IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් දියණිය පොලිසියට කසාද සහතිකය දී පෙම්වතා සමඟ ගිහින්

වයඹ ප‍්‍රදේශයේ නිවසක සිටි තරුණියක හිටි හැටියේම නිවෙසින් අතුරුදන් වූවාය. වයසින් අවුරුදු 20ක් වූ ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මවුපියෝ කටුපොත පොලිසියට පැමිණිල්ලක් ද කළහ. දින දහයක් පමණ ගත වුවද ඇය ගැන හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. නමුත් ඇයගේ ජංගම දුරකතනයට හිමි අංකයෙන් ඇගේ මාපියන් හට වරින් වර කෙටි පණිවිඩ එවීම ඇය විසින් කරන ලද අතර, ඒ සෑම විටෙකදීම ඇය හා සම්බන්ධ වීමට මාපියන් ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. ඊට හේතුව කෙටි පණිවිඩය යැවූ සැණෙකින් ජංගම දුරකතනය ඇය විසින් ක‍්‍රියා විරහිත කර තිබීමයි. ”අම්මේ, ඔයගොල්ලො බයවෙන්න එපා. මම හොඳින් ඉන්නවා” ආදී ලෙසින් වූ පණිවිඩ ඇය විසින් එවා තිබූ අතර, මවුපියන්ගේ ද මතය වූයේ කිසිවෙකු විසින් ඇය සිරගත කර රඳවා තබාගෙන ඇති නිසා දුරකතනයෙන් කතා නොකර, රහසින් මෙම කෙටි පණිවිඩ තමන් වෙත ලැබීමට සැලැස්වීමට තම දියණිය කටයුතු කරනු ඇති බවයි. නමුත් පොලිසිය විසින් ඇයගේ බැංකු ගිණුම පරීක්ෂා කළ විට හෙළිවූයේ කුලියාපිටියේ සුප‍්‍රසිද්ධ බැංකුවක තැන්පත් කර තිබූ ඇයගේ ගිණුමේ මුදල් කිසිවෙකු විසින් රැුගෙන ඇති බවත්, එසේ රැුගත් මුදල් වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවත්ය. එම නව ගිණුමට හිමි ලිපිනය ලෙසින් සඳහන් වූයේ ඉංගිරිය, ප‍්‍රදේශයේ ලිපිනයකි. ඉන් පසු ඉංගිරිය පොලිසිය විසින් පරීක්ෂණ ඇරඹූයේ අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමටයි. එහිදී ඇය තරුණයෙකු ද සමග සිටියදී පොලිසියට හමුවිය. ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඇය අවුරුදු 23 ක් වූ මෙම තරුණයා සමග සිය කැමැත්තෙන්ම විවාහ වී ඔහු සමග මෙම නිවසට පැමිණි බවයි. අතුරුදන් වූ තම දියණිය නැවත නිවසට කැඳවාගෙන යෑමට පැමිණි ඇගේ මවුපියන් සුසුම් හෙළමින් ඉංගිරිය පොලිසියෙන් පිටව ගියේ කසාද සහතිකය ඉදිරිපත් කර ඇය අතුරුදන් වූ බවට කළ පැමිණිල්ල කටුපොත පොලිසියෙන් ඉවත් කර ගැනීමටය. තරුණිය ඉතා සතුටින් තම සැමියා ද සමග නිවසට පිටත්ව ගියාය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (56378) මංජු සහ පොලිස් ආරක්ෂක (309* ශ්‍රීමාල් මහත්වරු පරීක්ෂණ පැවැත් වූහ.



අදහස් (0)

අතුරුදන් දියණිය පොලිසියට කසාද සහතිකය දී පෙම්වතා සමඟ ගිහින්

දුන්නොත් කන්නම් Wednesday, 25 January 2012 02:14 AM

මෝඩ දියණිය .. මගුලත් වැඩි කලක් යන්නේ නැ....

:       0       0

රවීන්ද්‍ර රණතුංග Thursday, 26 January 2012 08:08 AM

දෑවැද්ද දෙන්න වෙන නිසා පැනල ගියා වෙන්න පුලුවන්

:       0       0

තරු Thursday, 26 January 2012 10:08 AM

පව් නේද?

:       0       0

කාවින්දි Tuesday, 24 January 2012 11:23 AM

දෙමාපියන්ට මෙහෙම දුක් දෙන එක ලොකු පවක්. මේ තරුණ යුවලත් දරුවෝ ඉන්න වැඩිහිටියො බවට පත් උනාම තේරෙයි දවසක තමාගේ මවුපියන්ට දුන්නු වේදනාවේ තරම.

:       0       0

ෆාරු Tuesday, 24 January 2012 12:36 PM

දෙමාපියන්ගෙන් අවසර ගන්න තිබ්බා. බය වෙන්න දෙයක් නෑනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 309 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16335 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 609 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site