(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
තම පියාට පහරදීමක් සිදුකර පළා ගිය බව කියන පුතෙකු පසුව පියාට දුරකතන ඇමතුමක් දී ඔහුගෙන් සුවදුක් විමසූ පුවතක් වයඹ පළාතේ මුහුදුබඩට නුදුරු ගමකින් පසුගියදා වාර්තා විය.
වයස අවුරුදු 30ක් පමණ වන බව කියන මෙම පුතා විවාහක එක්දරු පියකු බවත් පැවසේ. මොහු සිය බිරියව රට රැකියාවකට යවා ඇය එවන මුදල් හිතුමතේ වියදම් කරමින් බේබදු ජීවිතයක් ගතකරන බවට දිනක් ඔහුගේ මව්පියන්ට දැන ගන්නට ලැබී ඇත.
ඒ අනුව බිරිය දුක්මහන්සි වී එවනු ලබන මුදල් නිරපරාදේ වියදම් නොකර ඒවා අරපරෙස්සම් කරගෙන තම රැකියාවෙන් දරුවා සමග යහපත් ජීවිතයක් ගත කරන ලෙසට අවවාද කිරීමේ අරමුණෙන් පසුගිය දිනක රාත්‍රී මෙම මව්පිය යුවළ තම පුතා සිය නිවෙසට කැඳවා තිබුණි.
පුදුමයට කරුණ නම් මෙම බේබදු පුතා තම මව්පියන් හමුවීමට මෙදින සිය මහගෙදරට පැමිණ ඇත්තේ ද බීමතිනි. නමුත් අසිහියෙන් නොසිටි තම පුතුට රාත්‍රී ආහාරය ද පිළිගැන්වූ මව්පියන් අනතුරුව බීමත්කමේ ආදීනව ඇතුළු කරුණු කාරණා අවබෝධ කර දෙමින් අවවාද දෙන්නට විය. නමුත් මව්පියන්ගේ එම අවවාද පුතාට “නයාට අඳුකොළ” මෙන් විය. ඔහු ඒවා පිළිගන්නවා වෙනුවට ඒවා අසා කිපුණි. “මට ඕකට ද එන්න කීවේ” යැයි යටි ගිරියෙන් පවසා ඒ සමගම පියාගේ ගෙල පෙදෙසට ද වැරෙන් පහරක් ගසා අනතුරුව ඔහු පසෙකට ද තල්ලුකර දමා පලාගොස් ඇත.
එසේ පලා ගිය පුතා පසු දින උදෑසන දුරකතන ඇමතුමක් දී තමාගේ සුවදුක් විමසූ බවත් එවිට තමාගේ දෙනෙත්වලින් කඳුළු ගැලුවා හැර පුතා කෙරෙහි තරහක් හෝ වෛරයක් ඇති නොවූ බවත් මේ ගැන දැන විමසූ අසල්වැසියකුට පියා පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තාත්තාට පහරදී පැනගිය පුතා උදේ කෝල්කර සැප සනීප අහලා
Aji Monday, 22 May 2017 08:19 AM
මොහුට අපාය අත ළග .....
Guna pala Monday, 22 May 2017 10:01 AM
මේ වගේ දෙයක් කළා නම් පවුලෙන්ම අයින් කරලා දමන්න ඕන...
nali Wednesday, 31 May 2017 02:04 AM
පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදී.