කොළඹ නගරයේ කඩා ඉවත් කරන ලද සමහර නිවෙස් වෙනුවෙන් නිවාස සංකීර්ණයකින් නව නිවාස ලැබුණි. මෙසේ නිවාස ලද අය අතර ත‍්‍රිරෝද රථ රියැදුරු මහතෙක් ද විය. ඔහුට හිමිවූයේ නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවෙසකි. නිවෙසේ යතුර ලැබී සිය මව හා මිතුරන් සමඟ හෙතෙම නිවාස සංකීර්ණයට පැමිණියේ පැරණි නිවසේ තිබූ බඩුමුට්ටු ද සමඟය.
මිතුරන් බඩු බාහිරාදිය නව නිවසට ගෙන යන අතරේ ඔහු නිවාස සංකීර්ණයේ මිදුල සිට ඉහළ මහළ දෙස බලන්නට විය. ඔහුගේ හිස භ‍්‍රමණය වන්නට වූයෙන් වහාම බිම වාඩි විය. උස් මහල්වලින් යුක්ත ගොඩනැගිලි කඩා වැටේය යන බියක් කුඩා කල සිටම ඔහුගේ මනසේ තැන්පත් වී තිබිණි.
”අනේ මචං මට මෙහේ ඉන්න බැහැ”යි පැවසූ හෙතෙම පසුව මිතුරන් සමඟ ත‍්‍රිරෝද රථ නැවතුමට පැමිණ සේවයේ යෙදෙන්නට විය. රාත‍්‍රිය උදාවූ පසු මිතුරන් ඔහු නව නිවස වෙත රැුගෙන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුට මත්පැන් පොවා රැුගෙන යෑමට නොහැකි වූයේ ඔහු මත්පැන් කටේ නොතබන හෙයිනි. ”අනේ මචං මට කරදර කරන්න එපා, මට පාඩුවේ ඉන්න දෙන්න” ඔහු මිතුරනට පැවසීය.
දැන් ඔහු රාත‍්‍රිය ගත කරන්නේ තම ත‍්‍රිරෝද රථයේය. නැතහොත් මිතුරකුගේ කඩ කාමරයක් තුළය. ඔහුගේ මව නව නිවසේ තනියම වාසය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවට පින් දෙන්න බෑ (අ)
මෙයාට තියෙන්නේ මානසික ලෙඩක් මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා ප්‍රතිකාර කරන්න ඕනේ (දිල්)
මෙය මානසික ලෙඩක්. ඕක ඉතා පහසුවෙන් සුව කරන්න පුලුවන. මනෝ විද්‍යා වරයෙක් හමු වන්න, .(අ)
මේක මානසික රෝගයක් කවුරුහරි මොහුට උදව් කරන්න (දිල්)
කරුණාකර මානසික ප්‍රතිකාරයක් සඳහා යොමුකරන්න .පසුවට අමාරුවන්න පුළුවන් .(දී)
වහාම මානසික වෛද්‍යවරයෙක් ලඟට එක්ක යන්න. (අ)
අනේ පවු. මේ භය නැති වෙන්න හෝ පහල තට්ටුවක ගෙයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (අ)
පව් අහිංසකයා දැන් ඉතින් මොකද කරන්නේ.මනෝ වෛද්‍යවරයෙක්ගේ පිහිටෙන් රෝගී තත්වය සුව කරන්න පුලුවන්.ප්‍රතිකාර ලබා ඉක්මනින් තමා නිවසේ මවත් සමග ජීවත් වන්න ලැබේවා (දිල්)
පැදුරේ නිදා ගත්තාම තැත් වැටෙන්න තැනක් නැහැ (දී)
මත පැන් බිව්වම අමුතු දෙයක් වෙනවද? (නදී)
මොහුට පහත මාලයකින් නිවසක් ලබා දීමට බලදාරින්ගේ සිත් පහන් වේවා..!! (නදී)
පහන් මඩුගල්ල සොයුර,හැකිනම් ඔබේ ඊමේල් ලිපිනය නැවත පල කරන්න. (දී)
ඔහුව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වමු.එහෙම නැත්නම් ඊට ඉහල මාලෙකින් පෙම්වන්තියක් ඇසුරු කරන්නට සුදානම් කරමු.ලෙඩේ නිකම්ම හරි යාවි. (අ)
පුද්ගලයෙකුට ප්‍රශ්නයක් තියෙන කොට ඒ දෙස අවඥාවෙන් බලන්න අප පුරුදු නොවිය යුතුයි. ඔහුට පිළිසරණක් විය යුතුයි (දිල්)
මව දුන් ඔවදනකි ගනු වෙර ඉගෙනුමට.... කවදා නමුත් යන්නට හැකි ඉහලකට... හිත බය නිසාවෙන් නොතබමි පය පෙරට... පොළොවේ පය ගසමි කුමටද ඉහල මට.....(අ)
මම මේ එතුමාට අපහාසයක් කරනවා නෙවෙයි. මට හිතෙන්නේ මේක කුඩාකල පටන් තියෙන මානසික ව්‍යාධි තත්වයක් මේකට හොඳ මානසික රෝග පිළිඹඳ සායනයකට ගියානම් හරි යයි. (අ)
මනෝවිද්‍යා උපදේශක වරයෙකුට පහසුවෙන් සුව කළ හැකි සුලු මානසික රෝගයක්.ඒ සමිබන්ධව ඔහු දැනුවත් කරන්න පුලුවන්නම් (දිල්)
පහත මාලය ලබාදෙන්න (අ)
කොළොඹ නගරයේ පැල්පත් වාසීන්ට මොන දේ කර දුන්නත් ඔවුන් ට ලොකු පැල්පතමයි.අම්මට තුන්වෙනි මහලේ ඉන්න පුලුවන්නම් ඇයි පුතාට බැරි.මැන්ටල් කාරයෝ..බලාගෙන ඔය රෝද තුනේ හයර් යන්නේ.. (අ)
මෙවන් කාරණා විහිළු නොවන බව බලධාරීන් තරයේ සිතේ තබා ගත යුතු අතර , ඔහුගේ ජීවිතය අවදානම තේරුම් ගෙන පහත මලයෙන් නිවසක් ලබාදීමට කඩිනමින් කටුතු කල යුතුය. (දිල්)
මිනිසුන්ට ගෙවල් දීම උතුම් දෙයක්,එත් ඔවුන්ගේ සිත්වල පවතින අදහස් වෙනස්කිරීම අපහසු කාර්යයක්.කවුරුහරි ඉදිරිපත්වී ඔහුගේ මේ බිය නැතිකළ හැකිනම් ලොකු දෙයක්. මේ වගේ බොහෝ අය ඉන්නවා නොයෙක් දේ ගැන මානසිකව වද විදින.(දිල්)