තම ගෙවත්තේ වළ දා ඇතැයි කියන කොඩිවිනයක් නොමිලේම ගොඩදා ගැනීමට සිතූ ගෙහිමියෙක් මිදුලේ අලංකරණයට තිබු මල් පඳුරු සියල්ල ගලවමින් පොළව හාරා කොඩිවිනය සෙවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.
මැදිවියේ ගෙහිමියා සිය බිරිය සමග ප‍්‍රදේශයේ දේවාලයක් වෙත ගොස් සාත්තරයක් ඇසුවේය. එහිදී සාත්තරකරු ආරූඪයෙන් පැවසුවේ ඔවුන්ගේ ගෙවත්තේ මල් පඳුරක් යට පොළවේ කිසියම් අයකු කොඩිවිනයක් සහිත බෝතලයක් වළ දා ඇති බවයි.
නිවසේ අයට ඉතා අපලදායි මෙම කොඩිවිනය ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු බව කී සාත්තරකරු එය ඉවත්කර දීමට ඉලක්කම් පහේ මුදලක්ද අවශ්‍ය බව ගෙහිමියාට පැවසීය. මේ ගැන කථා කරගෙන දින වෙන්කර ගැනීමට පසුව එන බව පවසා ගෙහිමියා ආපසු ගෙදර පැමිණියේය.
සාත්තරකරු කී පරිදි කොඩිවිනය ගොඩගැනීමට මුදල් නොමැතිව සිටි ගෙහිමියාට අපූරු අදහසක් පහළ විය. ඒ අනුව ඔහු බිරිය නිවසෙහි බැහැරව ගිය දිනක කොඩිවිනය සොයා මිදුලේ තිබූ විවිධ වර්ගවල මල් පඳුරෙන් පඳුර ගලවමින් වළවල් හාරා කොඩිවින බෝතලය සොයන්නට විය.
එහෙත් හමු වූ කොඩිවිනයක් නොවීය. හවස නිවෙසට පැමිණි බිරියට ස්වාමිපුරුෂයා කර ඇති වින්නැහිය දැක යකා නැග්ගේය.
මොකද මනුස්සයෝ මේ මම මහන්සියෙන් හිටවපු මල් පඳුරු ටික ගලවලා තියෙන්නේ යැයි ඇය කෝපයෙන් විමසූ විට ගෙහිමියා ඇත්ත කීවේය.
තමුසෙ කරල තියෙන කොඩිවිනය හොඳටම ඇතියි කියා බිරිය ඔහුට තවත් දොස් නැගුවාය.
කිසිවක් නොකි ගෙහිමියා ගලවා තිබූ මල් පඳුරු සියල්ල යළි තිබූ පරිදිම සිටුවා දමා දින ගණනක් තිස්සේ තවමත් ඒවාට වතුර දමමින් සාත්තු කරන්නේ මල් පඳුරු මැරුණොත් බිරිඳගෙන් විසුමක් නැති නිසාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එක දවසක් ඔහොම කොඩි විනයක් ගන්න කියලා යකදුරෙක් ගේනවලු. හැබැයි ඊට කලින් දා ඒ ගෙදර පැත්තෙ යකදුරාගේ ගෝලයෙක් ටිකක් රෑ බෝ වෙලා ඇවිත් කොඩි විනයක් වළලා ගියාලු. මේ මනුස්සයා මේක කරනවා කිතුල් ගහක හිටපුර මදින්නෙක් දැකලා තියෙනවා. පස්සේ ඒ මනුස්සයා ගහෙන් බැහලා කොඩි විනය අරගෙන විසි කරලා එතැනට අසුචි දමලා පෙර තිබුන විදියටම වහල ගියාලු. පහු වෙනිදා යකැදුරා ඔන්න කලින් දා කොඩි විනය වළලපු තැනට ගිහින් වැඩේ හරි බව දැන ගෙන ඇහුවලු මේක ගන්න ඕනේ අතින්ද කටින්ද කියලා. ඉතින් ගෙහිමියා මෙතැන තියෙන දෙය කලින් දැනුවත් වෙලා හිටපු නිසා කීවලු. අනේ දෙවියනේ කටින්ම ගන්න එහෙනම් කියලා. (ස)
අද ආවේ නැත්නම් පහන් මම ගහකට නගින්නයි උන්නේ. හපොයි !! ඇති යාන්තම් ඒකෙන් බේරුනා. (නි)
සරත්, ඔයා අර කියලා තියෙන්නේ ඇත්තද? ඒ මිස් ඔයාගේ ගමේද ? (නි)
නියමයි චන්ඩි
බන්දුලගේ කතාව මමත් දැක්කා. මම හිතන්නේ ඒකත් දෙයියෝ සාක්කි එකේම තමයි තිබුනේ. මේ මිනිහා නැති කොඩිවිනයක් දාගෙන කියලා මට නම් හිතෙන්නේ. (නි)
