IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


තුන් හැවිරිදි දියණියගේ පැනයට පියාගේ මිතුරාට තරු පෙනිලා

ඇය අවුරුදු තුනක දියණියකි. දිනක් ඇයගේ පියා හමුවීමට මිතුරෙක් පැමණියේ කේක් ගෙඩියකුත් රැගෙනය. කුඩා දියණිය කේක් ගෙඩිය රැගෙන ගෙතුළට ගියාය. එම කේක් වර්ගය රූපවාහිනියෙන් ද දැක ඇති ඇයට එහි නම හොඳට මතකය.

 ඇය කේක් ගෙඩිය රැුගෙන මුලින්ම ගියේ කථාබහේ යෙදීසිටි ආච්චි සහ සීයා වෙතය. ඇය සීයාගේ අතින් අදිමින්, ‘‘සීයේ මේ  කේක්වලට ආසදැයි’’ විමසුවාය. සීයාට එය ඇසුනේ නැත. ඇය සීයාගේ අතින් අදිමින් ‘‘සීයේ සීයේ මේ කේක්වලට ආසදැයි’’ නැවතත් විමසුවාය. ‘‘අපෝ නැහැ දුවේ’’ යැයි පැවසූ සීයා ආච්චි සමඟ කථාබහේ යෙදුනි. ඇය එවිට ආච්චි මේ කේක් වලට ආසදැයි විමසූවිට ආච්චිද නැහැයි කීවාය. පසුව ඇය පිවිසියේ තේ පිළියෙළ කරමින් සිටි මව වෙතය.

‘‘අම්මා මේ කේක් වලට ආසද?’’ ඇය ඇසුවාය. මවද තම කාර්යයේ යෙදෙමින් ‘‘නැහැ’’යි කීවාය. පසුව දියණිය පිය නැගුවේ සාලයේ සිටි පියා වෙතය. ඔහු මිතුරා සමග බර කතාවකය. ‘‘තාත්තා මේ කේක් වලට ආසද’’ දියණිය විමසූවිට පියා ඇයගේ හිස පිරිමදිමින් මිතුරා සමග සංවාදයේ යෙදෙන්නට විය. ඇය නැවතත් ‘‘තාත්තා මේ කේක්වලට ආසද’’ ඇසුවාය. පියා කේක් ගෙඩිය දෙස නොබලාම ‘‘ආස නැහැයි’’ පැවසීය. අවසානයේදී ඇය කේක් ගෙඩිය ගෙනා පියාගේ මිතුරාට කතා කොට, ‘‘ඔයා මේ කේක් වලට ආසද’’ විමසුවාය. එවිට සිනාසුණු ඔහු ‘‘මමත් ආස නැහැ’’ යැයි කීය. එවිට දියණිය ‘‘එහෙනම් මොකටද අන්කල් මේක ගෙනාවේ’’ යැයි විමසූවිට ඔහුට කට උත්තර නැති විය.

 



අදහස් (0)

තුන් හැවිරිදි දියණියගේ පැනයට පියාගේ මිතුරාට තරු පෙනිලා

නිරන්ජන් Wednesday, 09 July 2014 02:52 PM

අනේ පව් පිටිගලට වෙලා තියන අලකලංචිය අහද්දී තනි ඇහැට ඇඩෙනවා. දැන් ඔය කරන ජොබ් එක මාරු කලා නම් වැඩේ ටිකක් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. (අ)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 09 July 2014 03:07 PM

පිටිගල කතා කලෙ අද පවතින සත්‍ය එයයි යථාර්තය. (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 08:18 AM

බුද්ධිමත් දරුවෙක්. කොහොම වුණත් දරුවන් සමඟ කතාබහ කරද්දී වැඩිහිටියන් මීට වඩා කල්පනාවෙන් වැඩ කළොත් හොඳයි නේද? මොකද සමහර වෙලාවට අපිට නොතේරෙන නොපෙනෙන තැන් දරුවන් බොහොම ඉකමනට ග්‍රහණය කර ගන්නවා (නි)

:       0       0

අජිත් Thursday, 10 July 2014 08:23 AM

හරිම හුරතල් කෙලි පොඩ්ඩ. මටත් මගේ දුවගේ පුංචි කාලේ මතක් වුණා. (නි)

:       0       0

සමන් Thursday, 10 July 2014 05:51 PM

නුවණක්කාර දරුවෙක් (නි)

