IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දියවැඩියාව සායනයෙන් බේත් අරන් විකුණූ රෝගියා මාට්ටු

දියවැඩියා සායන කිහිපයකට ඇතුළත්වී නොමිලයේ දෙන බෙහෙත් පිටතට විකුණා මුදල් ඉපයූ බව කියන දියවැඩියා රෝගියකු අල්ලා ගැනීමට රෝහලක සේවක පිරිසක් සමත්වූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.

වෛද්‍ය  නිර්දේශය මත ග‍්‍රාමීය රෝහලක සායනයකින්  ප‍්‍රතිකාර ලබා ගන්නා අතරේ තවත් එවැනිම රජයේ රෝහල් කිහිපයක වෛද්‍ය සායනවලටද මේ පුද්ගලයා ඇතුලත්වී තිබී ඇත. එහෙත් ඒ බව කිසිවකුටත් ඔහු පවසා නැති අතර දියවැඩියා සායනවලින් ලබාදෙන රෝගි තොරතුරු ඇතුලත් පොත් කිහිපයක්ම ගමන් මල්ලේ තිබෙනු දුටු රෝහල් සේවකයන් ඒ ගැන විමසද්දී ඔහුගේ උපාය ගැන හෙලිවී තිබේ.

වෛද්‍ය සායනවලදී නොමිලේ ලබාදෙන බෙහෙත් වර්ග පිටතට විකිණීමට පුරුදුව සිටි මොහුගේ වයස හා රෝගය ගැන සිතා අනුකම්පා කළ සේවකයන් යළිත් මෙවැනි  ක‍්‍රියාවල  යෙදී අසු වුවහොත් පොලිසියට අල්ලාදෙන බව පවසා මුදාහැර ඇත.



අදහස් (0)

දියවැඩියාව සායනයෙන් බේත් අරන් විකුණූ රෝගියා මාට්ටු

සෙලිනා Thursday, 30 January 2014 11:41 AM

පුදුම මිනිහෙක්නේ.., දැන් අපේ රටේ හොරකමයි වංචාවයි , බොරුවයි තමයි රජ කරන්නේ.., මෙහෙම වෙන්න හේතුව මොකක්ද.....? (දිල්)

:       0       0

සමන් Thursday, 30 January 2014 12:00 PM

මේ මනුස්සය කරපු වැඩේ වැරදියි. හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක්ගේ ගමන් මල්ලක් හෝ පුද්ගලික බඩු භාණ්ඩ පරීක්ෂා කරන්න තව කෙනෙකුට බලයක් හෝ අයිතියක් ලැබෙන්නේ කොහොමද මොන වගේ තත්වයක් යටතේද? ඒ භාණ්ඩ වලින් කාගෙවත් ආරක්ෂාවට තර්ජනයක් නැත්නම් ඒව ගැන ප්‍රශ්න කරන්න කාට හරි අයිතියක් ලැබෙනවද? නීතිමය පසුබිම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (අ)

:       0       0

අනු Thursday, 30 January 2014 03:29 PM

හේතුව තමයි අපේ රටේ මිනිස්සු ජිවත් වෙන්නේ අමාරුවෙන් හොදට ඉන්න මිනිහත් කපටිකම් කරන්න පෙළඹෙනවා (දිල්)

:       0       0

නිහාල් Monday, 03 February 2014 10:26 AM

අනේ මන්දා මේවාට කවදා විසදුම් ලැබෙයිද කියලා? (දී)

:       0       0

කමනී Friday, 31 January 2014 01:19 PM

දරිද්‍රතාවය තමයි.(නදී)

:       0       0

සෙනෙවි Saturday, 01 February 2014 01:47 PM

එතකොට ඔය කියන රෝහල් සේවකයින් රොහලේ බෙහෙත් කවදාවත්ම මාටිය ගහල නැද්ද ? (දී) …

:       0       0

නැනි Saturday, 01 February 2014 01:57 PM

අලුත් දින අච්චු ගහල කල් පැන්න බෙහෙත් විකුණන වෙළෙන්දන්ට වැඩිය මේ මිනිහ ෂුවර් ! (දී)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 30 January 2014 07:11 PM

කාටද අනේ දැන් සීනි අමාරුව නැත්තේ කිලෝ එකක් කීයද දැන් ? (අ)

:       0       0

ශාන්ති Friday, 31 January 2014 07:04 PM

දැන් ඉන්න අය බලන්නේ වැඩි මහන්සියක් නැතිව හන්බ කරන විදිහනේ පව් වයස නිසා බර වැඩක් කරන්ඩත් බැහැ නේ නේද (අ)

:       0       0

ලසන්ත Friday, 31 January 2014 09:06 PM

සමහරුන් කෙතරම් අමාරුවෙන් දිවි ගෙවනවා දැයි මින් පැහැදිලිය. මාසෙකට සැරයක් සායනයකින් ලැබෙන බෙහෙත් විකුණල ධනවත් වෙන්න බෑ. රෝහල් වල ඉහල සිට පහලම නිලධාරීන්ගෙන් සිදුවන කාල නාස්තිය ,දූෂණය, සොරකම බැලුවොත් අගය සිතාමතා ගැනීමටවත් නොහැක. (අ)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 10:29 PM

දිළිදුකම ,නැතිබැරිකම නිසා මෙවැනි දේ වෙනවා කියල තමා හැම කෙනෙකුගේම මතය. මේක ජාවාරමක් මේකට අතර මැදියෙක් ඇති. (දී)

:       0       0

දොන් රොසන්ද සොයිසා Friday, 31 January 2014 12:13 AM

හොර දොස්තරලා හොර පාමසී තරම් මොහු නරක නැත. (අ)

:       0       0

සඳුන් Saturday, 01 February 2014 02:00 AM

සමන්, ලංකාව ඉන්නේ ඔයිට වඩා දශක ගණනක් පිටුපසින්. මිනිස්සු බලන්නේ අනෙකා මත හැකි උපරිම බලය පාවිච්චි කරන්න.(නදී)

:       0       0

රාජුන් Thursday, 30 January 2014 10:07 AM

ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසාම වෙන්න ඇති මේක කරන්නේ! අවවාද දීල මුදා හැරපු එක නම් හොඳයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site