වන්නි තිලක් ගේ කතා දෙකම හොදයි .සිදුර තියන අදිකොදුවකට නුලක් දාල කරකවද්දී ඔච්චර සද්ද්දේ එනවද.කෙසේ වෙතත් හොද කතා දෙකක් ලියලතියනවා ,මම කැමතියි ඔයාල ඉන්න රටවල් දැනගන්න,ඔක්කමල්ලා අදුනන අය වගේ ලියන්නේ. ලෝකේ මෙච්චර දියුණු කලේ ලංකාවේ මිනිස්සු තවමත් කොඩිවින විස්ස්වාස කරනවා ,කොවුර් මහතාගේ කතා කියවන කොට ඔය කොඩිවින සේරම බොරු කියල ඔප්පු වෙනවා
කොයි තරම් වැඩ තිබුනත් ඔයාලගේ කතා අහන්න මේ තීරයට ඇවිත් යන්න එන්නම හිතෙනවා. පෙත්තා, ඔයාගේ ඔය කියන මල කෝලන් ගම තියෙන්නේ කොහෙද? නිකම් අහන්නේ. (ස)
මධුක, එළු පැටියා අපේ කව්රු කියල හිතාගෙනද කියලා තියෙන්නේ. පුත්තලම් බුරුවා කියලා වයසවත් හිතුවද මම කියන්නේ දැන් හැදෙන උන් කිසි කමකට නැහැ ...?මගේ ඇගේ රෝම කූප ටික හිටි ගැස්සුනා ...? (නදී)
චන්දි නංගි ඔයා ඔහොම කියනවා ..එහෙනම් මට සමහර අය ලංකාවට ගියාම මම කාන්තාවක් වෙලත් මගේ ගෙදර මිදුලේ හිටගෙන අප්පච්චි දිහා බලාගෙන ලැජ්ජා නැතුව කියනවනේ, රූපා කෝ?කියලා (නි)
පහන් ,මම මේ රටට ආපු දවස්වල ඔහොම දෙයක් වුණා. මමත් කඩේට ගිහින් පියාඹනවා වගේ අත් දෙක ගහලා කුකුළු මස් පෙන්නුවා. ඒ මනුස්සයා මට ඕනෑ කරන දේ දුන්නා (හැබැයි එයා හිනාවුනේ නැතුවට අපි කෙල්ලෝ කොල්ලෝ එකතු වුනාම අදත් අපි හිනාවෙනවා) (නි)
අනේ පෙරේරා මාමේ,මටත් කියලා දෙන්නකෝ ඒ ගොළුවා මස්කෙලියේ ගියහැටි . මම දන්නෙත් නැහැ (නි)
දිසා මාමේ ,ඇස් පෙනෙනෙන් නැද්ද?මේ ළගින්ම ඉන්නේ මම .තියෙන නපුරුකම විතරක් ...? (නි)
චන්ඩි අක්කේ මමත් දකුණේ, ඔය රත්නායකලා වගේ අයට තේරෙන්නේ නැහැ දකුණේ අගේ. දකුණේ ඉපදෙන්නත් පින් කරන්න ඕනා, ඔව් ඔය කොළඹ 7 ඉන්නෙත් දකුණෙන් ගිය උදවියම තමයි හොදේ!!(නදී)
අනේ පහන්, ඔයාගේ කතානම් ලස්සනයි. එහෙනම් තවත් ලස්සන යකෙකුගේ කතාවක් කියන්නකෝ. මමත් ලංකාවට එනකොට, ඔයා කන්න කැමතිම දෙයක් ගේනවා (නි)
දකුණේ අයගේ ජනප්‍රියම චිත්‍රපටිය " මේ දෑස මක්කටද? ". එයාලගේ ජනප්‍රියම ගීතය " ඔහේ ඔහේගේ පැලේ මම මගේ පැලේ .." , එයාලා දන්නවා ඇහක් විදිහට කනක් අඳින්න. අපි නම් කන්නේ දොඩන් නේ . නමුත් එයාලා කතා කරන කොටනේ දොඩන්නේ. (ස)
එන්න සසල වී -ගොස් නිදියන්න අර විලේ .. කන්නට හැකි දෙබරු පමණි ..කැත හිතට ඔබේ// (නි)
ඉන්දු නගෝ මෙල්බන් වල දැන් ඉන්න ... පන්දු නොදා ඒ මේ ඇත කැරකෙන්න... බින්දු බින්දු මල් වැස්සක සතුටින්න... අර ගමේ යන්න ආසයි නම් මෙහෙ එන්න .... (නි)
ලොකුම කොඩිවිනය තමයි ඔය මනස්ගාත වලින් ඔළුගෙඩි පුරවාගෙන ඉන්න එක (නි)
පල ඇති රුකට තමා ගල් වදින්නේ මදුකා. වැරැද්ද තමා වැඩි වැඩියෙන් උගතුන් සහ දක්ෂයන් බිහිවීම. (නි)
පහන්, ඔයාට තිබුනේ කතාව කියලා, ඇයි බනානා ගන්න යනකොට මහත්තයව එක්කගෙන ගියේ කියලා තේරවිල්ලක් වගේ අහන්න, බලන්න තිබුනා ලැබෙන උත්තර. (නි)