:       0       0

මනෝජ් Thursday, 10 July 2014 08:39 AM

පිටිගල මහතාගේ කථාව සියයට සියයක් හරි. දෙමවුපිටන්ට හැමදාමත් තමන්ගේ දරුවො පොඩියි. මට නො‍තේරෙන්නේ දරුවො ලොකු මහත්වෙද්දි දරුවන්ට ඇයි එහෙම හිතෙන්නේ නැත්තෙ කියලා. "මම තාමත් අම්මගේ පුංචි දුව, පුංචි පුතා. මම තාත්තගේ පුංචි පුතා. පුංචි දුව" පිටිගල මහතාගේ කථාවට මට හිතුනා මගේ අම්මාගේ උකුලේ ඔලුව තියාගෙන හඩන්න. ඒත් දැන් මම පරක්කු වැඩියි.(නි)

:       0       0

ගාමිණී -සිරි Wednesday, 09 July 2014 05:30 PM

පැණි රස ශරීර සෞඛ්‍යයට අහිතකර බව කුඩා දරුවෙකුට උනත් තේරෙනවා (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 08:57 AM

ටිකිරි මොලේ. (ස)

:       0       0

නෙළුම් Thursday, 10 July 2014 09:03 AM

පිටිගල මහතාගේ කතාව ඇසුවාම , මට ලංකාවේ මගේ ගෙදර මතක් වුනා. සමහර වෙලාවට අපිට දුවරුන් හැටියට දෙමව්පියන්ගෙන් දුරස් වෙන්න සිද්ධ වෙන්නේ නොසිතු විලසින්. විවාහ වුනාට පසුව සැමියාගේ වාසේ අපේ වාසෙනේ . කොහොම වුනත් මම නම් ගෙදරට සතියකට වරක් ස්කයිප් මගින් කතා කරනවා. ඒ වුනත් හිතේ කොනක පුංචි දුකක් හැමදාම මව්පියන් මතක් වෙලා එලියට එනවා. (ස)

:       0       0

තිලක් Wednesday, 09 July 2014 07:55 AM

අනේ මම මේ යාලුවා නම්, "අනේ දුවේ, මේක ඔයාලට ගෙනාපු එකක් නෙමෙයි.ගෙදර ගෙනියන්න ගත්ත එකක්" කියලා කෙල්ලට ටටා බායි කියලා කේක් එකත් අරගෙන මාරුවෙනවා (නි)

:       0       0

පහන්දී Wednesday, 09 July 2014 09:14 PM

මටත් එහෙම හිතුන පිටිගල මහත්තයෝ.., දරුවන් ලොකු මහත් නොවී අපි අතරේ දැවටී දැවටී උන්නා නම් මොනතරම් සුන්දරද..? ''ඒත් '' ඉතින් එහෙම වෙන්නේ නැහැනේ නේද (නදී)

:       0       0

ජනක් Wednesday, 09 July 2014 08:40 AM

ෂෝක් කෙලි පොඩ්ඩ.හරි හුරතල් ඇති (නි)

:       0       0

තිලාන් Thursday, 10 July 2014 02:30 AM

කේක් ගෙඩිය මාරයි නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 14 July 2014 07:53 PM

පිටිගල මහත්තයාට තවම දරු සුරතල් බලන්න බැරිවෙලාද? (නි)

:       0       0

ටීනා Wednesday, 09 July 2014 10:04 AM

අපිත් දන්නවා ඔය කේක් එකේ නම, මෙලෝ රහක් නෑ. (ස)

:       0       0

බොනි Saturday, 12 July 2014 08:10 AM

පිටිගල මහත්තයා දරුවෝ ගැන මට ඔහොම හිතුන වාර අනන්තයි . මගේ පුත්තු දෙන්නම දැන් පිට රට. "ජීවිතය නම් මෙයදැයි මට සිතුන වාර අනන්තයි."(අ)

:       0       0

බොනි Saturday, 12 July 2014 08:14 AM

නෙලුම්,දුවේ අපි යථාර්තය තේරුම් අරන් ඉන්නේ. නමුත් අපිත් දුර්වල මනුස්ස යෝනේ.(අ)

:       0       0

සේරම් Thursday, 10 July 2014 11:50 AM

ලංකාවේ දෙමාපියන් දරුවන්ට සවන්දීමේ ප්‍රවණතාවය පෙනෙනවා නේද? (නි)

:       0       0

රන්ජන් - ඉන්දියාව Saturday, 12 July 2014 09:06 AM

පිටිගල....100% කතාව පිලිගනිමි....(අ)

:       0       0

සරත් Saturday, 12 July 2014 09:51 AM

පිටිගල මහත්තයෝ, ඔබ හරි. මටත් මෙහෙ සිට මගේ දෝනි මතක් වේ නඩු දිනයක් නැති තරම්. කිසිම රස කැමක් නොගන්නෙත් ඇය සමග බද ගැනීමට නොහැකි නිසයි. එන සම දුක් කම් කටෝලුවක්ම ඉවසන්නෙත් ඇගේ අනාගතය වෙනුවෙන් යමක් තනන්නයි. එත් මම යන විට අයගේ සුරතල් බව නැතිවී නම්...(අ)

