(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නගරය සමීපයේ පිහිටි දිගු කලක් තිස්සේ වනවැදුණු බිම්කඩක ඇති කඩා වැටුණු ලෑලි මඩුවකට විදුලිය සැපයුමද රැගෙන එහි පදිංචි බවට ලිපි ලේඛන ඉදිරිපත්කර ඒ ආසන්නයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට මවක ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප‍්‍රධානපෙළේ නගරයකින් වාර්තාවේ.
පළමුවැනි පන්තියට තම දරුවන් අතුළත් කරගන්නට මවුපියන් විවිධ උප්පරවැට්ටි දමන ජනප‍්‍රිය පාසලකි. ලබන වසර සඳහාත් ඉල්ලූම්පත් ගොන්නක් ලැබුණු නිසා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පසුගියදා සිදුවිය.
එක් මවක පියා සමඟ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියේ ලිපි ලේඛන රැුසක්ද ඉදිරිපත් කරමිනි. මේ අය පදිංචි බව කියන තැන මේ දරුවාගේ මාපියන්ට අයත් එකක් නොවන බවත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට රහසක් නොවීය. ඒ නිසාම ඔවුන් විවිධ ලිපි ඉල්ලා සිටියත් ඒ සියල්ල ඉදිරිපත් කරන්නට ඔවුන් සමත්වූහ. අවසානයේ විදුලි බිල්පත් එහෙම ඇතිදැයි එක් සාමාජිකයක් විමසුවේය. එයද ඉදිරිපත් කරන්නට මේ මවුපියන් සමත්වූයෙන් අපි ස්ථාන පරීක්ෂණයක් කරන්න එනවායි දැනුම් දෙනු ලැබීය.
එදිනම නිලධාරීන් පිරිසක් මේ තැන බලන්නට හොර රහසේම ගියෝය. ඔවුන් කිසිත් නොදන්නා පරිදි ලෑලි මඩුව දෙස බලමින් යද්දී දරුවාගේ මවත් පියත් ඒ අවට කලක් තිස්සේ හැදී වැඩුණු වන රොද ඉවත් කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදී සිටිනු දක්නට ලැබිණි.
පසුව නිලධාරීහු ඔව්න් හමුවට ගියෝය. වසර ගණනකින්වත් මේ බිම් කඩ පිරිසිදු කර ඇති තැනක් නොවන බව පසක් විය. කිසිදු ගෘහ භාණ්ඩයක් හෝ වෙනත් උපකරණයක්ද නොවීය. දිරා ගිය ලෑලි පමණක් අවට විසිර ඇති බව දැකිය හැකිය.
එක් නිලධාරියෙක් ඔයාලගේ පදිංචි ස්ථානය ඉතාමත් හොඳ තැනක්යැයි කියද්දී මේ මවත් පියාත් නිශ්ශබ්දව සිටියේ කළ හැකි දෙයක් නැති නිසාය. එදා සවසම ඔවුහු නගරයෙන් දුරස්ව පිහිටි ඔවුන්ගේ ගමේ පාසලට දරුවා ඇතුළත් කරන තීරණයකට එළඹ ඇතැයි දැන ගන්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය ගැන කණගාටුයි. හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරුවට හොඳින් ඉගැන්වීමටයි. සමහරවිට ලිංගික අල්ලස් පවා දෙන්නේ ළමයා වෙනුවෙන්. බලධාරියනි, වහා නැගිටිනු! (නි)
