IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්

තම දරුවාට අකුරු කියවීම සඳහා විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්‍ෂාරූඪවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.
පසුගිය දා මේ පියාගේම බාල මල්ලී බීමත්ව නගරයේ පිස්සු නටනු දුටු මෙකී විදුහල්පතිවරයා ඔහුට එරෙහිව කතාකොට පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කිරීම නිසා ඔහු මෙකී විදුහල්පති සමඟ දැඩි වෛරයකින් පසුවිය.
තම දරුවාට අකුරු කියවා ගැනීමට මේ විදුහල්පති හමුවට සහෝදරයා යන බව දැනගත් මල්ලී එයාට තෑග්ගක් ගෙන යනවා නම් හොඳම දේ අරක්කු බෝතලයක් බව පවසා ඔහු ඊට දැඩිව රුචිකරන බව පවසමින් බෝතලයක් ද ඔතා දුන්නේය.
දරුවාට අකුරු කියවීමෙන් පසු තෑගි පාර්සලය ලියා බැලූ විදුහල්පතිවරයා යක්‍ෂාරූඪවී වහාම එය රැුගෙන යන ලෙස කීවේ වෙවුලමින්ලූ.



අදහස් (0)

දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්

චන්දා Tuesday, 02 July 2013 01:31 PM

අර මක්කෙටයි හිච්චි මලයෝ ඇන්නාවේ...!(නදී)

:       0       0

චාමික Tuesday, 02 July 2013 01:58 PM

දරුවන්ට තාත්තා කෙනෙක් වගේ ආදර්ශවත් විදුහල්පතිතුමෙක් වෙලා ඉන්න ඇති ඔහු. ඒකනේ අදත් පාරේ ඉන්නකොට හරි අවවාදයක් දෙන්න හදන්න ඇත්තේ. ගුරු වෘත්තියේ ගෞරවය රකින මේ වගේ උතුම් ගුරුවරු නිසා තමයි අද අපි මිනිස්සු වෙලා ඉන්නේ. ඔබට දීර්ගායුෂ ලැබේවා අදුරුතුමාණනි. (දී)

:       0       0

සකුරා Wednesday, 03 July 2013 07:41 PM

කිරි දියෙන් දෙව්වත්...අගුරු සුදුවන ඇලෙක් නම් නැත..(අ)

:       0       0

චාමර Tuesday, 02 July 2013 05:42 PM

හොඳ බෝතලයක් ගෙනියන්න තිබුණේ. (ත)

:       0       0

මොහෙමඩ් Tuesday, 02 July 2013 11:28 PM

විශ්‍රාමික ගුරුතුමාට කේන්ති යන්න ඇති ගල් අරක්කු බෝතලේට. රට ස්කොච් බ්ලැක් ලේබලයෙන් එකක් දුන්නා නම් වැඩේ හරි (නි)

:       0       0

කුමාරි Tuesday, 02 July 2013 10:51 AM

තමන් කරගන්න යන්නේ මොන වගේ කාරණයක්ද කියලා අවබෝධයක් නැති මෝඩ මිනිස්සු. (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 03 July 2013 09:49 AM

ඔයවගේ දේවල් වලදී දැන්කාලේ ඔය දේවල් ඔහොම වෙනවා. අපරාදේ හොද බෝතලයක් දුන්නා නම් හරි (නි)

:       0       0

නදී Thursday, 04 July 2013 02:10 PM

ඔබ වැනි ගුරුවරු රටට ආදර්ශයක් (නි)

:       0       0

කසුන් Tuesday, 02 July 2013 02:49 PM

චාමික හරියටම හරි (දී)

:       0       0

පැතුම් Wednesday, 03 July 2013 04:29 PM

මොහමඩ්, මේ ලෙබ්බේ කෙනෙක් නෙවෙයි, හිටපු විදුහල්පතිවරයෙක්. ඔයාට පැටලිලා (නි)

:       0       0

බුද්ධික Wednesday, 03 July 2013 01:49 PM

අපරාදේ! මල්ලි ප්‍රින්සිපල් එක්ක තියන තරහට දුන්නේ ගාන අඩු එකක් වෙන්න ඇති. ඒ හින්දා එපා කියන්න ඇති. ඊ ලග දරුවට අකුරු කියවන්න යද්දී අයියා හොද බෝතලයක් අරන් යන්නකෝ.ෂුවර් ගුරා බනින්නේ නෑ.(නදී)

:       0       0

මහින්ද Tuesday, 02 July 2013 12:44 PM

අබුද් දස්ස කලේ ඔය වගේ වැඩ වෙනවා (ත)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 01:09 PM

මින් ඉදිරියටවත් ,මල්ලිලා දෙන දිරච්ච ලනු කන්න එපා අයියේ. ආපහු ලැබිච්ච එකේ දෙනවා නම් එහෙම නෙමෙයි ඔන්න ඔය බාලයාට. තනියම භුක්ති විඳින එකයි ඇත්තේ හිතේ අමාරුවටත් එක්ක.. (දී)

:       0       0

නන්දලාල් Tuesday, 02 July 2013 08:48 PM

ඔබ හරි චාමික .ආදර්ශවත් ගුරු උතුමෙක් .(අ)

:       0       0

ඉම්රාන් Wednesday, 03 July 2013 02:31 PM

මතට තිත කියලා තිතට මත කියන උදවිය ඉන්න රටක් නේද මේක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 411 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 778 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 867 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 684 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1259 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 731 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 729 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1228 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site