IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දෙදහසක හෙල්මටය අමතක කර 1600ක් වටිනා පොල් 20ක් රැගෙන ගිහින්

(ජයරත්න වික‍්‍රමාරච්චි)

රුපියල් එක්දහස් හයසියයකට මිල නියම වූ පොල් ගෙඩි 20ක් රැගෙන මුදල් නොගෙවා පලා ගිය යතුරුපැදි කරුවකුට තම රුපියල් දෙදහසක් පමණ වටිනා හිස්වැස්ම අමතකව ගිය පුවතක් සාලියවැව කන්දඋඩ ප‍්‍රදේශයේ සිල්ලර වෙළෙඳසලකින් වාර්තා විය.

එම වෙළඳසලේ හිමිකරු පවසන පරිදි ඉකුත් 22 වැනි දින සවස තම වෙළඳසලට පැමිණි මැදිවියේ යතුරුපැදිකරුවෙකු එහි විකිණීමට තිබූ පොල් ගෙඩිවල මිල විමසා ඇත. මෙම අවස්ථාවේ වෙළඳසලේ සිටි බිරිය පොල්ගෙඩියක් රුපියල් අසූපහක් බව යතුරුපැදිකරුට පවසා ඇත.

තමන් පොල් රැගෙන යන්නේ පින්කමක් සඳහා බවත් එම නිසා මිල අඩුකර පොල්ගෙඩි 20ක් ලබාදෙන ලෙසත් මෙහිදී යතුරුපැදිකරු එම අවස්ථාවේදී වෙළඳසලේ හිමිකරුගේ බිරියගෙන් ඉල්ලා ඇත.

යතුරුපැදිකරුගේ එම ඉල්ලීමට අනුව පොල් ගෙඩියක් රුපියල් අසූවකට මිල නියම විය. ඒ අනුව පොල්ගෙඩි විස්සක් මිලදී ගැනීමට එකඟ වූ යතුරුපැදිකරු පොල් ගොඩෙන් තෝරාගත් ගෙඩි විස්සක් පොහොර උරයකට දමා ඇය විසින්ම ලබාදුන් ලණුවකින් උරයේ කටද ගැට ගසාගෙන ඇත.

අනතුරුව ව්‍යාපාරිකයාගේ බිරියගේද ආධාරයෙන් පොල් උරය යතුරුපැදියේ පිටුපස අසුනේ තබාගත් යතුරුපැදිකරු ඇගෙන්ම ඉල්ලා ගත් ලණුවකින් එය යතුරුපැදියේ ද ගැට ගසා ගෙන ඇත.

යතුරුපැදිකරු පොල් සඳහා මුදල් ගෙවනවා වෙනුවට තමන්ට සහල් කිලෝ පහක්ද ඉල්ලා ඇති අතර වෙළඳසල් හිමිකරුගේ බිරිය සහල් කිරීම සඳහා පිටත සිට වෙළඳසල ඇතුළට ගිය අවස්ථාවේදී යතුරුපැදිකරු එක්වරම සිය යතුරුපැදිය පණ ගන්වාගෙන අනුරාධපුර දෙසට පලාගොස් ඇත.

කෙසේ වෙතත් පලාගිය යතුරුපැදිකරුට රුපියල් දෙදහසක් පමණ වටිනා ඔහුගේ ආරක්ෂිත හිස්වැස්ම වෙළඳසල අසල සිමෙන්ති බැම්මක් මත අමතකව ගොස් තිබිණි.



අදහස් (2)

දෙදහසක හෙල්මටය අමතක කර 1600ක් වටිනා පොල් 20ක් රැගෙන ගිහින්

saman Wednesday, 29 November 2017 04:11 AM

දැන් ඉතින් මුදලාලි නෝනා ඕක ඔලුවේ දාගන ඉන්න එකයි ඇත්තේ.

:       0       168

kavantissa Thursday, 30 November 2017 07:31 PM

ඒ හල්මෙට් එක රුපියල් 1750 කට විකුණුවත් පොල්වල වටිනාකම ලබාගන්ට පුළුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site