ගොවි පන්තියට තමන් අයිති බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලමින් ග‍්‍රාම නිලධාරීවරයකු වෙත පැමිණි අයකුගෙන් වී වර්ග හතක නම් කියන්නැයි කළ ඉල්ලීමේදී ඔහු එම ප‍්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකිව අසරණ වූ සිද්ධියක් වාර්තාවේ.
මෙම ග‍්‍රාම නිලධාරීවරයා මෑතකදී වසම භාරගත් අයෙකි. එහෙත් අත්දැකීම් අතින් පළපුරුදු අයෙකි. මෙදින ඔහු කාර්යාලයේ රැඳී සිටින විටදී වසමේ අයකු පැමිණ තමන්ට යම් අවශ්‍යතාවයක් නිසා ගොවි පන්තියේ අයකු බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලා ඇත.
මෙම අය ගොවියකු බවට තමන් නොදන්නා නිසා ප‍්‍රශ්නයක් දෙකක් විමසා අදාළ සහතිකය දීමට නිලධාරි මහතා තීරණය කළේය. එම අයගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසු තොරතුරු විමසීම් ආරම්භ කළේය. එම ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ තමන් අවුරුදු 20ක පමණ කාලයක සිට ගොවිතැන් කරන අයකු බවත් තම මවුපියන්ද ගොවීන් වන බවත්ය.
එහිදී ග‍්‍රාම නිලධාරි මහතා තමන් ගොවියකු නම් වී වර්ග හතක නම් කියන ලෙස තවත් ප‍්‍රශ්නයක් විමසන ලදී. එම ප‍්‍රශ්නය හමුවේදී ඔහුට වී වර්ග හතක නම් පැවසීමට නොහැකිව අසරණ විය. ග‍්‍රාම නිලධාරි මහතා වී වර්ග ගණනාවකම නම් සහ එම වී වගාවෙන් ගත හැකි අස්වැන්න, ඒ ඒ වී වර්ගවල ඇති කාල වකවානු සහ ගුණාත්මකභාවය ඇතුළු වගාවේදී ගොවියකු දැනගත යුතු බොහෝ කරුණු කාරණා පිළිබඳව ඔහු දැනුම්වත් කර අදාළ සහතිකය දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු පුරවැසිය , රටේ විදායක ජනාදිපතිවරයා , මුළු ලොවම එකම හඬින් පිළිගත්තා නායකයා , අපි දන්නා තරමට එතුමා රටේ දනය කොල්ල කාල හොරකම් කරලා නැහැ , බොහොම සුපිරිසිඳු චරිතයක් , නිහතමානි මනුස්සයෙක් .(ම)
ඉතාම හොඳ යහපත් ග්‍රාමසේවක කෙනෙක්. (බ)
මට යන්තම් දොළහක් දහතුනක් වෙද්දී හාන්න, පෝරුගාන්න, නියරක් මඩ තියාගන්න පුළුවන් තරමට ගොවිතැන දැනගත්තා. ඒත් මට බැහැ වී වර්ග හතක නම් කියන්න. (නි)
සුවඳැල් හාලේ බත ඉදෙනකොට දැනෙන සුවඳ මතක් වුනා. (ර)
ග්‍රාමසේවක හොඳට කල්පනා කරලා බලපු එක හොඳයි (නි)
හොඳ ග්‍රාමසේවක මහතෙක් (නි)
සමහරවිට ඒ කෙනා දැන් රජයේ සහතික මිලට වී දීමට මුදලාලි කෙනෙකුගේ වී වලට පෝළිමේ ඇති. නිවැරදිව සොයාබලා වී වර්ග 7ක නම් දන්නෙ නැතත්, ගොවිකම් කරයි නම් සහතිකය දීම වටී. (නි)
ඉතාම හොද වැඩක්. (බ)
මා වී , මාස 4 මහා සම්බා ,සූදුරු සම්බා ,මහදුරු සම්බා කළු හීනටි , සුදු හීනටි , රතු හීනටි මතකයේ හැටියට මේ ටික විතරයි හරියට මතක කෘෂිකර්ම පාඩමේ. (නි)
මෙවන් ග‍්‍රාමසේවකලා රජකමටත් සුදුසුය. (බ)
මෛත්‍රිපාලත් මේ වගේ ග්‍රාමසේවක කෙනෙක්ද? (බ)