවක් වෙන එකත් හොඳයි. විශාකාවක් වෙනවා වගේම. (නි)
තිලක්...? තුන් මුල්ල හන්දියේ..? (ස)
මම කැමතියි නෑනට, නෑන කැමති නැහැ මට !!!! (ස)
ලක්මිණි, චන්දි, බොහොම දිරියවන්ත ගැහැනියක්.ඊයේ පෙරේදා මෙතනට ආ ඔයා මොනවද දන්නේ?පිරිමියෙක් නැතුව ගැහැනියෙකුට කිසිම පැවැත්මක් නැහැ කියන ඔය වගේ ගැහැනුන්ට එය කදිම ආදර්ශයක්. (නි)
අනේ මෙහෙමත් මෝඩ ගෑනියක්! ඒක දැනගත්ත වෙලාවේම උණු වතුර ගැහුවා නම් හදිසි කෝපයට කියලවත් හිතන්න තිබුනා. දැන් ඉතින් පවුල් කාලත් ඉවරයි. උණ වතුරට අවයව දරුණු විදිහට පිච්චිලා නම් ඔක්කොම ඉවරයි. නංගිත් මේක ගැන අක්කට කියන කොට දැන ගත යුතුව තිබුණා ඒකෙන් අක්කගේ පවුල කැඩී යන්න ඉඩ තිබෙන බව. (ස)
රූපා රගපාන ජවනිකාවක් සහිත උණුවතුර චිත්‍රපටය ළගදීම එනවා...බලාපොරොත්තු වන්න. (නි)
ෆාතිම දන්නවා රමසාන් සද බලන්න ගිහින් දිසානායක නටපු වන්නම ඒකනේ කියන්නේ පරිස්සම් වෙන්න කියල (දිල්)
අන්න අදහන්න ඕන බිරින්දෑවරු.... (ස)
සදුනි ! ඔයානම් හරිම එඩිතරයි ..අන්න එහෙම තමයි ඉන්න ඕන. (දිල්)
මේ මනුස්සයත් කරපු වැඩේ වැරදියි, ඒ වැරැද්දට බිරිද දුන් දඩුවමත් දරුණු වැඩියි. නේද? (නි)
මේක යෝජනාව කරපු නැකතේ අඩුවක් නිසා උන අපලයක්. නෑන ගෙන් අපල කාලය පන්නල ඇහුවනම් මෙය සිදු නොවන බව ග්‍රහචාරයෙන් පෙන්නුම් කරයි. අනුකම්පාවට පත් නැන්දම්මාද උච්ච වී හවුල් වීමේ ප්‍රවන තාවයක් ද පෙන්නුම් කරයි. (දී)
ඒ මිනිසා කොච්චර උතුම් මිනිසෙක්ද? රෝහලටවත් තම බිරියව පාවා දුන්නේ නැහැ. (නි)
කොපි එක බොන ගමන් හකුරු කෑල්ලෙන් පොඩි කෑල්ලක් කාල දැම්ම නම් සම්පත් විනාස වලක්වා ගන්ට තිබුන... (දී)
මෙතැනදී මට පෙනෙන හැටියට අක්කත් වැරදියි. මොකද එහෙම කියන්නේ තමන්ගේ නංගි වුනත් තමන්ගේ සැමියා ගැන කියන දේ මුලින්ම ඇත්තක්ද කියලා සොයන්නේ බලන්නේ නැතුව, පසුව හරි එහෙම දෙයක් කලේ ඇයිද කියලා කෙලින්ම සැමියාගෙන් අහන්නේ නැතුව එක්පාරටම නංගි කියන වචනය විශ්වාස කරලා තමන්ගේ සැමියාව උණු වතුර දාලා පුච්චපු එක වැරදියි. (ස)
ලංකාවේ පිරිමි නම් කෙරුවොත් කරන්නේ ..නොහොබිනා...වැඩක් ? ලංකාවේ වගේම පිටරටකට ගියත් ඔවැනි වැඩ කරලා රටේ ගරුත්වයත් නැති කරලා රැකියාවත් නැති කරන් ලංකාවට ඇවිත් කුඩු විකුනනවා ...? අපිට හැමදාම හැම තැනින්ම ඇහෙන්නේ මෙහෙම දේවල් ...? පිරිමි ගොඩක් අසහනයෙන් ඉන්නේ ...? (ස)
දිසානායක, මොකද ඔච්චර කලබල වෙන්නේ? ඔයා ඔයාගේ නෑනාට අයුතු යෝජනාවක් කළේ නැහැනේ. (නි)
සමදරට හරිම දුකක් තියනවා මේ මනුස්සය ගැන. (අ)
රුපවති අක්කේ, සමදරා ආරියදාස ලෙස පෙනී ඉන්න කෙනා මොන වර්ගයේ කෙනෙක්ද කියල මම අමුතුවෙන් මෙහි ලියන්න ඕන නැහැනේ. එයාල වගේ අයට වැඩිපුරම වෛරය තියෙන්නේ ගැහැණු එක්ක තමයි. (දිල්)
ලංකාවේ ප්‍රකට වන දේ ? (ස)
මේක ලිංගික ප්‍රශ්නයක්. ඒ පවුල කඩා වැටුණා කියලයි මම හිතන්නේ. ෂේක්ස්පියර් මහත්තයා කියලා තිබෙනවා අපි ඔක්කොම නාට්‍යයක රඟපාන නළුවෝ කියලා. ජීවිතයත් එක් විදියක නාට්‍යයක් (නි)
එතකොට තමන්ගේ උදව්වට ආපු නංගිට එහෙම යෝජනාවක් කරන එක හරිද? සාධාරණද? නංගි වැරදි නම් නංගිට තිබුන නේද කැමති වෙන්න. නංගි හොඳ කෙනෙක්. මේ මිනිහ මහා කැත මිනිහෙක්. කපලා දමන්නයි තිබුනේ.
