IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


උඩු මහලකින් නිවෙසක් ලැබුණත් රාත‍්‍රි නවාතැන ත‍්‍රිරෝද රියේ

කොළඹ නගරයේ කඩා ඉවත් කරන ලද සමහර නිවෙස් වෙනුවෙන් නිවාස සංකීර්ණයකින් නව නිවාස ලැබුණි. මෙසේ නිවාස ලද අය අතර ත‍්‍රිරෝද රථ රියැදුරු මහතෙක් ද විය. ඔහුට හිමිවූයේ නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවෙසකි. නිවෙසේ යතුර ලැබී සිය මව හා මිතුරන් සමඟ හෙතෙම නිවාස සංකීර්ණයට පැමිණියේ පැරණි නිවසේ තිබූ බඩුමුට්ටු ද සමඟය.

මිතුරන් බඩු බාහිරාදිය නව නිවසට ගෙන යන අතරේ ඔහු නිවාස සංකීර්ණයේ මිදුල සිට ඉහළ මහළ දෙස බලන්නට විය. ඔහුගේ හිස භ‍්‍රමණය වන්නට වූයෙන් වහාම බිම වාඩි විය. උස් මහල්වලින් යුක්ත ගොඩනැගිලි කඩා වැටේය යන බියක් කුඩා කල සිටම ඔහුගේ මනසේ තැන්පත් වී තිබිණි.

”අනේ මචං මට මෙහේ ඉන්න බැහැ”යි පැවසූ හෙතෙම පසුව මිතුරන් සමඟ ත‍්‍රිරෝද රථ නැවතුමට පැමිණ සේවයේ යෙදෙන්නට විය. රාත‍්‍රිය උදාවූ පසු මිතුරන් ඔහු නව නිවස වෙත රැුගෙන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුට මත්පැන් පොවා රැුගෙන යෑමට නොහැකි වූයේ ඔහු මත්පැන් කටේ නොතබන හෙයිනි. ”අනේ මචං මට කරදර කරන්න එපා, මට පාඩුවේ ඉන්න දෙන්න” ඔහු මිතුරනට පැවසීය.

දැන් ඔහු රාත‍්‍රිය ගත කරන්නේ තම ත‍්‍රිරෝද රථයේය. නැතහොත් මිතුරකුගේ කඩ කාමරයක් තුළය. ඔහුගේ මව නව නිවසේ තනියම වාසය කරයි.



අදහස් (0)

උඩු මහලකින් නිවෙසක් ලැබුණත් රාත‍්‍රි නවාතැන ත‍්‍රිරෝද රියේ

රුවන් Wednesday, 19 February 2014 06:12 PM

පවට පින් දෙන්න බෑ (අ)

:       0       0

රංජිත් Wednesday, 19 February 2014 08:33 PM

මෙයාට තියෙන්නේ මානසික ලෙඩක් මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා ප්‍රතිකාර කරන්න ඕනේ (දිල්)

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 February 2014 09:06 PM

මෙය මානසික ලෙඩක්. ඕක ඉතා පහසුවෙන් සුව කරන්න පුලුවන. මනෝ විද්‍යා වරයෙක් හමු වන්න, .(අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 23 February 2014 01:13 AM

මේක මානසික රෝගයක් කවුරුහරි මොහුට උදව් කරන්න (දිල්)

:       0       0

සමන්ති Thursday, 20 February 2014 06:26 PM

කරුණාකර මානසික ප්‍රතිකාරයක් සඳහා යොමුකරන්න .පසුවට අමාරුවන්න පුළුවන් .(දී)

:       0       0

කුමාරි Wednesday, 19 February 2014 10:28 AM

වහාම මානසික වෛද්‍යවරයෙක් ලඟට එක්ක යන්න. (අ)

:       0       0

හසරැල් Wednesday, 19 February 2014 10:33 AM

අනේ පවු. මේ භය නැති වෙන්න හෝ පහල තට්ටුවක ගෙයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 19 February 2014 10:55 AM

පව් අහිංසකයා දැන් ඉතින් මොකද කරන්නේ.මනෝ වෛද්‍යවරයෙක්ගේ පිහිටෙන් රෝගී තත්වය සුව කරන්න පුලුවන්.ප්‍රතිකාර ලබා ඉක්මනින් තමා නිවසේ මවත් සමග ජීවත් වන්න ලැබේවා (දිල්)

:       0       0

මිත්සක Sunday, 23 February 2014 10:17 AM

පැදුරේ නිදා ගත්තාම තැත් වැටෙන්න තැනක් නැහැ (දී)

:       0       0

මොහාන් Wednesday, 19 February 2014 11:49 AM

මත පැන් බිව්වම අමුතු දෙයක් වෙනවද? (නදී)

:       0       0

චන්දි Wednesday, 19 February 2014 12:00 PM

මොහුට පහත මාලයකින් නිවසක් ලබා දීමට බලදාරින්ගේ සිත් පහන් වේවා..!! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 23 February 2014 11:14 AM

පහන් මඩුගල්ල සොයුර,හැකිනම් ඔබේ ඊමේල් ලිපිනය නැවත පල කරන්න. (දී)

:       0       0

lakshman jayawardana Thursday, 20 February 2014 10:19 PM

ඔහුව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වමු.එහෙම නැත්නම් ඊට ඉහල මාලෙකින් පෙම්වන්තියක් ඇසුරු කරන්නට සුදානම් කරමු.ලෙඩේ නිකම්ම හරි යාවි. (අ)

:       0       0

සත්‍යා Saturday, 22 February 2014 05:12 AM

පුද්ගලයෙකුට ප්‍රශ්නයක් තියෙන කොට ඒ දෙස අවඥාවෙන් බලන්න අප පුරුදු නොවිය යුතුයි. ඔහුට පිළිසරණක් විය යුතුයි (දිල්)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 19 February 2014 12:27 PM

මව දුන් ඔවදනකි ගනු වෙර ඉගෙනුමට.... කවදා නමුත් යන්නට හැකි ඉහලකට... හිත බය නිසාවෙන් නොතබමි පය පෙරට... පොළොවේ පය ගසමි කුමටද ඉහල මට.....(අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 19 February 2014 12:46 PM

මම මේ එතුමාට අපහාසයක් කරනවා නෙවෙයි. මට හිතෙන්නේ මේක කුඩාකල පටන් තියෙන මානසික ව්‍යාධි තත්වයක් මේකට හොඳ මානසික රෝග පිළිඹඳ සායනයකට ගියානම් හරි යයි. (අ)

:       0       0

චමී Saturday, 22 February 2014 10:18 AM

මනෝවිද්‍යා උපදේශක වරයෙකුට පහසුවෙන් සුව කළ හැකි සුලු මානසික රෝගයක්.ඒ සමිබන්ධව ඔහු දැනුවත් කරන්න පුලුවන්නම් (දිල්)

:       0       0

ෂාමි Wednesday, 19 February 2014 01:23 PM

පහත මාලය ලබාදෙන්න (අ)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 19 February 2014 01:44 PM

කොළොඹ නගරයේ පැල්පත් වාසීන්ට මොන දේ කර දුන්නත් ඔවුන් ට ලොකු පැල්පතමයි.අම්මට තුන්වෙනි මහලේ ඉන්න පුලුවන්නම් ඇයි පුතාට බැරි.මැන්ටල් කාරයෝ..බලාගෙන ඔය රෝද තුනේ හයර් යන්නේ.. (අ)

:       0       0

සාමා Wednesday, 19 February 2014 02:18 PM

මෙවන් කාරණා විහිළු නොවන බව බලධාරීන් තරයේ සිතේ තබා ගත යුතු අතර , ඔහුගේ ජීවිතය අවදානම තේරුම් ගෙන පහත මලයෙන් නිවසක් ලබාදීමට කඩිනමින් කටුතු කල යුතුය. (දිල්)

:       0       0

අසෝකා Wednesday, 19 February 2014 02:28 PM

මිනිසුන්ට ගෙවල් දීම උතුම් දෙයක්,එත් ඔවුන්ගේ සිත්වල පවතින අදහස් වෙනස්කිරීම අපහසු කාර්යයක්.කවුරුහරි ඉදිරිපත්වී ඔහුගේ මේ බිය නැතිකළ හැකිනම් ලොකු දෙයක්. මේ වගේ බොහෝ අය ඉන්නවා නොයෙක් දේ ගැන මානසිකව වද විදින.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site