පාන්දරම අවදි වූ මව දරුවනට සහ තමාට ආහාර පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. සහල් ලිපතබා ව්‍යංජන සෑදීම සඳහා එළවළු ශීතකරණයෙන් ඉවතට ගෙන, තම කණ්ණාඩි කුට්ටම පැළඳ ගත්තේ එළවළු සිහින්ව කපා ගැනීමටය. ඉක්මණට ආහාර සකසාගත් ඕතොමෝ දරුවනට කෑම බෙදා තමාට පාසලට රැගෙන යෑමට පාර්සලයක් ඔතා ගත්තාය.
පාසලට පැමිණි ඇය පැමිණීමේ නාමලේඛනය අත්සන් කිරීම සඳහා කණ්ණාඩි කුට්ටම ගැනීමට අත්බෑගය විවර කළ විට මුලින්ම දක්නට ලැබුණේ පොල් බෑයකි. ‘‘මොකද අක්කේ මේ. අද හෝම් සයන්ස්වලට සම්බෝල හදනවාදැයි’’ යෙහෙළියක් විමසුවාය.
ඒක තමයි. පොල් බෑය ආවේ කොහොමද? යැයි පවසමින් අත්බෑගය මේසය මතට හැලූවත්, කණ්ණාඩි කුට්ටම දක්නට නොලැබිණි. උපැස් යුවළ නොමැතිව කිසිම දෙයක් කළ නොහැකි බව දන්නා ඇය වහාම ත‍්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණ කණ්ණාඩි කුට්ටම සෙව්වත් දැකගත නොහැකිවිය.
අවසානයේ දී තම අත්බෑගයේ තිබූ පොල්බෑය දැමීමට ශීතකරණය විවර කළ විට කණ්ණාඩි කුට්ටම එතුළ නිරුපද්‍රිතව තිබෙන අයුරු දැකගත හැකිවිය.
තමා හදිසියට පොල්බෑය වෙනුවට කණ්ණාඩි කුට්ටම ශීතකරණය තුළට දමා පොල්බෑය අත්බෑගයේ දමාගෙන පාසලට පැමිණ ඇති බව ඇයට අවබෝධ විය. මෙය කොළඹ නගරයේ සිදුවූවකි.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුරුවරිය කණ්ණාඩිය ශීතකරණයට දමා පොල්බෑය පාසලට ගෙනත්
දුමින්ද Monday, 21 September 2015 12:09 PM
මේ කතාවේ කතුවරයා කව්ද (බ)
ඉසුරන්දි Monday, 21 September 2015 08:20 AM
අහන්නත් සතුටුයි මේ වගේ පිස්සු විකාර..(බ)
ක්‍රිශාන්ත Wednesday, 23 September 2015 11:54 AM
කතුවරයෙක් නැතිකතාවකට විහිලු ප්‍රතිචාර ටිකක්. (අ)
දීන් අලුත්කඩේ Monday, 21 September 2015 12:34 PM
ඉසුරන්දි මේක හදිස්සියට වෙච්ච වැරදීමක් ඕවට හිනාවෙන්නේ මෝඩයෝ (අ)
මොහොමඩ් Monday, 21 September 2015 12:34 PM
පිටබැද්දර ජය මහත්මය මමත් ඔබ සමගයි (අ)
පිටබැද්දර ජයා Monday, 21 September 2015 09:26 AM
කාන්තාවෝ උදේට මොන තරම් කාර්ය බහුලද කියල මේ කතාවෙන් කියවෙනවා නේද ? ගණන් ගන්න එපා ඉස්කෝලේ නෝනේ අපි හැමෝම මනුසයෝනේ කාටත් වැරදි වෙනවා (ම)
අජිත් Monday, 21 September 2015 01:15 PM
ඔහොම තමයි. ඕව ගනන් ගන්න එපා. හදිසියට ඔවැනි දේවල් අපටත් වෙලා තියෙනවා. (බ)
සමන්ති Monday, 21 September 2015 01:40 PM
ගෙවල්වලත් තවම පොල් ගානවද ? පුදුමයකි (බ)
ඉනෝකා Monday, 21 September 2015 02:43 PM
කාන්තාවෝ කාර්ය බහුල වෙනකොට කොරෙහෙත් අත දාගන්නට බැරිවෙනවා තමයි.ඒ වුනත් කන්නාඩියක්........?පොල්බැවක් ......?..මට නම් මෙය ඇත්තටම සිදුවුවාදත් කියා පැණයකි.....(බ)
සරත් Monday, 21 September 2015 03:14 PM
අපට නම් ඕව දත් මදිනවා මුණ හෝදනවා වගේ. ඉනොකට නම් මැජික් වගේ. (අ)
රූපවතී Monday, 21 September 2015 10:44 AM
කලකට පෙර මටද මෙවැන්නක් සිදු වූවා මතකය එළවලු ගෙනා බෑගයට මගේ මොබයිල් එක දමා එලවළුද සමග ප්‍රිජ් එකට දමා මුළු දවසම දුරකථනය සෙවූ වත් හමු නොවූ යෙන් හොරකු ගත්තයි සිතා..පසු දින එළවලු මල්ලෙන් එලියට ආපසු මට සිහිය අවදි වූ යෙමි.(බ)
සිල්වි Monday, 21 September 2015 04:09 PM
ඕව හරිම සුලබ දේවල් . මටත් වෙලා තියනවා .(බ)
ටිකිරි Wednesday, 23 September 2015 09:23 AM
අයියෝ මම දවස් කීයක් නම් බස් ටිකට් එක වීසි කරනවා කියල ඉතුරු සල්ලි වීසි කරලා තියනවද (බ)
ඉසුරු Monday, 21 September 2015 05:49 PM
ඇති ඔයින් ගියා (නි)
සුදාරි Tuesday, 22 September 2015 06:40 AM
රැකියාවක් කරන කාන්තාවන්ට උදේට තියන වැඩ මටත් මෙවැනි අත්දැකීම් තියනවා.පුදුම වැඩ කොටසක් කරන්න තියෙන්නේ ඉතින් රාජකාරියට යන්නේ පිස්සෝවගේ.(ම)
අශාන් Tuesday, 22 September 2015 07:10 AM
මට මතකයි පොඩි කාලේ අවුරුදු කාලෙක මම රතින්නයක් පත්තු කරලා ගිනිපෙල්ල විසිකරා. අත හොදටම තුවාල වුණා (ම)
ශ්‍රීලාල් Wednesday, 23 September 2015 07:26 PM
රූපවතී අනෙකුත් කාන්තාවන් වාගේ වැඩටත් යන්නේ නැති එකේ දුරකථනය එළවලු මල්ලට දාන්න මොන කලබලයක්ද? මෙතන හැමදේටම හොටදාමින් පණ්ඩිතකම් කියනකොට නම් හිතුනේ අවුලක් නැහැ කියලා. (නි)
චාමික Tuesday, 22 September 2015 02:40 PM
රූපවතී වගේ අයගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? (නි)