අනියම් පෙමක පැටළුණු තරුණයාට සිය අනියම් කාන්තාව රාත‍්‍රියේදී එන්නට කියූ නිවෙස පැටළී වෙනත් නිවසකට ගොස් එහි සිටි පුද්ගලයන් බය වී ‘‘සොරු පැන්නායි කියා කෑ ගසා’’ ගම්මුන් එකතුව ඔහු පොලිසිය වෙත අල්ලා දුන් පුවතක් වාර්තා විය.
සිද්ධිය දැන ගත් ආකාරයට මෙසේය.
අනියම් ඇසුරක් පැවත්වූ මෙම පුද්ගලයා මැදි වයසේ පුද්ගලයෙකි. කාලයක සිට පැවති මෙම කාන්තා හුටපටය කාටත් රහසේ පවත්වාගෙන ගිය ඔහු ළඟදී දිනක තම අනියම් කාන්තාවගේ නිවසට මධ්‍යම රාත‍්‍රියේ පැමිණෙන බව ඇයට පවසා ඇති අතර ඊට කාන්තාවද සිය කැමැත්ත ලබා දී ඇත. සුරාපානය කරන ලද තරණයා කාන්තාව සොයා රාත‍්‍රියේ යන්නට තිීරණය කර ඇත. ඔහුට පැමිණෙන්නට කියූ පාර බොක්කුවක් තිබෙන ස්ථානයකින් වම් පැත්තට ඇති පාරකි. රාත‍්‍රී 12 පසුවී සුරා මතින් මත් වූ ඔහු ඒ මඳ සිහියෙන් වෙනත් පාරක ගොස් බොක්කුවක් අසළින් හැරී නිවෙසකට තට්ටු කර ඇත.
එම නිවසේ පිරිස කළබල වී ‘‘සොරුන් පැන්නායි කියා කෑ ගසන විට’’ ගම්මුන් වහාම ක‍්‍රියාත්මක වී පොලූ මුගුරු රැුගෙන සියලූ පාරවල් හරස් කර සොරා කොටු කර ගෙන ඇත්තේ ඔහුගේ යතුරුපැදිය අසලදීය. පසුව සිදු වූ දෙය ගම්මුන්ට පැහැදිලි කර ඇති මෙම පුද්ගලයා ගම්මුන් එක්ව පොලිසිය වෙත භාරදුන් පසුව පොලිසිය ද ඔහු පොලිස් ජීප් රථයට නවාගෙන ඇත්තේ ‘‘උඹ හොය හොයා තමයි හිටියේ’’ යැයි කියමින් බව ගමේ අය පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඇයි සිල්පද දෙකක් එකට කඩන්න ගියේ? (නි)
මෙතන අදහස් දමා ඇති එක් කෙනෙකුට නම් කාන්තාවක් හොඳ පාඩමක් උගන්වා ඇති හැඩයි (නි)
හොද වැඩක් කරලා තියෙන්නේ කවුරු වුනත්.(හේ)
ඕවා සිහිබුද්ධියෙන් කරන්න ඕනෑ. ආවට ගියාට බැහැ. (නි)
මනෝරී....කතාවක් අහල තිබුනද ...අබ කාපු මිනිහගේ මොලේ දනවා කියල.......තව කෙනෙක් බලන් ඉඳල තියෙන්නේ දොරට තට්ටුව දානකම්. එ්කනේ ලයිසන් හොයන්නේ....(බ)
එතකොට රාත්‍රියේ අනාචාරයේ බවලතෙකු සොයා ගිහින් තියෙන්නේ පිටබැද්දර තියරියේ හැටියට බොහොම විනීත කෙනෙක්. (කෞ)
ඉතින් අර කසාද බැදපු මනුස්සය ඊටපස්සේ මොකද දන්නේ නැහැ කලේ?(කෞ)
අනේ ජයෝ තනි අතින් අත්පුඩි ගැහුවා දැන් ඇති නේද ? වෙලාවකට හිතෙන්නේ ඔබතුමා ගෙදර බුදුන් එක්කත් ජන්මාන්තර වෛරයක් තියනවාදෝ කියලා. (කෞ)
අසාර්ථක ක්‍රීඩකයෙක් (බ)
මේක සැළසුමේ අවුලක්. ගමන් මාර්ගය සහ ගමනාන්තය ගැන හරියට කියල නැහැ. සුරා මත නිසා මෙහෙයුම අසාර්ථකයි.(බ)
ඔය වගේ මිනිස්සුන්ට හොඳම වැඩේ.(හේ)
පුංචි මනෝරි දන්නා දේවල්....!!! (බ)
අනේ අපොයි.(හේ)
මේ මනුස්සය. වරදක් කරලා. නැහැ නේ වැරදීමකින් වෙන ගෙදරකට තට්ටුවක් දැම්ම කියලා. බය වෙන්න ඕනද . තට්ටු කරන්නත් ලයිසන්. ගන්න වේවිද ඉදිරියට(කෞ)
අනේ අනේ මනෝරි ...! (නි)
යන්න ඉස්සෙල්ල මට කියන්න තිබුණනේ (බ)
දෙක තුන වදිනකොට ගිරවා වගේ ඔක්කොම කියන්න ඇති. පෙම්වතියගෙ නමත් කිවුවද දන්නේ නැහැ (නි)
තහනම් ගස් වල ගෙඩි කන්න ගියාම ලැබෙන ප්‍රතිපල ඕවා තමයි. (බ)
බේබද්දෙක් තම අනියම් සැමියා කරගත් කාන්තාව නම් හොඳට එයාව සුද්ද කරන්නයි ඕක කරන්න ඇත්තේ. (නි)
පිටබැද්දර ජයාට නම් මොකක් හරි ලොකු අසාධාරණයක් වෙලා වගෙයි... (ර)
ඔය වගේ දේවල් වලට ගෙදරට යන එක භයානකයි. (නි)
අනේ මන්දා කියලත් බැහැ. නොකියත් බැහැ. අවිනීත ගැහැණියක් නිසා දුකට වැටුන පළමු මිනිසා නොවන නිසා මින් මතුවටත් හොඳ කල්ක්‍රියාවෙන් සිටීමට වගබලා ගන්න. මැදියමේ තමන්ගේ ගෙදරට අනියම් මිනිසෙකු ගෙන්වා ගන්න ගැහැණියක් ගැන මොන කතාද? (නි)