කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා සමග ගෙදර එන ලෙස දන්වමිනි.
තම ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේ දී එහි බැටරිය අක‍්‍රියවී තිබීම නිසා එය සක‍්‍රිය කරගෙන යා යුතු හෙයින් ඇය චාජරයක් සවි කොට විදුලියට සම්බන්ධ කළාය. සක‍්‍රිය වූ පසු එය ගලවා බෑගයේ දමා ගත්තාය.
කොළඹ ප‍්‍රධාන බස් නැවතුම්පොළට ගොස් සොහොයුරාට දුරකථන ඇමතුමක් දීමට බෑගය විවෘත කොට ජංගම දුරකථනය සෙවූ ඇයට දෙවියන් සිහි වූයේ දුරකථනය කාමරයේ තිබිය දී ඇය චාජරය බෑගයේ දමා ගෙන පැමිණ ඇති බවයි.
කෙසේ හෝ සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් දුරකථන ඇමතුමක් දී සොහොයුරා සමග ගෙදර ගොස් ආපසු ආවත් යෙහෙළියන් ”කෝල් එකක් ගන්න චාජරය දීපන්” කියු විට දැන් ඇය යක්‍ෂාරූඪ වෙනවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා ගහයි.(නදී)
වේයන්ගොඩ දිය ඇල්ලේ ඔයේ වෙඩි දාලා මාළු අල්ලන මනුස්සයෙකුට ඔය වගේ දෙයක් වුනා දැනට අවුරුදු 50 කට විතර කලින්. මිනිහා හොඳටම බීලා ඉඳලා තියෙන්නේ. ඔය අයිනේ හොඳ මාළු වලක් තෝරාගෙන, වෙඩිල්ල පත්තු කරලා කෝට් සාක්කුවට දාගෙන ගිනි පෙට්ටිය විසි කළා මාළු වලට. හොඳ වෙලාවට සෙල් පෝන් චාජර් පුපුරන්නේ නැත්තේ. (නි)
අයියෝ පහන් ඕක ඔක්කොම කණපිට ෆිල්ම් එකේ කෑල්ලක්නේ. (ස)
නල්ලුරේ දී සුරුට්ටු බොන පුරුද්ද ඇති කෙනෙක් වෙලේ ගිරව් පන්නන ගිහින් රතිංඤා කරලකට ගිනි අවුලලා කටේ තියාගත්තලු.(නදී)
ජේ.වී.පී කාලේ 80 ගණන්වල? අපිත් රෑවෙනකොට ලොකු අම්මලාගේ ගෙදරට යනවා නිදාගන්න අම්මත් සමග, මැදියම් රෑ, සේරමලා තේ බොන්න කතාඋනා , කවුරුත් බයයි නිවසින් පිට තියන කුස්සියට යන්න. අවසානේ අපේ අම්ම වතුර ලිප තියලා ලොකු අම්මගේ දුවට කෙත්ලෙට තේ කොළ ටික දාගෙන එන්න කීවිට ඒ අක්ක අත්ලට තේ කුඩුටික අරන් අම්ම කපන හකුරු කැලි ටිකෙන් එකක් අරන් බයේ බයේ කුස්සියට ගිහින් කේතලේ පියන අරිනකොටම අල්ලපු මුර වත්තේ ටකරම් වහලෙට වේලිච්ච පොල් අත්තක් වැටුනා සරාස් ගාල පහලට වැටුන වෙඩිලි සබ්දයෙන්. අනේ අර අක්ක හිතුවේ ජීවිපි එකෙන් ඇවිත් අපිට වෙඩි තියනවා තමා කියලා. කම්පනයට කන්න ගත්තු හකුරු කෑල්ල මුට්ටියට දාලා තේ කුඩු ටික කටේ දමාගෙන ගේ ඇතුලට දුවගෙන ආවා. කතා කරගන්නත් බැහැ නහයෙන් , කටින් තේ කුඩු පෙරාගෙන .....? මම ගොඩක් චුටීයි , එදා මම ලාම්පු එලියට ඒ අක්කව දැක්කේ ? එයට කව්රුහරි එලියට ගියාට පස්සේ වෙඩි තියල කියලයි ...? අදත් අපිට හිනා ඒ සිදුවීමට ...?(නදී)