:       0       0

තුශාර Thursday, 10 July 2014 05:21 AM

හිතා ගන්න පුලුවන් ඔය කේක් එක මොනවද කියලා.අපිත් ඔය වර්ගය කන්නෙ නැහැ. එහෙත් ගාන අඩු නිසා තෑගි දෙන්න නම් නියමයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතනින් තව ගෙදරකට යනවා කල් ඉකුත්වීමේ දිනය එනතුරුම. (නි)

:       0       0

පද්මිනී Friday, 11 July 2014 05:06 AM

පිටිගල, දුවනියි,බිරිඳයි නිහඬ කලේ ඔබම නෙවේද? ඉතාලියට ඇවිත් එයාල ලංකාවේ නම්. යන තැනක දරු මල්ලොත් අරන් යන්න නේද තිබුනේ (නදී)

:       0       0

පිටිගල Wednesday, 09 July 2014 11:54 AM

මේ කතාව දුටුවිට මගේ එකම දුව තුන් හැවිරිදි වියේ සිටි කාලය මට මැවී පෙනෙන්නට විය. ගෙදර දුවපනිමින් අපි දෙදෙනාට ගෙදර සුරවිමනක් කළ ඇය අද වසරකට වරක් මුණ ගැසුණත් ඒ සුරතල් බව දැන් ඇයගෙන් ගිලිහී ගොස් ඇත. ගෙය පුරා පිරී තුබුන සිනා හඬ වෙනුවට අද ඇත්තේ පාලු මූසල නිහඬ බවකි. වෙනදා උකුලට පනිමින් සුරතල් පෑ ඇය දැන් නිතරම පරිගණකයේ හෝ පොතක් සමඟය. දිනකට වචන කීපයක් පමණක් කතා කරනු ගෙතුළින් ඇසේ. බිරිඳ ඊටත් වඩා නිහඬය, ජීවිතය නම් මෙයදැයි මට සිතුන වාර අනන්තය. ළමයි ලොකුමහත් නොවී හැමදාම කුඩාවටම සිටින්නේ නම් කොච්චර හොඳද කියා නිකමට මට සිතුනි. (නි)

:       0       0

සමන් Thursday, 10 July 2014 06:07 AM

ඔය කියන කේක් ජාතිය කනවට වැඩ හොඳයි පස් කන එක. මෙලෝ රහක් නෑ කෙමිකල් රස විතරයි. (ස)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 09 July 2014 04:41 AM

දුව ටිකක් ඉවසන්නකෝ. තව ටිකක් ලොකු වුණහම ලොකු අය කරන බොරු වැඩ තේරෙයි. (නි)

:       0       0

කුමාර Thursday, 10 July 2014 06:29 AM

මම නම් කේක් කාල තමයි නම බලන්නේ (නදී)

:       0       0

තුශාර Thursday, 10 July 2014 06:45 AM

හිතා ගන්න පුලුවන් ඔය ලේයර් කේක් එක මොනවද කියලා.අපිත් ඔය වර්ගය කන්නෙ නෑ. එත් ගාන අඩු නිසා තෑගි දෙන්න නම් නියමයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල එතනින් තව ගෙදරකට යනවා කල් ඉකුත් වීමේ දිනය එනකල්ම. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 July 2014 05:17 AM

මම යාලුවා නම් පොඩි එකීට කියනවා .." පිස්සුද දුවේ, කවුද ඔයාලට කේක් ගෙනාවේ? මේක මේ ගෙදර ගෙනියන්න ගත්ත එකක් කියලා" යනකොට කේක් එකත් අරගෙන ගෙදර යනවා. පොඩි පණ්ඩිත ආච්චිට කට උත්තර නැතිවෙන්න. (නි)

:       0       0

පහන් Sunday, 13 July 2014 02:49 PM

යසෝරාවයේ බලදේවගේ තාත්ත (වික්‍රම සුරේන්ද්‍ර )ඔය කතාව නිතරම කිව්වා. දරුවෝ ලොකු නොවී ඉන්නව නම් කොච්චර හොදද කියලා. (නදී)

:       0       0

නිදුල සිල්වා Wednesday, 09 July 2014 01:58 PM

ඒ ගැහැණු ළමයා හරිම නුවනක්කාරයි (නදී)

:       0       0

මාලිකා Wednesday, 09 July 2014 05:47 AM

යාලුවාට මුකුත් හිතාගන්න බැරිවෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 60 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 658 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 783 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 666 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1244 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 723 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 661 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site