අබුස්දස්ස කාලෙට , ලබුත් තිත්තයිලුනේ. (නි)
පුතේ පැංචි, සැමියා කළේ වැරදි වැඩක් අධිකාමය නිසා. හැබැයි ඒක අපරාධයක් නොවේ. බිරිඳ කළේ වැරදි වැඩක්, අධික්‍රෝධය නිසා. ඒක අපරාධයක්. මේ දෙදෙනා නොගැළපෙන දෙන්නෙක්. දැන්වත් කතාබස් කර හදාගත්තොත්, දරුවා වෙනුවෙන්වත්, එකට ඉන්න පුළුවන් වේවි. අපි සුභ පතමු, සමහර වෙලාවට එයාලා එසැණ කියවන අය වෙන්න පුළුවන් (නි)
තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.අනෙකාගේ ප්‍රතිචාරයක් නැත්නම් ගැහැනියක් හෝ පිරිමියෙක් හෝ අනෙකෙකුට ලංවන්නේ නැහැ. වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනොත් පිරිමියාව පාවාදෙන එක ගැහැණිය අනිවාර්යයෙන්ම කරනවා.මොකද ඇය දන්නවා අපේ සංස්කෘතිය නිතර ඇය සමග බව.ගැහැණු කවුරුද වරදේ නොබැදෙන කිවුවේ කට කහනවට නොවෙයි. (නි)
ලංකාවේ පිරිමි අසහනයෙන් ඉන්නේ ගැහැණුන්ගේ අඩුපාඩු නිසා (නි)
ධරමා නැන්දේ?ගෙදර බුදුන් අම්මා - ලොව උතුම් තනතුර ට නිගා කරන්න හොද නෑ නැන්දේ. කඳුලත් ලුනුරසත් එකක් නෙවේ. අපි ඇයි කදුලෙන් කිරි හොදි රස කරන්න හදන්නේ.පව් නැන්දේ? (අ)
අසහනයට සහනයක් දෙන්න ගැහැණු දැනගන්න ඕනෑ. පුරුෂයත් වැරදියි. එතකොට මේ කාන්තාව කළේ පාරේ බැහැලා යන්න පුළුවන් වැඩක්ද? (නි)
සමහරවිට මේක නංගිගේ යෝජනාවක් වෙලා මනුස්සයා අකමැති උනා වෙන්න බැරිද ........ (ස)
කෝ මේ අපේ පෙත්තා? (නි)
මේක යෝජනාවක් විතරයි. අයුතු දෙයක් වෙලා නැහැනේ. දුෂණය කරලා නිදහසේ ඉන්න මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්න රටක , මේක මොකක්ද? කථා කරලා විසඳාගන්න තිබුණා. දැන් කාන්තාව හිරේ ගියොත් ළමයාට මොකද වෙන්නේ? අනික නංගි බොරු කිව්වා වෙන්නත් පුළුවන්. (නි)
තනිවයි උපන්නේ ,තනිවයි මැරෙන්නේ ., මේ ඩිංගෙදි ඇයි කෝලම් නටන්නේ ,,...// (ස)
හලෝ චන්දි, මම මගේ නිදහස් අදහස් ප්‍රකාශ කළා විතරයි. ඒවා ඔයාගේ අදහස් වලට නොගැළපීම රණ්ඩුවකට පැමිණීමක් නොවේ. ටිකක් රිදුනට කණගාටුයි. (නි)
බිරිඳ කරපු වැඩේ කැතයි නංගිගේ කතාව අහලා ඒ වගේ වැඩක් කරපු එක . නංගි කරලා තියෙන්නේ මහදැන මුත්තා කරපු වැඩක් .එළුවා බේර ගන්න බෙල්ල කපල මුට්ටිය බිඳ වගේ වැඩක් . පණ්ඩිතයෝ ගෑණුන්ගේ මොලේ හැඳිමිටට උපමා කරලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. මීට වැඩිය දුරදිග බලලා වැඩ කරා නම් කාට කාටත් හොඳ පාඩම් ඕං මම කිව්වා. (ස)
කව්ද අනේ පැට්‍රල් හා ගින්දර එක තැන තියන්නේ? මෝඩකමට බේතුත් නැහැ. (නි)
හරි හරි ලක්මිණි ..., ඕකනේ කියන්නේ සමහරු කෙටි තීරණ ගන්නවා කියලා. උණු වතුර දඬුවම වගේ නෙමෙයි , අක්කයි නංගියි පැටියටයි ඔක්කොටම මොකක්හරි කළා නම් හරි, තමන් කරගත්තා නම් හරි අපරාදේ.මේ ඔක්කොටම හේතුව නොදැමුණු පාලනය කරනොගත් සිතුවිලි. දියණුව හඹා යාමේ ප්‍රතිපල. (නි)
මේක යෝජනාවක් පමණි. කැබිනට් පත්‍රිකාව පසුව... (නි)
නෑනා කැමතිලු මට...මම නෑනට කැමති නැහැ.... තව ටිකක් ඔහේ ඉන්නවා.මේකත් වයසක්ද??? (ස)
මාරු නේද ?? (ස)
මේක අලුත් සම ජාතිද? නැත්නම් පරණ අසම විරුද්ධ ජාතිද? සම ජාති නම් උප්පැන්නේ ප්‍රශ්නයක් නැහැ (නි)
