IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගේමක් දෙන්න ආ මැර මස්සිනා රැයක් පුරා මර නින්දකට වැටිලා

(වියලුව වාර්තාකරු)
සිය සොහොයුරියගේ සැමියාට කිසියම් පුද්ගලයකු පහර දීමට  සූදානම් වන බව අසා ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා ගමේ මැරයකු ද සමග බීමතින් සිය  සොහොයුරියගේ නිවසට ගිය දෙදෙනකු නිදි ඇඳේම මුත්‍රා පහකරමින් රැය පහන්වනතුරු මර නින්දේ පසුවූ බව කියවෙන පුවතක් වාර්තාවිය.


 සිද්ධිය මෙසේය.


 ඔහු සාමාන්‍ය නිලයක් දැරූ රාජ්‍ය සේවකයෙකි.


පසුගිය දිනෙක කිසියම් සිද්ධියක් නිසා උරණ වූ පුද්ගලයකු ඔහුට බැණ වැදුණේ පහරදෙන බවට ද තර්ජනය කරමිනි.


 සිද්ධිය කන වැකුණු ඔහුගේ බිරිය ගමේ මැරයෙකු වූ තම වැඩිමහල් සොහොයුරාට කතා කළේ ඊට කිසියම් විසඳුමක් ලබා ගැනීමේ අටියෙනි.  


එවැනි සිද්ධීන්වලට බෙහෙවින්ම රුචිකත්වයක් දැක්වූ ඔහු හෝරා කිහිපයක් ගත වෙද්දී තවත් සගයකු ද සමග සිය සොහොයුරියගේ නිවසට පැමිණියේ තම මස්සිනාට ජීවිත තර්ජන කළ පුද්ගලයා සොයා වනසා දමන බවට තර්ජනයක්ද කරමිනි. 


 ඒ වන වන විටත් නගරයේ තැබෑරුමෙන් සිය සගයාද සමග සප්පායම්ව පැමිණි හෙතෙම නිවසේ  ඉදිරිපස කාමරයක වූ ඇඳක සිය සගයාද සමග වැතිරුණේ රෑ වෙලා ගේමක් දෙමු යැයි පුරාජේරුවක් ද ඇද බාමිනි.


  තම ආරක්ෂාවට පැමිණි සිය බිරියගේ   සහෝදරයා හා ආවතේවකරුට රාත්‍රී ආහාර ගැනීම සඳහා ආරධනා කිරීමට ගිය ගෙහිමියාට දැකගන්නට ලැබුණේ ඒ වන විටත් ඇඳ පුරා පමණක් නොව ගෙබිමේ ද මුත්‍රා පහ කරමින් ඔවුන් දෙදෙනා මර නින්දේ පසුවන අයුරුය.


කරන්නට වෙනත් යමක් නොමැතිව බොහෝ අමාරුවෙන් රැය පහන්වන තුරු බලා සිටි ගෙහිමියා   පසුදින උදෑසනින්ම සිය රැකියාව සඳහා පිටව ගොස් ඇත්තේ “දැන් ඉතින් වතුර ටිකක් නාගෙන දෙන්නා  ගෙදර යන්නැයි” යි තම මැර මස්සිනාට හා සගයාට පවසමිනි.


 අවසානයේ සිය සැමියාගේ ආරක්ෂාවට ගෙන්වූ සහෝදරයාගේත් ඔහුගේ ආවතේවකරුගේත් මුත්‍රාවලින් අපවිත්‍ර තිබූ කාමරය වරුවක් තිස්සේ සෝදන්නට බිරියට සිදු වූයේ සවස නිවසට එන තම සැමියාට තමුන් මුහුණ දෙන්නේ කෙසේදැයි පවසමිනි.

 



අදහස් (0)

ගේමක් දෙන්න ආ මැර මස්සිනා රැයක් පුරා මර නින්දකට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 891 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site