දකුණේ මොන මොන සත්තු හිටියත් උන් දකුණෙනේ. ඒ නිසා උන් අපිට ලොකුයි.හැබැයි දකුණේ,දිසානායක වගේ පුත්තලම් බුරුවො අඩුය (නි)
පෙත්තා, පෙරේරා, බොහොම ස්තුතියි ලස්සන කවි වලට. අනේ මම කවි ලියන්න දන්නේ නැහැ. චන්දිට ලිව්වා නම් ලියයි ඕවට ලස්සන උත්තර කවි වලින්ම. (නි)
හැබෑටම....තව මොනවද කළේ?බඩු ගන්න ගිහින්, මාළු ගන්න ගිහින්, ලුණු වතුරේ කිමිදුනේ නැද්ද?ප්‍රේම කරන්න ගිහින් මොකද කළේ? (නි)
අනේ පල ඇති චන්ද්‍රා නෝනා, බලාගෙන, ගල් වඩියිද දන්නේ නැහැ (නි)
නරියෙකුත් කිව්වලු මිදී තිත්තයි...ගෑනු අන්තිම නරකයි කියලා... (නි)
පුෂ්ප හරි ලස්සන කෙල්ල. පන්තියේ කොල්ලෝ තරගෙට ට්‍රයි. ඔන්න දවසක් පුෂ්පා අම්මාත් එක්ක බස් එකේ නැග්ගා. ඒකට පන්තියේ කොල්ලෙකුත් නැග්ගලු. ආ.. පුෂ්පා කොහෙද යන්නේ කියලා ලඟට ඇවිල්ලා සාක්කුවෙන් මොකක්ද අරන් පුෂ්පාගේ අතේ ගාන්න ගිහින්. ඒත් බස් එක හෙල්ලිලා ඒක අම්මගේ ඇඟේ ගැවිලා. දැන් අම්ම කොල්ල එක්කා බොහොම හිතවත්ව කතා කරනවලු කොල්ලා බයවෙලා. ඊළග තැනින් බැහැලා ගියාලු. හැබැයි පුෂ්පා මේක දැකලා. අම්මට කියලා නැහැ. පස්සේ පන්තියේ කෙල්ලන්ට කියලා. කොල්ලන්ටත් ආරංචි වුනා. කොල්ලා අස්වෙලා ගියා ලැජ්ජාව නිසා. (නි)
රත්නායක, සිංහල භාෂාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.ඒවාට හිනා වෙන්න එපා. නුඹලා දකුණට තියෙන බයට එහෙම කියන බව අප දන්නවා... (ස)
පෙත්තා බත් කාවද කියල ඇහුවම -ඔව් මම බත් කාව කිනවා. පොල්සම්බල් කාල පෙත්ත - දනවා කීනව.// (නදී)
රුප නංගියේ .චඃ ...ඇගේ රෝම කූප ටික හිටි ගැස්සුන පින්තුරේ දාන්නකෝ පත්තරේට...ඔහොම තරහා ගත්තොතින් ඉක්මනටම නාකි වේවි..අනේ අපොයි. (දී)
ගොලුමහත්මයෙක් කොස්ගම යන්න බස් එකේ නැග්ගලු. ටිකට් ගන්න කිව්වම මිනිහා වටපිට බලනකොට කොස්ගහක් දැකලා ඒක පෙන්නුවලු. කොන්දොස්තර තේරුම් අරන් කොස්ගමට ටිකට් එකක් දුන්නලු. තව දවසක් මෙයට ඌරාපොල යන්න වෙලා. කට ඌරෙකුගේ වගේ හදලා පෙන්නලා. කොන්දොස්තර හිනාවෙලා ටිකට් ඒක දීලා. තව දවසක් පයාගල යන්න ගිහින් .....ගුටිකාලා බස්සලා. (නි)
රූපවති අක්කේ, මම කිව්වේ රාජාංගනේ පැත්තේ එයාලා අක්කේ අම්මා කෝ කියලා නෙමෙයි ''කොයි'' කියලා අහන්නේ. තව වචන තියෙනවා. (නි)
නායකවරුන් වැහි වැහලා පීනනවා.. බණ්ඩර සේනා, වන්නි ලා ඇත බස් පිරිලා... පරපුර බේරා ගන්නට අපි පාවා දීලා... ඔද තෙද බල නැතුව දුවනවා හති දමලා. (නි)
අන වින කොඩි වින, මේවා විශ්වාස කරන එක තමයි ලොකුම හෙනය... (ස)
පෙරේරා මාමේ මස්කෙළිය ස්පාඤ්ඤයෙත් තියෙනවද? (නදී)
"ඉන්නේ සුරතල් සත්තු" නලවන්න බැහැ. අන්න නලගනටත් 100 ගහලා. දකුණේ ඉන්නේ කට ඇති පුත්තු...රුව ඇති දුවලා...හිත ඇති පැටව්, උතුරේ කොටි.කොළඹ ගැරඩි ද කොහෙද... (නි)