රූපවතී, ගැහැණියෙක් හැටියට ඔයා ලැජ්ජා වෙන්න ඕනෑ මට පිරිමියෙක් කියලා අපහාස කළාට (නි)
සුබ උදැසනක්, අද අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ හජ්ජි අවුරුද්ද නේ.ඔබ සැමට සුබ හජ්ජි අවුරුද්දක් වේවා. (ස)
නංගිගේ හිත උණුවෙලා අයියා ගෙදරද දන්නෙ නැහැ දැන්.. (නි)
අපහාස කළාට දාමු නඩුවක් හිතට බරක් කර නොගෙන. අක්කා ලංකාවේද? (නි)
මම වගේ නම් මොකක්ද දන්නවද කරන්නේ?ලෝකයේ තිබෙන සැරම සැර කොච්චි කොහෙද තියෙන්නේ?කිලෝවක් විතර අඹරාගෙන ළගට ගිහින් හොදට ගාලා එනවා.හැබැයි ගහක බැදලයි ඒ වැඩේ කරන්නේ.දවස් 4ක් 5ක් හිටියම හරි.නැවත ඒ වගේ වැඩ කරන්නේ නැහැ (නි)
මේ රූපවති, මමත් ගැහැනියක්. ඔයා මිනිස්සු සමග ඔච්චර තරහ මොකද? (නි)
අර මෝඩ ගෑනී කියලා දාලා තිබුන කෙනත් නෑනා එක්ක මොකක් හරි අයුතු දෙයක් කරලා වගෙයි. අනේ පව් එයාගේ නෝනා තවම දන්නේ නැතුව ඇති. (ස)
ඒක තමයි, අයුතු යෝජනාව ගෙනල්ලා තියෙන්නේ රාහු කාලයේ වෙන්න ඇති. ඔන්න කට්ටා එහෙම කරන වෙලාවට, හොදට හොයලා බලන්න හොදේ (නි)
තිලක් තුන්මුල්ල හන්දියේ නම් රුපවති දන්නවා ඇති ....තුන්මුල්ලනේ.... (ස)
මං මේ විස්තරේ මගේ යෙහෙළියෙකුට පෙන්නුවා. එයාටත් මේ දේම වෙලා.එයා නම් මිනිහට දඩුවම් කරලත් නැහැ,නංගිට දඩුවම් කරලත් නැහැ. එයා එයාට ගිනි තියාගෙන.ඇත්තමයි යාලුවනේ, එයා හරි ලස්සනයි. නමුත් මුහුණේ පිච්වුණු ලකුණු තාමත් තිබෙනවා. දැන් දෙන්නා දික්කසාද වෙලා. නංගිත් ගෙනල්ලා දෙන්නම මේ රටේ දැන් ඉන්නවා.එයාම කිවුවා මේ විස්තරේ දමන්න කියලා. (නි)
ඕක තමයි කියන්නේ නැකතත් හූනටයි කියලා. (ස)
දරුවෙක් ලැබෙන්න බිරිද රෝහලට ඇතුළු කලාම මිනිහෙකුට කොයිතරම් සතුටුද හිත කොයිතරංනං කලබලද වෙනදෙයක් හිතන්න හිත නිදහස් නැහැනේ එකට මේකා.මීහරක් මස් කලද කොහෙද .(අ)
කව්ද බොලේ මේ ධර්මා ...!!!දැන් ඔයා අපි මෙතන ලියන අය සුද්දද, අසුද්දද කියල හොදාකාරවම දන්නවද ..! මේ ..!! මේක සතුටු උයනක් මිසක් කෝලම් මඩුවක් නෙවෙයි ..!!ඔයා කෙනෙකුට එක ඇගිල්ලක් දික් කරන කොට ඔයාට ඇගිලි තුනක් දික්වෙලා කියල දන්නැද්ද .. මෙතන වලි බැහැ ජොලි විතරයි හොදේ (දිල්)
ලෝකෙම සිටින ..ඉස්ලාම් ජාතිකයින්ට ..සාමය සතුට පිරි ..සෞභාග්‍යමත් ..හජ්ජි මංගල්ලයක් වේවා ...? (ස)
පෙත්තෝ, මම ලංකාවේ දකුණේ (මාතර) (නි)
ඉන්දු මෙල්බන්, ඔගොල්ලන්නේ පැත්තේ ගොඩක් ලැවූ ගිනිලු නේද? අනේ පරිස්සමින් (ස)
මේක බාගෙට අමුවෙන් පුච්චපු ප්‍රශ්නයක් සමදරා. මේ වගේ නාටක මොකට රඟපානවාද? (අ)
අක්කායි නංගියි දෙදෙනාම බුද්ධියෙන් තොර බව පෙනේ. කාන්තාවන් මීට වඩා මෙවැනි ප්‍රශ්න වලදී දුර දිග කල්පනා කළ යුතුය. අක්කාට කේලම් කීමෙන් නංගිට ලැබුණු දෙයක්ද නැත. නංගි දෙස සැමියා බැල්ම දමන බව හැගුණා නම් තමාගේ නිවසේ නංගිව නොතබා ගැනීමට ද අක්කාට අවස්ථාව තිබුණි. (නි)
සුජීව ..අද සමාජය දිහා බලද්දී මේ කෙල්ල කරලා තියෙන්නේ අනිකුන්ටත් පාඩමක් වෙන වැඩක් ...? නැතිනම් ඔයා කියන්නේ හැඟීම් වලට වහල් වෙලා ..පියෙක් නැති දරුවෙක් බිහි කරලා, මහා මඟ දමල ගිහින් ..අක්කගේ විවාහේ කඩා ඉහිරවලා, ඒකිගේ ජීවිතේ හිර ගෙදරක තනි කරගන්න, කියලද ..?මේ කෙල්ල කරපු දේ ..අගයන්න වටිනවා ...? නිශ්ශබ්දය කියන්නේ පිරිමියාට වැරදි කරන්න අවසර දීමක් ...? (ස)
