(තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක)
පෞද්ගලික බසයක ගමන් ගත් අයකු රුපියල් දහයක් දී ඉතිරි රුපියල් දෙක ගැනීමට කොන්දොස්තර සමග වාදයකි. රුපියල ඉස්සර දුන්නෙත් නැහැ දැනුත් දහයම ගන්නවා.
‘‘හරි අංකල් හෙටත් එනවනේ හෙට දෙන්නම්’’
‘‘හෙටත් ඔය වගේම තමා’’
‘‘හරි මෙන්න මගේ අත්සන දාලා රුපියල් දෙකක් දෙන්න තියෙනව කියල පිටපැත්තේ ලියපු ටිකට් එක තියෙනවා. ඒක පරෙස්සම් කර ගන්න.”
‘‘හරි කමක් නැහැ’’ කියා බසයේ ඉදිරිපස දේවරූපයකට තබා තිබූ බඳුනක වූ කාසිවලින්් රු. 2/-ක් අරන් බැස්සේය.
‘‘ ඕවා දෙයියන්ට වෙන් කරපුවා.’’ කොන්දොස්තර මොර ගෑවේය.
‘‘දෙයියන්ට දීලා තියෙන්නේ අපේ සල්ලිනෙ, දෙයියන්ට කියනව මම රු. 2/-ක් ගත්තා කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් කොන්දොස්තරලා කරන මේ වැඩෙන් දෙයියොත් කෝප වෙලා.....හොඳ ආදර්ශයක් ජනතාවට. හැමදාම බසයෙන් යන මනුස්සයෙක් ගෙන් 2 ගානේ ගත්තම මාසෙකට කීයක්ද? දැන් පට්ට්රල් මිල අඩු කළා කියල ත්‍රිවිල් වල එහෙම ගණන් අඩු වෙලාද? කොත්තමල්ලි තමා.
ඉතුරු සල්ලි මිනිස්සුන්ට නොදී මට දෙන්න කියලා ඔය දෙයියා කිවුවද දන්නේ නැනේ? (ස)
ඔය කොන්දොස්තරලට සල්ලි මාටියා ගහාන්න පුරුද්දක් තියෙන්නේ (ස)
කොන්දොස්තර මහත්තයා ඕව දෙවියොම බලාගනීවි ඔයා ආරුඩ වෙන්න එපා.(දිල්)
හැමෝම තම තමන්ගේ ඉතිරි සල්ලි ඉල්ලනවානම්, කොන්දොස්තරලා මේ වැඩේ කරන්නේ නැහැ. අපි රුපියල දෙක ඉල්ලන්න තියෙන ලැජ්ජාව මේ අය ප්‍රයෝජනයට ගන්නවා. ඒ නිසා ලජ්ජා වෙන්නේ නැතිව තමන්ගේ ඉතිරි සල්ලි ඉල්ලා ගන්න පුරුදු වෙන්න. එක අපේ අයිතිය, හොරකම් කරන්න නේ ලජ්ජා වෙන්න ඕන. කොන්දොස්තර ලජ්ජා නැතිව හොරකම් කරනවා, කට වහගෙන ඉදල අපිත් ඒවාට උල්පන්දම් දෙනවා. අද ඉඳන් වත්, ඉතිරි සල්ලි ඉල්ලන්න පුරුදු වෙන්න. (ස)
මේ සෙල්ලම බස් රථවල ගොඩක් කොන්දොස්තරලා කරනවා. (ර)
මෙහෙම හැම මඟියෙකුගෙන්ම කීය කීය හරි කඩාගන්න කොන්දොස්තර කෙනෙකුගේ මාසික පඩිය කීයක් වෙනවාද කියලා කවුරුවත්ම දන්නේ නැහැ නේද? (නි)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ ... දෙයියෝ සාක්කි! (නි)
මම ඉතුරු කාසි ඉල්ලද් දී කොන්දොස්තර කිව්වේ මාරු නෑ කියල, වාද කරලා ඉල්ලා ගත්තා හැබයි එක්කෙනෙක්වත් කතා කරේ නෑ , මෙකය් අපේ සමාජය.(අ)
මිනිසුන්ගෙන් ලබාගන්න බැරිදේ දෙවියන්ගෙන් ලබාගන්න පුළුවන් කියන්නේ ඕකටනේ. (නි)