IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඡන්දපොළට යන්න වාහනයට නැග්ග මගියාගේ කට වැරදී මග හලා ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මනාපයක් ලබා ගැනීම සඳහා අතරමංව සිටි තැනැත්තකු ඡන්ද පොළට රැගෙන යන අතරතුරේදී ඔහු විරුද්ධ පාක්ෂිකයකු බව දැනගෙන හෙතෙම අතරමග දමා යාමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය. 


පොල්ගහවෙල ප්‍රදේශයේ සිට ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට ඡන්දය දැමීම සඳහා පිරිසක් ඔවුන් සතු පුද්ගලික වෑන් රථයකින් ඊයේ (05) පෙරවරුවේදී පැමිණෙමින් සිටියහ. ඒ අවස්ථාවේදී කුරුණෑගල නගරයේ බස් රථයක් නොමැතිව තම ගම්බිම් බලා යාමට නොහැකිව අතරමංව සිටි තැනැත්තකු මොවුනගේ නෙත ගැටී ඇත.  තමාට... ගමට යාමට අවශ්‍ය නමුත් බසයක් නොමැති බව හෙතෙම ඔවුනට පැවසීය. 


‘‘අපිත් යන්නේ ගල්ගමුව ප්‍රදේශයට එහෙනම් ඔයාටත් යන්න පුළුවන්’’ සැබෑ මිනිසුන් ලෙස පිහිට වී ඔහු වෑන් රථයට නංවාගෙන පැමිණෙමින් සිටි අතරවාරයේ රටේ තත්ත්වය හා ඡන්ද උණුසුම ගැන ඔවුන් කතා කරමින් පැමිණියේය.  


වෑන් රථයේ පිරිස... ‘‘අහවල් අපේක්‍ෂකයා නම් අපිට ඇස් දෙකට පේන්න බැහැ’’ යනුවෙන් පවසා තිබේ. ඒ සමගම අතරමංව සිට එහි නැගී එන තැනැත්තා ද 
‘‘මටත් එයා නම් පෙන්නන්න බැහැ. මමවත් අපේ ගෙදර එකෙක්වත් ඔය අපේක්ෂකයාට නම් ඡන්දයක් දෙන්නේ නැහැ.’’ යනුවෙන් පෙරළා පිළිතුරු දී තිබේ.  ඒ සමගම වෑන් රථයෙන් පැමිණි පිරිස මුහුණෙන් මුහුණ බලාගෙන ටික දුරක් නිසොල්මන්ව ඉදිරියට විත් වෑන් රථය නවතා ඇත. 


‘‘මහත්තයෝ අපි මෙතනින් යන්නේ ඔයා බහිනවාද. කරුණාකර වෙනත් වාහනයක යන්න’’ කියා රැගෙන ආ තැනැත්තා බස්සවා විකල්ප මාවතක් ඔස්සේ වෑන් රථය ඉදිරියට ගොස් ඇත. එම පිරිස... අහවල් අපේක්‍ෂකයා හොඳ නැති බව පවසා ඇත්තේ මෙම තැනැත්තාගේ හිත බලන්නට බවත්, එම පිරිස එකී අපේක්‍ෂකයාගේ ඥාති පාර්ශ්වයක් නිසා සිත් තැවුලට පත්ව මෙම තැනැත්තා අතරමග දමා නික්ම ගොස් ඇති බවත් පසුව දැන ගන්නට ලැබී තිබේ. 

 



අදහස් (0)

ඡන්දපොළට යන්න වාහනයට නැග්ග මගියාගේ කට වැරදී මග හලා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site