නුඹ අභීත ගැහැණියකි. නුඹට මාගේ උත්තමාචාරය! (නි)
කවුද අනේ මේ යෝජනා දම දමා ඉන්නේ? (නි)
හදිසි කෝපය මත සිදු වූ දෙයකුත් නෙමෙයි.අක්කාගේ හැටි දැනගෙනත් නංගි ගිනි අවුලුවලා. සැමියාට ආදරයක් තිබිලම නැහැ. නංගිගේ උප්පරවැට්ටියක්ද දන්නෙත් නැහැ. (නි)
සලෙලුන් දැක ලියන් හැංඟෙන්නේ ..... බළලුන් මී ගොදුර තමන් වෙත පැමිණෙන තෙක් හැංගි සිටින්නාක් සේය.....ලෝකෝපකාරය. (ස)
පුංචි පෙත්තෝ කැකනදුර ටවුමෙන් මාව අහන්න. ගෙදරට ගෙනල්ලා බස්සයි (ස)
හෝව් ..හෝව්...චන්දි නැන්දේ...කටු කොහිල ඉවර වෙලාද අනේ...අනේ මෙහෙම ආසාවක්..අනේ මෙහෙම තණ්හාවක්...කොහිල වලට ...(දිල්)
නැනා යෝජනාවට කැමති වුණා නම් අක්කගේ පවුල් ජීවිතය කඩාකප්පල් වෙලා උපදින දරුවා අතරමං වෙනවා. නැනා මේ යෝජනාව අක්කාට කියලා, අක්කා වීර චරිතයක් රගපාලා, අක්කා විසින්ම එයාගේ පවුල් ජීවිතය කඩාකප්පල් කරගත්තා. ඒත් වෙන්නේ උපදින දරුවා අතරමංවීමයි. (නි)
රූපා නංගියේ, දිසානායක මල්ලි ෂුවර් එකටම හන්දියේ කඩේට යනවා ප්ලේන්ටි බොන්න. ඕන් මම කිව්වා. (නි)
ටිකක් රිදුනට කණගාටුයි කියල බෑ අනේ. දැනට සිද්ධාර්තේ තෙල ටිකක් වත් ගාල පස්සේ උණු වතුර ටිකක් වත් හලන්නයි වෙන්නේ? (ස)
මම නම් නැගිට ගන්න බැරි වෙන්න හොඳ වැඩක් කරනවා. මට ඔය වගේ දෙයක් කීවා නම් වෙලාවට මට මස්සිනාල නැත්තේ.අර මේ ලඟදි කෙනෙකුට කලේ ලොකු ඔපරේෂන් එකක් පැය 10 විතර, අන්න ඒ වැඩේ තමා ඔය වගේ බුරුවන්ට කරන්ට ඕනි. (ස)
සුජීව, ඔයා කියන්නේ කොහොමද නංගී වැරදී කියලා? එයා ඕක නොකියා සිටියා නම්, සමහර විට අනාගතේ නංගීට ලොකු කරදරයක් ඔය යකාගෙන් වෙන්න තිබුනා. අක්කා එතකොට ගන්නේ මිනිහගේ පැත්තයි, නංගී තමා වැරදිකාරී වෙන්නේ. එහෙමයි අපේ රටේ හැටි. හොද වැඩේ ඔය යකාට. (ස)
රූපා නැන්දට මොකක් හරි මානසික අබාධයක් තියෙනවා වගේ.හොඳට හිටීවි පිරිමි කරන කියන හැමදේටම ඔය වගේ ඉන්න බැරි නම් අයින් වෙනවා කියන උත්තරේ හරියන්නේ නෑ නැන්දේ. සමහර දේවල් වලට උත්තර උණු වතුර බාල්දි වලත් තියෙනවා. (ස)
අනේ අර මිනිහට ටිකක් ඉවසන්න බැරිවුණානේ? (නි)
ලක්මිණි වෙදමුල්ල ගේ අදහස තියෙනවා , අනෙක් අදහස් 164ම පරදින්න හොදයි., හොදයි දිගටම ලියන්න දිග, දිග ඒවා හොදේ අපි කියවන්නම් (දිල්)
මට නම් තරහා ගියේ නැහැ. ඒ මගේ අදහස් දැක්වීමේ රටාව. කොහොම වුනත් පෘථග්ජන ස්වභාවය නිසා මට තරහා යන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. කොහොම වුනත් කෙනෙකුගේ අදහස් තවත් අයෙකුට පැවසීමේදී ඒ පුද්ගලයා එය තේරුම් ගන්නේ තමන්ටම ආවේණික අත්දැකීම් අනුවයි. ඒ නිසා සමහර විට යම් පුද්ගලයෙකු පවසන යම් දෙයක් නිසා තවත් කෙනෙකු පවසන දෙයට වඩා වෙනස් දෙයක් තේරුම් ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. කෙහොම වුනත් තමන්ගේ සැමියා තවත් ගැහැණියකට සම්බන්ධවීම ගැහැණියකට දරා ගන්න ටිකක් අසීරු බව