සේවය නිමාවී නේවාසිකාගාරයට යන තරුණයෙක් රාත්‍රී ආහාරය සඳහා හෝටලයකට ගොඩවිය. “මොනාද කන්නේ” වේටර් විමසීය. “මට සීයේ ඩොල්ෆින් එකක්” අසුන් ගනිමින් තරුණයා පැවසීය.
සුළු වේලාවකින් ඇණවුම් කළ ඩොල්ෆිනය ලැබිණි. ආහාර ගැනීමෙන් පසු තරුණයා කැෂියර් කූඩුව අසලට පිවිස රුපියල් සීයක් දිගු කළේය. “කීයද ගාන?” කැෂියර් තැන වේටර්ගෙන් විමසීය. “දෙසිය තිහයි” වේටර්ගේ ක්ෂණික පිළිතුර විය. “මම කෑවේ සීයේ ඩොල්ෆින් එකක්” තරුණයා කීය.
“නැහැ චිකන් ඩොල්ෆින් එකක්නේ” වේටර් පැවසීය. “ඒකේ කොහෙද චිකන් තිබුණේ.” තරුණයා කෝපයෙන් විමසූ විට කොත්තු බාස් ඇමතූ වේටර්, දැන් දුන්නේ චිකන් ඩොල්ෆින් එකක් නේදැයි ඇසීය. “නැහැ සීයේ ඩොල්ෆින් එකක්” කොත්තු බාස් පැවසීය. රුපියල් සීය ගෙවූ තරුණයා වේටර් අමතා “නිදිමත නම් ගිහිල්ලා නිදාගන්නවා. බොරු ගණන් කියන්නේ නැතිව.” යනුවෙන් පැවසීය. තරුණයා පිටවූ පසු වේටර්ට කතාකළ කැෂියර් තැන, “මොනාද බන් කරන්නේ තව ටිකකින් උඹට බඩපුරා කන්න වෙනවා.” යැයි පැවසූ විට මම හිතුවේ එයා වෙරි මරගාතේ ආවා කියලයි. වේටර් පැවසීය. සේදවත්තට දිවෙන මාර්ගයේදී සිදුවූවකි.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් මම නම් කවදාවත් ඔය කොත්තු කන්නේ නැහැ. මොකද ඕකේ තියනවා අපිට අහිතකර දේවල් එමට. හදන හැටි දැක්කම ඇති. (නි)
ජයා මතකද අපෙ ඉස්සර බොසා, ගෙදර පාටියේ ඉතුරුවා කොත්තු දම්මලා අපිට එවපු විදිහ (අ)
බලනකොට වෙරිවෙලා තියෙන්නේ වේටර්ටනේ (නි)
ලැජ්ජයි,හිරිකිතයි ඩොල්ෆින්ලත් මරන් කන කාලයක් ඇවිල්ලා.......අනේ කාලේ වනේ වාසේ කීවලු.....(ම)
මේ ඩොල්ෆින් කියන්නේ මොනවද කියලා පහදලා දෙනවද ? ඒ නමින් ඉන්න මාළුවා සහ වෑන් වර්ගය මිසක් මම දන්නා වෙන ඩොල්ෆින් කෙනෙක් නැහැ (අ)
ඩොල්ෆින් කියන්නෙත් කොත්තුම තමයි. නමුත් පරාට කපල තමයි දමන්නෙ. සාමන්‍ය කොත්තු වලට ගන්නෙ ගොදම්බ රොටි කපල. ඊට අමතරව තව දියර කිරි බොතල් කාලක් විතරත් දානව.(අ)
ඩොල්ෆින් එකක් කියන්නේ මොනවාටද? කොත්තු වගේ දෙයක්ද? (ර)
ඩොල්ෆින් කියන නම දැක්ක ගමන් කියවන්න එපා.ජාත්‍යන්තරය අපිට හිනාවෙයි (අ)
බීලා උනත් මිනිසුන්ගේ ලේ දහදිය උරා බොන්නේ පරෙස්සමට, මේ දවස්වල ගුගුරා ගුගුරා වහිනවා. (ර)
මදුවිත සප්පායම් වෙන . තැන්වල වේටර්ලා සහ මුදලාලියා හුගක් වේලාවට මෙය කරනවා වෙරි කියලා හිතාගෙන ගණන් වැඩිපුර දාලා බිලා හදනවා (හේ)
ඩොල්පින් කොත්තු කියන්නේ පරාට අතින් ලොකු කෑලි කඩල කිරිහොදි චිකන් හොදි දාල හදන තාච්චි කොත්තුවක්. චිකන් බිත්තර එළවලු ඕන විදියකට ගන්න පුළුවන් (ම)
මොකද අමතක වික්‍රම, මුහුණට අපි මොකුත් නොකිවුවට නැති තැන නම් ඉතින් පතුරු අරිනවා
කොත්තු කනකොට හැබැයි බලාගෙන හොඳේ (නි)