කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිීනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා දමා කෙම කිරීමට සූදානම් වන ලෙසත් රතු රෙද්ද ඇෙඟහි දවටා ගෙන ගෙන එන ලද පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපෙන ලෙස පවසා සැකකාර කපුවා තිරය පිටුපස හිඳ ස්ත්‍රෝත කියමින් හලං නාද කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව තරුණිය අසලට ගොස් ඇති කපුවා දෙහි ගෙඩි ගෙන හිසට උදරයට හා පාදයට තබා දෙහි කපා ඇත.
පසුව සැකකාර කපුවා තෙල් වර්ගයක් තරුණියගේ ඇෙඟ් පැය භාගයකට ආසන්න කාලයක් ගා පිරිමැද ඇතැයි පොලිසිය කියයි. ටික වේලාවකට පසුව සැකකාර කපුවා තරුණියගෙන් ශරීරයට යම් වෙනසක් දැනෙනවාදැයි ප‍්‍රශ්න කර ඇති අතර අනතුරුව තෙල් ගල්වා ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
දේවාලය තුළ දී වූ සිද්ධිය නිවැසියන්ට පවසා ඇති තරුණිය ඔහුන්ගේ උපදෙස් මත මෙම පැමිණිල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකාර කපුවා ඊයේ කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රසන්න කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර දන්තනාරායන මහතා පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනි මෙහෙමත් මිනිස්සු. රෝහල් ටික වැහුවානම් හරි.(නදී)
කොහොද තෙල් ගාලා තියෙන්නේ?(නදී)
අපේ සරත් මල්ලිටත් කළුකුමාර දිෂ්ටිය වැටෙනවා ලගදීම ,මෝහිනී හොයාගෙන හැමදාම, වැව තාවුල්ලේයි , පාළු ළින් ලගයි, කෙම්මුර දවස් වලට කරක්ගහනවා වැඩියි. පහුගිය දවසක කොහිල වලක ඉදන් දුවලා තියෙනවා. ඒ කෙල්ලටත් වැහුණේ අපේ කළුකුමාර සරත් මල්ලිගේ දිෂ්ටියවද්ද?(නදී)
ඔය වයසට එක එක කුමාරවරු වැහෙනවා. එහෙත් කළු කුමාරයාගෙන් බේරෙන්න බලු කුමාරයෙක් ලගට ගියේ මොකටද... ? රාගම, අතුරුගිරියේ, ගොඩගම, පානදුරේ මෙවැනි අය ඉන්නවා ආත්ම විශ්වාසය නැති අය මේවා පසු පස යනවා . (නි)
හැමදාම දෙයියන්ට පිදේනි දෙන කපුවට මේ පාර දෙයියෝ පිදේනියක් දීලා වගේ. (නි)
අපේ ලුම්බිනිත් යනවා හැමවෙලේම කපුවො හොයාගෙන. තෙල් ගෑවේ අපේ ලුම්බිනිගේවත්ද? (නි)
මෝඩ කෙල්ලේ, පරන කාලේ කරපු දේවල් විශ්වාස කරන්න එපා. තේරුනේ නැද්ද කපුවා මොකටද එන්නේ කියලා (නි)
කපුවා කපෝතියි නේද? (නි)
කෙල්ලටත් හොද වැඩේ. මොකට යනවද නොදන්න තැන් වලට නොදන්න වැඩ කරන්න? (නි)
වෙන මොකවත් නෙමෙයි, තියන මෝඩකම. අසනීපයක් තියනවා නම් දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගන්න.මම මේ වෙලාවේ එකක් කියන්නම්. මේ බොරු විශ්වාස වලින් අඑත් වෙන තරමට හොදයි. මම දන්නා ලංකාවේ ප්‍රසිද්ධ දේවාලයක පින් කැටේ මීට මස කීපයකට උඩදී හොරු ගත්තා. අද වනතුරු හොරු අහු වුනේ නැහැ .සමහර මිනිස්සු හොරු අල්ලන්න කියලා යන්නෙත් ඒ දේවාලේටම තමා.මේක ලෝක විහිළුවක්. මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා කියන්නේ තනිකර මිනිස්සු මුලා කරලා සල්ලි හම්බ කරන ජාවාරමක්. මම මේ ගුරුකම් කරන අයට ප්‍රසිද්ධ අභියෝගයක් කරනවා මේ වගේ ඇත්ත නැත්ත මුළු රට ඉස්සරහම් ඔප්පු කරන්න කියලා. ඔච්චර කොඩිවින කරන්න දන්නවා නම් අයි බැරි වුනේ ප්‍රභාකරන්ට කොඩිවිනයක් කරලා ප්‍රභව ඉවරයක් කරන්න (නි)
මේ කපුවා මසාජ් ක්ලිනික් කාරයෙක් වෙන්නැති. (නදී)
අර ගම්පහ දිහාත් තියනවලු ඇලක්. ඒ ඇලෙන් නාපුවම, ඔය ලෙඩේ සුව වෙනවලු. ඔය ලෙඩේ තියන හැමෝම ඒකෙන් පහු ගිය දවස් වල නාලා.(නදී)