ගැහැණියක් විදිහට මමත් දන්නවා. ඉවසීමෙන් කටයුතු නොකලොත් පවුල් අවුල් වෙනවා. පිරිමි ඉවසනවාට වඩා ගැහැණුන් වන අපි ඉවසන නිසා තමයි පවුල් අවුල් නොවී මෙතරම් කාලයක් හරි රැදිලා තියෙන්නේ. ගැහැණියකගේ සැබෑ දක්ෂතාව තියෙන්නෙත් එතැනයි. මතක් කර ගන්න මිගාර සිටුතුමා සුජාති සිදු දියණිය විවාහ වෙලා යද්දී ලබා දුන්න උපදෙස් මාලාව. අන්න ඒක මේ වර්තමාන සමාජයට හරිම වැදගත්. ඒක සර්වකාලීනයි. නමුත් අවාසනාව ඒක දැන් ඉන්න තරුණ ගෑනු ලමයි දන්නේ නැහැ. ඉස්සර අපේ අම්මලා අත්තම්මලා අපිට ඒ ගැන කියලා දුන්නා. සමහර විට අපේ පවුල් ජීවිත මේ තරම් දුරට සාර්ථක කර ගන්න ඒ විදිහට ලැබුණු ඔවදන් විශාල රැකුලක් වන්න ඇති කියලා මට හිතෙනවා. (නදී)
පිස්සුද, ධර්මා , මං ඔබට තියෙන ආදරේ ඔබ තව දන්නේ නෑ, ලියා ගන්න බෑ..!! මේ ධර්මෝ අපි ලියමු සුදු ...ඔයා මටත් සමාවෙන්න දැන් දවස් දෙකක් අදහස් වලින් සිත් රිදෙනවා (ඒකයි උනේ හොඳේ ) (ස)
ඔන්න එක ගමක අලුත විවාහ වුන යුවලක් මදුසමය ගත කරන්න මනාලියගේ නිවසට පැමිණියා. පළමු දින රාත්‍රිය ගතකර පසුදින උදෑසන අවදිවූ මනාලයා මනාලියට පැවසුවේ හන්දියට ගිහින් ප්ලේන්ටියක් බීලා එන්නම් යනුවෙනි. සවස් වනතුරුම මනාලයා නොපැමිණි නිසා නිවසේ අය කලබලයෙන් මනාලයාව සොයන්නට වුහ. මනාලිය ගැන හොඳ හැටි දන්නා මනාලියගේ මව.. දුවේ මට ඇත්ත කියන්න ඊයේ රෑ මොනවා හරි ප්‍රශ්නයක් වුනාද? මනාලිය හඬ අවදි කරමින්.. අනේ අම්මේ එයා හරි අවංකයි මට එයා කිව්වේ එයාගේ නරක පුරුදු හා අනියම් ඇසුරු සියල්ල නවතා මාත් එක්ක ඊයේ ඉඳලා අලුත් ජිවිතයක් ගත කරන නිසා මමත් ඇත්ත කිව්වා යනුවෙනි. පසුව මනාලියගේ මව පැවසුවේ.. උඹ මොනවටද උඹ නටපු නාඩගම් කියන්න ගියේ... දැන් බලාපන් මම උඹලගේ තාත්තව කසාඳ බැඳලා වසර විසි තුනක් වෙනවා උඹව හම්බවුනෙත් අර ලී මඩුවේ ලොකු බාස් උන්නැහැට දාව.. අදටත් මම උඹලගේ තාත්තට රහස එලි කලේ නැහැ යනුවෙනි. අහම්බෙන් වගේ මේ කතාව මනාලියගේ තාත්තට ඇසුනි. පසුව මනාලියගේ තාත්ත පැවසුවේ.. එහෙනම් මමත් යනවා.... හන්දියට ප්ලේන්ටියක් බොන්න යනුවෙනි. (ස)
මේ සරත් මාමේ අපිට ප්‍රශ්නයක් නැහැ, හරිද? හැමෝටම ඔය දේ කරන්න නෙමෙයි මං කිවුවේ. වැරදි කරන අයට විතරයි (නි)
මගේ යහළුවන්ට ස්තුතියි .., චන්ද්‍රා .., ඔයා ගැන මං සතුටු උනා .., ස්තුතියි (ස)
ලාල්, ඔයා හැබැම හදවතින් කියන්න පුළුවන් ආදරණීය තාත්තෙක් . (නි)
ලක්මිණි වෙදමුල්ල.., හෝව් ,හෝව් පොඩ්ඩක් හුස්ම අරගෙන හිමින් සීරුවේ කතා කරමු. දැන් ඔයා මේ වැල් වටාරම් ගොඩක් මට ලිවේ මොකටද? මං ලිවේ තව ලියන්න අපි කියවනවා කියලනේ ., හොඳයි හොඳයි ඔයාගේ පවුල් ජීවිතය තව තවත් සාර්ථක වේවා කියා මුළු හදවතින්ම පතනවා. ඔයාගේ පම්පෝරිය දැන ගත්තා ස්තුතියි හොඳේ. (මේකත් අහන්න මගේ පවුලත් ලස්සන පවුලක් , හැබැයි මම නම් ඔය පිරිමින්ව යටත් කරගෙන බය කරගෙන ඉන්න ගැහැණියෙක් නෙමෙයි පිරිමියෙක් ඉන්න ඕන පිරිමියෙක් විදියට..) අපි නාදුනන මිනිස්සු ඇයි මේ ගහ මරා ගන්නේ. ඔයාගේ දෙවෙනි අදහසින් දැන ගත්ත ඔයා ඉක්මනින් කෝප වෙන කෙනෙක් කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මං ඔයාට ලිවේ විහිලුවට වගේ. අදහස දිගයි කියලා ඔයා තව ලීවත් මං කියවනවා. මොකද මගේ විනෝදාංශය කියවීම සහ ලිවිම නිසා ඔයාට තෙරුවන් සරණයි වෙදමුල්ල (ස)