ගනන් ගන්න එපා ඕවා කාටත් වෙන්න පුලුවන්.(නදී)
මම දන්නා කෙනෙක්ටත් ඔහොම වැඩක් උනා ට්‍රිප් එකක් යන ගමන් කොල්ලෝ කෙල්ලන්ට දෙන්න ටෙලිපොන් නොම්මර කොලකෑලි වල ලියන් ගිහින් එක තැනකදී කලබලේට වාහනේ යන ගමන් කොළ කෑල්ල කියල අතේ තිබ්බ සල්ලිටික විසිකරලා.(නදී)
චඃ ....බලාගෙන ගියාම මේක එකම විකාර ලෝකයක්නේ. (නි)
කටත් අතපසුවීම් වෙනවා. මේ ලෝකේ කවුරුවත් නැතුව ඇති එහෙම නොවෙච්ච.එහෙම කියලා ඒ තරුණියට විහිළු කරන එක අනුමත කරන්නේ නැහැ.අපි කවුරුත් මිනිස්සු.ලුණු කියලා හිතලා මාත් බත් එකට සිනි දැම්මා මේ ලඟකදී. හිතේ ප්‍රශ්න,කලබල පරිසරයක් තුල ජිවත් වීමේදී අපට මේවා වෙනවා. විටෙක ඒ වගේ සිදුවීම් පසුකලෙක සුන්දර මතකයක් වෙනවා........ (නි)
නිලූ , බොරු කියන්න එපා... (නි)
හොඳටම ලෙඩ වුන තාත්තව බලන්න දුවද්දි ඔහොම හරි සිහියක් තිබ්බ එක ගැන සතුටුයි.(නදී)
ඕවත් ප්‍රශ්නද අනේ? (නි)
වරුණ ෂුවර් එකටම ඔයවැඩේ කරන්න ඇත්තේ රංජනී වෙන්න ඕනේ! රන්ජනීත් බස්වල යනකොට ඔයිට වඩා ඒවා කරනවා! (ස)
මිනිහෙක් ඇවිල්ලා කිව්වලු මරුවා සමග වාසේ අම්මා බුදුවේවා කියලා පච්චයක් කොටන්න කියලා.පච්ච කොටන හාදයා බීලා ඉදලා තියෙන්නේ. මිනිහ කෙටුවලු අම්මා සමග වාසේ මරුවා බුදුවේවා කියලා .(පරණ කතාවක් ) (නි)
දෙයියෝ සාක්කි
තරු නොපෙනී තිබුනොත් තමයි පුදුමේ
මමත් ඒ කලේ අම්ම වැඩට ගියාම ගෙදර උයනවා. එතකොට මගේ වයස එඋරුදු 10යි. එක දවසක් අම්ම මට දීල ගියා රු.2 න් බඩු ගෙනත් උයන්න කියලා. මම මගේ වයසේම යාලුවෙක් අක්ක කතා කර කර ලිප පත්තු කරන ගමන් පොල්ලෙලි අගුරට රු.2 තියල ලිප පත්තු කරලා. හාල්වලට වතුර ලිපේ තියල කඩේට යන්න සල්ලි හෙව්වා. අම්ම ආවට පස්සේ මන් කීවා සල්ලි නැතිවෙලා කියලා. අම්ම පාන් රාත්තලක් නයට ගෙනත් අපි 8 දෙනාටම කපල දුන්නා අමුවෙන්ම. ඒ එදා එත් අද අපි අපි සතුටින් ඉන්නවා.(නදී)
ආකිමිඩිස් **ගුරුත්වජ ත්වරණය** හොයාගත්ත වෙලේ ඇදුම් නෑ කියල ඔහුට අමතක වෙලා හෙළුවෙන් දිව්වා කියල බොලාට අමතක උනාද? (ස)
මේකත් ලොකු ප්‍රශ්නයක්ද?(නදී)
නිලූ , බොරු කියන්න එපා... (නි)
පොලවේ පය ගහල ඉන්න සාමාන්‍ය කාන්තාවක්. ඕවා සාමාන්‍ය දේවල්.(ස)
පව් තම පියා බලවත්ව රෝගී වූ හෙයින් ඇයට සිහිය විකල් වෙන්න ඇති.(නදී)
මේක හිනාවට කාරනයක්ද?(නදී)
සමහර කට්ටිය ගෙදර කට්ටිය මග හරින්න ඔහොම කරනවා. යාලුවා එක්ක රවුම් ගහන්න. (නි)
අමතක වීම මටත් තිබුන දවසක් පාසල් යනකොට යට කලිසම පිටින් පාරට බැස්ස පස්සේ මතක් උනේ දුවල ආවා ගෙදරට.(නදී)
ලංකාවේ වෙන ප්‍රවෘත්ති ඇත්තෙම නැද්ද? (අ)