ඇයි මිනිස්සු මේ වගේ සිද්දී වලට මුණ දෙන්නේ. අද්‍රෘෂ්‍යමාන දේවල් ඕනවට වඩා විශ්වාස කිරීම. අපි පෙර ආත්මවල කරපු හොද නරක අනුව අපේ ජිවිත ගෙවෙන්න ඔය හොර දේවාල කපුවෝ පස්සේ ගිහිල්ලා අපේ ජිවිත කවදාවත් වෙනස් කරන්න බැහැ. ඔබගේ ජිවිත තවත් අදුරට වැටෙනවා. මොකද ඔබලාගේ මුදල් සහ වටිනා කාලය නැතිකර ගැනීම. දැන් ලංකාවේ තියන බිස්නස් වලින් හොදම බිස්නස් එක දේවාල. (අදායම් බද්දෙන් සම්පුර්ණ නිදහස්).(නදී)
චන්ද්‍රා ඔයා මොනවද දන්නේ 51 මොන වයසක්ද? තෙල් ගානකොට තරුණියට මොනවගේ වෙනසක්ද දන්නේ නේ දැනිල තියෙන්නේ නේද? කොහොමහරි කතාවේ ඉතුරු ටිකත් තිබුනානම් තමයි හොද. එහෙම උනානම් අපිට එක එක දේවල් හිතාගන්න වෙන්නේ නැහැ.(නදී)
ගොඩක් කාන්තාවන් පත්තරවල කියවන්නේ නළු නිලියන්ගේ ඕපාදූප විතරයි, වැදගත් පුවත් බලන අය අඩුයි. දෙමාපියන් අනෙක් පුවත් බැලීමටද උනන්දු කරනවා නම් ලමුන්ගේ මොලේවත් හැදෙයි.(නදී)
රටේ හැම දේම කඩාවැටිලා.මෙහෙම ගියොත් වැඩිකල් නොයා ලංකාව නවතින තැන හිතාගන්නත් බයයි. (නි)
ඔය ගුරාට වයස වැඩියි. හතලියට අඩු නම් ඔය කෙම් ක්‍රමය හරි යනවා. ආයේ පොලිසි යන්න වෙන්නේ නැහැ (නි)
මේ සමාජයේ සිද්ධ වෙන දේවල් දැකලා දැන්වත් මිනිස්සුන්ගේ ඇස් ඇරුනොත් හොදයි. ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ තමුන් අදහන ආගම තුල පමණි . (නි)
මේකේ හැටියට කෙල්ල විසින් දුර්වල කපුවා මෝහනය කර ඇත.(නදී)
මොකටද අද කාලේ තරුණ ළමයි දේවාල විශ්වාස කරගෙන ඕවට යන්නේ? තමන්ට සෙතක් වෙන්න කියලා හිතාගෙන පන්සලට ගිහිල්ල බෝධි පූාජවක් කළා නම් හරි.බෞද්ධ අපිට තෙරුවන් සරණ විතරයි තියෙන්නේ. (නි)
සරත්, කතාවේ ඉතුරු ලියලා නැත්තේ ලියන්න බැරි හින්ද වෙන්න ඇති. ලංකාදීප පත්තර බලලා ඔය වගේ ආතල් ගන්න අමාරුයි. ඊමේල් එක දුන්නොත් අසහනය ඉවරවෙනකම් බලන්න ටිකක් එවන්න පුළුවන්.(නදී)
හරියට ආගම පිලිපැද්දා නම් ඔහොම වෙන්නේ නැහැ. කපුවා විදී දුක... (නි)
විහග කියනවා වගේ මිනිස්සු කාලය සහ මුදල් නැතිකරගෙන හොරු අල්ලන්නන ගියාදේවාලෙත් කඩලා කවදාහරි පොලිසිය ඇල්ලුවොත් තමා නෙත් එප්.එම් රේඩියෝවෙන් හොර දේවල් ගැන සාක්ෂි ඇතිව ඔප්පුකර පෙන්නුවා. ඒත් මිනිස්සු රැවටිල්ලේ සීමාවක් නැහැ. කවදානම් මොලේ සුද්ද වේද?(නදී)
දෙවියන් ගැන විශ්වාසයක් තිබෙනවා නම් තෝල්කයන් නැතුව කෙලින්ම දෙවියන්ගෙන් ඉල්ලීම කරන්න. කපුවාට මොකක්ද තිබෙන සුදුසුකම් අපේ ඉල්ලීම් දෙවියන්ට ඉදිරිපත් කරන්න? මේවා අපේ මිනිස්සුන්ගේ මෝඩකම්. (නි)
දැන් මාධ්‍ය මගින් මෙහෙම දේවල් ගැන කොච්චර දැනුවත් කරනවද? මේ තරුණියගේ භාරකරුවන් ඉක්මනින් මානසික රෝහලකට රැගෙන යා යුතුයි (නි)
එකම තැන වැඩිපුර තෙල් ගානකොට තේරෙන්න ඕනෑනේ මු එන්නේ මොකාටද කියලා... නොදැනුවත්කම සහ මෝඩකම (නි)
ඕකට කියන්නේ කළු නැතිව "කුමාර" දිෂ්ටිය කියලා. (නි)
රන්දි, අපට ආරංචි වුනා ඔයත් ඔය කියන කට්ටියත් එක්ක කළු කුමාර දිෂ්ටිය හොඳ කරගන්න ගම්පහ ඇළේ නනා ඉන්නකොට පොලිසියෙන් ඇවිත් අල්ලාගෙන ගියා කියලා! හොඳ වෙලාවට රූපවතී අක්කා තමයි ගිහින් ඇප දීලා බේරගෙන ඇවිත් තියෙන්නේ! (නි)
ඉතින් ඔය කියපු විදිහට මෙයා කෙම කිරීමට සූදානම් වෙලා පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපිලාද? (දී)
සේනාවෙන් කරනවානම් කරන්න පුළුවන් හොද වැඩක් ලංකාවේ දේවාල ටික ඉවත් කරන එක. හැබැයි ඔට්ටුයි කරන්නේ නැතුවට. (නි)
කළු කුමාරයෝ දැන් කාලේ ඉන්නේ ඒ කාලේ මිනිස්සු හිටියා කියන තැන් වල නෙවේ.(නදී)