(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තිස් පස් හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි ඩ්‍රයිවර් මාමා සමග අතිනත පටලවාගෙන ගිය සිද්ධියක් පසුගියදා මීරිගම පොලිසියේ දී දැකගත හැකි විය.
මීරිගම පොලිසියේ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා හමුවේ දිග හැරුණු කතාව මෙසේය.
තිස් පස් හැවිරිදි මේ තිදරු මවගේ සැමියා ආරක්ෂක අංශයේ සාමාජිකයෙකි. ඔහු පවුලේ වැඩ කටයුතු සඳහා කුඩා ලොරියක් මිලදී ගත්තේ කලකට පෙරය. දරුවන් තිදෙනා තවමත් පාසල් වියේය. බිරිඳ සැමියා නැති ගෙදරට නිතරම ආගිය රියදුරා ඇමතුවේ මාමා යනුවෙනි.
රියදුරු මාමාත් ගෘහනියත් අතර තහනම් ඇසුරක් වැඩුණි. කල් යත් යත් මේ බව සැමියාට ද දැන ගැනීමට ලැබිණි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි.
පැමිණිල්ල විභාගයට ගිය පොලිස් නිලධාරියා අමාරුවක වැටුනේ සැමියා දරුවන් තිදෙනා සමග පසෙක බලා සිටිය දී කාන්තාව රියදුරු මාමාගේ අතේ එල්ලී මට මාමා ඕනෑයි කීම නිසාය. දෙපක්ෂය පොලිසියට කැඳවාගෙන යාමට සිදුවූයේ ඒ නිසාය.
ගෙදර ලොරියේ සියලු දෙනාටම යාමට බැරි බව කී කාන්තාව ත්‍රිරෝද රථ දෙකක් ගෙන්වූවාය. මාමා සමග එක් රියකට ගොඩවූ කාන්තාව පොලිසියට යද්දී සැමියාට දරුවන් සමග අනෙක් ත්‍රිරෝද රථයේ නැගී පොලිසියට යාමට සිදුවිය.
දෙපක්ෂය කැඳවූ පොලිස් පරීක්ෂකවරයා දන්නා තරමින් හොඳ නරක කියා දුන්නේය. අනාගතයේ ඇති විය හැකි විපාක පිළිබඳව ද දැනුම්වත් කරනු ලැබුවේ දරුවන් තිදෙනකු අසරණ වීමෙන් සමාජයට සිදුවන අවැඩ ගැන කියා දෙමිනි. කෙතරම් කාලය ගත කළත් පලක් නොවීය.
“මට මාමා ඕනෑ මම මාමා එක්ක යනවා” කාන්තාව පැවසුවේ මාමාගේ අතේ එල්ලී සුරතල් වෙමිනි. මාමා ද කටහඬ අවදි කළේය. දුවට මාව ඕනෑම නම් මම එපා කියන්නේ කොහොමද ඔහු කීවේය. අන්තිමේ තමන් මාමා සමග යන බව පොලිස් පොතේ සටහන් කර නව යුවළක් මධුසමයට යනවා සේ කාන්තාව පොලිසියෙන් පිටව ජයග්‍රාහී ගමනින් පියමැන්නේ ආදරණීය සැමියාත් කඳුළු පිරි තෙන් හයක් ඇතිව දරුවන් තිදෙනාත් බලා සිටියදීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තිස් පස් වියේ තිදරු මව හැට වියේ ඩ්‍රැයිවර් මාමා එක්ක හනිමුන් ගිහින්
john abrahan Friday, 01 March 2019 10:21 PM
වැඩ කරු...
raheem Saturday, 02 March 2019 12:19 PM
නොදකින් මෙහෙමත් ගැහැණු...
A Haper Monday, 04 March 2019 04:33 AM
"දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි." ගැහැණු කෙනාට ගුටි දෙන්න කිසිම මිනිහෙක්ට අයිතියක් නෑ. එක විවාහක බිරිඳටත් එහෙම්මයි. වෙන රටක නම් මිනිහව කූඩුවට දාලා තමයි අනිත් එ්වා ගැන බලන්නේ...