අපේ පැත්තේ අම්මා, මමී, අම්මි .. තාත්තා ඩැඩී..පපී...(ගෙදර බල්ලත් පපී..)මමී ඩඩී...සිපී.....(අක්කා) අක්කි...(මල්ලි) මලා මළාම පෙට්ටියේ....මල කෝලන් මෙහෙ... (නි)
වැරදුනා පුතේ ..ඒක කට් ඇන්ඩ් පේස්ට් කෑල්ලක්. අපි මෙහෙත් බස් වලින් බෝම දුර ගිහින් මස්කෙලියේ යනවා. (නදී)
රූපවති, චන්දි, බට්ටි, මගේ සූකිරි කෙල්ලනේ, මම නුඹලා සමග අමනාප නැහැ (නි)
වන්නි තිලක්, ඔයා ද අර කළුතර හරියේ පයින් ආපු එක්කෙනා? (නි)
"අපි කෙල්ලෝ කොල්ලෝ එකතු වුනාම අදත් අපි හිනාවෙනවා" බොරු කියන්න එපා. අපේ සීයත් ඔය කිට්ටුව ඉන්නේ. ඔයාලගේ වයසෙමයි. අර ගොළුවා මස්කෙළිය බස් එකේ ටිකට් ගත්ත හැටි අහලා තියෙනවද? (නි)
කවුරු වුණහම මොකද ඉතින් ලස්සන,තරුණ ගැහැනියෙක් නම් (නි)
එකට කමක් නැහැ මාමේ. බස් වලින් යනවා කිව්වේ හන්ටින්ද ?(නදී)
"මෙන්න දකුණේ මිනිස්කම් ...හදවත්" මිනිස් සංහතියට විතරක් නෙමෙයි සුරතල් කුරුල්ලන්ටත් පුහුණු කරනවා. (නි)
රත්නායක, දකුණට ගැරහුවා කියලා ඔයාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ නැහැ අනේ. දකුණේ අය කාටවත් ගරහන්නේ නැහැ. කා එක්කවත් තරඟයක් නැහැනේ.ඔබ වැනි උදවිය ගැන කුමක් කියන්නද? අඩු කලේ සෙලවේ. (නි)
අනේ පෙරේරා මහත්තයෝ, ගොළුවා මස්කෙලි ගිය හැටි කියන්නකෝ. (නි)
ඉන්දු නගා මෙල්බන් වල ඉඳන් සෙනේ - අතවනනවා මස්කෙලියේ යන්න අනේ - යන් දෝ නො යන් දෝ කියමින් වැඩෙයි සෙනේ ඉවසන් පපුව ඉවසන් අපි ඈත නොවේ...(දී)
අනේ කුමාරි හාමියෙ, ඒ ජෝඩුව මිස්ටර් ඇන්ඩ් මිසිස් බනානා ෆ්‍රොම් ෆ්‍රාන්ස් .මොකද නිකන් කලබොල වෙලා...බළලා එලියට පැන්නේ?(දී)
ෂුවර් එකටම මේක කරලා තියෙන්නේ රූප අක්කගේ මහත්තයා. ඒකනේ රූප අක්කා සද්දයක් නැතුව ඉන්නේ. නේද චන්දි??? (ස)
මේවා විශ්වාස කිරීමම කොඩි විනයක් බවට මෙම කතාව හොඳම උදාහරණයි.කපටි කට්ටඩියන්ට, කපුවන්ට විරාමයක් තැබිය යුතු කාලයි මෙය. (ස)
මේකට මට හිනා?(දී)
ඉන්දියානු තරුණියක් ස්පෙයින් ජාතික තරුණයෙකු හා විවාහ වී ස්පෙයින් වල පදිංචියට ගියාය .ඇය ස්පෙයින් භාෂාව නොදන්නා බැවින් බොහෝවිට හස්ත මුද්‍රාවෙන් කථා කලාය .උදාහරණයක් ලෙස කුකුල් කකුල් මිල දී ගැනීමට උවමනා වු විට වෙළද සැලට ගොස් ,තමාගේ කකුල පෙන්වා කුකුල් මස් දෙසට ඇගිල්ල දිගු කරයි .මාළු ඔලුවක් අවශ්‍ය විට තමාගේ ඔලුව පෙන්වා මාළුවා පෙන්වයි .දිනක් ඇයට බනානා මිලදී ගැනීමට අවශ්‍යවී සැමියාව වෙළදසැල වෙත රැගෙන ගියාය .ඒ ඇයි කියලා ඔයාලා දන්නවද ? ඒ සැමියාට ස්පෙයින් භාෂාව කතා කළ හැකි නිසාය. (ස)
එන්න මද නලේ.. ගොස් පවසන්න දුක මගේ... යන්නට හැකි ඔබට පමණි, සිර ගෙයට ඇගේ.... දිව රැයේ වැලපිලා, දෑස ඈගේ රතුවෙලා, කියන්නකෝ දුක මගේ ඇගේ කනට ලංවෙලා.... සුලගේ මා අසරණයි, මට ඇති වස්තුව ඇයයි, කීවොත් මගෙ දුක සදහට, ඔබට මා නයයි.... එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ......(නදී)
