IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආරක්‍ෂක නිලධාරියාගේ අවධානයෙන් කාර්යාලයේ හැමෝටම දවල් කෑමක්

ආයතනයක ප‍්‍රධානියෙක් පසුගිය දිනෙක තම කාර්යාලයට පැමිණියේය. දොර අසල සිටි ආරක්‍ෂක නිලධාරිය ”ගුඞ් මොනින්” යැයි පවසා අනතුරුව තම අත ප‍්‍රධානියා වෙත දිගු කර ”හැපි බර්ත්ඬේ” කියා සුභ පැතීය. පුදුමයට පත්වූ ප‍්‍රධානියා ”තෑන්ක්යූ” යැයි පවසා ආයතනය තුළට පිවිසියේය.
මොහොතකින් ආරක්‍ෂක නිලධාරියාට ප‍්‍රධානියාගේ කාමරයට පැමිණෙන ලෙසට පණිවිඩයක් ලැබුණි. ”අද මගේ උපන් දිනේ කියලා දැනගත්තේ කොහොමද?” ඔහු විමසීය ”සර් ඊයේ රෑ හිටපු මහත්තයෙක්  ඕෆ් වෙලා යද්දි මට කීවා.” ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ” ඕෆීස් එකේ කවුරුවත් දන්නේ නැද්ද? ප‍්‍රධානියා ඇසූවිට කිසිකෙනෙක් දන්නේ නැහැ සර් ආරක්‍ෂක නිලධාරියාගේ පිළිතුර විය.
ඔයා කාටවත් කියන්න එපා. ප‍්‍රධානියාගෙන් උපදෙස් ලැබුණි. එලියට පැමිණි ආරක්‍ෂක නිලධාරියා පැයක් පමණ ගතවූ පසු පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගොස් මිස් අද බොස්ගේ බර්ත් ඬේ එක නේදැයි ඇසීය. පිස්සුද එස්. ඕ. ඒක ලබන මාසෙනේ යැයි කියා තවත් නිලධාරිනියක් අමතා ”අක්කේ බොස්ගේ බර්ත් ඬේ එක කවදාදැයි ඇසූවිට ”ඒක ලබන මාසේ” යැයි ඇයද පැවසුවාය. ඇය කෝකටත් කියා පරිගණකයෙන් පරීක්‍ෂා කළ විට හෙලිවූයේ උපන්දිනය එදින බවය. ඇය මුළු කාර්යාලයටම ඊමේල් යවා ඔවුන් දැනුම්වත් කළාය. සියල්ලෝම ප‍්‍රධානියාගේ කාමරයට පිවිසෙන විට උදේ දහයද පසුවී තිබුණි. සියලූ දෙනාම පෝලිමේ ඇවිත් තම ප‍්‍රධානියාට සුභ පැතූහ. ”අද මගේ ගානේ ඔක්කෝටම ලන්ච් එක.” ප‍්‍රධානියා සිනහසෙමින් කීය. පසුව ආරක්‍ෂක නිලධාරියා හමුවූ සියල්ලෝම ඔහුට ස්තුති කරමින් ඔයා මතක් කළේ නැත්නම් අද බොස්ට සුබපතන්න අපිට බැරිවෙනවා යැයි පැවසූහ.
 



අදහස් (0)

ආරක්‍ෂක නිලධාරියාගේ අවධානයෙන් කාර්යාලයේ හැමෝටම දවල් කෑමක්

රම්සි Friday, 22 March 2013 02:09 PM

වහාම මේ පුවත BBC සහ CNN වෙත යවන්න (ස)

:       0       0

සම්පත් Sunday, 24 March 2013 08:53 PM

දවල් කෑමේ සල්ලි ඉතුරුයි (දී)

:       0       0

සම්පත් Friday, 22 March 2013 02:30 PM

පිස්සු නැත්නම් හොඳයි (ස)

:       0       0

සම්පත් Friday, 22 March 2013 02:25 PM

පිස්සු නැත්කම් ෂොක් (ස)

:       0       0

සතිස් Friday, 22 March 2013 10:01 PM

ඔයාලගේ ගමේ ඔයතරම් ගොඩක් ගැහැණු අය ඉන්නවද ? (ස)

:       0       0

නිල්මිනි Friday, 22 March 2013 03:06 PM

අයියෝ අපි දෙන්නම්කෝ හොද පුවත්. අලේ ගේ ලග ගෑනු අය නානව බලන්න වයසක මිනිහෙක් ගහකට නැගලා. මිනිහට හදිසියේ ගහෙන් බහින්න බැරි වෙලා මොකද ගෑනු අය හැම තිස්සෙම නාන්න එන නිසා. අන්තිමට මිනිහට ගහ උඩ නින්ද ගිහින්.(නදී)

:       0       0

රවීන්ද්‍ර Friday, 22 March 2013 09:18 AM

හැමෝම දන්නේ නැත්නම් එයා යනකොට කියලා ගියේ ? (ත)

:       0       0

අලහපෙරුම Friday, 22 March 2013 03:23 PM

ලොක්ක හින්දා හොඳයි ඉතින් (ස)

:       0       0

තිසර Wednesday, 27 March 2013 03:36 PM

දන්සලක් දුන්නා වගේ ඇති (දී)

:       0       0

වරුණ Friday, 22 March 2013 10:09 AM

සිංහල ටැපලිලා (ස)

:       0       0

සිසිර Friday, 22 March 2013 11:53 PM

නිල්මිණි, ඒ වයසක මනුස්සයා නාන ලිද ගාවට එන්න ඇදගෙන හිටියේ සරමක්ද? කලිසමක්ද?(නදී)

:       0       0

ලලිත් Saturday, 23 March 2013 02:19 PM

අනේ පව් !! (ස)

:       0       0

දිෂාන් Sunday, 24 March 2013 05:43 AM

කව්ද කිවිවේ අරක්කු දෙන්න කියලා. දුන්නේ දිවා ආහාරය විතරනේ.(නදී)

:       0       0

හේරත් Friday, 22 March 2013 11:24 AM

ඔෆිස් වලට උපන්දින පාටි දෙන එකේ බරපතල කම දන්නේ ඒ දෙන කෙනා විතරයි (දී)

:       0       0

රෙක්ස් Thursday, 28 March 2013 12:09 AM

නිල්මිනි, ඉන්පස්සේ ගමේ ගෑණුන්ට ඒක ආරංචි වෙලා ඔක්කොම ගහ යටට ඇවිත් උඩ බලාගෙන හිටියලු. (නි)

:       0       0

සන්ජීව Friday, 22 March 2013 11:37 AM

වැදගත් දෙයක් දෙන්නකෝ . දෙයියෝ සාක්කිම තමයි (ස)

:       0       0

සකු Saturday, 23 March 2013 03:26 PM

අනේ ඒ මනුස්සයා පව් (දී)

:       0       0

සෑම් Friday, 22 March 2013 05:59 PM

නිල්මිනිගේ කතාව නම් මරේ මරු.(නදී)

:       0       0

සමීර Sunday, 24 March 2013 05:46 PM

නියමයි.(නදී)

:       0       0

සුනෙත් Saturday, 23 March 2013 06:49 PM

ඒ මනුස්සයාට ඒ වෙලේ දැනුන භයානක හැගීම මට හිතා ගන්න පුළුවන් (දී)

:       0       0

අශෝක Wednesday, 27 March 2013 01:06 PM

බොසා හොඳ හෝටලයකින් කාලා නැහැ වගේ.(නදී)

:       0       0

නසීර් Sunday, 24 March 2013 11:57 AM

නියම වැඩක් තමයි ඒ වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site