ඇය අවුරුදු තුනක දියණියකි. දිනක් ඇයගේ පියා හමුවීමට මිතුරෙක් පැමණියේ කේක් ගෙඩියකුත් රැගෙනය. කුඩා දියණිය කේක් ගෙඩිය රැගෙන ගෙතුළට ගියාය. එම කේක් වර්ගය රූපවාහිනියෙන් ද දැක ඇති ඇයට එහි නම හොඳට මතකය.
ඇය කේක් ගෙඩිය රැුගෙන මුලින්ම ගියේ කථාබහේ යෙදීසිටි ආච්චි සහ සීයා වෙතය. ඇය සීයාගේ අතින් අදිමින්, ‘‘සීයේ මේ කේක්වලට ආසදැයි’’ විමසුවාය. සීයාට එය ඇසුනේ නැත. ඇය සීයාගේ අතින් අදිමින් ‘‘සීයේ සීයේ මේ කේක්වලට ආසදැයි’’ නැවතත් විමසුවාය. ‘‘අපෝ නැහැ දුවේ’’ යැයි පැවසූ සීයා ආච්චි සමඟ කථාබහේ යෙදුනි. ඇය එවිට ආච්චි මේ කේක් වලට ආසදැයි විමසූවිට ආච්චිද නැහැයි කීවාය. පසුව ඇය පිවිසියේ තේ පිළියෙළ කරමින් සිටි මව වෙතය.
‘‘අම්මා මේ කේක් වලට ආසද?’’ ඇය ඇසුවාය. මවද තම කාර්යයේ යෙදෙමින් ‘‘නැහැ’’යි කීවාය. පසුව දියණිය පිය නැගුවේ සාලයේ සිටි පියා වෙතය. ඔහු මිතුරා සමග බර කතාවකය. ‘‘තාත්තා මේ කේක් වලට ආසද’’ දියණිය විමසූවිට පියා ඇයගේ හිස පිරිමදිමින් මිතුරා සමග සංවාදයේ යෙදෙන්නට විය. ඇය නැවතත් ‘‘තාත්තා මේ කේක්වලට ආසද’’ ඇසුවාය. පියා කේක් ගෙඩිය දෙස නොබලාම ‘‘ආස නැහැයි’’ පැවසීය. අවසානයේදී ඇය කේක් ගෙඩිය ගෙනා පියාගේ මිතුරාට කතා කොට, ‘‘ඔයා මේ කේක් වලට ආසද’’ විමසුවාය. එවිට සිනාසුණු ඔහු ‘‘මමත් ආස නැහැ’’ යැයි කීය. එවිට දියණිය ‘‘එහෙනම් මොකටද අන්කල් මේක ගෙනාවේ’’ යැයි විමසූවිට ඔහුට කට උත්තර නැති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් පිටිගලට වෙලා තියන අලකලංචිය අහද්දී තනි ඇහැට ඇඩෙනවා. දැන් ඔය කරන ජොබ් එක මාරු කලා නම් වැඩේ ටිකක් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. (අ)
පිටිගල කතා කලෙ අද පවතින සත්‍ය එයයි යථාර්තය. (අ)
බුද්ධිමත් දරුවෙක්. කොහොම වුණත් දරුවන් සමඟ කතාබහ කරද්දී වැඩිහිටියන් මීට වඩා කල්පනාවෙන් වැඩ කළොත් හොඳයි නේද? මොකද සමහර වෙලාවට අපිට නොතේරෙන නොපෙනෙන තැන් දරුවන් බොහොම ඉකමනට ග්‍රහණය කර ගන්නවා (නි)
හරිම හුරතල් කෙලි පොඩ්ඩ. මටත් මගේ දුවගේ පුංචි කාලේ මතක් වුණා. (නි)
නුවණක්කාර දරුවෙක් (නි)
පිටිගල මහතාගේ කථාව සියයට සියයක් හරි. දෙමවුපිටන්ට හැමදාමත් තමන්ගේ දරුවො පොඩියි. මට නොතේරෙන්නේ දරුවො ලොකු මහත්වෙද්දි දරුවන්ට ඇයි එහෙම හිතෙන්නේ නැත්තෙ කියලා. "මම තාමත් අම්මගේ පුංචි දුව, පුංචි පුතා. මම තාත්තගේ පුංචි පුතා. පුංචි දුව" පිටිගල මහතාගේ කථාවට මට හිතුනා මගේ අම්මාගේ උකුලේ ඔලුව තියාගෙන හඩන්න. ඒත් දැන් මම පරක්කු වැඩියි.(නි)
පැණි රස ශරීර සෞඛ්‍යයට අහිතකර බව කුඩා දරුවෙකුට උනත් තේරෙනවා (නදී)
ටිකිරි මොලේ. (ස)
පිටිගල මහතාගේ කතාව ඇසුවාම , මට ලංකාවේ මගේ ගෙදර මතක් වුනා. සමහර වෙලාවට අපිට දුවරුන් හැටියට දෙමව්පියන්ගෙන් දුරස් වෙන්න සිද්ධ වෙන්නේ නොසිතු විලසින්. විවාහ වුනාට පසුව සැමියාගේ වාසේ අපේ වාසෙනේ . කොහොම වුනත් මම නම් ගෙදරට සතියකට වරක් ස්කයිප් මගින් කතා කරනවා. ඒ වුනත් හිතේ කොනක පුංචි දුකක් හැමදාම මව්පියන් මතක් වෙලා එලියට එනවා. (ස)
අනේ මම මේ යාලුවා නම්, "අනේ දුවේ, මේක ඔයාලට ගෙනාපු එකක් නෙමෙයි.ගෙදර ගෙනියන්න ගත්ත එකක්" කියලා කෙල්ලට ටටා බායි කියලා කේක් එකත් අරගෙන මාරුවෙනවා (නි)
