IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


තරගයට රේස් ගිය බසය බාල තෙල් නිසා පසු බැහැලා

බසයක් සමග තරගයට පිම්පේ ගිය බස් රථය මුල් බසය ඉස්සර කිරීමෙන් පසුව වේගය අඩු වුණේ බාල තෙල් නිසා බව එහි රියැදුරු ප‍්‍රකාශ කිරීම නිසා බසයක් තුළ කලබලයක් හට ගත්තේය. එය මහනුවර ප‍්‍රදේශයේ දුෂ්කර ප‍්‍රදේශයකට යන බසයකි. මෙම මාර්ගයේ ප‍්‍රධාන මාර්ගයෙන් හැරීම සඳහා කිලෝ මීටර් 15ක් පමණ යා යුතුය. ඒ අතරතුර මාර්ගයේ ගමන් කරන අනෙක් බස් රථ අභිබවා යාමට තරඟයට ධාවනය කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. මෙදිනද බස් රථය ධාවනය වූ අර පිටුපසින් පැමිණි අනෙක් බසය සමග තරඟයට ධාවනය වීම සිදු විය. කිලෝමීටර් පහක් පමණ එක පිම්මට හැටට හැටේ ගමන් කර පිටුපසින් පැමිණි බසය ඉස්සර කිරීමත් සමග එක්වරම බස් රථයේ වේගය බින්දුවට බැස ගියේය. බසයේ සිටි මගියකු මොකද ඩ‍්‍රැයිවර් මහත්තයෝ වේගය අඩු වුණේ යැයි ඇසූ විට රියැදුරු මහතා ප‍්‍රකාශ කළේ බාල තෙල් වගයක් ලැබිලා ඒකයි මේ ...... ඉතින් වෙන මොනවා කරන්නද?



අදහස් (0)

තරගයට රේස් ගිය බසය බාල තෙල් නිසා පසු බැහැලා

සරත් Tuesday, 09 April 2013 08:37 AM

ඉන්ධන ටැංකිය දෙමුහුන් වගේ. (නි)

:       0       0

චින්තක Tuesday, 09 April 2013 03:23 PM

ප්‍රසන්න කියන කතාව හරි, මුන් පාරේ යන්නේ මිනිස් ජීවිත ගෙන කිසිම තෙකීමක් නොකර. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 10 April 2013 09:30 PM

ජර්මනියේ තිබෙනවා වේග සිමා නොමැති අධිවේගී මාර්ග. නමුත් මේවයේ බස් වලට යාහැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 80 යි. නමුත් ලංකාවේ අධිවේගී මාර්ගය බස් සහ ලොරි පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යනවා. බරවාහන වලට අධිවේගී මාර්ගයේ යාහැකි උපරිම වේගය 80 කරන්න , එතකොට අනතුරු අඩුවේවි.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 April 2013 09:25 AM

මෙන්න මේ රේස් යන අය අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේදාන්න ඕනි. මෙ අය තමයි පාරවල් මලගෙවල් කරන්නෙ. මේ රේස් හින්දා අහිංසක මිනිස්සු කී දාහක් අකාලයේ නැතිවුනාද?(නදී)

:       0       0

ක්‍රිෂ් Wednesday, 10 April 2013 11:36 AM

දිනුවනම් ඒත් තෙල් බාලයි කියයිද ? (ස)

:       0       0

රත්නවීර Tuesday, 09 April 2013 10:52 AM

මේක මුසාවක්. බස් එක ඉස්සර කරලා ගියාට පස්සේ එක පස්සෙන් යන්නේ නැතුව මග කොට කොට යන්ඩ තමයි සැර බාල කලේ. (ස)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 11:24 AM

ලංකාවේ ඉන්දන වල ඉඳන් පැනඩෝල් පෙත්ත දක්වා සියල්ල බලාවී ඈත රටේ ජීවත්වෙන්නෙත් අඳබාලයන් නිසා ඕව පුදුමදෙවල් නෙවෙයි.. (ස)

:       0       0

අරුණ Tuesday, 09 April 2013 11:40 AM

චෝදනා ,පරීක්ෂණ ,දඩුවම්,උපදෙස්... නමුත් ක්‍රියාවලිය එකමයි. (නි)

:       0       0

කසුන ධර්මවංශ Tuesday, 09 April 2013 11:48 AM

ප්‍රසන්න හරියට හරි. (ස)

:       0       0

හේවාවිතාරණ Wednesday, 10 April 2013 02:18 AM

මින් පසුව බස්වලට බාල තෙල් ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කල යුතුය.(නදී)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 10 April 2013 08:14 AM

වේගයෙන් රථ පදවන්න කියන්නේ රජයෙන්මනේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:33 PM

ජර්මනියේ කොපමණ හොද බස් තිබුනත් රියදුරන් ඒවා ධාවනය කරන්නේ පරිස්සමින්. ජෙර්මනිය ධනවාදී රටක් වුනාට , බස්, උමන් දුම්රිය සේවා පවතින්නේ රජය අතේ. ලංකවේ ප්‍රවාහන සේවය රජයට පවරා ගත්තානම් මේ වගේ බස් රෙස් , බස් ස්ට්‍රිකේ අඩු වේවි. අපිට එතකොට ගැමුනුලගේ ආඩම්බර බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ .ඉස්සර ලංගම බස් මෙහෙම රේස් ගිහින් මිනිස්සු මැරුවේ නැහැ.(නදී)

:       0       0

ධනංජය Tuesday, 09 April 2013 02:50 PM

බස් එකේ ගිහින් තියෙන්නේ මිනිස්සුද, ඕක කිවුවට පස්සෙත් කටවල් වහගෙන ඉඳලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 368 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site