IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


තරුණියගේ ගෙල බැඳි මාලය කියා සුරය කඩාගෙන

කරේ පැළඳ තිබූ යන්තරයේ බලයෙන් රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රත්තරන් මාලය බේරුණු පුවතක් නගරයට ආසන්න ගමකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය. තරුණියක් තම මව සමග මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි තරුණයකු එක්වරම තරුණියගේ කරේ තිබූ මාලය කඩාගැනීමට උත්සාහ දරා ඇත.

හදිසියේම මාලය කඩාගැනීමට උත්සාහ දැරූ ඔහුගේ අතට අසුවී ඇත්තේ කහ පැහැති නූලකින් කරට දමා තිබූ යන්තරය සහිත සුරය පමණි. තරුණියගේ සහ මවගේ කෑගැසීම නිසා එහි අහළ පහළ අය වටවන විට යතුරුපැදිකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.

කරේ තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය වෙනුවට ඔවුන්ට ගෙන යා හැකිවී ඇත්තේ කහ පැහැති නූල සහිත යන්තරය අඩංගු සුරය පමණි. අසල වෙළෙඳසලක කැමරාවේ යතුරුපැදිකරුවන්ගේ තොරතුරු සටහන් වී ඇති බවද කියති. (බලන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි*



අදහස් (0)

තරුණියගේ ගෙල බැඳි මාලය කියා සුරය කඩාගෙන

සුමිත්‍රා බස්නායක Saturday, 12 March 2016 09:25 AM

බෙල්ල බේරුනා ඇති. මොකටද රත්තරන් පළඳින්නේ. කාලයේ හැටි දන්නවනේ. (නි)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ Sunday, 13 March 2016 08:51 AM

හොද වැඩේ සෝබනේට මාල දානවට.. (බ)

:       0       0

පියුමාල් Friday, 11 March 2016 09:36 PM

අද කාලේ රන් ආභරණ පැළඳගෙන මඟතොටේ යන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි (නි)

:       0       0

ජෙනී Friday, 11 March 2016 10:12 AM

දැන් පිටබැද්දර කෙනා කියාවි මේ තරුණ බවලතිය නිසා අසරණ පිරිමියා අමාරුවේ කියලා. (ර)

:       0       0

ලියෝ Saturday, 12 March 2016 12:46 AM

සුරය නැතිවුණ කෙනාටත් වැඩිය අමාරුවක්නේ තියෙන්නේ, මෙතන ඉන්න සමහරුන්ට. (නි)

:       0       0

මලික් Sunday, 13 March 2016 11:41 PM

සුභාෂ්ටත් වළලු දාපු අතකින් මදි නොකියන්න ලැබිලා වගේ. (අ)

:       0       0

ඉනෝකා Friday, 11 March 2016 11:35 AM

අද අපේ රටේ සිදුවෙන දේවල් වල හැටියට, සුරෙන් ගියා ඇති. (ර)

:       0       0

ගුණවර්ධන Sunday, 13 March 2016 12:39 PM

සුමිත්‍රා යන්තරය නිසා ඇයගේ බෙල්ලද ආරක්ෂා විය (බ)

:       0       0

මලික් Monday, 14 March 2016 01:23 AM

සුභාෂ්ටත් වළලු දාපු අතකින් මදි නොකියන්න ලැබිලා වගේ. කතාවෙන්ම තේරෙනවා (නි)

:       0       0

රුවනි Friday, 11 March 2016 12:54 PM

දැන් සමහරු කියාවි අහිංසක පිරිමියෙක් බවලතෙකුගේ මාලය නිසා අමාරුවේ වැටුනා කියා. (ර)

:       0       0

සෑම් Sunday, 13 March 2016 03:45 AM

අපි නම් කොහොමත් දන්නවා පිටබැද්දරගේ මොළය හොඳ නැහැ කියලා. ඒ නිසා ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

දුල්මි Friday, 11 March 2016 12:49 PM

දැන් මේකටත් කාන්තාවන්ට දොස් කියාවිද දන්නේ නැහැ රත්රන් පළඳා ගෙන ගිහින් පිරිමි අමාරුවේ දැම්මා කියලා. (ර)

:       0       0

අමීර් Saturday, 12 March 2016 05:44 AM

ඒත් ඉතින් තමන්ට තිබුණ ආරක්ෂාව නේද කඩාගෙන ගියේ? (නි)

:       0       0

ජයසේන Friday, 11 March 2016 08:13 AM

වේලාව හොදයි ඒ අයගේ.(හේ)

:       0       0

ගුණවර්ධන Friday, 11 March 2016 02:39 PM

යන්තරරේ බලය නිසා මාලය ආරක්ෂා විය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site