පහන් ඔයා ගොඩ...කුමාරි අක්ක මඩ ගොඩේ ද කොහෙද අනාගෙන.(දී)
ගොළුවා ස්පාඤ්ඤ භාෂාව නොදන්නා බැවින් බොහෝවිට හස්ත මුද්‍රාවෙන් කථා කළේය.පළමුව අත උස්සා ගොලුවගේ බාහුවේ මස් ගොබය පෙන්නුවේය. ඉන්පසුව සෙල්ලම් කරන විලාශය දෑතින් රගපා පෙන්නුවලු. වම් අත දික්කර ඇඟිල්ලෙන් පෙන්නුවලු. (නි)
"මගේ ළඟ ක්‍රම සහ විධි තියෙනවා." චන්ද්‍ර, බයවෙන්න එපා....ගැජට්ස් එහෙමත් තියෙනවා මා ළඟ (නි)
පහන්, ඔයාගේ කතා එකතු කරලා පොතක් ලියන්න හිතුනා. ඉවර උනොත් එවන්නම්.ඔයා ලියන්න. (නදී)
මිනිස්සු හැමදේම විකුණන නිසා ගුරුකම් ශාස්ත්‍රයත් හැල්ලු වෙලා. ඒක යහපත් දේවල් වලට යොදා ගන්න පුළුවන් ගෞරවනීය ශාස්ත්‍රයක්. කොඩිවින නම් අනුමත කරන්න බැහැ. (ස)
අනේ දිසා මහත්තයෝ ඔයාට මාව කොඩි විනයක් වෙච්ච දාට තමයි..!! අර ඔයා අකමැති කට්ටියව මතක් වෙන්නේ (ඉන්නවාකෝ ටිකක් රෑ වෙනකල් නින්ද යන වෙලාවට මං එන්නම්කෝ කොන්ඩේ කඩන් මුහුණට දාගෙන දත් විලිස්සාගෙන හූ කියාගෙන .., ) (ස)
උතුර දකුණ කියලා වෙන් කරනු එපා .., වයබ ,සබරගමු අයටත් දොසක් එපා .,සැම දෙන එක්ව ලක් මෑණිගේ වදිමු දෙපා.., පෙරටම යන්න එක්වෙමු දැන් සිනහ පපා ..!!(අ)!
පවුලට විනකරන කොඩිවින කරන බෝතල් නම් ඕනෑතරම් තියෙනවා (නි)
දකුණට බනින්න තරම් මොකද්ද මනුස්සයෝ නුඹලාට අපේ මිනිස්සු කල වරද? පුදුම හතුරුකමක්...ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ සිංහල මිනිස්සු වචන උච්චාරණය කරන විධි විවිධයි...එක තේරුම් ගන්න බැරි සම හරක් අදහස් පල කරද්දී ඊට වඩා පුදුමයි.... කෙසේ වෙතත් මේ ලිපිය පල කල විදුහල්පතිතුමා ඉතමත් දක්ෂ අයෙක්.(දී)
විනයක් නැති එකා - කොඩිවිනයක්ය සැමටා - නමාලා දෙකටා - අල්ල දීපිය රීරි යකුටා..... (නි)
රත්නායක නුවන් ,මහත්තයෝ ., දකුණ කීවට ඔක්කොම එක නැහැ. ඒවා ගමින් ගමට වෙනස් වෙනවා. කතා කරන වචන සහ විලාසය ,තාලය ,ඒවාට හිනාවෙන්න එපා මොකද අපි.. තුන් සිංහලයම නෑදෑයෝ...!! හොඳේ (මං දන්නා පලාතක් තියෙනවා එයාලා අහන්නේ..!! අක්කේ අම්ම කොයි ..!!.) අපට ඒවා නුහුරු වචන තමයි (ස)
ප්‍රියා පුතේ හන්ටින් හරි ශුටින් හරි කමක් නෑ. හරස් ප්‍රශ්න නාහ නිදාගන්න හොඳ කොලුවා වගේ. (ස)
එහෙනම් පෙත්තප්පුත් ''දකුණේ'' ආ..... (ස)
ඔව් චන්දී සත්‍ය සිද්ධියක් අපේ ගමේ.එදා ඉඳලා දුව ගැන විශේෂයෙන් සොයා බැලුවා. (ස)
පයාගල නෙමෙයි හරි නම (නි)
ඉන්දුගේ බනානා ලොජික් එකනම් මරේ මරු!!! (ස)
මේ වැඩේ කපුවට බාර දුන්නා නම් හැමෝටම හොරෙන් බෝතලයක් වළලලා තොවිලේ දවසට බෝතලේ ගොඩ දානවා.එතකොට ඉතින් කපුවත් ගොඩම තමා. ඉලක්කම් පහක් නේ. (ස)
සිනහ පපා...මගේ පපාගේ නම ඒක නෙවේ චන්දී නගෝ....
බස හැසිරවීම පෙදෙසින් පෙදෙසට වෙනස් වීම සිංහල නොව සියලු භාෂාවන්ට අදාලය. ඒ බසට අදාල පාරිභාෂිත වචන තිබේ. ඒවා ගොලොසරි ලෙස ලබාගත හැක. එක වහරක් අනෙකට උසස් හෝ පහත් ලෙස සලකන්නේ කෙසේද? දකුනේ අය ඔසරි ඇන්දට උඩරට අය ඒවට විරුද්ධ නැහැ. ඒ වගේ බස ගැනත් හිතමු. . බසයක (නදී)
මගේ දුව කුඩා අවධියේ කොළඹ පළාතේ පාසලක ඉගෙන ගන්න අතර දිනක් මගෙන් ඇහුවා "තාත්තේ අපේ මිස් පහලවට පාළහ කියන්නේ මොකද කියා ? මම දුවට කිව්වා මිස්ගෙන් අහන්න ගම අම්බලන්ගොඩද කියා . කාරණේ ඇත්ත මගේ පාසලෙන් සිප්සතර හැදෑරු ගුරුතුමියක්. (ස)
රොෂාන් ප්‍රනාන්දු මහත්මයා. අපි පොඩි කාලේ සෙල්ලම් කලේ කඩෙන් ගත්ත සෙල්ලම් බඩු වලින් නොවෙයි. ඒ කාලේ අඟල් හයේ සහ අඩියේ ලී කෝදු තිබුනා. මේවා හරි උණ ලී පතුරකින් හදාගත් එවැනි එකකින් අපි මේ ක්‍රීඩා භාණ්ඩය හදා ගත්තා. කෙළවරකට වෙන්න සිදුරක් විදලා අඩි 3ක් විතර දිග ශක්තිමත් නූලක් සිදුරෙන් දාල ගැට ගහල නූලේ කෙළවරෙන් අල්ලලා වේගයෙන් කරකවනවා. ඉතා ගැඹුරු කොටියෙක් ගොරවනවා වගේ හඬක් එන්නේ. කරලා බලන්න. (නදී)
කොඩි වින ගැන දකුණ ප්‍රසිද්ධයි කියලා අපිත් අහලා තියෙනවා.ඉතින් දකුණේ ඉන්න හැමකෙනෙක්ම එහෙම අය නෙමෙයි නේද ? කෝ චන්දි?තරහ වෙන්න එපා හොඳද? සමහර ගෙවල්වලට කොඩිවින කරලා බොරුවට කියලා මිනිස්සු පණපිටින් මරන්න හදනවා.හිත ,ගත හයිය නම් මොන කොඩිවිනද? මනස දුර්වල වෙනකොට සාස්තර කාරයින්ගේ හොද්ද බොරවෙනවා (නි)
බනානා කියන්නේ කෙසෙල් නේද? කෙසෙල් ගන්නේ කුකුල්ලු වගේ කෑලි විදියට නොවෙයිනේ. මොකද අත දිගු කරලා කෙසෙල් පෙන්නලා ඉල්ලන්න බැරි? ඕකට සැමියා රැගෙන යන්න ඕනෑ නැහැ. පහන් මඩුගල්ලේ කතා රචකයෙකු ලෙස මෙවැනි අභව්‍ය කතා නොලියන්න. (නි)
පහන්, දෙදෙනාම ඉන්දියන් උනානම්, බබානා කන්න වෙන්නෙම නැද්ද. (ස)
සැමදාම බීමත්ව රෑ දෙගොඩ හරියේ ගෙදර එන සැමියාට පාඩමක් ඉගැන්වීමට සිතූ බිරිඳ කලුපාට ඇදගෙන ඔහු එන මඟට පැන්නාය ''.උඹ කවුද සැමියා'' ඇසීය .''යකෙක් "'බිරිඳ පැවසීය .උඹව සාදරයෙන් පිලිගන්නවා. උඹගේ සහෝදරීව තමයි මම බැඳලා ඉන්නේ'' (ස)
මදුකෝ මොකද වැහි නැතුවත් ගොරවන්නේ... ඔරවන රවන බැලුමට ඇයි ලතැවෙන්නේ... මොන යකු මොනවා කිව්වත් ඒ බඩගින්නේ... දකුණේ අපි තමයි කොතනත් බැබලෙන්නේ.... (නි)
සරත් ,චන්දි,හේරත් ,ඩේවිඩ් ,ඉන්දු ,ඇතුළු කට්ටිය මාව හොයලා තිබුනා .කාර්ය බහුලත්වය නිසා එන්න බැරිඋනා. (ස)
වන්නිය ගේමට බැහැල නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩාගන්නේ කියාල.................
