තිස්සමහාරාමයට ආසන්න උප නගරයකි. පසුගිය දා පැවති උත්සව කටයුතු නිසා විශාල වශයෙන් ජනතාව නගරයට පැමිණීම හේතුවෙන් පෞද්ගලික බස් හිමියෝ ද කාර්යබහුල වූහ. ගමන් වාර කීපයක්ම ගිය මේ බස් රථය නගරයේ නවත්වා තව සුළු මොහොතකින් තිස්ස යන බව පවසා රියැදුරු සහ සහායකයා හෝටලයට ගියේ දිවා ආහාර ගැනීමටය. මොහොතකින් වාහනයට නැග ගත් පිරිස අසුන් ගනිද්දී බසයට නැගි තරුණයකු ‘‘මාරු සල්ලිවලින් රුපියල් තිහ ගානේ ගන්න’’ කියා කඩිනමින් මුදල් එකතු කරගෙන බැස ගියේ හෝටලය දෙස ද බලමිනි. බසයේ රියැදුරු සහායක තරුණයා බසයට නැග ටිකට් කැඞීමට සූදානම් වූ විට මගීන් මුදල් ගෙවූ බව කීම නිසා ඔහු අන්දමන්දව තොරතුරු විමසීමේ දී සිදු වී ඇති දේ දැන ගෙන රියැදුරු හමුවට දිව ගියේ ”හත් දෙයියනේ” කියාගෙන ලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දොස්තරලට දීලා තියෙන නිල ඇදුම අදිනවා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. (නි)
මාටියා ගහන සල්ලි වලින් කොටසක් බස් අයිතිකාරයටත් යනවද? (නි)
පිනට කන්න යනවාට හොද වැඩේ (නි)
රම්‍යාට කොන්දොස්තර ගැන දුකයිද? (නි)
සේනක, උතුර නැත්නම් දකුණේ හැමදාම අහන්න වෙන්නේ ඔහොම දේවල් තමයි. (නි)
ටිකට් නොදෙන එකට නම් හොදයි. ඒත් මෙහෙම මිනිසුන් සිටීම ගැන දුකයි. (නි)
අදහන්න වටින මිනිස්සු අපේ ලංකාවේ ඉන්නේ. (ස)
ඒකතමයි කියන්නේ නිල ඇදුම් අදින්න කියලා. (නි)
සුමනලා වගේ අය බලාගෙන ඉන්නේ වැරදුණු කෙනාට හිනා වෙන්න. (නි)
දකුණේ අය හැම දේකටම දක්ෂයි. (නි)
ඔය වැඩේ නවත්වන්නේ හොඳ ගුටි පූජාවකින් පස්සේ.. (ස)
ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට හොද පාඩමක්. (නි)
දියුණු රටවල බස්වල මෙහෙ වගේ මගීන්ව බෙල්ලෙන් අල්ලලා බස් එකට දාන කොන්දොස්තරලා නැහැ. මගීන් බස් එකේ මැෂින් එකකට කාර්ඩ් එකක් දාලා ස්වේච්ඡාවෙන්ම ටිකට් ගන්නවා. අනිත් එක තමයි බස්වල හිටගෙන යන මිනිස්සුත් නැහැ. දියුණුයි කියන්නේ අන්න ඒ වගේ දේවල්වලට තමයි. (නි)
ඒක තමයි කොන්දොස්තරලට නිල ඇදුමක් දෙන්නඕනෙ කියන්නෙ. (ස)
කොන්දොස්තරලගේ බොරු සද්ද.... හොඳ වැඩේ..... (ස)
කොන්තදොස්තරලා නීතියට වැඩ කරන්නෙ නැහැ. එයාලා ටිකට් දෙනවානම් මේවා වෙන්නේ නැහැනේ. (නි)
ඉතුරු සල්ලි දෙන්නෙත් නැති කොන්දොස්තරලාට මෙහෙම වෙලා මදි. (නි)
දකුණ, උතුර ගගා ඉන්න. අන්න නැගෙනහිර දැන් අපිට අහිමි වේගෙන යන්නේ. (නි)
බස් අයිතිකාරයාට පාඩමක් උගන්වන්න හිතාගෙන මේක කොන්දොස්තර සහ රියදුරු විසින් කළ සැළසුමක් වෙන්නත් පුලුවන්. (නි)
මේ දවස්වල දකුණේ අය ගොඩක් ප්‍රසිද්ධ වෙනවා නේද ?? (ස)
ඉතුරු සල්ලි දෙන්නෙත් නැති කොන්දොස්තරලාට මෙහෙම වෙලා මදි.(නු)
දකුණ කොහොමත් ඔය වගේ දේවලට ප්‍රසිද්ධනේ (නි)
දකුණ නැත්නම් රටකුත් නැත කියන එක පිළිගන්න ඕනේ. (නි)
කොන්දොස්තර මහත්තයාගෙම වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
හොද වැඩේ. ප්‍රයිවට් බස් කොන්දොස්තරලාට ඔහොම වෙලා මදි. (නි)
ඕක මොකක්ද? ගමන් වාර දෙකක් ගියහම ගාණ කවර්. (නි)
ඔය වගේම වැඩක් කතරගම කොළඹ බස් එකෙත් වුණා. බස් එකට 4500ක් විතර පාඩුයි. (නි)
හොද වැඩේ. නිල ඇදුමකුත් දීලා නේ තියෙන්නේ? (නි)
ඔවු ඉතිං. දකුණ නැත්නම් උතුරකුත් නැහැනේ. (නි)
මේවට තමයි කියන්නේ ළගින් ගියොත් ඇහැක් නැහැ කියලා. (නි)
නිල ඇදුමක් සහ ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට හොද පාඩමක්. (නි)
එහෙනම් සුරංග, ඔයා බස් ටිකක් ගෙනල්ලා දාන්නකෝ. අපිට වාඩි වෙලා යන්න. කොහොම වුණත් වැඩේ නම් නියමයි. (නි)
අනේ නියම රස්සාව..මරු මරු...ඔහොම යන්.. (ස)
නිල ඇදුමක් සහ ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට හොද පාඩමක්. (ස)
දැන් අපි දන්නවා දකුණේ අය හොරකමට වංචාවට ගොඩක් දක්ෂයි කියලා.. (ස)
ඉදලා හිටලා මේ වගේ පොඩි පාඩුවක් උනාට කමක් නැහැ.. එයාලා මගින්ව මොනතරම් පීඩාවට ලක්නරනවාද? වර්ජනයකරන දවස්වල අපි පුළුවං තරම් දුක් වින්දා බස්වල ගිහිල්ලා..!(නු)