සමහර නෑනලා ඉන්නවා මස්සිනාට පෙනෙන්න විවිධ දේ කරන.මෙයා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ (නි)
සාදාරන මාමේ දෙන්න අත මම සැරයක් ඉඹින්නම්. (නදී)
හා ,හා, පැංචි ., ඔයා කලබොල නොකර ඔං ඔහේ ඉදිං..!! හපන්න ඕනෙත් නැහැ ,ඉබින්න ඕනෙත් නැහැ ..!!(නදී)
රෑප අක්කේ, පවුල වෙන් උනොත් ළමයින්ට තාත්තෙක් කෝ. ටිකක් හිතන්න තිබුනේ. (ස)
ඔය ගියාට තොල කට පුච්චාගෙන නැවත එයි... (නි)
සාදාරන මාමේ හැබැයි අසාදරනෙට ආවොත් අක්කට කියන්නේ නෑ පුටුවෙම තමා හොඳේ.(නදී)
නංගී රූපා මමත් ගැහැනියක්. අපි හැමදාම පුරුෂයන්ට ගරු කලා. ඔය මේ උගන්නන්න හදන්නේ අමුතු පොතක් (ස)
සමදරා අක්කේ,පිරිමියෙක් වශයෙන් මම සතුටු වෙනවා ඔයා ගැන. (නි)
මේ අදහස් දැමිල්ලෙන් තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ අවධනය තියෙන්නේ මොනවා ගැනද කියන එක. අදහස් ලක්ෂ ගණනක් වුණත් දායි මේ වගේ කතාවකට. එහෙත් මාස ගණනක් වාදකරන්න පුලුවන් ප්‍රවෘත්ති වලට එක අදහසක්වත් නැහැ (නි)
රූපවති නංගි, ඔයා සුජීවට දීපු පිළිතුර දැක්කාම කතාවක් මතක් වුනා. බස් හෝල්ට් එකේ හිටපු තරුණයෙක් එතන හිටපු මුදලාලි කෙනෙකුගෙන් වෙලාව කීයද ඇහුවා. මුදලාලි උත්ත්තරයක් දුන්නේ නැහැ. ආයෙත් ඇහුවා, නෑ උත්තරයක්. තරුණයා යන්න ගියා. මේක දැකපු එතන හිටි කෙනෙක් මුදලාලිගෙන් ඇහුවා, 'ඇයි මුදලාලි අරයට වෙලාව කිව්වේ නැත්තේ' කියලා. මුදලාලි කියනවා "හරි, මං වෙලාව කිව්වා නම් මිනිහ මා එක්ක කතාවට වැටෙනවා. ඊ ලඟට මිනිහ තේ බොන්ඩ යන්න කතා කරනවා. මං ඉඳ හිට අඩියක් ගහන කෙනෙක් හින්ද මං කියනවා නෑ අපි අඩියක් ගහන්න යමු කියලා. අපි දෙන්නට ටිකක් වැඩි වෙනවා. මිනිහ මාව ගෙදර ගිහින් දානවා. අපේ ලොකු කෙල්ල ඇහැට කනට පේන එකී. ඒකි මෙයාට වහ වැටෙනවා. ඉතින් කොහොමද ඕයි, ඔරලෝසුවක් ගන්න බැරි එකෙකුට මං දුවක් දෙන්නේ"? (ස)
නංගිම ඔය පහර දුන්න නම්.... (ස)
මාතර නම් මම ඔයාව දන්නවා. (නි)
යෝජනාවකට දුන්න දඬුවම ටිකක් බරපතල වැඩි. (ස)
පිස්සු පොරක්නේ..... (ස)
හොඳ වෙලාවට මගේ ගෑනිට නංගිලා නැහැ. හිටියා නම් මාත් මෙලහකට ඉවරයි.. (ස)
නෑනාට මෙහෙම නම් පිට කාන්තාවන් ඉදිරියේ කොහොම හැසිරෙනවා ඇද්ද කියලත් සිතිය යුතුයි (නි)
බොරුද මම කියන්නේ? ලිංගික කාරණාවක් ගැන වචනයක්වත් දුටුගමන් ගුලෙන් කූඹියො එනවා වගේ රස කර කර අදහස් ලියන්න පිරෙනවා.ලංකාවේ බොහෝ දෙනෙක් බරපතල ලෙස ලිංගික බෙලහීනයෝ.නෂ්ඨකාමයෙන් පෙලෙන්නෝ.එහෙම අය තමයි ලිපියක තිබෙන වචන දෙක තුන දුටු ගමන් කලබල වෙලා දගලන්නේ. (නි)
උණු වතුර දැම්මට වැඩිය වෙන වැඩක් කරන්න තිබුණනේ. මහත්තයාගේ සහෝදරයෙක් ගෙදර ආ වෙලාවක අර වගේ යෝජනාවක් කරලා බලන්න තිබුනා මහත්තය මොකද කරන්නේ කියලා[විසෙන් විස නසන එක තමා හොද ] (නි)
ඔහොම දේවල් එච්චර ගණන් ගන්න එපා (නි)
