වයඹ පළාතේ සමාජ සේවයට කැපවන ගොවි මහතෙකි. කාත් කවුරුත් නැති වැන්දඹු මවකට මහජන ආධාරයෙන් නිවසක් තනාදීමට ඔහු ඉදිරිපත් වූයේ ඒ සඳහා ආධාර ලබා ගැනීමට ඔහු ගෙන් ගෙට යෑමට පටන් ගත්තේය.

එසේ එක් නිවෙසකට යමින් සිටි ඔහුට දුරතියාම දකින්නට ලැබුනේ නිවෙසේ දොරවසා ඇති අයුරුය. දොර ළඟට පැමිණි ඔහු උගුර පාදා මදක් වේගවත්ව ගෙදර කවුද ඉන්නේ යැයි ඇසුවේය. සැමියා වැඩට ගොස් ඇති මෙහි ගෙහිමි කාන්තාවට කතා කළ අයගේ කටහඬ හඳුනා ගැනීමට නොහැකි විය. ශරීරය හැඩකරන ආලේපයක් ඇඟ සහ මුහුණෙහි උලමින් සිටි ඇය චකිතයකින් තොරවම දොර ඇරියාය.
දුටු දර්ශනයෙන් බියටපත් වූ සමාජ සේවකයා බුදු අප්පේ මේ මොකාද කියමින් පස්සට පැන්නේය. බියපත් ඔහු දුටු ඇය ඊටත් වඩා බියවී කාමරයට රිංගා ගත්තාය.
ශරීරය පුරා උලන ලද අලිගැට පේර මිශ්‍රණය සෝදාහැර නැවත එළියට ආවේ ලැජ්ජා බිය සිතෙහි ඇතිවය. ඈතට ගිය සමාජ සේවකයා ඇය සමීපයට පැමිණ පැමිණි කාරණය පවසා රූපාලංකාරයේ ඇති ආදිනව ගැන උපදේශනයක්ද දී ආපසු ගියේය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිපේර ඇගට ගුණයිනේ?