IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


තුට්ටු දෙකට සුපිරි නාන කාමරයක් හදන්න ගිහින් අලි අමාරුවක වැටිලා

නිවසේ නාන කාමරයේ අලූතින් සවිකළ වැසිකිළි කට්ටලය දෙමසකට පසු ගලවා එය අයිතිකරුවන්ට ආපසු බාරදීමට රජරට නව නගරයක පුද්ගලයකුට සිදුවිය.
මෙම වැසිකිළි කට්ටලය පාවිච්චියට ගෙන තිබිණැයි ද පැවසේ.
සිද්ධිය මෙසේය.
නගරයේ ඉදිකැරෙන නව ගොඩනැගිල්ල සඳහා රුපියල් තුන් ලක්ෂයක් වටිනා උපකරණ එහි අයිතිකරු ගෙනැවිත් තිබුණේය. ඒවා ගොඩනැගිල්ලේ කාමරයක ගොඩ ගසා තැබීය. මේ අතර පිඟන් ගඩොලින් සැකැසූ ඒවා රැසක් විය.
පසුගිය දෙසැම්බර් මාසයේදී දිනෙක මෙම උපකරණ තොගය අතුරුදන්ව ඇති බව අයිතිකරුට දැනගන්නට ලැබිණි. ඔහු ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කළේය.
මෙම සොරකම සම්බන්ධ පිරිසක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඒවා විවිධ පුද්ගලයන්ට අඩු මිල ගණන්වලට විකුණා දමා ඇති බවයි.
පොලිසිය සැකකරුවන් සමග ඒ ඒ තැන්වලට ගොස් උපකරණ සියල්ල සොයා ගත්තේය. ඒ අතර වැසිකිළි කට්ටලය ද සොයා ගැනීමට හැකිවිය.
එය මිලට ගෙන තිබූ පුද්ගලයාගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තමන් මෙම වැසිකිළි කට්ටලය වෙළෙඳ පොළේ පවතින මිලට වඩා බොහෝ අඩු ගණනකට ගත් බවයි. එසේ වුවත් එය වැරැද්දකට කළ උදව්වක් විය හැකි නිසා වැසිකිළි කට්ටලය ආපසු ගලවාගෙන යන ලෙස දැන්වීය.



අදහස් (0)

තුට්ටු දෙකට සුපිරි නාන කාමරයක් හදන්න ගිහින් අලි අමාරුවක වැටිලා

සුනිල් Tuesday, 26 February 2013 07:30 AM

ඉෂාර, ඔයා හරි. (නි)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 05:02 AM

කන බොන දෑ පිට කරන්න එම සමාජ තත්ව අනුව මිලක් තිබෙනවා. අඩු වියදමින් වෑඩි සුඛෝපභෝගිත්වයෙන් එය පිට කරන්න යන අයට හොද පාඩම්.(නදී)

:       0       0

හරින් Tuesday, 26 February 2013 08:00 AM

අපෝ සිල්වා කරවෙනවා.(නදී)

:       0       0

ගාමිණී Friday, 22 February 2013 12:09 PM

අයිතිකරු ඇහැගහගෙන හිටියත් කොපමණ සැලකුවත් සමහර බාස්ලත්, ගෝලයොත් මේ වගේ ජරා වැඩ කරනවා.(නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 28 February 2013 03:00 PM

මේ වගේ දේවල් සැලසුම් කරන්න හිතන් ඉන්න අයට හොඳ පාඩමක්... (ස)

:       0       0

හේරත් Friday, 22 February 2013 01:05 PM

ටිකක් ගාන වැඩිවුනාම මොකෝ හයි කරන්නේ එක සැරයයිනේ. ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕකට තමයි.(නදී)

:       0       0

ජයතිස්ස Friday, 22 February 2013 01:41 PM

කවුද අකමැති අඩු ගානට බඩු ලබා ගන්න. මේවා සාමාන්‍ය ‍සිදුවීම්...(ස)

:       0       0

ලීල් Sunday, 24 February 2013 05:59 PM

සරත්, ඔයාලා වගේ කවදාවත් හිනා නොවුණු අය කොහොමද මෙහෙම දේවල් වලට හිනාවෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Monday, 25 February 2013 08:43 AM

අයියෝ! අබුද්දස්ස කාලේ කොමඩුත් හොරකම් කරලා නේද? (නි)

:       0       0

සරත් Saturday, 23 February 2013 06:37 PM

අනේ සිල්වා, මට හිනායන්නෙ නැහැනේ (නි)

:       0       0

ඉෂාර Saturday, 23 February 2013 08:17 AM

ලාභ බඩුවේ හිලක් (දී)

:       0       0

සිල්වා Friday, 22 February 2013 03:58 PM

හිනායන කතාවක්නේ මේක (දී)

:       0       0

සරත් Friday, 22 February 2013 09:20 AM

පාවිච්චි කළ වැසිකිලි බද සවිකරන්නත් ට්කක් ගාන සැරයි.(නදී)

:       0       0

විශාකා Monday, 25 February 2013 03:50 PM

ටිකක් සල්ලි ගියත් කමක් නැහැ මොකද ජිවිත කාලෙටම එකයිනේ (දී)

:       0       0

අනුර Monday, 25 February 2013 03:48 PM

මේ වගේ වැඩ කරන කොට ලාබය ගැනත් හිතන්න ඕනේ (දී)

:       0       0

අප්සරා Monday, 25 February 2013 03:51 PM

මේවා හොද පාඩම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 1008 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1044 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3964 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1475 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11880 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 992 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 798 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2352 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site