IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලිගැට පේර අවතාරය දුටු සමාජ සේවකට තරු පෙනිලා

වයඹ පළාතේ සමාජ සේවයට කැපවන  ගොවි මහතෙකි. කාත් කවුරුත් නැති වැන්දඹු මවකට මහජන ආධාරයෙන් නිවසක් තනාදීමට ඔහු ඉදිරිපත් වූයේ ඒ සඳහා ආධාර ලබා ගැනීමට ඔහු ගෙන් ගෙට යෑමට පටන් ගත්තේය.


එසේ එක් නිවෙසකට යමින් සිටි ඔහුට දුරතියාම දකින්නට ලැබුනේ නිවෙසේ දොරවසා ඇති අයුරුය. දොර ළඟට පැමිණි ඔහු උගුර පාදා මදක් වේගවත්ව ගෙදර කවුද ඉන්නේ යැයි ඇසුවේය. සැමියා වැඩට ගොස් ඇති මෙහි ගෙහිමි කාන්තාවට කතා කළ අයගේ කටහඬ හඳුනා ගැනීමට නොහැකි විය. ශරීරය හැඩකරන ආලේපයක් ඇඟ සහ මුහුණෙහි උලමින් සිටි ඇය චකිතයකින් තොරවම දොර ඇරියාය.


දුටු දර්ශනයෙන් බියටපත් වූ සමාජ සේවකයා බුදු අප්පේ මේ මොකාද කියමින් පස්සට පැන්නේය. බියපත් ඔහු දුටු ඇය ඊටත් වඩා බියවී කාමරයට රිංගා ගත්තාය.


ශරීරය පුරා උලන ලද අලිගැට පේර මිශ්‍රණය සෝදාහැර නැවත එළියට ආවේ ලැජ්ජා බිය සිතෙහි ඇතිවය. ඈතට ගිය සමාජ සේවකයා ඇය සමීපයට පැමිණ පැමිණි කාරණය පවසා රූපාලංකාරයේ ඇති ආදිනව ගැන උපදේශනයක්ද දී ආපසු ගියේය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත



අදහස් (1)

අලිගැට පේර අවතාරය දුටු සමාජ සේවකට තරු පෙනිලා

දිමුත් Monday, 09 December 2019 06:34 AM

අලිපේර ඇගට ගුණයිනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site