IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කොන්දොස්තර මාරු නොකළ රුපියල් 1000 විරිදුකරු මාරු කරලා

සබරගමුව පළාතේ ප‍්‍රධාන බස්නැවතුමකි. ගමට යන මේ පෞද්ගලික බසය උදේ ගමන් වාර දෙකක්ම ගියත් එකතුවූයේ සුළු මුදලකි. නගරයේදී බසයට ගොඩවූ මගියකු රුපියල් විසි දෙකක ටිකට් පතකට රුපියල් දහසක නෝට්ටුවක් දීම නිසා කොන්දොස්තර තැන එය මාරු කිරීමට මුදල් නැති බව කීවේ තරමක කෝපයකිනි. ඒ මොහොතේම බසයට නැගගත් විරිදුකරුවකු රුපියල් දහස මාරුකරදීමට සමත් විය. කොන්දොස්තර තැන ඊට ස්තුතිකරන විටම විරිදු කරුවා රබාන හැඬවීය. ”පුරුදු වෙන්න අමාරු නෑ ඒ බව ලොක්කට දන්නා විරිදු කියල හම්බකරමු වරෙන් මචං අපි දෙන්නා.” කියා යළි රබාන හඬවන විට බසයේ සිටි කීපදෙනා සිනාසුනත් බසයේ කොන්දොස්තර තැනට නම් තරු පෙනුණාලූ.



අදහස් (0)

කොන්දොස්තර මාරු නොකළ රුපියල් 1000 විරිදුකරු මාරු කරලා

සෑම් Friday, 07 February 2014 04:36 PM

ව්‍යාපාරයක් කරන කෙනෙක් තමනට මුහුණ දිය හැකි බරපතලම අවස්ථාවට සුදානම් වී සිටිය යුතුයි. ""මාරු සල්ලි නැහැ"" කියා කීම ලංකාව වගේ රටකට හරි ගියාට දියුණු රටවල එහෙම නැහැ, ඒක නිසා තමා ඒ රටවල් ""දියුණු"" රටවල් වෙලා තියෙන්නේ. (දී)

:       0       0

චමිලා Friday, 07 February 2014 05:03 PM

අතටම විරිදු කියන එකශෝද ආදායම් මාර්ගයක්ද? එකට දක්ෂ කමත් තියෙන්න ඕනනේ (දී)

:       0       0

බමුණු Monday, 10 February 2014 06:39 PM

විරිදු කීමේ වටිනාකම දන්නා නිසයි එක ඇමතිවරයෙක් කීවේ එයත් විරිදු කීම පටන් ගන්නවා කියලා. එයා දැනගත්තා බයිලා කියල වැඩක් නැති බව.(නදී)

:       0       0

බමුණු Monday, 10 February 2014 06:41 PM

"බස් කාඩ් ආවහම ඔය ප්‍රශ්න ඉවර" මොකද විරිදු කියන්නත් කාර්ඩ් එකෙන් සල්ලි එකතු කරන්න පටන් ගනීවිද? (නදී)

:       0       0

සපුමල් බණ්ඩාර Sunday, 09 February 2014 01:58 AM

බොහෝ "දියුණු" රටවල බස්වල කොන්දොස්ටරලා නෑ. මගියා මැෂිමට නියමිත මුදල දමා ටිකට් ගත යුතුය. සමහර රටවල ඉතිරි මුදල් දීමක් නැත. නියමිත මුදල රැගෙන ඊම මගියාගේ වගකීමයි. (අ)

:       0       0

කිත්සිරි Monday, 10 February 2014 08:51 AM

බස් කාඩ් ආවහම ඔය ප්‍රශ්න ඉවරයි(දිල්).

:       0       0

දනුක Friday, 07 February 2014 11:40 AM

එක සාධාරණ රැකියාවක් නේ (දී)

:       0       0

දයා අලහකෝන් Friday, 07 February 2014 12:38 PM

ඊළඟට විරිදු කියන්න එන්නේ ඇමතිවරු කියලා පත්තරවල තිබුනා (දී)

:       0       0

සමන්ති Saturday, 08 February 2014 05:26 AM

බස් රථයට නැගීමට පෙර රුපියල් 1000 මාරු කරගෙන නැගීමට මගියකු බුද්ධිමත් වියයුතුයි . සමහරු මේවගේ සුළු දෙවල් හිතන්නේ නැහැ . (දිල්)

:       0       0

සමන්ති Saturday, 08 February 2014 07:47 AM

මේ සිද්ධිය වුණේ රත්නපුරේ නේද?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site