දියවැඩියා සායන කිහිපයකට ඇතුළත්වී නොමිලයේ දෙන බෙහෙත් පිටතට විකුණා මුදල් ඉපයූ බව කියන දියවැඩියා රෝගියකු අල්ලා ගැනීමට රෝහලක සේවක පිරිසක් සමත්වූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.
වෛද්‍ය නිර්දේශය මත ග‍්‍රාමීය රෝහලක සායනයකින් ප‍්‍රතිකාර ලබා ගන්නා අතරේ තවත් එවැනිම රජයේ රෝහල් කිහිපයක වෛද්‍ය සායනවලටද මේ පුද්ගලයා ඇතුලත්වී තිබී ඇත. එහෙත් ඒ බව කිසිවකුටත් ඔහු පවසා නැති අතර දියවැඩියා සායනවලින් ලබාදෙන රෝගි තොරතුරු ඇතුලත් පොත් කිහිපයක්ම ගමන් මල්ලේ තිබෙනු දුටු රෝහල් සේවකයන් ඒ ගැන විමසද්දී ඔහුගේ උපාය ගැන හෙලිවී තිබේ.
වෛද්‍ය සායනවලදී නොමිලේ ලබාදෙන බෙහෙත් වර්ග පිටතට විකිණීමට පුරුදුව සිටි මොහුගේ වයස හා රෝගය ගැන සිතා අනුකම්පා කළ සේවකයන් යළිත් මෙවැනි ක‍්‍රියාවල යෙදී අසු වුවහොත් පොලිසියට අල්ලාදෙන බව පවසා මුදාහැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මිනිහෙක්නේ.., දැන් අපේ රටේ හොරකමයි වංචාවයි , බොරුවයි තමයි රජ කරන්නේ.., මෙහෙම වෙන්න හේතුව මොකක්ද.....? (දිල්)
මේ මනුස්සය කරපු වැඩේ වැරදියි. හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක්ගේ ගමන් මල්ලක් හෝ පුද්ගලික බඩු භාණ්ඩ පරීක්ෂා කරන්න තව කෙනෙකුට බලයක් හෝ අයිතියක් ලැබෙන්නේ කොහොමද මොන වගේ තත්වයක් යටතේද? ඒ භාණ්ඩ වලින් කාගෙවත් ආරක්ෂාවට තර්ජනයක් නැත්නම් ඒව ගැන ප්‍රශ්න කරන්න කාට හරි අයිතියක් ලැබෙනවද? නීතිමය පසුබිම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (අ)
හේතුව තමයි අපේ රටේ මිනිස්සු ජිවත් වෙන්නේ අමාරුවෙන් හොදට ඉන්න මිනිහත් කපටිකම් කරන්න පෙළඹෙනවා (දිල්)
අනේ මන්දා මේවාට කවදා විසදුම් ලැබෙයිද කියලා? (දී)
දරිද්‍රතාවය තමයි.(නදී)
එතකොට ඔය කියන රෝහල් සේවකයින් රොහලේ බෙහෙත් කවදාවත්ම මාටිය ගහල නැද්ද ? (දී)
අලුත් දින අච්චු ගහල කල් පැන්න බෙහෙත් විකුණන වෙළෙන්දන්ට වැඩිය මේ මිනිහ ෂුවර් ! (දී)
කාටද අනේ දැන් සීනි අමාරුව නැත්තේ කිලෝ එකක් කීයද දැන් ? (අ)
දැන් ඉන්න අය බලන්නේ වැඩි මහන්සියක් නැතිව හන්බ කරන විදිහනේ පව් වයස නිසා බර වැඩක් කරන්ඩත් බැහැ නේ නේද (අ)
සමහරුන් කෙතරම් අමාරුවෙන් දිවි ගෙවනවා දැයි මින් පැහැදිලිය. මාසෙකට සැරයක් සායනයකින් ලැබෙන බෙහෙත් විකුණල ධනවත් වෙන්න බෑ. රෝහල් වල ඉහල සිට පහලම නිලධාරීන්ගෙන් සිදුවන කාල නාස්තිය ,දූෂණය, සොරකම බැලුවොත් අගය සිතාමතා ගැනීමටවත් නොහැක. (අ)
දිළිදුකම ,නැතිබැරිකම නිසා මෙවැනි දේ වෙනවා කියල තමා හැම කෙනෙකුගේම මතය. මේක ජාවාරමක් මේකට අතර මැදියෙක් ඇති. (දී)
හොර දොස්තරලා හොර පාමසී තරම් මොහු නරක නැත. (අ)
සමන්, ලංකාව ඉන්නේ ඔයිට වඩා දශක ගණනක් පිටුපසින්. මිනිස්සු බලන්නේ අනෙකා මත හැකි උපරිම බලය පාවිච්චි කරන්න.(නදී)
ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසාම වෙන්න ඇති මේක කරන්නේ! අවවාද දීල මුදා හැරපු එක නම් හොඳයි. (දී)