පාන්දරම අවදි වූ මව දරුවනට සහ තමාට ආහාර පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. සහල් ලිපතබා ව්‍යංජන සෑදීම සඳහා එළවළු ශීතකරණයෙන් ඉවතට ගෙන, තම කණ්ණාඩි කුට්ටම පැළඳ ගත්තේ එළවළු සිහින්ව කපා ගැනීමටය. ඉක්මණට ආහාර සකසාගත් ඕතොමෝ දරුවනට කෑම බෙදා තමාට පාසලට රැගෙන යෑමට පාර්සලයක් ඔතා ගත්තාය.
පාසලට පැමිණි ඇය පැමිණීමේ නාමලේඛනය අත්සන් කිරීම සඳහා කණ්ණාඩි කුට්ටම ගැනීමට අත්බෑගය විවර කළ විට මුලින්ම දක්නට ලැබුණේ පොල් බෑයකි. ‘‘මොකද අක්කේ මේ. අද හෝම් සයන්ස්වලට සම්බෝල හදනවාදැයි’’ යෙහෙළියක් විමසුවාය.
ඒක තමයි. පොල් බෑය ආවේ කොහොමද? යැයි පවසමින් අත්බෑගය මේසය මතට හැලූවත්, කණ්ණාඩි කුට්ටම දක්නට නොලැබිණි. උපැස් යුවළ නොමැතිව කිසිම දෙයක් කළ නොහැකි බව දන්නා ඇය වහාම ත‍්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණ කණ්ණාඩි කුට්ටම සෙව්වත් දැකගත නොහැකිවිය.
අවසානයේ දී තම අත්බෑගයේ තිබූ පොල්බෑය දැමීමට ශීතකරණය විවර කළ විට කණ්ණාඩි කුට්ටම එතුළ නිරුපද්‍රිතව තිබෙන අයුරු දැකගත හැකිවිය.
තමා හදිසියට පොල්බෑය වෙනුවට කණ්ණාඩි කුට්ටම ශීතකරණය තුළට දමා පොල්බෑය අත්බෑගයේ දමාගෙන පාසලට පැමිණ ඇති බව ඇයට අවබෝධ විය. මෙය කොළඹ නගරයේ සිදුවූවකි.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ කතුවරයා කව්ද (බ)
අහන්නත් සතුටුයි මේ වගේ පිස්සු විකාර..(බ)
කතුවරයෙක් නැතිකතාවකට විහිලු ප්‍රතිචාර ටිකක්. (අ)
ඉසුරන්දි මේක හදිස්සියට වෙච්ච වැරදීමක් ඕවට හිනාවෙන්නේ මෝඩයෝ (අ)
පිටබැද්දර ජය මහත්මය මමත් ඔබ සමගයි (අ)
කාන්තාවෝ උදේට මොන තරම් කාර්ය බහුලද කියල මේ කතාවෙන් කියවෙනවා නේද ? ගණන් ගන්න එපා ඉස්කෝලේ නෝනේ අපි හැමෝම මනුසයෝනේ කාටත් වැරදි වෙනවා (ම)
ඔහොම තමයි. ඕව ගනන් ගන්න එපා. හදිසියට ඔවැනි දේවල් අපටත් වෙලා තියෙනවා. (බ)
ගෙවල්වලත් තවම පොල් ගානවද ? පුදුමයකි (බ)
කාන්තාවෝ කාර්ය බහුල වෙනකොට කොරෙහෙත් අත දාගන්නට බැරිවෙනවා තමයි.ඒ වුනත් කන්නාඩියක්........?පොල්බැවක් ......?..මට නම් මෙය ඇත්තටම සිදුවුවාදත් කියා පැණයකි.....(බ)
අපට නම් ඕව දත් මදිනවා මුණ හෝදනවා වගේ. ඉනොකට නම් මැජික් වගේ. (අ)
කලකට පෙර මටද මෙවැන්නක් සිදු වූවා මතකය එළවලු ගෙනා බෑගයට මගේ මොබයිල් එක දමා එලවළුද සමග ප්‍රිජ් එකට දමා මුළු දවසම දුරකථනය සෙවූ වත් හමු නොවූ යෙන් හොරකු ගත්තයි සිතා..පසු දින එළවලු මල්ලෙන් එලියට ආපසු මට සිහිය අවදි වූ යෙමි.(බ)
ඕව හරිම සුලබ දේවල් . මටත් වෙලා තියනවා .(බ)
අයියෝ මම දවස් කීයක් නම් බස් ටිකට් එක වීසි කරනවා කියල ඉතුරු සල්ලි වීසි කරලා තියනවද (බ)
ඇති ඔයින් ගියා (නි)
රැකියාවක් කරන කාන්තාවන්ට උදේට තියන වැඩ මටත් මෙවැනි අත්දැකීම් තියනවා.පුදුම වැඩ කොටසක් කරන්න තියෙන්නේ ඉතින් රාජකාරියට යන්නේ පිස්සෝවගේ.(ම)
මට මතකයි පොඩි කාලේ අවුරුදු කාලෙක මම රතින්නයක් පත්තු කරලා ගිනිපෙල්ල විසිකරා. අත හොදටම තුවාල වුණා (ම)
රූපවතී අනෙකුත් කාන්තාවන් වාගේ වැඩටත් යන්නේ නැති එකේ දුරකථනය එළවලු මල්ලට දාන්න මොන කලබලයක්ද? මෙතන හැමදේටම හොටදාමින් පණ්ඩිතකම් කියනකොට නම් හිතුනේ අවුලක් නැහැ කියලා. (නි)
රූපවතී වගේ අයගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? (නි)