(බලන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
අනුන්ගේ නාන කාමර සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරිමට පුරුදුවී සිට ගැටවරයකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පියකු ගැන නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
කාන්තාවන් නාන කාමරවලට සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරීමට පුරුද්දක් ඇතිව සිටි අයෙකි. අවස්ථා කීපයක්ම, ඔහු දරුවන්ගේ නාන කාමරයට සහ ඇඳුම් මාරුකරන තැනට එබිකම් කරන බවට පියාට සැකයක් ඇතිවිය. ඔහුට පහරදීම නීතිවිරෝධී බව සිතූ පියා, මේ තැනැත්තාට හොඳ පාඩමක් ඉගැන්වීමට අදිටන් කර ගත්තේය.
නගරයට ගිය පියා වාහන සේවා ස්ථානයකින් කළුතෙල් ගැලූම් දෙකක් බූලියක පුරවාගෙනවිත් නාන කාමරය පිට පැත්තේ වහලේ එල්ලා තැබීය. බූලියේ මූඩියට කම්බියක් ගැට ගසා එහි කෙළවර නිවෙස තුළ රඳවා තැබීය. එදින ? බෝවූ පසු නිවසේ වැඩ හමාරකළ දියණිය මූණ සෝදාගැනීම සඳහා නාන කාමරයට ගියා පමණි. එ අසල ගැවසෙන අයකුගේ සේයාව පියාට දැකගත හැකිවිය. හොඳටම කල්බලා කම්බිය ඇද්දා පමණි. කළුතෙල් බූලියේ මූඩිය ගැලවී, එතැන ගැවසුණ තරුණයා කළුතෙල්වලින් නෑවී ගියේ, සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි අන්ඳමිනි. පස්ස නොබලා ගෙදර දිවගියත්, ඇඟ පුරා නැහැවී තිබු කළුතෙල් ඔහු ගිය පාර දිගේ බේරී තිබිණි. පසුදින උදේ සිද්ධිය සැලවීමත් සමග කළුතෙල් පාර දිගේ සොයාගෙන ගිය අයට සැකකරු හඳුනාගැනීමට අපහසු නොවීය. රාත‍්‍රියේම වත්ත පහළ දොළට ගිය ඔහු පිරිසිදු වීමට භූමිතෙල් ගැලූමක් සහ සබන් බාර් එකක් ගෙන ගියාලූ. දැන් ?ට නිවෙසින් පිටයන්නේ නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට රූපවතිද කොහිල වළ ළඟ නෑවේ? ඉස්සර කාලේ රූපවති අක්කා බොහොම හොඳට ඉන්න ඇති (නි)
නියම දඩුවමක්නේ දීලා තියෙන්නේ. (නි)
මෝඩ කොල්ලෙක් සහ අහිංසක පියෙක්. (නි)
දඩුවම හොඳයි. ඒත් ඔය වගේ අයගෙන් ලොකු කරදරයක් වෙන්නේ නැහැ. බලලා ඇති වුණාම යයි. කට්ටිය මට මඩ ගහන්න නම් එපා. (නි)
එයා කවුරු වුණත් තාත්තාගේ අනුකම්පාව නිසා කලුතෙල් නාගෙන බේරුනා. (නි)
දැන් තරුණයන්ට අමුතුම පිස්සු හැදෙන්නේ. නියම දඩුවම (නි)
කතාවේ හැටියට නම් තරුණයාත් මේ ගෙදරම ඉන්න කෙනෙක් වගේ (නි)
මටත් මතකයි මම එළියේ ළිඳකින් නාන විට නාන කාමරේ ඉඳල කෙල්ලෝ කට්ටියක් මන් දිහා බල හිටියා. ඒ ගමන අපේ තාත්තා දඬුවමක් වශයෙන් ඒ කෙල්ලන්ට දූරධර්ශකයක් ගෙනල්ල දුන්නා. ඊට දවස් කීපයකට පස්සේ කට්ටඩියෙක් ගෙනල්ලා ඒ ගොල්ලන්ට නුලකුත් බැන්දා බයට වැටිලා ඉඳලා (නදී)
නුවණැති තාත්ත කෙනෙක් ! (ස)
හෙල්මට් එකක් දා ගෙන වැඩේට බැස්ස නම් ඉවරනේ (නදී)
පිරිමි නානවා බලන්න කවුරුත් නැහැනේ? කාන්තාවෝ කොපමණ වාසනාවන්තද? (නි)
නියමයිනේ! (නි)
එ්ක තමයි රූපා. මටත් මතකයි කොහිල කටුත් ඇනගත්තා. මට හරිම දුකයි සරත් ගැන. (නදී)
ජනක, ඔබ හරි. ඒ තරුණයාට ඒ ගෙදර සමඟ තියෙන සම්බන්ධය මොකක්ද? අනික නාඳුනන තරුණයෙකු ගෙදරට ඇවිල්ලා දුව නාන එක බලන්න යනවාද? (නි)
රුවන් නාන තැන ,දවස සහ වෙලාව පාඨක සභාවේ දැන්වීම් තීරයේ දාන්න. වෙලාවට අදාළ කට්ටිය බලන්න ඒවි. (නදී)
රූපවතී නංගියේ, ඔය සරත්ගේ සිද්ධිය මටත් මතකයි අනේ. ඔයා ඒකට තරහවෙලා කාලයක්ම අයියත් එක්ක කතා නොකරත් හිටියා. (නි)
දැන් එතකොට මේ තරුණයා ගෙදර බෝඩිම්කාරයෙක්ද? (නි)
රුවන්, මේ මොනවද කියන්නේ? අපේ බන්දුල පෙරේරා මහතා හැමදාම මෙතන බවලතුන් එකතුවෙලා නාවන්නේ. (නි)
හොඳ වැඩේ! (නි)
රූපා අක්කේ. බොරුද මන් කියන්නේ. හානියක් නැහැනේ. (නදී)
දෙයියෝ සාක්කි. (අ)
චන්දි අක්කේ, හොද දේ ලබාගන්න ටිකක් අමරුයිනේ (නදී)
අනේ පව්........ (නි)
ඒ ගමේ ආච්චි කෙනෙක් කියනවලු අපි නානවා බලන්න තමයි කවුරුවත් නැත්තේ කියලා. (නදී)
අමාරුවෙන් ලබා ගන්නා දේ අගෙත් වැඩියි නේද...?සරත් මල්ලි (නදී)
ඕක ඒ කොල්ලගේ වරදක් නෙවි.මානසික රෝගයක්. ඔහුට අනුකම්පකරලා අවශ්‍ය වෛද්‍යවරයෙකුට යොමුකරන්න.. (අ)
අයියෝ මෝඩයා. අර පැලදුවම නොපෙන්නෙන තොප්පියක් හොයා ගත්තනම් ඉවරයි නේ.(අ)
දැන් එතකොට මේ තරුණයාට මේ ගෙදර සමඟ තිබෙන සම්බන්ධය මොකද්ද? (නි)
මාමාත් හොඳ මොළකාරයා... පැට්‍රොල් ,ඩිසල් ගණන් නිසා නිකන් දෙන කළු තෙල් වලින් දුන් දඬුවම නම් අගෙයි ! (ස)
මට මතකයි ..! සරතුත් ඒ කාලේ යතුරුපැදිය මඟ හංගලා කොහිල වළවල් වල හැංගිලා ගැහැණු ළමයි නාන දිහා හොරෙන් බලා ඉඳලා .. අපේ අයියා සරත් පිටිපස්සෙන් පන්නගෙන ගියා. සරත් වැටි වැටී දිවුවේ... මතකද ..? (නි)