IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා

තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය.

මොහු දිනපතා ඇය පන්ති යන අතරතුර බසයේ පා පුවරුවේ සිට ඇය දෙස බලමින් ගොස් භාෂාවෙන් යම් යම් දේවල් පවසමින් යාම පුරුද්දක් කරගෙන තිබුණි.

එහෙත් ඇය මොහුට අකමැති වූයේ මොහු ඇයට මෙන් දෙගුණයක් වයසින් වැඩි නිසාය. එහෙත් පසුබට නොවූ මෙම පුද්ගලයා දිනපතාම මෙම කි‍්‍රියාව සිදු කරගෙන ගියේය. අකමැත්තෙන් වුවද මෙම සියල්ල ඇයට විඳදරා ගැනීමට සිදුව තිබුණි. සිද්ධිය වූ දිනයේද මෙම පුද්ගලයා ඉනගාවට එල්ලූණු අලූත් තාලේ කලිසමක් ඇද ගෙන බසයේ පා පුවරුවට ගොඩ වී තම සුපුරුදු ක‍්‍රියාව පටන් ගෙන තිබේ. කලිසම ඔහුගේ ඉනෙහි රැුදී තිබුණේ යාන්තමිනි.

ටික දුරක් යාමේදි බසය වයසක කාන්තාවකට බැසීමට නතර කළ අතර බසයෙන් බැසීමේදී මෙම කාන්තාවගේ සාරි පොට පැටළී මෙම පුද්ගලයාගේ කලිසමේ කොනකින් අල්ලාගෙන ඇත. බුරුලට තිබූ කළිසමත් සමඟ කාන්තාව බිම වැටුණු අතර බසයේ පිරිසගේ හූ හඬ මැද්දේ අනංගයා කඩයකට පැන බසය යන තුරු සැඟවී සිට ඇත.



අදහස් (0)

තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා

සරසි Thursday, 24 September 2015 09:31 PM

කාන්තාවටම වරද පටවන්න හදන අයත් මෙතන ඉන්නවා වගෙයි (නි)

:       0       0

භානු Thursday, 24 September 2015 10:18 AM

මේක ගැහැණුන්ගේ විලාසිතා වල ප්‍රශ්නයක් නෙවෙයි නන්දදේව. ගෙදර නිදාගෙන සිටිය වයස 70ක වයසක බවලතිව අතවරයට ලක්වුණ රටක් මේක ඔබ කියන්නේ මුළු රටේම කාන්තාවන්ට ෆර්දාව අන්දවන්න කියලද (බ)

:       0       0

මලවි Wednesday, 23 September 2015 01:05 PM

කලවාන උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුගම මොකක්ද හලෝ ඔයාලගේ මේ භාෂාවෙන් කියන්නෙ (අ)

:       0       0

අජිත් Wednesday, 23 September 2015 01:32 PM

අපේ යාළුවෙකුටත් ඔය වගේ වැඩක් වුණා. අනිත් යහළුවෝ ඇත්තටම කලිසම නිකමට වගේ පොඩ්ඩක් පල්ලෙහාට ඇද්ද. මෙන්න බොලේ වැටුන බිමටම. නියම ෆන් එකක් එදා ගත්ත කට්ටියම. (අ)

:       0       0

දිනේෂ් Monday, 28 September 2015 07:44 AM

මෙම කතාවේ වැදගත්ම දෙයක් අද කලේ පාසල් යන සිසුවියන් දැන ගත යුතුය. මේවැනි රස්තියාදු කාරයෝ බස් වල කෝච්චි වල යන පාසල් ළමුන්ව යහළු කර ගෙන අවසානයේ ඒ ළමින්ගේ ජීවිත විනාශ කර ඒ ළමුන්ට සමාජයට මුහුණ දීමට බැරි තත්වයකට ඇද දමයි. (අ)

:       0       0

කාන්ති Thursday, 24 September 2015 10:48 AM

එහෙම නම් නන්දදේව අමුඩය ඇන්ද කුඹුරු කොටන ගොවි මහත්වරු දැක්කම කාන්තාවන්ටත් මෙලෝ සිහියක් නැති වෙන්න ඕන නේද ? ඕක ඇඳුමේ නෙවෙයි තම තමන්ගේ මානසික තත්වයේ ප්‍රශ්නයක් (බ)

:       0       0

දුල්මි Wednesday, 23 September 2015 01:50 PM

දැන් දැන් ලංකාවේ පිරිම් ගැන එන ආරංචි එච්චර හොඳ නැති නිසා මේ විදියේ හරි කලිසමක් අන්ඩගෙන බස් එකේ ගිය එක ගැන සතුටුයි විය යුතුයි. (අ)

:       0       0

අජිත් Wednesday, 23 September 2015 01:53 PM

මොකක්ද මේ මලවිට වෙලා තියෙන්නේ? (අ)

:       0       0

ජයනි Wednesday, 23 September 2015 02:50 PM

දැන් ඉතින් මේ පුද්ගලයන්ට කලිසමක් තියා සරමක්වත් ඇඳන් පාරේ යන්න බැහැනේ (බ)

:       0       0

විජේතුංග Thursday, 24 September 2015 01:02 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

නන්දදේව Thursday, 24 September 2015 06:26 AM

දුල්මි හිතුවද අද කාලේ ගැහැණු ගැන අහන්න ලැබෙන්නේ හොඳ කතා කියල . කොල්ලෝ කලිසම ඉන ගාවට ඇඳගන ගියාට ශරීරය වහගෙනනේ යන්නේ. අද කාලේ ගැහැණු යන්නේ ශරීරයෙන් 80% ම ප්‍රදර්ශනය කරගෙනනේ . මේ හැම ප්‍රශ්නයකට මුල ඒකයි. (බ)

:       0       0

ගුණවර්ධන Thursday, 24 September 2015 01:38 PM

ජයනි,මොනවද අනේ ඔයා මේ කියන්නේ? මේක සිද්ධවෙලා තියෙන්නේ එක කොල්ලෙකුට විතරයි (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 24 September 2015 07:33 AM

අයියෝ අපේ කොල්ලන්ට වෙන දේවල් දැන්වත් මේකට ඉනපටියක් අරන් දෙමු . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site