(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුරා දෙදිනක් තිස්සේ අනුප්‍රාප්තිකයකු නොමැතිව සේවය කරන්නට සිදුවීමෙන් වෙහෙසට මෙන්ම කෝපයට පත් ආරක්ෂක නිලධාරියෙකු තමන් පරීක්ෂා කරන්නට ආ ආරක්ෂක අංශ ප්‍රධානියා සේවා ස්ථානයේ තබා ඉල්ලා අස්වීම දී සේවයෙන් ඉවත්ව ගිය පුවතක් පසුගියදා කොළොම්පුරෙන් වාර්තා විය.
මැදිවියට පත් සියනෑවේ අයෙකි. දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක ආරක්ෂක අංශයේ සේවයට බැදුණේ රැකියාවක අවශ්‍යතාව දැනුණු නිසාය. මේ රැකියාවෙන් හොඳ වැටුපක් ලැබුණත් නිතර නිතර සේවා මුර කිහිපයක් එක දිගට සේවය කරන්නට සිදුවීමෙන් මොහු සිටියේ තරමක කනස්සල්ලෙනි. අංශ ප්‍රධානියා පැමිණි සෑම අවස්ථාවකම නියමිත පරිදි අනුප්‍රාප්තිකයකු යොදවන ලෙස ඉල්ලා සිටින්නට ඔහු අමතක කළේ නැත.
පසුගියදා මේ අයට සේවය කරන්නට සිදුවූයේ ආයතනයේ වැදගත්ම ස්ථානයකය. පුරා දෙදිනක් එකදිගට හිරවී සිටින්නට වීමෙන් ඔහු සිටියේ තෝන්තුවාවෙන් මෙනි. හිසරදය ද හැදුණි. මේ ස්ථානයේ විවේකයක් ගන්නට පහසුකම් ඇතත් තනිවම ඉන්නා නිසා ඒ වරම ද අහිමිය. ඔහු තීරණයක් ගත්තේය. ආරක්ෂක අංශ ප්‍රධානියා එනතුරු බලා සිටියේය. ‘සර්, මම මනුස්සයෙක්, නොකා නොබී දවස් දෙක තුනක් ඉන්න මට පුළුවන්කමක් නැහැ. මෙහෙම කරන්න එපා කියලා මම කොච්චරවත් සර්ලාගෙන් ඉල්ලුවාට වැඩක් නැහැ. ඒ හින්දා මම දැන්ම සේවයෙන් ඉල්ලා අස්වෙනවා.” කියා සේවයෙන් අස්වීමේ ලිපිය නිලධාරියාට බාර දුන්නේය.
අංශ ප්‍රධානියා කොතරම් කරුණු දැක්වූවත් ඊට නොරැවටුණු මේ ආරක්ෂක නිලධාරියා තමන්ගේ අඩුමකුඩුම එක්රැස් කරගෙන අංශ ප්‍රධානියාට ආරක්ෂක මුරපොළ බාරදී ගෙදර යන්න ගියේය. ආරක්ෂක ස්ථාන පරීක්ෂාව පසෙක ලූ අංශ ප්‍රධානියා හතරවටම ඇමතුම් දෙමින් ආරක්ෂක නිලධාරියෙකු ගෙන්වා ගන්නා තුරු පැය හත අටක් තිස්සේ ආයතනයේ වැදගත්ම ස්ථානයේ ආරක්ෂක රැකවලේ යෙදුණේ වෙනත් කරන්නට දෙයක් නොවූ නිසාය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආරක්ෂක ප්‍රධානියා සේවයට තබා ආරක්‍ෂක නිලධාරියා ඉල්ලා අස්වෙලා
නුවන් Thursday, 02 June 2016 06:59 AM
කොහොමත් දැන් ලංකාවේ වැඩ කරන්න දන්නා මිනිස්සුන්ව පාලනය කරන්න ඉන්නේ පරිපාලන ක්‍රම හෝ කාර්යාල ක්‍රම ගැන මෙලෝ හසරක් දන්නේ නැති පිරිසක්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (ර)
පිරීස් Saturday, 04 June 2016 05:17 AM
මේ නිසා වෙන්න ඇති හැමදාම පත්තරේ යන්නේ "ආරක්ෂක අබේර්තු" තියෙනවා කියලා (හේ)
පිටබැද්දර ජයා Thursday, 02 June 2016 08:56 AM
හොඳම වැඩේ කරලා තියෙන්නේ , අහිංසක මිනිස්සු දවස් දෙක තුන හිර කරලා වැඩ ගන්නවා මෙන්න මේවට තමයි මානව හිමිකම් යන්න ඕන (ම)