IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගෑනුන්ට බැල්ම දැමූ භූතයා ටීෂර්ටයෙන් කොටුවෙයි

(හසලක වාර්තාකරු)

මිනිපේ ගොවි ජනපදයේ වගා කටයුතු නිමා වීමෙන් අනතුරුව බොහෝ ගම්මානවල පිරිමි කොළඹ ඇතුළු දුර පළාත්වලට විවිධ රැකියාවන් සඳහා පිටත්ව යති. ඔවුන් සාමාන්‍යයෙන් නිවෙසට  මාසයකට වරකි එන්නේ.


මාසයකට පමණ ඉහත සිට මෙම ගම්මානයේ පිරිමින් නොමැති නිවාස කීපකට හොරෙන් අත්භූත බලවේගයක් ක්‍රියාත්මක වන බවට ගමේ කඩ පිලේදී කතා බහට ලක්විය. පිරිමින් නොමැති කාන්තාවන් පමණක් සිටින නිවාස අසලට ගොස් ජනේලය හෝ පිටුපස කුස්සියේ දොර මඳක් විවෘත කර එම නිවසේ සිටින කාන්තාව දෙස බලා සිට ඇය දොර හෝ ජනේලය දෙස බැලූ සැනින් මේ බලවේගය වහා අතුරුදහන් වන බව කාන්තාවන් කීපදෙනකු පවසා ඇත. මේ පුද්ගලයා අල්ලා ගැනීමට ගමේ තරුණයන් කිහිප අවස්ථාවකදීම රැකවල්ලා සිටිය ද පලක් වී නොමැත.


  දිනක් රාත්‍රියේ 8.00ට පමණ ගමේ තරුණ දෙදරු මවක පමණක් සිටින නිවෙසක ජනේලයක් අසල කිසියම් අයකු ගැවැසෙන බව දැනී ඇය, “අම්මා මෙන්න අපේ ජනේලය ළඟට කවුදෝ ඇවිල්ලා ඉන්නවා. ඉක්මනට අයියලා එක්ක එන්න” කියා ශබ්ද නගා අසල පදිංචි මවට කතා කර තිබේ. ඒ සමඟම එම පුද්ගලයා දිව යන බව ද ඇයට දැනී ඇති අතර ඇගේ කෑ ගැසීමට මව සහ අසල්වාසී තරුණයන් කීපදෙනකු ද එම නිවෙසට පැමිණ ඇත.


තරුණිය සඳහන් කළ ජනේලය අසල පරීක්‍ෂා කළ ගැමියන්ට එම ස්ථානයේ තිබූ ටී ෂර්ට් එකක් දැක ගැනීමට හැකිවී එය කාගේදැයි සොයා බලා ඇත. තරුණයකු ටී ෂර්ට් එක අතට ගෙන පරීක්‍ෂා කර ප්‍රකාශ කර ඇත්තේ මේ ටී ෂර්ට් එක අහවලාගේ බවයි. එයට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ ටී ෂර්ට් එකේ තැවැරී ඇති තීන්තයි. මේ තරුණයා රැකියාව වශයෙන් ගමේ හා පිට පළාත්වල නිවාසවල තීන්ත ආලේප කිරීමේ නිරතව සිටින අයෙකි. මේ ටී ෂර්ටය එම කටයුතුවල නිරතවන අවස්ථාවලදී අඳින බව තරුණයන් දන්න නිසාත්ය.


ගමේ සැරිසරන අත්භූත බලවේගය අල්ලා ගැනීමට ගමේ තරුණයන් සමඟ පෙරමුණ ගෙන සිටියේ ද මෙම තිස්තුන් හැවිරිදි විවාහක තිදරු පියා බවටත් ගැමියෝ පවසති.


පසු දින උදේ ගමේ තේ කඩය ඉදිරිපිට අඹ ගහේ අත්තක ටී ෂර්ට් එක එල්ලා තිබෙනු දැක ගැමියන් මුදලාලිගෙන් විමසන්නේ “මොකද්ද මුදලාලි මේ?” කියාය. ඔහු එයට උත්තර දෙන්නේ “ගමේ සැරි සැරූ අත්භූත බලවේගය තමා මේ” කියාය. එදින පටන් අත්භූත බලවේගය ගමෙන් පිටව ගොස් තිබූ අතර ටී ෂර්ට් එකේ හිමිකරු ද දින කිහිපයක් ගමෙන් අතුරුදන්ව සිට රාත්‍රී කාලයක ගමට පැමිණ අඹ ගහේ එල්ලා තිබූ ටී ෂර්ට් එක එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් ගැමියෝ කියති. 



අදහස් (0)

ගෑනුන්ට බැල්ම දැමූ භූතයා ටීෂර්ටයෙන් කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site