මටත් එහෙම හිතුන පිටිගල මහත්තයෝ.., දරුවන් ලොකු මහත් නොවී අපි අතරේ දැවටී දැවටී උන්නා නම් මොනතරම් සුන්දරද..? ''ඒත් '' ඉතින් එහෙම වෙන්නේ නැහැනේ නේද (නදී)
ෂෝක් කෙලි පොඩ්ඩ.හරි හුරතල් ඇති (නි)
කේක් ගෙඩිය මාරයි නේද? (නි)
පිටිගල මහත්තයාට තවම දරු සුරතල් බලන්න බැරිවෙලාද? (නි)
අපිත් දන්නවා ඔය කේක් එකේ නම, මෙලෝ රහක් නෑ. (ස)
පිටිගල මහත්තයා දරුවෝ ගැන මට ඔහොම හිතුන වාර අනන්තයි . මගේ පුත්තු දෙන්නම දැන් පිට රට. "ජීවිතය නම් මෙයදැයි මට සිතුන වාර අනන්තයි."(අ)
නෙලුම්,දුවේ අපි යථාර්තය තේරුම් අරන් ඉන්නේ. නමුත් අපිත් දුර්වල මනුස්ස යෝනේ.(අ)
ලංකාවේ දෙමාපියන් දරුවන්ට සවන්දීමේ ප්‍රවණතාවය පෙනෙනවා නේද? (නි)
පිටිගල....100% කතාව පිලිගනිමි....(අ)
පිටිගල මහත්තයෝ, ඔබ හරි. මටත් මෙහෙ සිට මගේ දෝනි මතක් වේ නඩු දිනයක් නැති තරම්. කිසිම රස කැමක් නොගන්නෙත් ඇය සමග බද ගැනීමට නොහැකි නිසයි. එන සම දුක් කම් කටෝලුවක්ම ඉවසන්නෙත් ඇගේ අනාගතය වෙනුවෙන් යමක් තනන්නයි. එත් මම යන විට අයගේ සුරතල් බව නැතිවී නම්...(අ)
හිතා ගන්න පුලුවන් ඔය කේක් එක මොනවද කියලා.අපිත් ඔය වර්ගය කන්නෙ නැහැ. එහෙත් ගාන අඩු නිසා තෑගි දෙන්න නම් නියමයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතනින් තව ගෙදරකට යනවා කල් ඉකුත්වීමේ දිනය එනතුරුම. (නි)
පිටිගල, දුවනියි,බිරිඳයි නිහඬ කලේ ඔබම නෙවේද? ඉතාලියට ඇවිත් එයාල ලංකාවේ නම්. යන තැනක දරු මල්ලොත් අරන් යන්න නේද තිබුනේ (නදී)
මේ කතාව දුටුවිට මගේ එකම දුව තුන් හැවිරිදි වියේ සිටි කාලය මට මැවී පෙනෙන්නට විය. ගෙදර දුවපනිමින් අපි දෙදෙනාට ගෙදර සුරවිමනක් කළ ඇය අද වසරකට වරක් මුණ ගැසුණත් ඒ සුරතල් බව දැන් ඇයගෙන් ගිලිහී ගොස් ඇත. ගෙය පුරා පිරී තුබුන සිනා හඬ වෙනුවට අද ඇත්තේ පාලු මූසල නිහඬ බවකි. වෙනදා උකුලට පනිමින් සුරතල් පෑ ඇය දැන් නිතරම පරිගණකයේ හෝ පොතක් සමඟය. දිනකට වචන කීපයක් පමණක් කතා කරනු ගෙතුළින් ඇසේ. බිරිඳ ඊටත් වඩා නිහඬය, ජීවිතය නම් මෙයදැයි මට සිතුන වාර අනන්තය. ළමයි ලොකුමහත් නොවී හැමදාම කුඩාවටම සිටින්නේ නම් කොච්චර හොඳද කියා නිකමට මට සිතුනි. (නි)
ඔය කියන කේක් ජාතිය කනවට වැඩ හොඳයි පස් කන එක. මෙලෝ රහක් නෑ කෙමිකල් රස විතරයි. (ස)
දුව ටිකක් ඉවසන්නකෝ. තව ටිකක් ලොකු වුණහම ලොකු අය කරන බොරු වැඩ තේරෙයි. (නි)
මම නම් කේක් කාල තමයි නම බලන්නේ (නදී)
හිතා ගන්න පුලුවන් ඔය ලේයර් කේක් එක මොනවද කියලා.අපිත් ඔය වර්ගය කන්නෙ නෑ. එත් ගාන අඩු නිසා තෑගි දෙන්න නම් නියමයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල එතනින් තව ගෙදරකට යනවා කල් ඉකුත් වීමේ දිනය එනකල්ම. (ස)
මම යාලුවා නම් පොඩි එකීට කියනවා .." පිස්සුද දුවේ, කවුද ඔයාලට කේක් ගෙනාවේ? මේක මේ ගෙදර ගෙනියන්න ගත්ත එකක් කියලා" යනකොට කේක් එකත් අරගෙන ගෙදර යනවා. පොඩි පණ්ඩිත ආච්චිට කට උත්තර නැතිවෙන්න. (නි)
යසෝරාවයේ බලදේවගේ තාත්ත (වික්‍රම සුරේන්ද්‍ර )ඔය කතාව නිතරම කිව්වා. දරුවෝ ලොකු නොවී ඉන්නව නම් කොච්චර හොදද කියලා. (නදී)
ඒ ගැහැණු ළමයා හරිම නුවනක්කාරයි (නදී)
යාලුවාට මුකුත් හිතාගන්න බැරිවෙන්න ඇති (නි)