ළමයෙක් පාසලට දැමීමට මොන දේ කලත් කිසිම හිරිකිතයක් නැතිව ලිංගික අල්ලස දෙන අම්මලා ගැන නම් මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ළමය උගතෙකු වුනත් වැඩක් තියේද කල වැඩේ කනින් කොනින් ආරංචි වෙලා ළමයට සමාජයේ අවමානයට ලක් වුනාම. ගැහැණු ළමයෙකු නම් විවාහ යෝජනාවකදී පවා ඔය වැඩ බලපානවා . (නදී)
දරුවෙකු ගේ ඉගෙනීම වෙනුවෙන් අම්ම කෙනෙක් ලිංගික අල්ලස් දෙනවා කියන්නේ ඒ අම්ම තමන් ගේ දරුවාගේ මුනේ දැලි ගානවා පමණක් නෙවෙයි. වෙනත් දරුවෙකුට සාධාරණ සුදුසුකම් මත ලැබෙන්න තිබු අවස්තාවක් නැති කරනවා. (නදී)
රවී, ඇත්තටම වියයුත්තේ පුංචි දරුවන් ළඟම පාසලට දමා හොඳින් ඉගැන්වීමයි. බොරුවෙන් වංචාවෙන් ළමයාගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා කියන එකෙන් කවදාවත් ඒ ළමයාට යහපතක් වෙන්නෙ නැහැ (නි)
පවු කියලත් හිතෙනවා (නි)
බොහෝ දෙමව්පියෝ උත්සාහ කරන්නේ තමුන් ලද අධ්‍යාපනයට වඩා දරුවන්ට උගන්වා උසස් මට්ටමකට ගෙනඒමටයි. ගෙයක් නොතිබුණත් විදුලි බිලටම කීයක් ගෙවන්න ඇද්ද ?කතාව පත්තරෙත් පළවූ නිසා දුප්පත් දෙමාපියන් හා දරුවා ගැන සානුකම්පිතව සළකා බලන එක පරීක්ෂණ මණ්ඩලයට ලොකු පිනක් ! (නි)
දැන් මෙහෙම බොරුකාරයන් නිසා ඇත්තටම සුදුසුකම් ලබන දරුවන් කැපීයන්නේ නැද්ද? ඇතැම් විට ආදී ශිෂ්‍යයන්ගේ දරුවන් පවා අසාධාරණ කැපීම් වලට ලක්වෙනවා. අන්තිමට හොර ඔප්පුකාරයින්ගේ ළමයින් ඇතුළට යනවා. දරුවන්ට උගන්වන්න මව්පියන්ට ඇති උවමනාව දුප්පත් අයට වැඩියි කියලා නියමයක් නැහැ. මම නම් කියන්නේ හොර බොරු නොකරන සාධාරණ සුදුසුකම් ඇති දෙමව්පියන්ගේ ළමයින්ටම අදාළ පාසැල ලැබිය යුතුයි කියලා. හොර බොරුකාරයන්ගේ දරුවන් කොච්චර ඉගෙනගත්තත් පවුල් පසුබිමෙන් එන ගතිය කවදා හෝ මතු කරගන්නවා. (නි)
දරුවන් පිළිබඳ අපේ බලාපොරොත්තු උසස් වුවාට පමණක් මදි. ඒවා ඉටුකර ගැනීමට අපි තෝරාගන්න මාර්ගද යහපත් නොවුණොත් දරුවන්ට අපි නිසා මහත් ලැජ්ජාවකට මුහුණපාන්න වෙනවා. (නි)
දැන් මෙවන් සිද්ධි දෙකක්ම වාර්තාවෙන්නේ ගම්පහින්. අධ්‍යාපන ඇමතිවරු කීපදෙනෙක් , ඇමතිවරු 110 ත් පැනලා. ආශ්චර්යය අත ළඟ. කුමක්ද මේ ජනප්‍රිය පාසල් මේනියාව? අඩුම වශයෙන් නගරාසන්න දරුවන්ටවත් අංග සම්පුර්ණ පාසල් නැතිකම, විශ්ව විද්‍යාල වල වර්ජන, දේශපාලකයින්ගේ තර්ජන, පොලිස් මර්දන... වගේ දේවල් නේද? අධිවේගී මාර්ග වලට ගිය සල්ලි වලින් කොටසක්වත් අධ්‍යාපනයට යොදවන්න පුලුවන් නම්? (නි)
