දකුණු පළාතේ කඳුකරය ආශ‍්‍රිත උපනගරයක පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ වාහනයක් පාර අයිනේ නවතා තිබිණි. තරුණයන් කීපදෙනකු එතැනට ආවේ අපේක්ෂකයා එහි ඇතැයි සිතාගෙනය. එහෙත් වාහනයේ රියැදුරා පමණක් සිටි අතර ඔහු ද සුක්කානමට හිස තබාගෙන තද නින්දේය. තරුණයින් වීදුරුවට තට්ටුකොට ඔහු අවදි කැර ලොක්කා ගැන ඇසීය.
”අරයගෙ සපෝටර්ල ටිකක් කලකිරී ඉන්නවා කියලා උන්ට කොක්ක ගහන්න ලොක්ක යාලූවෙක් එක්ක ගියා. රියැදුරු කීවේ තමන්ට එරෙහි අපේක්ෂයකුගේ නමද කියමිනි.
ඇත්තදැයි ඇසූ තරුණයෝ ”ඔන්න වාහනේ පස්ස පැත්තට කවුද කොක්ක ගහලා. ඒක දැකලයි ආවේ” කියමින් ඒ දෙසට අත දිගු කළහ.
වාහනයේ පිටුපස දෙසට ගිය රියැදුරුට තරු පෙනිණ. කලින් සඳහන් කළ විරුද්ධ පාක්ෂික අපේක්ෂකයාගේ විශාල ඡායාරූපයක් එහි අලවා තිබෙනු දුටු රියැදුරු එය ගලවා දැම්මේ අසභ්‍ය වචන කීපයක් ද පවසමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලිනා, ඔයා ඡන්ද නැති කාලේදී නිද්‍රාවකද ඉන්නේ? ජනතාව අකමැති දේවල් තමයි අවුරුද්ද පුරාම සිද්ධ වෙන්නේ. හරියට මොළේ කල්පනා කරලා ඡන්දෙ දුන්නොත් අඩු වශයෙන් මේ දිනේදිවත් ඔයා කැමති දෙයක් සිදු උනා කියල සතුටු වෙන්න පුළුවන්.(නදී)
ජනතාව හැමදාම හරකාගේ චරිතය නියමෙට රගනවා.(නදී)
අයියෝ රටේ සල්ලි.පුදුම වෙන්න දෙයක් නැ ඔය හැමෝම පෝස්ටර් අලවන් නැති තැනක් නැනේ.ඒ තරම් පෝස්ටර් උණක් ඔය අයට තියෙන්නේ.(දී)
මං හරි අකමැති දෙයක් තමයි ඡන්දෙ දවස්වලට මේ සිද්ද වෙන., විකාර වැඩ, බොරු වැඩ, සාමකාමී ලෙස තම පලාතට සුදුසු කෙනා තෝරා ගන්න (අ)
"මං හරි අකමැති දෙයක් තමයි ඡන්දෙ දවස්වලට මේ සිද්ධ වෙන., විකාර වැඩ, බොරු වැඩ, සාමකාමී ලෙස තම පළාතට සුදුසු කෙනා තෝරා ගන්න" අපි අකමැති කොපමණ දේ සිදුවනවාද (දිල්)