ළමයකුගේ උප්පැන්න සහතිකයක් අදාළ ළමයාගේ මවට නොගොස් වෙනත් මවකට තැපෑලෙන් පැමිණි සිදුවීමක් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය. තමන්ගේ දරුවාගේ උප්පැන්නය තැපෑලෙන් එනතුරු ඇය මග බලාගෙන සිටියාය. මාස තුනහමාරක පමණ කාලයක් මේ වනවිට ගතවී තිබුණි. පසුගිය දින මේ මවගේ නමටත් ඇගේ සැමියාගේ නමටත් ලිපි දෙකක් පැමිණ තිබිණි.
දරුවාගේ මව එම ලිපි දෙක අතට ගත්තේ ළමයාගේ උප්පැන්න සහතිකය එහි ඇතැයි විශ්වාසයෙනි. ඇය මුලින්ම තමන්ගේ නමට ආ ලිපිය විවෘත කර බැලීය. එහි උප්පැන්නයක් තිබුණි. මවට සතුටක් ඇතිවූයේ තම කුළුදුල් දරුවාගේ උප්පැන්නය නිසාය.
ඇය උප්පැන්න සහතිකයේ ඇති නම සඳහන් තීරය දෙස ඇය බැලීය. ඇයට අදාහාගත නොහැකි විය. එහි සටහන්ව තිබුණේ යටියන්තොට පනාවත්ත ප‍්‍රදේශයේ මව්පිය දෙපළකට දාව උපන් දරුවකුගේ නම සටහන් උප්පැන්නයකි.
ඇය නැවත තම ස්වාමියාට ආ ලිපිය විවෘත කර බැලූවේ තමන්ගේ දරුවාගේ උප්පැන්නය එහිවත් තිබේදැයි සැකේටය. හරි පුදුමයකි. එම ලිපියේ තමන්ගේ දරුවාට අදාළ නිවැරදි උප්පැන්න සහතිකය තිබුණි.
කාගේ හරි දරුවෙකුගේ උප්පැන්නයක් එනතුරු මව්පියන් නොවිසිල්ලෙන් බලා සිටින බව තේරුම් ගත් මෙම මව තමන්ට අදාළ නැති උප්පැන්නය තැපැල් මහතාට නැවත භාරදුනි.
තැපැල් මහතා එය තමන්ගේ වියදමින් අදාල මව්පියන්ගේ නමට තැපැල් කර හැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කරන දේ ගැන අවබෝදයෙන් නොකරන නිසා තමා මෙහෙම දේ සිදු වන්නේ. රාජකාරි කරන අයගේ දැන ගැනීමට මෙය පළවූ එක හොදා. පියුම් මහතාත් අර අම්මත් දෙන්නගෙම කරුණාව ගැන සතුටුයි. (නදී)
රාජජ්‍ය සේවයනේ. පුටු රත් කරනවා. මාසේ පඩිය ලැබෙනවා. ඒ සේවය පතන අපි අසරණ වෙනවා. පොඩ්ඩක් අඩුපාඩුවක් උන ගමන් උද්ගෝෂණ කරනවා. දන්නේ දවසේ ඉදන් ඊට වැඩිය දෙයක් වෙන්නේ නැහැනේ මෙයාලගෙන්. ඒ කාන්තාවගේ හා තැපැල් මහතාගේ මනුස්සකම අගයන්න ඕනේ.(නදී)
ගොඩක් හොද වැඩක් (ත)
හිත හොඳ මිනිස්සු මේ කතාවට සම්බන්ධ. (අ)
දැන් කාලේ තැපැල් බෙදන හුඟක් දෙනෙක් අවංකයි.තමන්ගේ වියදමින් මුද්දර අලවා එය නියම ලිපිනයට බාරදෙයි. (අ)
හොඳ මිනිස්සු තාමත් ඉන්නවා. ඔවුන්ට මාගේ ප්‍රණාමය. (අ)
සන්තෝශි.දරුවන් දෙදෙනාටම නිරෝගී සුවය පතමි. (අ)
ලිපිනය වෙනස් උනත් තාත්ත හරි ද දන්නේ නැහැ ;)(දී)
මෙහි වරද කා අතද...? කොහොම උනත් මේ මවත්, තැපැල් මහතාගේ කරුණාවත් නිසා හොදයි නැත්නම් ඉතින්......?(දී)
කාගේ කාගේත් කරුණාව නිසා කාට කාටත් හොද බව අපිටත් පේනවා අක්කේ .(නදී)
අද ලංකාව කොච්චර දියුණුයි කිව්වත් මේ වගේ දේවල් ප්‍රමාදයි (දී)