වන්නිය ගේමට බැහැල නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩාගන්නේ කියාල................. (නදී)
වන්නියා ගේමට බැහැලා නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩා ගන්නේ කියාලා.......... (ස)
කොඩිවින බෝතලය හොයා ගෙන නිදහස් නොවුනොත් අලි අමාරුව තමයි මාමේ. (නි)
පහන්, ඔයාගේ කතාවේ අන්තිම හරියට එනකොට ,මට නිකන් බයක් බයක් වගේ හිතුනා.අපිව සිනා සාගරයේ ගිල්ලනවට හුඟක් පින් . (ස)
වන්නි තිලක්, රොෂාන්ට ඕවා නො තේරුනාට එසැන ගොඩක් අය ඔය සද්දේ අත් විදපු අය බව නම් තේරෙනවා. අපේ කාලේ ගොඩක් සෙල්ලම් බඩු අපිමනේ හදා ගත්තේ. ඕක කරලා මම ගුටිත් කාලා තියෙනවා නංගිගෙ වැදිලා. (ස)
අපි මීට පස්සේ ඒ නායකව පි.බි. කියලා සමරමු. (නි)
රූපවතී අක්කේ ,දැන් හැදෙන උන් කමකට නැහැ කියලා කියන්න බැහැ අක්කේ.හැම දේ අතින්ම දැන් හැදෙන පරම්පරාව දැන උගත් කියලයි මං හිතන්නේ.ඒකනේ අච්චර වයසට ගිය දිසා වගේ අයෙකුට මං එහෙම කිවුවේ. (නි)
චන්දි නංගි, අපේ කුරුණෑගල අපිත් කතාකරනවා ගමේදී, 'අක්කේ අම්ම කෝ' කියලා. ඒක සාමාන්‍ය දෙයක් අපිට නම්. (නි)
මදැයි., ඉඳලා ඉඳලා දෙයියෝ සාක්කියක් ආවා..!! අනේ කතෘතුමෝ දැන් මං ඉඳලා ඉවරයි ..!! බුදු සරතෝ.., මාව බේර ගනියෝ ...!!! (ස)
ඩේවිඩ් ., මං තරහා වෙන්නේ නැහැ ..! ඇත්ත ඒක තමයි..!! දකුණ කිවුවොත් ඔය මාතර,බෙලිඅත්ත වගේ පළාත් ඕවට ගොඩක් ප්‍රසිද්ධයි .. හැබැයි ඉතින් මේ මිනිහට මල් පැල ටික මැරුනොත් නම් ඉරමුදුන් දරහැවක් දාලත් බැරිවෙයි නෝනගෙන් බේරෙන්න (නැද්ද මං අහන්නේ ) (ස)
කෝ බොල මේ පි.බි..(නදී)
පෙත්තා බත් කාවද !!(නදී)
එඑඑඑ ..දකුණේ ඔක්කොම ඉන්නේ සුරතල් සත්තු ..එකෙක් පෙත්තා..අනිකා චන්ද්‍රා...තව එකෙක් ගෙම්බා ...තවත් එකෙක් මදුකා ඔය මදුකා කියන්නේ හැව ඇරපු ගැරදින්ට ...හු..හු..හු...ඒ උනාට චන්දි හොඳයි... (ස)
ඔන්න හැත්තෑව කාලේ දවසක් අපේ අහළ පහළ ගෙදරක කැපිල්ලක්. මම ඒ වෙනකොට කොවුර් මහත්මයාගේ දෙවියෝ සහ භූතයෝ එහෙමත් කියවලා යක්කු සතේකට ගණන් ගන්නේ නැහැ. මමත් ගියා බලන්න. ගියවෙලේ ඉඳලා මම බලා ඉන්නේ මුන්ගේ හොර අල්ලන්න. ඔන්න පිදේනි තටුව රවුමට පැදුරකින් වටකරලා තියෙනවා. කට්ටඩියා පොල් මලක් අරන් ගේ වටේ යනවා ගෝලයා පන්දමත් අරන් දුම්මල ගගහා යනවා. ඔහොම ගිහින් අර පැදුරෙන් වටකරපු එක ඇතුලට පොල්මල දාලා පිදේනි තට්ටුව අවුස්සලා ගියා. ටිකකින් මල් පැල