(තිහගොඩ - උපසේන ලියනගම)
දේශපාලනයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු පසුගියදා සිය බිරිය සමඟ ප‍්‍රදේශයේ පැවති රැුස්වීමකට ගියේ ඇයටත් එම දේශපාලන ගමන් මග ගැන අවබෝධයක් දෙන්නටය.
එහෙත් බිරියගේ අකමැත්ත මත ගමන ප‍්‍රමාද වූවත් ඇය කෙසේ හෝ කැඳවාගෙන යාමට ඔහු සමත් විය.
වෙනදා වේදිකාව අසලම සිට මේ කතා අසා සිටියත් ප‍්‍රමාදය නිසා තරමක් පසුපස සිට ඔහු වේදිකාවේ කථිකයාගේ දෙසුමට වශීවී සිටියේය. මෙහොතකින් ඉදිරිපස ඉඩක් දුටු ඔහු ‘යමු ඉස්සරහට’ කියා බිරියගේ අතින් ඇල්ලූවේ කථිකයාගේ මන මෝහන කතාවට සවන් දෙන අතරමය.
‘පිස්සුද..?’ අසලින් ආ කාන්තා කටහඬෙන් මවිතයට පත් ඔහු ඒ දෙස බලනවිට දුටුවේ තමා අතින් අල්ලා ගත්තේ වෙනත් කාන්තාවකගේ බවය. බිරිය අසලක වත් නොවීය.
සෙනඟ අතරින් රිංගා ගෙන ගොස් මේ ගැටුමෙන් නිදහස් වුවත් රැුස්වීම අවසාන වන තුරුවත් බිරිය සොයා ගැනීමට බැරි වුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පුද්ගලයාගේ අත බේරුනාද? (නි)
දෙන්නා දේශපාලන අදහස් වලින් සමානයි වගේ (නි)
මටත් ඔය වැඩේ වුණා ඉස්සර අවුරුද්දට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඇඳුම් ගන්න සෙනඟ ඉන්න කඩයකට ගියාම. වෙන ගැහැණු ළමයෙක් මගේ අතේ එල්ලිලා බලනකොට. මමත් දන්නේ නැහැ. පස්සේ මුහුණ දිහා බැලුවම ලැජ්ජා හිතිලා පැත්තකට ගියා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ඔහේ අත දාන්න ඇති. (නි)
ඇති ඔයින් ගියා! (නි)
1996 දී නුගේගොඩ දී පංතියේදී මටත් ඔහොම උනා. විවේකයෙන් පසු නැවත පන්තියට එනවිට තුන්වෙනි මහලේදී ගැණු ළමයෙක් මගේ අතින් අල්ලන් පන්තියටම ගියා. එතකොට සර් පන්තියට ඇතුල්වෙන තැන අන්තිම බංකුවේ ඉගෙන ඇතුලට එන ළමයි දිහා බලන් හිටියේ . මම අත අල්ලන් යන එක සර්ට පෙන්නගෙනම ගියා සමහරවිට සර්ටත් මතක ඇති. ඒ වෙලාවේ සර් මොනවහරි හයියෙන් කිව්වත් ළමයිගේ සද්දේ නිසා මට පැහැදිලිව ඇහුනේ නෑ.- සරත් වීරවංස ඩිස්නි ලන්තේ කතාවක් එහෙම නෙමෙයි, ඇත්තම සිදුවීමක්. (ර)
මාපලගම පත්මා , කිසිම වැදගත් ගැහැණියක් එහෙම ගහන්නේ නැහැ තමන්ට අනතුරක් ඇතිවුණොත් මිසක්. අනික නොහොබිනාකමට අල්ලන එකෙයි, වැරදිලා අල්ලන එකෙයි වෙනස ඕනෑ කෙනෙක්ට තේරෙනවා. (නි)
බිරිඳ අකමැති දේවල් කරන්න ගියාම වෙන්නේ ඔය වාගේ දේවල් තමයි. (නි)
ඕක නේ කියන්නේ ඔය වගේ තැන්වලට තමන්ගේ අඹුව එක්ක යන්න එපා කියලා. මේ මනුස්සය අර ගෑනිගේ අත අල්ලන්න ඉස්සරවෙලාම එයාගේ බිරියයි, අනිත් බවලතාගේ සැමියයි මාරුවෙලා ගිහින් වගෙයි. දැක්ක නේ මහින්දගේ අත අල්ලන ගිහිල්ලා මහින්දගේ කට විකෘති උන හැටි. අර බවලතාගේ පින්තුරයක් නැද්ද, සම කරලා බලන්න ? කොහොම උනත් ඔය දේශපාලන රැස්වීම් වලට ගියාට මොනාද අපට අලුතින් දැනගන්න පුළුවන් වෙන්නේ ? හැමදාම ඒගොල්ලෝ වාදනය කරන්නේ එකම තැටිය නේ. (නදී)
පුදුමය මෙතන වෙනත් කාන්තවකගේ අතින් අල්ලා , යමු ඉස්සරහට කියාපු වෙලේ , කම්මුල් පාරක් නොලැබුණ එක , කාන්තාවට මොහු නමස්කාර තළ යුතුයි (ම)
පිස්සුද කියල ඇහුවේ එතැනදී අත අල්ලපු නිසා වෙන්න ඇති. දැන් යන්න බෑ කියන්න වගේ වෙන්න ඇති. (බ)
අනේ අහිංසකයාගේ පර්ස් එක තියෙනවද බලන්න. පහුගිය කාලේ මැතිවරණ රැස්වීම් වල පික් පොකට් කාරයෝ වැහි වරුසාවට ඉඳල තියෙනවා. (නදී)
සඳුන්, ඔයාව ඩිස්නි ලන්තයට නිර්මාණ කරුවෙක් හැටියට තේරෙන්න ඉඩ තියෙනවා. තව ටිකක් ට්‍රයි කරලා බලන්න (නදී)
එයත් වෙන මනුස්සයෙකුගෙ අතින් අල්ලාගෙන අන්තිමේදී යන්නම යන්න ඇති (නි)
ඊළඟ රැස්වීමේදී ඔය නෝනාම හමුවුණොත්...? එහෙනම් පිස්සුද කියලා අහන එකක් නැහැ (නි)
තව ඩින්ගෙදී තවත් වාරියපොළ කේස් එකක් නේද ?(ම)