(ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න)
පොල්අතු සෙවිලි කළ තම තේ කඩයට බුලත් විට මිලදීගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් දත් හෑරීම පිණිස නිතරම වහලේ පොල්කූරු කැඞීම නොඉවසූ මුදලාලි මහතා ඔවුන්ට ඇති තරම් දත් හැරීම සඳහා වෙනම පොල්කූරු මිටියක් කඩයේ එල්ලා තැබූ පුවතක් පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ. කරඹේ ප‍්‍රදේශයේ පිහිටි කුඩා තේ කඩයකි.
පොල් අතු සෙවිලි කළ වහලයක් සහ බිමට ගොම මැටි ගා ඇති මෙය අතීත සිංහල ගැමි සංස්කෘතිය සිහිගන්වයි. නිතර කඩය හා ඒ අවට මිදුල හොඳින් අතු පතු ගා පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන මුදලාලිට මෙන්ම මුදලාලි හාමිනේට තිබෙන ලොකුම ගැටලූව වූයේ බුලත් විට මිලට ගන්නා උදවිය ඒවා සපා මිදුලට කෙලගැසීමත් ඉන් පසු දත් ශුද්ධ කිරීමට වහලයේ ඇති පොල්කූරු කැඞීමත්ය.
එම නිසා බුලත් විටක් විකුණන සෑම අවස්ථාවකම ඕනෑම කෙනකුට මිදුලට කෙල ගහන්න එපා යැයි අවවාදයක් දීමට මොවුන් දෙදෙනා කටයුතු කළත් පොල්කූරු කඩන්නත් එපා යයි කීවත් තම පාරිභෝගිකයින් අමනාපවිය හැකි බැවින් අපූරු පොල්කූරු කඩන්නන් ගෙන් වහලය බේරා ගැනීමට උපායක් මෙම දිනවල යොදා තිබේ.
වහලයේ පොල්කූරු කඩන්න එපා. දත් හාරන්න පොල්කූරු අන්න යනුවෙන් සඳහන් තරමක් විශාල පුවරුවක් කඩයේ වහලයේ අසල එල්ලා හොඳින් ශුද්ධ කරන ලද පොල්කූරු මිටියක් ද එතන එල්ලා ඇත්තේ ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක දත් හැරීමට පොල්කූරු ගැනීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුමට -සැපයුම (බ)
අපේ ලංකාවේ ඉන්න මිනිසුන් නැවත ගුලිකරලා ඇඹුවත් හදන්න පුළුවන් ජාතියක් නම් නෙමෙයි.හරිම නොහොබිනා පුරුදුත් සමඟ මුළු ජීවිතේම එකට අනාගෙන. කෙනෙක් වරදක් පෙන්වුවත් ඒක නිහතමානීව පිළිගැනීමේ පුරුද්දකුත් නැහැ. (නි)
සීනි ටිකක් වැඩිපුර දාලා තේ දුන්නා නම් පොල් කූරු කඩන්න වෙන්නේ නැහැ.(විහිළුක් පමණි) (නි)
ඉල්ලුමට සැපයුම වගේම හැසිරීම හසුරුවීමත් සිද්ධවෙනවනේ.(ම)
පඩික්කමක් තිබ්බා නම් අනෙක් ප්‍රශ්නෙත් විසඳාගන්න තිබුනා. (නි)
අපේ පැතිවල කියන්නේ ඕවට පොල් ඉරටු කියලා. (නි)
කලකට පෙර අපේ කනත්තේ මිනි ඔලු එකතු කල රුපවති නංගි ආඩම්බරයි නංගියේ මම අසනීපෙන් නිසා කාලෙකින් ලියන්න බැරි උනා හෙට හෝ අනිද්දා නැත්තම් ඉදිරි දිනෙක සදහටම ලියන්න නොහැකි වෙයි නමුත් ඔබ සියලු දෙනාටම සුබ අවුරුද්දක් වේවා ..කවි මඩුව අමතක නැහැ (ස)
අයියෝ! පුදුම මුදලාලි කෙනෙක්නේ! (නි)