ගාවට ඇවිත් මන්තර කියලා ගෝලයට කියනවා ගිහින් බලනවා පිදේනි තටුවේ මොකුත් ලකුණක් නැද්ද කියලා. ගෝලයා ගිහින් එබිලා බලලා කෑගහනවා මේ මේ ඇවිත් එහෙන් මෙහෙන් පහුරුගාලා බුක්ති විඳලා තියෙන්නේ කියලා. බලනකොට ඒකේ ටිකක් හැලිලා තියෙනවනේ. මම ගෙහිමියාට කිව්වා මේක බොරුවක් කට්ටඩිය පොල් මල දාලා ඇවිස්සුවා කියලා. ඔන්න ඊට පස්සේ මිනී වලේ ගිහින් ජපකරලා කපන්න ගියා. මට අපුරු අදහසක් ආවා. කෙලවරේ හිලක් තියෙන අඩිකෝදු පටියක් අහම්බෙන් දැකලයි මේ අදහස ආවේ. මේකට නුලක් ගෙන මම ගියා කන්ද උඩට. ගිහින් අහගෙන ඉඳලා හරියටම ජප කරද්දී නුලෙන් අල්ලලා වටේට කරකැව්වා. එතකොට මහා බියකුරු ශබ්දයක් එනවා. හැමෝම කලබල වුණා. කට්ටඩියා කියනවා හා ඔය එන්නේ ගොරෝගෙන කියලා. තව හයියෙන් මන්තර කියනවා. මම තව පාරක් සද්ද කළා. ඒ පාර ගෝලයා හොඳටම බය වුනා. මට එච්චර පැහැදිලි නැහැ. මගෙත් ගෝලයෙක් හිටියා. කට්ටඩි මහත්තයෝ, මේකෙන් කමක් නැහැ අපි යං කිව්වලු. පොඩ්ඩක් හිටපිය බලන්න මම තව මහා බලගතු එකක් මතුරන්නම් කියලා ඔන්න මතුරන්න පටන් ගත්තා විතරයි මම ආයෙත් සද්ද කළා. ඒ පාර නම් කට්ටඩියත් බයවුනාලු. බයවෙච්ච ගෝලයා බුදු අම්මෝ මගේ පන බේරපියෝ කියාගෙන දිව්වා මටත් පෙනුනා. පස්සේ ගෙදරට ආරක්ෂාවක් දාලා යන්නම්, පස්සේ දවසක හරියට කපන්න එන්නම් කියලා ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පලාතෙවත් ආවෙ නැහැ. (නි)
ඔන්න යහළු යෙහෙලියනේ මම නමට මුලින් වන්නි කියලා දැම්මා. මොකද තව තිලක්ලා ඉන්නවනේ. ඉතින් ඒ යටත් අපේ සතුටු සමාජයේ ඉඩක් දෙන්න එපාය. මගෙත් කතාවක් තියෙනවා දැන් බැංකුවට යන්න තියෙනවා. පස්සේ ලියන්නම් හොඳේ! (ස)
චන්දි නංගි දන්නා කෙනෙක් ඉන්නවා නම් .කියනන්කෝ.අර ලන්ඩන් ඉන්දු නැන්දයි , අපේ දිසා මාමායි දෙන්නට ඉනාවක් කරලා දෙන්න කියලා. දිසාගේ කොල්ලව ඉල්ලනවා ඉන්දු නැන්දා. කොල්ලා දෙන්න බැහැ, මම එන්නද අහනවා දිසා ... (නි)
ඇත්තමයි පහන්, ඔයාගේ කතා නම් මරේ මරු.අපේ වෙහෙස නිවාලනවා ඔයා. (නි)
මම ඒවාට බය නැහැ. මගේ ළඟ ක්‍රම සහ විධි තියෙනවා.බැරිම උනොත් පෙත්තව ඉස්සරහට දානවා.මොකද කියන්නේ? (ස)
අයියෝ සල්ලි
කවුද කිවුවනේ පහනයා වෙන කසාදයක් කරගත්තා කියලා.එන්නද ගිහින් බොරු කි කොල්ලන්ට තලා.. ඒ පාර රූපවති අතුරුදහන් (නි)
පහන්, බොරු කියන්න එපා (නි)
කතාව කියවන කොට මට හිතුන චන්දිත් කොඩිවිනයක් කියල ..