IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගොවි සහතිකයක් ගන්න ගිහින් ග‍්‍රාම නිලධාරියා ඇසූ ප‍්‍රශ්නවලට ගොළු වෙලා

ගොවි පන්තියට තමන් අයිති බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලමින් ග‍්‍රාම නිලධාරීවරයකු වෙත පැමිණි අයකුගෙන් වී වර්ග හතක නම් කියන්නැයි කළ ඉල්ලීමේදී ඔහු එම ප‍්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකිව අසරණ වූ සිද්ධියක් වාර්තාවේ.

මෙම ග‍්‍රාම නිලධාරීවරයා මෑතකදී වසම භාරගත් අයෙකි. එහෙත් අත්දැකීම් අතින් පළපුරුදු අයෙකි. මෙදින ඔහු කාර්යාලයේ රැඳී සිටින විටදී වසමේ අයකු පැමිණ තමන්ට යම් අවශ්‍යතාවයක් නිසා ගොවි පන්තියේ අයකු බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලා ඇත.

මෙම අය ගොවියකු බවට තමන් නොදන්නා නිසා ප‍්‍රශ්නයක් දෙකක් විමසා අදාළ සහතිකය දීමට නිලධාරි මහතා තීරණය කළේය. එම අයගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසු තොරතුරු විමසීම් ආරම්භ කළේය. එම ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ තමන් අවුරුදු 20ක පමණ කාලයක සිට ගොවිතැන් කරන අයකු බවත් තම මවුපියන්ද ගොවීන් වන බවත්ය.

එහිදී ග‍්‍රාම නිලධාරි මහතා තමන් ගොවියකු නම් වී වර්ග හතක නම් කියන ලෙස තවත් ප‍්‍රශ්නයක් විමසන ලදී. එම ප‍්‍රශ්නය හමුවේදී ඔහුට වී වර්ග හතක නම් පැවසීමට නොහැකිව අසරණ විය. ග‍්‍රාම නිලධාරි මහතා වී වර්ග ගණනාවකම නම් සහ එම වී වගාවෙන් ගත හැකි අස්වැන්න, ඒ ඒ වී වර්ගවල ඇති කාල වකවානු සහ ගුණාත්මකභාවය ඇතුළු වගාවේදී ගොවියකු දැනගත යුතු බොහෝ කරුණු කාරණා පිළිබඳව ඔහු දැනුම්වත් කර අදාළ සහතිකය දී ඇත. 



අදහස් (0)

ගොවි සහතිකයක් ගන්න ගිහින් ග‍්‍රාම නිලධාරියා ඇසූ ප‍්‍රශ්නවලට ගොළු වෙලා

පිටබැද්දර ජයා Tuesday, 06 October 2015 11:49 AM

මෛත්‍රීපාල කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු පුරවැසිය , රටේ විදායක ජනාදිපතිවරයා , මුළු ලොවම එකම හඬින් පිළිගත්තා නායකයා , අපි දන්නා තරමට එතුමා රටේ දනය කොල්ල කාල හොරකම් කරලා නැහැ , බොහොම සුපිරිසිඳු චරිතයක් , නිහතමානි මනුස්සයෙක් .(ම)

:       0       0

අජිත් Tuesday, 06 October 2015 12:50 PM

ඉතාම හොඳ යහපත් ග්‍රාමසේවක කෙනෙක්. (බ)

:       0       0

තිලක් Tuesday, 06 October 2015 01:01 PM

මට යන්තම් දොළහක් දහතුනක් වෙද්දී හාන්න, පෝරුගාන්න, නියරක් මඩ තියාගන්න පුළුවන් තරමට ගොවිතැන දැනගත්තා. ඒත් මට බැහැ වී වර්ග හතක නම් කියන්න. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 07 October 2015 11:49 AM

සුවඳැල් හාලේ බත ඉදෙනකොට දැනෙන සුවඳ මතක් වුනා. (ර)

:       0       0

විපුල Tuesday, 06 October 2015 07:30 AM

ග්‍රාමසේවක හොඳට කල්පනා කරලා බලපු එක හොඳයි (නි)

:       0       0

චන්දි Tuesday, 06 October 2015 01:31 PM

හොඳ ග්‍රාමසේවක මහතෙක් (නි)

:       0       0

ලසන්ත Wednesday, 07 October 2015 04:12 AM

සමහරවිට ඒ කෙනා දැන් රජයේ සහතික මිලට වී දීමට මුදලාලි කෙනෙකුගේ වී වලට පෝළිමේ ඇති. නිවැරදිව සොයාබලා වී වර්ග 7ක නම් දන්නෙ නැතත්, ගොවිකම් කරයි නම් සහතිකය දීම වටී. (නි)

:       0       0

චන්දික Tuesday, 06 October 2015 09:42 AM

ඉතාම හොද වැඩක්. (බ)

:       0       0

රූපවතී Tuesday, 06 October 2015 07:01 PM

මා වී , මාස 4 මහා සම්බා ,සූදුරු සම්බා ,මහදුරු සම්බා කළු හීනටි , සුදු හීනටි , රතු හීනටි මතකයේ හැටියට මේ ටික විතරයි හරියට මතක කෘෂිකර්ම පාඩමේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 06 October 2015 10:31 AM

මෙවන් ග‍්‍රාමසේවකලා රජකමටත් සුදුසුය. (බ)

:       0       0

රුචී Tuesday, 06 October 2015 11:22 AM

මෛත්‍රිපාලත් මේ වගේ ග්‍රාමසේවක කෙනෙක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site