පොලිස් ස්ථානාධිපති - ”සාජන්ට් තමුසෙට පුළුවන්ද මේ කිතුලට නගින්න”
සාජන් - පුළුවන් සර්.... (කිතුලට නගී) සර්..... මේකේ තියෙනව නියම රා මුට්ටියක්.”
පොලිස් ස්ථානාධිපති:- බානව ඕක.... පීසී ගේනවා හොඳ කෝප්පයක්... (රා බොයි). රා මුට්ටිය හිස් කරන පොලිස් ලොක්කා හා පොඞ්ඩෝ කිතුල් හිමියාට බැණවැදී හිස් මුට්ටිය ද පොළොවේ ගසයි. කිතුල් රා මැදීමට විරුද්ධව නඩු පවරන බව පවසමින් ඒ මොහොතේම දඩයක් ද අය කරයි.
මේ අපූරු රඟපෑම දැක ගන්නට ලැබුණේ මෙරට නීත්‍යනුකූල පොලිස් නිලධාරීන් පිරිසකගෙන් නම් නොවේ.
පසුගිය දිනෙක මීගහකිවුල ඉටිකැටිපල හා ඒ අවට ගම්මාන වෙත පොලිස් වෙස්ගෙන පැමිණි තරුණ පිරිසක් මෙම රඟපෑම සිදු කළහ.
විශේෂ පොලිස් කණ්ඩායමක් ලෙස මෙම ගමට කඩාවැදුණු පස් දෙනකුගෙන් යුත් මේ පිරිස ගම්මුන් බියවද්දමින් නිවෙස්වල තිබූ කිතුල් රා මුට්ටි, හොර තුවක්කු, මෙන්ම ඉරන ලද දැව වර්ග ද අත්අඩංගුවට ගනිමින් ඒ මොහොතේම දඩ මුදල් ද අය කරන්නට පටන් ගත්හ.
නඩු පැවැරීම අනවශ්‍ය බව පැවැසූ ඔවුහු ඒ මොහොතේම දඩ මුදල් අය කළ අතර ගම්මුන්ගෙන් සිවුපසින් උපස්ථාන ලබන්න ද සමත් වූහ.
කෙසේ වෙතත් මේ අපූරු පොලිස් කණ්ඩායම පිළිබඳව සැක සිතූ ගම්මු සුළු මොහොතක් ගත වෙද්දී පොලිස් ස්ථානාධිපතිවරයා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායම අල්ලා ගස් බැඳ බඩ කට පුරා පිරිසට සංග‍්‍රහයක් ද පැවැත්වූහ.
අවසානයේදී මඩුල්සිම පොලිසියට දැනුම් දී පිරිස පොලිසියට බාර දුන්හ.
හොර ඕ.අයි.සී. සාජන් මෙන්ම කොස්තාපල්ලාත් දැන් පොලිස් කූඩුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදියෙන් සිටි ගමක්...(ස)
සුළුවෙන් හිතන්න එපා. මේ කාරණා ගැන ඉස්සර අහපු නැති දේවල් අහන්න වෙලා තියෙන්නේ... (ස)
සුළුවෙන් හිතන්න එපා අපේ මේ කාරණා ගැන. දැන් ඉස්සර අහපු නැති දේවල් අහන්න වෙලා තියෙනවා.(නදී)
රාබිබ්වට නම් කමක් නෑ අනිත් වැඩ ටික තමා හොදනැත්තෙ (ස)
හොරා පොලිස්ට ගස් බැදලා, දිමිගොටු දාලා ගහන්න ඕනෑ. (නි)
කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. (නි)
දෙයියෝ සාක්කි (දී)
හොරකමට ආයුෂ අඩුයි (දී)
කරුණාකරලා රා මදින්නන්ට නම් කරදර කරන්න එපා. (නි)
එකනම් හොදයි නේද, තව මොනවා කරයිද දන්නේ නැහැ එහෙනම් (දී)
හොද වැඩේ (දී)
අනේ මේක ඇත්ත කථාවක්ද? කොහේ ද මේක උනේ.. වෙන මොකකටවත් නොවෙයි. සල්ලිවලට හොඳ කිතුල් රා ටිකක් සොයා ගන්න. අපෙ පැත්තෙ දැන් නැහැ. තිබුනත් කළවම්.. (ස)
මෙහෙම දේවලුත් ලංකාවේ වෙන බව මතක තබා ගන්න (දී)
මේක හරියට චැනල් 4 අනුග්‍රහයෙන් කරන චිත්‍රපටියක කොටසක් වගෙයි. (නි)
පැරණි රස කතා වෙනුවට අලුත් රස කතා (අ)