කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිපදෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන්විය.
අලූතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට ඇතිවිය. වාහන බ්‍රෝකර් කෙනකු හමුවූ හෙතෙම මගේ ට‍්‍රැක්ටරයක් තියෙනවා ටේලරයක් හොයා දෙන්නැයි කීවේ විහිළුවක ස්වරූපයෙනි.
දින කිහිපයකට පසු බ්‍රෝකර්කරු කරත්තකරු හමුවීමට ආයේය. හොඳ ටේලරයක් තියෙනවා බලන්න යමුයි කියා කැඳවාගෙන ගියේය. වාහන අංගනයකට ගිය ඔහු ට‍්‍රැක්ටර් ටේලරයක් පෙන්වා මිල ගණන් ද කීය.
මහත්තයෝ මේක මගේ ට‍්‍රැක්ටරයට අමුණන්න බැහැයි කියද්දී බ්‍රෝකර්වරු විපිළිසර වූයේය. මම කීවේ මගේ ගොන් නාම්බා බදින්න කරත්තයක් හොයා දෙන්නනේයි ඔහු කී විට මෙයා කරත්ත රස්සාව කරන බව මට අමතක වුණානේයි කී තැරැව්කරු හීන් සීරුවේ එතැනින් මඟ හැර ගියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගොනා බඳින්න කරත්තයක් ඉල්ලූවාම ට‍්‍රැක්ටර් ටේලරයක් හොයා දීලා
කොළින් Monday, 20 October 2014 04:21 AM
මේවට පත්තරේ පිටුවක් නාස්ති කරනන් එකත් අපරාදේ. වැඩකට නැති විකාර කතා නේ. (ස)
විරාජ් Friday, 17 October 2014 02:14 AM
නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්නේ මේක (නි)
ටිකිරි Friday, 17 October 2014 02:48 AM
තමාගේ ජීවනෝපාය පිළිබඳ අවශ්‍යතා සපුරාගැනීමේදී අනවශ්‍ය විහිලු වලින් පාඩුවෙන්නේ තමන්ටමයි කියන පාඩම කතාවෙන් කියවෙනවා. (නි)
නාලක Friday, 17 October 2014 02:53 AM
මෙය විහිළුවට ගතයුත්තක් නොවෙයි. නව අදහසක්. අප්‍රිකානු සහ සමහර ආසියානු රටවල පැරණි වාහන බර සැහැල්ලු කර ගොනුන් ලවා ඇදගෙන යන අයුරු ඡායාරූප වලින් ඔබත් අන්තර්ජාලය හරහා දැක ඇති. (නි)
ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 03:37 AM
පුරාණයේ කරත්ත නිශ්පාදනය කළේ ගමේ කම්හල්කරුවා.අද කරත්ත හදනවා තියා පිහියක් ,ගල් ඉන්නක් පණ පොවාගන්න ගම් හතරක් ,පහක් පසුකර යා යුතුයි. ඒ ගියත් කම්මල්කාරයා උදේ ඉඳලම කසිප්පු බීලයි වැඩට බහින්නේ ! (නි)
කලීල් බණ්ඩාරවෙල Saturday, 18 October 2014 06:47 AM
කියන්නා හරියට කියන්නත් ඕනෑ. අසන්නා හරියට අසන්නත් ඕනෑ (අ)
රෙජි-සිඩ්නි Friday, 17 October 2014 04:50 AM
ඔය වාගේ විහිළු කරලා ඇස් රතු කරගන්න තමා සිදු වන්නේ. (ස)