වේගවත්ව දියුණුවට ලක්වන දකුණු පළාතේ ගම්මානයක වූ සිවිල් ආරක්‍ෂක කමිටු රැස්වීමකි. එහි විශේෂයක් වූයේ ගමේ දරු දැරියන් අතර ගම පිළිබඳ දැනුම මිනුම තරගයක් ද පැවැත්වීමයි.
දරුවන්ට පිළිතුරු දීමට නොහැකි වූ ප‍්‍රශ්න සභාවට යොමු කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙන අයට ද ත්‍යාග හිමිවිය.
ගම් සබා ක‍්‍රමය පැවති අවදියේ ගමේ නියෝජිතයා වූයේ කවුදැයි අසන ලද ප‍්‍රශ්නයට දරුවන් විවිධ නම් කීවත් ඒවා පිළිගැණුනේ නැත. අවසානයේ එය සභාවට යොමු කෙරිණ.
සභාවේ සිටි වියපත් මවක් ”මැම්බර මහත්තයා”යි කීවාය.
පිළිතුර නිවැරදි වූයෙන් ඇයට ද සභා රැුස්වීම අවසානයේ ත්‍යාගයකට හිමිකම ලැබිණ. අත්පොළසන් හඬ මැද ඉදිරියට ගිය ඇයට ලැබුණේ කවකටු පෙට්ටියකි. අන්දමන්ද වූ ඇය ”මේ හත් ඉලව්වෙන් මට ඇති වැඬේ මොකක්ද”යැයි සංවිධායකවරයාට කී විට ත්‍යාග සඳහා ගෙනැවින් තිබූ සුදු රෙද්දකට කවකටු පෙට්ටිය මරු කළා ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා, මට කියන්න තියෙන්නේ ඔබටත් තියෙන්නේ කවකටු පෙට්ටි අම්මගේ මොලයම තමා. මේක අවුරුදු උත්සවයක්ද? දරු ,දැරියන්ගේ දෙනුම මිනුම තරඟයක්ද? අවුරුදු උත්සවයක නම් ස්ත්‍රී,පුරුෂ,වයස් අනුව තෑගි වෙන් කරනවා. මේයාට සුදු රෙද්දට වඩා වටින්නේ නව ගුණ වැලක්.(නදී)
තරඟය සංවිධානය කරලා තියෙන්නේ දරු දැරියන් උදෙසා.දරුවන්ට උචිත ත්‍යාග තමයි සුදානම් කරලා තියෙන්නේ. දෙයියනේ, තෑග්ගකට අල්පෙනිත්තක් දුන්නත් බාරගන්න මොලයක් නැති අම්මලානේ අපේ රටේ ඉන්නේ. (නි)
මැම්බර් මහත්තයාගේ ගෙම්බර් තවම මතක අත්තම්මට නේද? (නදී)
ගාමිණී කියන්නේ ඔයාගේ අම්මටත් මොලයක් නැහැ කියලද? වියපත් අම්මට කවකටු පෙට්ටියෙන් වැඩක් නැහැනේ. අම්මා ඒක කාට හරි දෙයි.(නදී)
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඥාති දරුවෙකුට හරි ඕක තෑගි දෙන්න තිබ්බ නේද?(නදී)
පළමුදේ ඉවසීමයි, දෙවෙනිදේ කරුණාවයි, තමන් සතුදේ දීමයි, ලැබෙනදේ සැනසීමයි.(නදී)
ආච්චිට ඒක දීලා තියෙන්නේ සංවිධායකයන්ගේ දැනුම මැනලා බලන්න නේද? (නි)
වියපත් අම්මට තිබුනේ කවකටු පෙට්ටියේ තියන අඩි රූල් බාගෙ පෙන්නලා ඒකෙන් ගෙදර ඉඩ කඩම් සහ කුබුරු ටික මැනල දෙන්න කියන ඉල්ලීම කරන්න (ත)
මෙම්බෙර් මහත්තයා ගෙම්බර් නොදා නම්බර් එකට ප්‍රොබ්ලම් එක ෂේප් කළා. ස්තූතියි (නි)
මේ අම්මට උචිත තෑග්ගක් දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)
වරුනගේ කතාව හරි. බොරුවට කෑගහන්න ඕන නැහැනේ. (ස)
දරුවන් සඳහා සූදානම් කල තෑගිනේ තියෙන්න ඇත්තේ. ඒ අත්තම්මා ඒක අරගෙන සුදුසු දරුවෙකුට දුන්නනම් ඉවරයිනේ. (ස)
ආච්චට දීපු තෑග්ග කවකටු වෙනුවට මිනී කියලා තිබුනා නම් දෙයියෝ සාක්කි වලට දාන්න තිබුනා.(නදී)
ආච්චිට හොදට තවමත් මෙම්බර් මහත්තයා මතක තියෙන්නේ. ඒ කාලේ හොඳයි නේද? (නදී)
පිස්සු.
ආච්චිට දෙන්න හරි තෑග්ගක් නැත්නම් මොන පිස්සුවටද ආච්චිව අමාරුවට දාන්නේ. අනේ මේ සංවිධායක වරුන්ටත් පොඩ්ඩක් හිතල ආච්චිට ඇරයුම් කරන්න තිබුනා. කීයක් හරි පොඩි ගානක් මුදල් ත්‍යාග කරා නම් ඉවරයි නේද?(නදී)
සරසි ගේ ප්‍රතිචාරය වයසක අයෙකුට කරන හිත් රිදීමක් විය හැකි නේද? (නි)