ආයතනයක ප‍්‍රධානියෙක් පසුගිය දිනෙක තම කාර්යාලයට පැමිණියේය. දොර අසල සිටි ආරක්‍ෂක නිලධාරිය ”ගුඞ් මොනින්” යැයි පවසා අනතුරුව තම අත ප‍්‍රධානියා වෙත දිගු කර ”හැපි බර්ත්ඬේ” කියා සුභ පැතීය. පුදුමයට පත්වූ ප‍්‍රධානියා ”තෑන්ක්යූ” යැයි පවසා ආයතනය තුළට පිවිසියේය.
මොහොතකින් ආරක්‍ෂක නිලධාරියාට ප‍්‍රධානියාගේ කාමරයට පැමිණෙන ලෙසට පණිවිඩයක් ලැබුණි. ”අද මගේ උපන් දිනේ කියලා දැනගත්තේ කොහොමද?” ඔහු විමසීය ”සර් ඊයේ රෑ හිටපු මහත්තයෙක් ඕෆ් වෙලා යද්දි මට කීවා.” ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ” ඕෆීස් එකේ කවුරුවත් දන්නේ නැද්ද? ප‍්‍රධානියා ඇසූවිට කිසිකෙනෙක් දන්නේ නැහැ සර් ආරක්‍ෂක නිලධාරියාගේ පිළිතුර විය.
ඔයා කාටවත් කියන්න එපා. ප‍්‍රධානියාගෙන් උපදෙස් ලැබුණි. එලියට පැමිණි ආරක්‍ෂක නිලධාරියා පැයක් පමණ ගතවූ පසු පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගොස් මිස් අද බොස්ගේ බර්ත් ඬේ එක නේදැයි ඇසීය. පිස්සුද එස්. ඕ. ඒක ලබන මාසෙනේ යැයි කියා තවත් නිලධාරිනියක් අමතා ”අක්කේ බොස්ගේ බර්ත් ඬේ එක කවදාදැයි ඇසූවිට ”ඒක ලබන මාසේ” යැයි ඇයද පැවසුවාය. ඇය කෝකටත් කියා පරිගණකයෙන් පරීක්‍ෂා කළ විට හෙලිවූයේ උපන්දිනය එදින බවය. ඇය මුළු කාර්යාලයටම ඊමේල් යවා ඔවුන් දැනුම්වත් කළාය. සියල්ලෝම ප‍්‍රධානියාගේ කාමරයට පිවිසෙන විට උදේ දහයද පසුවී තිබුණි. සියලූ දෙනාම පෝලිමේ ඇවිත් තම ප‍්‍රධානියාට සුභ පැතූහ. ”අද මගේ ගානේ ඔක්කෝටම ලන්ච් එක.” ප‍්‍රධානියා සිනහසෙමින් කීය. පසුව ආරක්‍ෂක නිලධාරියා හමුවූ සියල්ලෝම ඔහුට ස්තුති කරමින් ඔයා මතක් කළේ නැත්නම් අද බොස්ට සුබපතන්න අපිට බැරිවෙනවා යැයි පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ පුවත BBC සහ CNN වෙත යවන්න (ස)
දවල් කෑමේ සල්ලි ඉතුරුයි (දී)
පිස්සු නැත්නම් හොඳයි (ස)
පිස්සු නැත්කම් ෂොක් (ස)
ඔයාලගේ ගමේ ඔයතරම් ගොඩක් ගැහැණු අය ඉන්නවද ? (ස)
අයියෝ අපි දෙන්නම්කෝ හොද පුවත්. අලේ ගේ ලග ගෑනු අය නානව බලන්න වයසක මිනිහෙක් ගහකට නැගලා. මිනිහට හදිසියේ ගහෙන් බහින්න බැරි වෙලා මොකද ගෑනු අය හැම තිස්සෙම නාන්න එන නිසා. අන්තිමට මිනිහට ගහ උඩ නින්ද ගිහින්.(නදී)
හැමෝම දන්නේ නැත්නම් එයා යනකොට කියලා ගියේ ? (ත)
ලොක්ක හින්දා හොඳයි ඉතින් (ස)
දන්සලක් දුන්නා වගේ ඇති (දී)
සිංහල ටැපලිලා (ස)
නිල්මිණි, ඒ වයසක මනුස්සයා නාන ලිද ගාවට එන්න ඇදගෙන හිටියේ සරමක්ද? කලිසමක්ද?(නදී)
අනේ පව් !! (ස)
කව්ද කිවිවේ අරක්කු දෙන්න කියලා. දුන්නේ දිවා ආහාරය විතරනේ.(නදී)
ඔෆිස් වලට උපන්දින පාටි දෙන එකේ බරපතල කම දන්නේ ඒ දෙන කෙනා විතරයි (දී)
නිල්මිනි, ඉන්පස්සේ ගමේ ගෑණුන්ට ඒක ආරංචි වෙලා ඔක්කොම ගහ යටට ඇවිත් උඩ බලාගෙන හිටියලු. (නි)
වැදගත් දෙයක් දෙන්නකෝ . දෙයියෝ සාක්කිම තමයි (ස)
අනේ ඒ මනුස්සයා පව් (දී)
නිල්මිනිගේ කතාව නම් මරේ මරු.(නදී)
නියමයි.(නදී)
ඒ මනුස්සයාට ඒ වෙලේ දැනුන භයානක හැගීම මට හිතා ගන්න පුළුවන් (දී)
බොසා හොඳ හෝටලයකින් කාලා නැහැ වගේ.(නදී)
නියම වැඩක් තමයි ඒ වැඩේ (දී)