IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයියාට වැඩ පෙන්නන්න ගිය කචල් මල්ලී දස ලක්ෂයේ උගුලක හිරවෙලා

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පිය දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය.


එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචිවූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.


මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයෙකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල්  බවය.


අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ලංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරෙකුට කතාකොට උපදෙසක් පැතීය. “හරි මම බලා ගන්නම් “කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.


මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුර කතනයට ඇමතුමක් ලැබුණේය. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.” යනුවෙන් පැවසු කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු_ විස්තර අසා ගත්තාය.


මෙවැනි මුදලක් තමාට ලැබේයයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය”. දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්“ ඔහු සිතුවේය. දුර කතන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලු_ත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් විය.


උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුර කතනයෙන් කී මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකිවූ නිසා තමාට ඇමතුම දුන් දුර කතනයට කතා කළේය.


“මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න .ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට  එන්න. “ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවති එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එළවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුර කතනයට කොතෙක් කතාකළත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය


දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්ට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතා ගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු කටයුතු ඉතා හොඳින්  අවසන්ව තිබිණ.
(උණවටුන ඩී.ජී.සුගතපාල)

 



අදහස් (0)

අයියාට වැඩ පෙන්නන්න ගිය කචල් මල්ලී දස ලක්ෂයේ උගුලක හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site