IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කොණ්ඩය කපන්න ඇවිත් තොප්පිය ගලවන්න රුපියල් 500 ක් දීලා

වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.


දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.


නිවැසියන්ට නොකියා දඹුල්ල නගරයට පැමිණි ඔහු හිසේ දමාගෙන ආ තොප්පිය ගැලවීමට සහ ගම් යැවීමට රුපියල් 500ක මුදලක් සැලූන් එකට දී මේ බව කිසිවකුටත් හෙළි නොකරන්නැයි කියා එළියට බහින විට තමන් වැඩ කරන ආයතනයේ සේවකයකු එම ස්ථානයට පැමිණ ඇත්තේ රැුවුල කැපීම සඳහාය. සැඟවීමට ගිය සිද්ධිය අවසානයේ දඹුල්ල නගරය පුරා ප‍්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත නොවීය. 



අදහස් (0)

කොණ්ඩය කපන්න ඇවිත් තොප්පිය ගලවන්න රුපියල් 500 ක් දීලා

පිටබැද්දර ජයා Wednesday, 18 November 2015 10:36 PM

බිරිඳට බය නම් නොබීම ඉන්නකෝ! (නි)

:       0       0

නදීකා Wednesday, 18 November 2015 12:46 PM

නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

නිල්මිණි බාලසූරිය Saturday, 21 November 2015 06:17 PM

ඇත්තටම හිනාගියා (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Saturday, 21 November 2015 06:15 PM

ඕවා ඉතින් සුළු අතපසුවීම්. ඔයට ගිහින් හෝදාගත්තා නම් ගම් ටික ගැළවෙනවානේ. එහෙමත් හරිගියේ නැත්නම් බ්ලේඩ් තලයක් අරගෙන හිස මුඩුකළා නම් ඉවරයිනේ (නි)

:       0       0

දයා නන්දසිරි Wednesday, 18 November 2015 02:21 PM

රජයේ ආයතනයක වැඩ කලාට බුද්ධිය අඩුයි වගේ. (ර)

:       0       0

කිත්සිරි Tuesday, 24 November 2015 12:14 PM

කොරේ පිටට මරේ කිවුවලු

:       0       0

චන්දි Thursday, 19 November 2015 07:38 PM

තාමත් ටිකිරි ෂැම්පු ඉන්නවද නගෝ? (නි)

:       0       0

ඉන්දු Thursday, 19 November 2015 12:00 PM

හිනාගියා ඇත්තටම (නි)

:       0       0

රූපවතී Thursday, 19 November 2015 12:06 PM

මීට සම්බන්ධ ගම් පළාත නොකියමි. දැනට වෙළඳපළේ ඇති කුඩා ෂැම්පු පැකට් වෙළදපළට ආ අලුතම, ගමේ තරුණයෙක් ඉන් එකක් ගෙන මඟුල් ගෙදරකට යන්න සැරසී, මෙකී ෂැම්පු පැකට්ටුව කඩා හොඳට ඔලුවේ ගා ඔලුව පීරාගෙන මඟුල් ගෙදරට ගොස් එද්දී, මඟදී වැස්සකට හසුව ඇත. මුළු ඇඟපුරාම වැසි බින්දුත් සමඟ සබන් පෙණ ගලාගෙන යනු දුටු අනෙක් යහළුවෝ උසුළු විසිළු කරද්දී ඒ මාමා නඩේ සැමට ඇත්ත කිවුවාලු. පසුව ඔහුට "ටිකිරි ෂැම්පු" කියා කාලයක් නමකුත් පටබැඳුණාලු (නි)

:       0       0

පුෂ්ප Thursday, 19 November 2015 12:19 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දුල්මි Thursday, 19 November 2015 12:35 PM

වෙරිමරගාතේ හිටියත් වැඩ නම් සිහිය තිබුන කෙනෙක්ගේ වගේනේ. එකපාරටම ගම් ගාගත් ගමන් වෙරි හි‍ඳෙන්න ඇති. (නි)

:       0       0

චන්දි Friday, 20 November 2015 08:46 PM

ඉහත චන්දි (2015-11-19 19:38:43) අදහස එක මගේ නොවේ. කවුද මගේ නමින් දාලා (නි)

:       0       0

චන්දි Wednesday, 18 November 2015 06:03 PM

පුදුමයි තෙල් ටික අතට අරන් ඔලුවේ අතුල්ලද්දී අත ඇලුනේ නැති එක එහෙනම් ඉතින් තොප්පිය දාන්නත් බැහැනේ (රේ)

:       0       0

පහන් Sunday, 22 November 2015 12:33 PM

මේ වගේ සිද්ධියක් පිටරටත් දකින්න ලැබුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site