IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා

හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත් සොහොයුරාටත් දැන්වීම නිසා ඔවුන් ඒ බව අනංගයාගේ විවාහක බිරියට හෙළිදරව් කොට තිබේ.

ඇය තම සැමියා සඳහන් කර ඇති ස්ථානයට කල් ඇතිව ගොස් සැඟවී සිටියාය. මද වේලාවකින් අනංගයා රැුවුල කපා කොණ්ඩය ඩයි කොට සුවඳ දියර ද ගල්වාගෙන එම ස්ථානයට පැමිණියේ බලාපොරොත්තු ඉටුවේ යයි රාහු කාලය ද බලා මරු සිටින දිසාවට ද පිටුපාමිනි. ඔහු ඈතටම නියමිත ස්ථානයේ කවුදෝ සිටිනවා දුටුවෙන් හනි හනික එහි පැමිණියේය. කරුමයකි. එතැන සිටියේ ඔහුගේම බිරියය.

කරකියා ගත හැකි කිසිත් නොවූ අනංගයා බිරිය සමඟ ගෙදර ගියේ පැතුම් බිඳී පේ‍්‍රමාලෝකය නිවීයාමෙනි. අනංගයාගේ රහස ඔහුගේ බිරියට කීවා යයි ඔහු ආබාධිතයාගේ බිරියට තර්ජන, අපහාස කරන බවට ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිලි කොට ඇත. දිවුලපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරයි.



අදහස් (0)

ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා

සොපි Saturday, 23 January 2016 03:53 AM

සරසි ,මෙලනි දෙන්නම කියන කතාවට මාත් එකඟයි (බ)

:       0       0

ජයනාත් Friday, 22 January 2016 02:13 PM

"බලාගෙනයි පෙම්බර දේවි, ගොදුරු සොයන රුදුරු වනසතුන් මිතුරු වෙසින් ඇසුරට ඒවි, මේ නපුරු නගරයේ." (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 January 2016 08:17 AM

පේනවා නේද කාන්තාව බුද්දිමත් උනොත් පිරිමින්ට සොරිම තමයි , මම හැමදාමත් කියන්නේ මේ බණේ තමයි , ආශාවන්ට වහල් නොවී බුද්දියෙන් ක්‍රියා කල මේ පති පතිනියට මගේ උපහාරය , පතිවත රැකීමත් එක්තරා විදියක සීලයක් උඩ ඉන්න දෙවියන් පවා ගරු කරනවා මෙවන් උතුම් කාන්තාවන්ට (ම)

:       0       0

අමා Saturday, 23 January 2016 06:26 AM

මේක සිදු වුනේ පිටබැද්දර නේද ? (බ)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ Sunday, 24 January 2016 06:23 AM

හරිම කපටි ගැහැනියක්. පව් අහිංසක සැමියා රැවටුනා (බ)

:       0       0

සරසි Friday, 22 January 2016 09:40 AM

කාන්තාවක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන තමන් අසරණ වුනාමයි. තුන් ලෝකෙම ඉන්න අනන්ගයන් උදව්වට අනුකම්පාවට එනවා. සැමියාට කරදරයක් වුණා නම් ඒ අවස්ථාවේ තමන්ගේ පියා සහෝදරයා පුතා ඇරෙන්න කිසිම පිරිමියෙක් පමණට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ . (හේ)

:       0       0

මෙලනි Sunday, 24 January 2016 06:51 AM

රොෂාන් මෙතන ලියන හැම දෙයක්ම පුද්ගලික අත්දැකීම් වෙන්න ඕනද ? හොඳයි මම ඇහුවොත් ඔය කියන පාවාදීමට අසු වුන යාලුවා ඔයාද කියලා. එක බුද්ධිමත් උපකල්පනයක් නෙවෙයිනේ. ඒ නිසා මෙතන කාන්තාවන් යනහැමදෙයක්ම පුද්ගලික අත්දැකීම් කියලා හිතන මෝඩ පිරිමි කොට්ඨාසයට වැටෙන්න එපා. (බ)