දරුවන් වෙනුවෙන් හොඳ දෙමාපියෝ කොතරම් කැපවීම් කරනවද? හෙළාදකින්න හොඳ නැහැ (නි)
2014 වසර සඳහා බද්දේගම ප්‍රධාන පෙළේ විද්‍යාලයකට මගේ දියණියට ලකුණු 89 ක් ලැබුණු අතර ඇතුළත් කරගැනීමේ ලකුණු 91 විය. මගේ දියණිය මෙම විද්‍යාලයට ඇතුළත් කරනොගත් අතර ලකුණු 65 ක් පමණක් ඇති ළමයකු මෙම විද්‍යාලයට ඇතුළත් කර ඇත. මම කුමක් කරම්ද ? (නි)
ඕකට තිබුනේ පාසලේ විදුහල්පතිට ගානක් දෙන්න. එ්ක කලානම් පාසල් පිට්ටනියේ උනත් ගෙයක් හදල පදිංචිය ඔප්පුකරන්න තිබුනා (නදී)
ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය ගැන කනගාටු විය යුතුයි. හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරුවට ඉගැන්වීමට. අද හැම චක්‍ර ලේඛයක්ම පිළියෙළ වන්නේ ,පිළියෙළ කෙරන්නේ බුද්ධිය සදාධාරණත්වය වලදමා තනතුර රැකගන්න උගතුන් විසින් ,කවුරු බලයේ සිටියත් බලයේ සිටින දේසපාලුගේ අවශ්‍යතාවය අනුව ඔහුව සතුටු කිරීමට. මේවට වගකිව යුත්තේ අපේ වහල් ඡන්ද කතිරය. අපේ ගමේ පාසල නගරයේ පාසලකට අනුබද්ද කරපු එකක්. දැනට තියෙන 1 වසර පන්තියට ඇතුලත් කර ගත හැකි දරුවන් ප්‍රමාණයට වඩා දරුවන් ප්‍රමාණයක් ඇතුල්වීමට ඉල්ලුම් කළහොත් අමතර පන්ති ආරම්බ කිරීමට උත්සාහ නොකළ යුතු බවට උගත අමනයෙක් විදුහල් පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. තත්වය එසේ නම් බිම් අඟලක් නැති දුප්පතුනේ දරුවන් යායුතු පාසල අමනයගෙන් ඇසීමට වචන මට නැහැ.(අ)
ළමයින් පාසලට දමා ගන්න දෙමව්පියන් ඕනෑම දෙයක් කරනවා. මේක දන්නා සමහර බලධාරින් කල දුටු කල වල ඉහ ගන්න හදන අවස්ථාත් තිබෙනවා. මගේ මිතුරෙකුට ඇහැට කනට පේන නෝනා කෙනෙක් ඉන්නවා. ළමය පාසලට දාගන්න උදව්වක් ඉල්ලන් ගියාම එන පොට මොකද්ද කියල තේරිලා. ජෝඩුවම හැරිලා ගිහින් දරුවාව ගමේ ඉස්කෝලෙකට දාලා. ඔන්න දැන් පසු ගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ළමය ඉහලින්ම සමත් වෙලා . දැන් අර කලින් ඇතුලත් කරන්න හදපු ජනප්‍රිය පාසලට නම්බු පිටින් යන්න ලකුණු තිබෙනවාලු. අම්ම ගෙයි දරුවාගේ දෙන්නගෙම ආත්ම ගෞරවය ඒ පවුල රැකගත්තා. (නදී)
වයඹ පළාතේ ප්‍රධාන පාසැලකි. දරුවන් ඇතුලුකරගන්න අමාරුයි. මැති ඇමති බලපෑම් කළත් වැඩේ අමාරුයි. ලස්සන තරුණ නෝනා කෙනෙක් පිරිමි දරුවෙක් දාගන්න ලතවෙවී හිටියා. දරුවන් තෝරන මන්ඩලයේ ප්‍රධානියා කඩවසම්. එයා එක්ක තානායමට ගියාම වැඩේ කෙරුනා (නදී)
මේ කාලයේ විදුහල්පතිවරු, කිසිම ලැජ්ජාවක් නැතුව ලිංගික අල්ලස් පවා ගන්නවා (නි)