අජිත්... දිසානායක කෑගහන්නේ ..බයට , එයාටත් කවදා හරි නෝනා හාමි ගෙන් ඔය වගේ දේකට මුණ දෙන්න වෙන වග දැනගෙන ..?අයියා වගේ කෑගැහුවට හරි බයයි නෝනා හාමිට ...? (ස)
අපරාදේ වතුර ටික? ඔන්න පුතේ දෙයියෝ සාක්කි (නි)
මස්සිනාට පෙනෙන්න ඇඳුම් බිම දාපු නෑනලා ගැනත් මම දන්නවා (නි)
නමුත් යෝජනා කරන්නේ නැතුව සමහර නෑනලා මස්සිනා අතින් බලහත්කාරයෙන් දුෂණය වෙන අවස්ථා තිබෙනවා.මේක යෝජනාවක් පමණි. ඇය අකමැති බව ප්‍රකාශ කළා. එතනින් ඒක ඉවරයි.ඇයට ඒකෙන් කරදරයක් වෙලා නැහැ.ඇය ඉක්මන් වෙලා මේ කාරනය අක්කාට කියූ නිසා අක්කා කෝපයට පත් වී මේක කළා. දැන් ඉතින් පවුල් කාලා ඉවරයි. (නි)
සමාධි, හැමෝටම ඔය දේ කලා නම් ඔය ගොල්ලන්ට සතුටින් ඉන්න තිබුණා. (ස)
යෝජනාව චන්දි මැඩම් අනුමත කළා. රාහු කාලය පන්නලා සිකුරා නළලට ගනිමු. ආයුබෝ වේවා! (නි)
උපාලි අයියේ ඔයාගේ කතාවට මට හිනා ..තැන්ක්ස් ..? කතාව හරියටම කාලෝචිතයි ...? (ස)
අපරාධ විද්‍යාවේ සඳහන් වෙනවා දඬුවම අපරාධයේ ස්වභාවයට සාපේක්ෂ විය යුතුයි කියලා. මේ දඬුවම අපරාධයට සාපේක්ෂ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම මුට්ටියත් එලුවත් දෙකම නැතිවෙන මහදැනමුත්තගේ විසඳුමක්. මේවට යොදා ගන්න ඕනේ මානසික දඬුවම්. ඒ තුල පවුල් ජීවිතය කඩාකප්පල් නොවී උපන් දරුවට තාත්තෙක් නැති නොවී පිරිමියා වරද හදාගන්න පෙළඹෙන සුන්දර දඬුවම්. ආවේගශීලී වීමෙන් සියල්ල වැනසී යයි. පිරිමි ලිංගික වශයෙන් වඩාත් සක්‍රීය වීම ස්වභාව ධර්මයේ නිමැවුමක් මිසක් වරදක් නොවෙයි. එම ආවේග ශිෂ්ඨ සම්පන්න ලෙස පාලනය කර ගැනීම පිරිමියාගේ වගකීමක්. (ස)
ඔයා අපේ තාත්තාගේ බාලම නංගිගේ බාලම දෝනි නේද?
චන්දි මම ලියන අදහස් දිගද එහෙම නැතිනම් කොටද කියන එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම ලියන්නේ ඇත්තද එහෙම නැතිනම් බොරුද කියන එකයි. ඒ වගේම හුදු න්‍යායද නැතිනම් ප්‍රායෝගික දේවල්ද කියන එකයි. මට ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරලා ඵලක් නැහැ. මම දන්නවා මේ ලිපියට අදහස් දක්වන අය අතර විවිධ දැනුම් මට්ටම්වල අය ඉන්නවා. දැන් උගත් අය ඉන්නවා. සාමාන්‍ය දැනුමත් ඇති අය ඉන්නවා. ශාස්ත්‍රීය උගත්තු ඉන්නවා. ඒ වගේම චන්දි වගේ අයත් ඉදලා හිටලා ඉන්න පුලුවන් කියලා එයා දක්වපු මෝඩ කමෙන්ට් එක අනුව අපිට හිතා ගන්න පුලුවනි. අනික ගැහැණු කෙනෙක් විදිහට මම සුපුරුදු පරිදි පිරිමි විවේචනය නොකර මධ්‍යස්ථව අදහස් දැක්වීම නිසා ඇති වූ වියරු හැඟීමකින් බාග වෙලාවට ඇය පෙළෙනවා විය හැකියි. මම චන්දිට එකක් කියන්නම්. මමත් ඔයා වගේම කාන්තාවක් තමයි. මට තියෙන්නෙත් ඔයාට තියන ස්ත්‍රී අවයව පද්ධතියම තමයි ජීව විද්‍යාත්මකව. නමුත් මම ස්ත්‍රීවාදී අදහස්වලන් පට්ට ගැහුණු තෙම්පරාදු වුනු ස්ත්‍රීවාදී ආකල්ප නලල මත තබා ගෙන එයට පුද සත්කාර කරන ඔයාගේ තාලයේ ගැහැණියක් නම් නෙවෙයි. මට හොඳ සැමියෙක් දරුවෙක් ඉන්නවා. අපි හොඳ වැදගත් විදිහට පවුල් ජීවිතයක් ගත කරනවා. ස්ත්‍රීවාදී ගැහැණු විදිහට පවුල් අවුල් කරගෙන පන්සල් පවුල් වෙලා නැහැ. ඇයි ඔයා හැම වෙලාවේදීම පිරිමි වැරදි කාරයෝ කරලා වැරදි ඇහින් දකින්නේ. පිරිමියෙක්ව ඉතාමත් හොඳටම ආණ්ඩු මට්ටු කරගන්න ක්‍රමය ඔයා දන්නේ නැති වුනාට මම හොඳටම දන්නවා. ඒකයි මම කසාද බැඳලා මෙච්චර කාලයක් මගේ සැමියාගේ විශ්වාසය දිනාගෙන තවම නිරුපද්‍රිතව පවුල් අවුල් කර ගන්නේ නැතිව ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නේ. අපේ අවාසනාවටද එහෙම නැතිනම් රටේ අවාසනාවටද දන්නේ නැහැ අපේ රටේ ගොඩාරියක් කාන්තාවන්ට කරන්න බැරිවෙලා තියෙන්නේත් මේ දෙයම නේද? බොරුවට ලෝකේට පෙන්න හයිකාරකම් පිරිමින්ට පෙන්නගෙන හිටියට වැඩක් නැහැ පිරිමියෙක් නැතුව දරුවෙක් වත් ගෑනුන්ට තනියම හදා ගන්න පුලුවන්ද? අනික පිරිමි නිසා කොයිතරම් ගැහැණු අපට පහසුවක් තියනවාද? (නදී)
අපි ඉතින් පෘතග්ජන මිනිස්සුනේ, දහම්. (නි)
මිගාර සිටුතුමා සුජාතා සිටු දියණිය විවාහ වෙලා යද්දී ලබා දුන් උපදෙස් මාලාව... අනේ මම මේවා අහලා නැහැ ලක්මිණියේ. (නි)
විවාහයට පෙර පිරිමි හොයනවා දඟකාර සුන්දර කෙල්ලක්. විවාහ උනාට පස්සේ එකී නැට්ටුක්කාරී කියලා රණ්ඩු කරනවා. ගෑනුත් එහෙමයි ඔතෑනි නිශ්ශබ්ද කොල්ලන්ට වඩා දඟකාර ක්‍රියාශීලී කොල්ලන්ට කැමතියි. හැබැයි බැන්ඳට පස්සේ කොල්ල ඒ සේරම අත ඇරලා නොන්ජල් බබෙක් වෙන්න ඕනේ. වරද එතනයි. මේ කොයිකටත් ශිෂ්ට ක්‍රම තියෙනවා. (ස)
දෙදෙනාට කරදරයක් නොවන ආකාරයට හැසුරුනා නම් මෙහෙම දුකක් නෑනේ. අක්කගේ පවුල් ජීවිතයත් බේරිලා ඔය දෙන්නත් බේරිලා ඔක්කොම සතුටින් අදත් ඉන්නවනේ (ස)
මොනා වුනත් තමන්ගේම මනුස්සයට එහෙම කල එක නරකයි. (ස)
මාධවී, ගැහැණු විසින් පිරිමින්ව පාලනය කළ යුතු විදිහක් තිබෙනවා. ඒක දැන් කාලේ හැදෙන, කැම්පස් ගිහිල්ලා උපාධිය විතරක් ගත් ගැහැනු ළමයි ඒවා දන්නේ නැහැ. මමත් විද්‍යා මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කෙනෙක්. නමුත් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයට සමගාමීව ගෙදර දොරේදී සාම්ප්‍රදායිකව වැඩිහිටි ඇසුරින් දැන කියා ගත යුතු ගුරුහරුකම් අපේ අත්තම්මා, අම්මා ඇසුරින් ලැබුවා. නමුත් මේ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. (නි)
මොකද චන්දි නෝනා හීනෙන් බයවෙලා වගේ පෙත්තා කෝ කියලා කෑ ගහන්නේ. ඔන්න මාල පෙත්ත නම් බෙල්ලට යටින් එල්ලිලා තියෙන්නේ (නි)
මේ සිද්ධිය උනේ සුදු වතු පාලකයින් ඉන්න කාලේ. ලබුගම පැත්තේ වත්තක. මේ ඉංග්‍රීසි ජාතික වතු පාලකයා බංගලාවේ පාටියක් දවසක මහ රෑ වෙනත් කාන්තාවක් සමඟ කාමරයක ඉඳලා ( මේ වතු බංගලාව කාමර බොහෝ ගණනක් ඇති රමණීය කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනයක්. ඔයාලත් අයර් වත්ත බංගලාවේ දවසක් ගිහින් බලන්න.) බිරිඳට මේක දැනිලා. ලැකර් තීන්ත බෙලෙක්කයක් අරන් ගිහින් දෙන්නම නාවලා. (ස)
ෂෙරීෆ් ..ඔන්න ඔයා හෙම යනවා නෙමේ හන්දියේ කඩේට ප්ලේන්ටි බොන්න ...? ගෙදරින්ම හදාගෙන බොනවා මිසක්..නෝනා හාමි ඇත්ත කිව්වොත්..ඒ ඔයාට ආදරේටයි ...?තැන්ක්ස් ..ෂෙරීෆ් ..? (ස)
අක්කා හොයලා බැලුවද නංගි කියන්නේ ඇත්තක්ද කියලා? අයුතු යෝජනා ඉදිරිපත් කරන නංගිලාත් නැතුවා නොවේ. (නි)