:       0       0

පිටිගල Friday, 22 January 2016 05:21 AM

උදව් කරන්න ඕනෑ කෙනෙකුට කළ කැත වැඩක් (නි)

:       0       0

ජෙනි Sunday, 24 January 2016 08:53 AM

රොෂාන්ට මෙලනි කියපු එක හොඳටම වැදිලා වගෙයි. ආපසු බවලතුන්ගේ පැත්තටම බෝලේ පාස් කරලා තියෙන්නේ. (ර)

:       0       0

මෙලනි Friday, 22 January 2016 10:12 AM

කාන්තාවක් අනාරක්ෂිත වෙන්න සැමියා ආබාධිත වෙන්නඕන නැහැ. ඔය සැමියාගේ මිතුරු වෙසින් එන උදවිය කොච්චර ශිලාචාරව පෙනී සිටියත් ගෙයි සාලයෙන් මෙහාට ගන්න හොඳ නැහැ . යම් සැකයක් තිබේ නම් සැමියාට මල පැන්නත් කමක් නැහැවහාම දැනුවත් කල යුතුයි. ඒක ඇඟටයි කසාදෙටයි දෙකටම ගුණයි .(අ)

:       0       0

මොහොමඩ් Friday, 22 January 2016 10:31 AM

මටත් මෙහෙමම වැඩක් වුණා. අම්මෝ මගේ වාසනාවට බිරිඳට අහු වෙන්න කලින් මම පැන ගත්තා. (අ)

:       0       0

කිත්සිරි Sunday, 24 January 2016 10:20 AM

බක් මහා දීගයේ මලකින් මලකට ගොස් පැණි බොන්නද සින්දුව මතක් උනා... (ර)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 January 2016 12:01 PM

කොහේ සිද්ද වුණත් අද ඉන්න සක්කරවට්ටන් වලට හොඳ ආදරසයක් දීල තියෙනවා මේ උතුම් කත ! (අ)

:       0       0

වික්‍රම Friday, 22 January 2016 12:12 PM

හොඳ වැඩේ. ලැජ්ජ නෑනේ මේ මිනිස්සුන්ට.(හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 24 January 2016 11:34 AM

අතට ගත් බත් පිඩ , කටට දමා ගන්නට වරම් නෙතිවු සැමියෙක්. (ර)

:       0       0

කාශ්‍යප Friday, 22 January 2016 12:17 PM

මොහොමඩ්, ඇත්ත කිව්ව එක ගැන සතුටුයි. ඒත් අදින් පසු නියම මිනිහෙකු ලෙස ජීවත්වෙන්න. (නි)

:       0       0

පද්මිණි Saturday, 23 January 2016 01:29 PM

පුදුම අනංග කාලයක්නේ ලංකාවට ලබලා තියෙන්නේ. (නි)

:       0       0

මෙලනි Sunday, 24 January 2016 11:49 AM

රොෂාන් ඔයත් එතකොට ඔය කියපු පාවා දීම ගැන කිව්වේ අත්දැකීමෙන්ම ද ? මෙතන ලියන හැම දෙයක්ම පුද්ගලික අත්දැකීමක් වෙන්නම ඕනද ? (ර)

:       0       0

රොෂාන් Saturday, 23 January 2016 08:35 PM

ඒ කියන්නේ මෙලනිට ඒ වගේ මොනවාහරි දේක අත්දැකීමක් තියනවා වගෙයි. ඒ වුණාට යාළුවව පාවාදීලා තමන් බේරෙන අය තමයි ගොඩක් ඉන්නේ. (නි)

:       0       0

අනුෂ්ක Friday, 22 January 2016 07:19 AM

මේ වගේ සිද්ධි දැන් හැම තැනම වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site